ලාංකීය සමාජය තුල බෞද්ධයින් විසින් බුදුන්වහන්සේගේ තෙමඟුල අරභයා නිර්මාණය කරන නිර්මාණ අතුරින් තොරණට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. තොරණේ පුරාවෘත්තය පිලිබඳ සොයා බැලුවහොත් ලංකාවේ පැරණිතම තොරණ ලෙස හඳුනා ගෙන ඇත්තේ 1955 දී තොටළඟ ශ්‍රී වෛශ්රාලෝක සංගමය මගින් නිර්මාණය කරන ලද තොරණය.එදා ඒ තොරණින් නිරූපණය වුයේ මහා භද්‍ර කල්ප ජාතක කතා වස්තුවයි.මෙය නිර්මාණය කිරීමට සම්පත් දායකත්වය ලබා දුන්නේ එකල එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයකු වූ හෙට්ටිආරච්චි ගේ විල්බට් සිඥෝ මහතාය.
මෙම අදහස ඔහුගේ සිතට පැමිණියේ වෙසක් සමයේදී කුඩා දරුවන් නිර්මාණය කරන ලද තොරණ දුටුවිටය,මෙම කර්තව්‍යයේදී මෙතුමාට උපකාර කලේ කොල්වින් පිරිස් නම් 12 හැවිරිදි කුඩා දරුවාය.විදුලි බල්බ නොමැතිව ඔහු විසින් චිත්‍ර පමණක් අඩංගු කරමින් සකසන ලද තොරණ සැමදෙනාගේම සිත් ඇඳ බැඳ ගන්නා ලද අතර කොල්වින් පිරිස් මිය යන තුරුම මෙම තොටළඟ තොරණේ දළ සැකැස්ම නිර්මාණය වුයේ ඔහුගේ දෑතිනි.
විල්බට් පෙරේරා මහතාගේ පුතා වූ අනුර පෙරේරා මහතාට අනුව මෙහි මුල්ම තොරණ අඩි 85ක් වන අතර විදුලි බුබුළු 25000 කර අධික ප්‍රමාණයකින් වර්ණවත් කර තිබේ.පුරා දින ගණනක් පැවති මෙම තොරණට විදුලි ආලෝකය සපයා ඇත්තේ ආරියදාස නම් මහත්මයකු විසිනි.චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ පුෂ්පානන්ද දන්පිටිය මහතා විසිනි.තොරණ වෙනුවෙන් ලක්ෂ 5ත් 6ත් අතර මුදලක් මුල් අවධියේදී වියදම් කර ඇති අතර වැඩියෙන්ම මුදල් වැය වී ඇත්තේ වර්ණවත් විදුලි බලය ලබා ගැනීම සඳහායි.මන්ද එකල මිනිසුන් ආලෝකය ලබාගත්තේ කුප්පි ලාම්පු ආධාරයෙනි.එම හේතුව නිසාම ලක්ෂ ගණනක් විදුලි බුබුළු දැල්වීම සෑම කෙනාගෙම සිතෙහි වර්ණවත් සිතුවිලි ඇති කිරීමට සමත්වී තිබුණි.
මුල්ම තොරණ නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීමේදී කතා වස්තුව පටිගත කර ඇත්තේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතා විසිනි.ඒ අතර එය විවුර්ත කිරීමට පැමිණියේ බණ්ඩාර අග්‍රාමාත්‍ය තුමා වේ.එතුමන් විසින් තොරණ විවුර්ත කිරීමේදී හෙලිකොප්ටරයකින් අහසේ සිට මල් විසුරුවා ඇත.
ජයාරුපය අන්තර්ජාලය ඇසුරිනි.

බොහෝම වටිනා ලිපියක්.
ReplyDeleteThanks a lot
ReplyDelete