Wednesday, November 20, 2019

තෙල්මා -සමන් පුෂ්ප ලියනගේ මහතා

Image result for තෙල්මානෝර්වීජියානු රජ කුමරියක  මුල් කරගෙන රචිත "තෙල්මා " නව කතාව මාරි කොරලි (Marie Corali ) නමැති ඉංග්‍රීසි ජාතික කතුවරිය විසින් 1886 වර්ෂයේදී රචනා කරන ලද ඇයගේ පළමු නව කතාවයි.මෙම කතාව අතිශයින් ජනාදරයට පත්වූ අතර 1918 වන විට ඇය නව කතා 24ක් පමණ පළ කරන්නට සමත් වුවාය.මෙම නව කතාව සමන් ලියනගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

උත්තර ධ්‍රැවය ආසනයේ පිහිටි නොරෙවේ රටේ රජ කුමරියක සහ පිලිප් නමැති ලංඩන් නුවර ධනවත් තරුණයකු අතර ඇතිවන ආදර අන්දරය තෙල්මා නව කතාවෙන් පාඨකයා වෙත ලං කරනු ලබයි. එමෙන්ම නොර්වේ රට පිළිබඳව චමත්කාරජනක අත්දැකීමක් මේ හරහා කතාව රස විඳින පාඨකයා වෙත ගෙන හැර පෑම දක්නට ලැබෙන ලක්ෂණයකි. මුහුදු ගමන් සමග බද්ධ වූ නෝර්වීජියානු ජීවිතය හිම කඳු සහ අලංකාර මෙන්ම බිහිසුණු ගිගුරුම් සහිත දිය ඇලි වනාන්තර, පිළිබඳව විස්තර වර්ණනා අන්තර්ගත වූ මෙම නව කතාව පරිසරයට සොබාදහමට ඇලුම් කරන පාඨකයෙකුට කියවීමට සුදුසු වූ සාර්ථකම පරිවර්තනයකි.පරිසරය වර්ණනා කිරීමේදී කාව්‍යමය භාෂාවක් යොදා ගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

කුතුහලය පිරුණු ආකර්ෂණිය  කථාවක් වන "තෙල්මා " මුල සිට අග දක්වා පොත පසෙකින් නොතබා කියවීමට තරම් කථා රසයකින් යුතුය. තෙල්මාගේ පියා වන රජ පරපුරකින් පැවත එන "ගුල්ඩ්මාර් " නමැති ඉඩම් හිමි ගොවියා දක්ෂ නාවුකයෙකි.සොබාදහම සමග බැඳුනු හුගේ ජීවිතය කතාවට ආලෝකයක් එක් කරන අතර , පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ඔහුගේ ඕඩින් දේව ඇදහිල්ල අනුව "සාගර සොහොනේ ලෝහිත අදහනයට "ඔහුගේ සිරුර ලක්වන ආකාරය පාඨකයාට වෙනස්ම වූ අත්දැකීමක් ගෙන දෙයි. සෑම ජීවි වස්තුවක්ම සොබාදහමේ නිර්මාණයක් වන අතර , අවසානයේදී සොබා දහමට එක්වන අටලෝ දහමේ සිද්ධාන්තය මාරි ජෝරලි මෙම ග්‍රන්ථයෙන් සනාථ කරවයි.

ඉතාමත් රූමත් ,ඇයගේ අවිහිංසක හා සමාජයේ හැලහැප්පීම් වලට ගොදුරු නුවූ සමාජශීලි නොවුණු කාන්තාවක්  පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ තර්ජනයට කපටිකම් වලට සහ අවමන් වලට ගොදුරු වී අවසානයේ විවහා ජීවිතය දෙදරා මරණයේ සෙවණැල්ල කරා ආසක්ත වන ආකාරය මාරි කොරලි කතුවරිය දක්ෂ ලෙස සිතුවම් කරයි.

ශාප ඇස් වහ කටවහ  දෝෂ වැනි පෙරදිග ශිෂ්ටාචාරයේ ඇති සමහර පිළිගැනීම් නොර්වේ සංස්කෘතිය තුළ ජන ජීවිතය කෙරෙහිද බලපෑ ඇති ආකාරය තෙල්මා නව කතාවෙන් විස්තර කරයි.එමෙන්ම අටලෝ දහම අනුව යම් පුද්ගලයකු කරන අපරාධ ක්‍රියා මතු භවයේදී නොව මෙම ආත්මයේදීම පල දෙන ආකාරය ෆ්‍රැන්සිස් ලේනෝ, වයලට් , බේරා වැනි චරිත තුළ අන්තර්ගත වේ.

මෙම සංසිද්ධිය 19වන සියවසේ ජිවත් වූ තෙල්මාට පමණක් නොව අද සමාජයේ මෙවැනි කාන්තාවන්ට පොදුවූ ධර්මතාවයකි.ලන්ඩන් නුවර මධ්‍යතන යුගයේ උසස් මධ්‍යම පන්තිය සහ ප්‍රභූ පැලැන්තිය තුල මතුපිටින් පෙන්නුම් කරන සාඩම්බර, ආටෝප යට වඩා ඉරිසියාව , කුහකත්වය සහ දුර්ගුණ ඉස්මතුව තිබු ආකාරය මාරි කොරලි විස්තර කරන්නේ , අපට චාර්ල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ට්විස්ට් සිහිපත් කරමිනි.

ප්‍රධාන චරිත දෙකට අමතරව උප චරිත දහයක් පමණ ඔස්සේ අපට ජිවිතයේ විවිධ මානයන් ඉස්මතු කර දක්වන ආකාරය ඉතාමත් ප්‍රශංසනීය ය.
තෙල්මාට හදවතින් ආදරේ කළ ජෝර්ජ් ලොරිමර් ද මෙහි එන අයුරු තෙල්මාට ද මෙහි එන අපුරු චරිතයකි.තෙල්මාට ආදරය ප්‍රකාශ කළ පිලිප්ව දිය ඇල්ලට තල්ලු කර මරා දැමීමට සිගාර්ඩ් උත්සහ කළ අවස්ථාවේදී ඔහු පිලිප්ගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත්විය.

සැබෑ ආදරය යනු තමා ආදරය කරන තැනැත්තාගේ සතුට.. යන කියමන සැබෑ කිරීමට සහ මිත්‍රත්වයේ විශ්වසනීයත්වය රකින සැබෑ යහළුවකු ලෙස ඔහු ක්‍රියා කරයි.දිගු නව කතාවක් වන තෙල්මා කථා රසය ,භීතිය,, ස්වභාවික සෞන්දර්ය අපුර්වත්වය ජනනය කරනු ලබන අපුර්වතම කෘතියක් ලෙස තෙල්මා නව කතාව හැඳින්විය හැක.




















No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........