Wednesday, November 6, 2019

සුළං කපොලු මැද - දිල්හානි වික්‍රමරත්න


ලෝකයේ ඈත අනන්තයක ලියැවෙන පොතක් මෑත කෙළවරක සිට අපට කියවිය හැකි වන්නේ පරිවර්තන සාහිත්‍ය නිසාය.නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ කොටස් වශයෙන් පළවූ "Leap of Faith "නව කතාව , 2001 වසරේදී ප්‍රවීණ ගත් කතුවරියක වන ඩැනියෙල් ස්ටිල් විසින් රචනා කරන ලද්දකි.මෙය ඇය විසින් රචනා කරන ලද නව කතා 52න් වැඩිම අලෙවි වාර්තා තැබූ කෘතියයි.මෙම නවකතාව සිංහල දිල්හානි වික්‍රමරත්න සොයුරිය විසින් සුළං කපොළු නමින් සිංහල පරිවර්තන සාහිත්‍යයට එක් කරන ලදී.

මාරි ඇන්ජි හොර්කින්ග්ස් නමැති ප්‍රංශ ජාතික දැරිය සහ ඇය ජිවත් වූ " දී මාර්මොටම් මන්දිරය පාදක කර ගෙන මෙම නව කතාව ලියවී ඇත.ඩැනියෙල් ස්ටිල් ගේ ලිවීමේ විශේෂත්වය නම් ජීවිතය හමුවේ කවර අන්දමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවුවද , අත්‍යන්තයේදී සියළු අභියෝග මැඩ ගෙන ධනාත්මක මනෝ භාවයන්ගෙන් සපිරි විශිෂ්ඨ ජිවන චරිත බවට පත් කරවීමයි.දී මාර්මොටම් මන්දිරය සෑම කුඩා දරුවකුගේම සිතෙහි මැවෙන මල් සහ පලතුරු උයනක් සහිත සිහින විමනකි.මිනිස් වෙස් ගත් කුරිරු යක්ෂයකුට අසුවුවහොත් එවැනි සුර ලොවක් පවා භිෂණය ත්‍රස්තය පිරි ස්ථානයක් බවට ගතවන්නේ කෙටි කළකි.

මෙහි කතා නායිකාව වන මාරි ඇන්ජිගේ මව පියා සහ එකම සහෝදරයා රිය අනතුරකින් මිය යාමෙන් ඇයගේ ජිවිතයේ ඛේදාත්මක යුගයක් ආරම්භ වේ.ඇයව  පියාගේ දේපල භාරකාර මණ්ඩලය විසින් රැකවරණය පතා  ඇමරිකාවේ වෙසෙන නැන්දණියකගේ භාරයකට පත් කරයි.කෘර නැන්දණියගේ අඩම්තෙට්ටන් සහිතව වහල් සේවයේ යොදවන ඇන්ජි අනාථ දරුවන් සඳහා වූ පාසලක උසස් අධ්‍යාපනයට පවා යොමු වේ.එහෙදි හමුවන ගොවිපලක හිමිකරුවකුගේ පුතකු වන බිලි පාකර් ඇයට හොඳ මිතුරෙකු වීම දිවිය
ට පහන් එළියක් සේ බලපායි.

තම පැරණි නිවාස දැක බලා ගැනීමට ප්‍රංශයට යන ඇන්ජිට නිවසේ නව හිමිකරු වූ එඩ්වර්ඩ් මුණ ගැසීම දිවියේ මීළඟ දෛවෝපගත සිදුවීමයි.ආදරණිය හැඟීම් මත සිදුවන සැබෑ ආදරය සහ කෞතුක වස්තුන් සහ එකතු කිරීමේ උන්මාදයකින් පෙලෙන ධන තෘෂ්ණාවෙන් පෙලෙන ඔහුගේ ආදරය අතර ඇයගේ ජීවිතය දෝලනය වේ.පවුල් ජීවිතය ,බිරිඳට දරුවන්ට ඇති ආදරය යක්ෂ වෙස් ගත් වස්තුව හමුවේ දියවී යන ආකාරය ඩැනියෙල් ස්ටිල් මනාව හෙළි දරව් කරයි.

කිහිප වරක් විවාහ වී දරුවන් 9 දෙනෙකු සමග දිවි ගෙවූ කතුවරියගේ ජිවිත අත්දැකීම් කුටුම්බයේ ඇතිවූ ඝට්ටනයන් මෙම නව  කතාවෙන්  හෙළිවේ.සරල භාෂාවකින් ලියවී ඇති මෙහි එන දුක්බර අවස්ථා පොත කෙරෙහි ඇද බැඳ තබා ගනී. ප්‍රධාන චරිතය කෙරෙහි පාඨක ආදරය සහ අනුකම්පාව දනවන භාෂා 28කට පරිවර්තනය කර ඇති මෙම නව කතාව ලෝකයේ රටවල් 47ක අලෙවි වේ.

වයස අවුරුදු 21ක් වූ තරුණියක් නොදන්නා පුද්ගලයකු සමග අනවබෝධයෙන් ඇතිවන විවාහයක දරුණු ප්‍රතිපල කතුවරිය මනා ලෙස පැහැදිලි කරයි.උන්මත්තකයකු මෙන් මුදල් , වස්තුව පසුපස හඹා ගොස් බිරිඳ සහ දරුවන් ඝාතනය කිරීමට පවා පෙලඹෙන පියවරුන් අද සමාජයේද දැකිය හැක. පිරිමියකු පිලිබඳ  මනා  අවබෝධයක් නොමැතිව කෙටි හඳුනා ගැනීමකින් පසු  තීරණ ගන්නා විවාහපෙක්ෂිත තරුණියන්ටඩැනියෙල් ස්ටිල් අනගි ආදර්ශයක් පෙන්වා දේ.


මෙය ඇමරිකාවට හෝ ප්‍රංශයට අදාල ධර්මතාවයක් නොව ලොවටම පොදු වුවකි.ආදරණිය පවුල් පරිසරයක හැදී වැඩුණු ඇන්ජි මෙවන් තත්වයකට  පත්වීම කෙරෙහි ඇයට  ආදරය කරන පවුලේ කිසිම සාමාජිකයකු   හෝ  හිතවත් නෑයකු නොමැති වීමද බලපායි.

ඇන්ජි පිලිබඳ ප්‍රධාන කතාවට අමතරව , එඩ්වර්ඩ් ගේ පළමු බිරිඳ වූ ලුසී හා ඇයගේ පුත්‍රයා පිලිබඳ පුවත උසස් යයි සම්මත සමාජයේන් කාන්තාවකට සිදුවූ තවත් ව්‍යවසනයක් පිලිබඳ අතුරු කතාවකි.ඇත්තෙන්ම නාගරික සමාජයේ සර්ව පිත්තල ලෝකයට වඩා ගොවිපලක ජිවත් වන සාමාන්‍ය ගොවි පවුලක් වන බිලි ඇතුළු සාමාජිකයින් කෙතරම් උසස් මිනිස් ගතිගුණ වලින් හෙබි පිරිසක් දැයි කතුවරිය හෙළිකරයි.කුඩාකල ඇන්ජි රැකබලා ගත් සේවිකාවද මෙවන් උසස් ගති ඇත්තියකි.


සැමියාගේ ගති ලක්ෂණ අවසානය තෙක් තේරුම් ගැනීමට ඇයට අපහසු වන්නේ ඇය ඔහුගේ වැරදි සාමාන්‍ය කරණය කරමින් ජිවත්වන නිසාය.මෙම නව කතාව සින්ඩරෙල්ලා ආදර අන්දරයකින් අවසන් වේ.
මෙම රචනය තුලින් කතුවරියගේ තේමාව වී ඇත්තේ අවාසනාව ඇය ගිය හැමතැනකදිම හඹා යද්දී  ජීවිතය පුරා මුහුණ දීමට සිදුවූ දුක්ඛදායක සිදුවීම් වලට  හිස කෙලින් තබාගෙන මුහුණ දුන්  ආකාරය පිලිබඳ පාඨක මනසට ඉතා අපුරුවට ලංකරවීමයි.







No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........