ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටිය පාමුල මනහර කඳුකර පිටිසර පෙදෙසක සෞම්‍ය දේශගුණයෙන් හා සුන්දර පරිසරයෙන් පන්නරය ලැබූ මානව දයාවෙන් වැඩිහිටියන්ගේ සිත් මෙලෙක් කල සුරතල් දැරියක් පිලිබඳ ලයාන්විත කතා පුවතයි ...."හයිඩි " ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ ගම්මානයක වෛද්‍යවරයකුගේ දියණියකව උපත ලත් ජෝආනා ස්පයිරි විසින් 1880දී ජර්මන් බසින් ලියා පලකල (HEIDI'S Years of Wondering and learning )නමැති කෘතිය ඉතා ඉක්මනින් භාෂා ගණනාවකට පරිවර්ථනය කර ඇත..1999 වර්ෂයේදී ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක චන්ද්‍ර අනගිරත්න මහතා විසින් :හයිඩි " නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.
නැන්දණිය විසින් හදාවඩා ගන්නා සුරතල් අනාථ දැරියක වූ හයිඩි පසුව සීයාගේ භාරකාරත්වයට පත්වන අතර , විශ්‍රාමික සොල්දාදුවකු වූ සීයාගේ දරදඬු ගතිගුණ මෙලෙක් කිරීමට සමත් වේ.සීයාගේ කඳුකර නිවහනේදී හමුවන බැටළු එඬේර කොලුවකු වන පීටර් ඇයගේ හොඳම මිතුරා බවට පත්වන අතර ඔහු නිසා හයිඩි පරිසරයේ බොහෝ දේවල් ඉගෙන ගනී.මෙම කතාවෙහි ඔවුන් ජිවත් වන කැලෑ මල් ,කඳුවැටි ,දියපහරවල් සහ සුන්දර තණබිම් වලින් ගහණ වූ සුරලොවක් බඳු සුන්දර පරිසරය ළමා මනස මෙන්ම වැඩිහිටියන්ගේ මනස පවා පරාදිසයකට ගෙන යාමට සමත් වේ.
වසර තුනකට පසු නැන්දණිය නැවත පැමිණ ධනවත් අබාධිත දැරියකගේ සහයට ඇය කැඳවාගෙන ජනාකීර්ණ ෆ්රන්පර්ට් නගරයට යාම හයිඩිගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වේ.තමා ප්‍රිය කරන පරිසරයෙන් මෙන්ම ජනාකීර්ණ නගරයකට සංක්‍රමණය වන දරුවකු මුහුණ පාන මානසික පීඩනය කතුවරිය විස්තර කරයි.රාත්‍රියේ ඇවිදීම ,සිතින් ප්‍රිය කරන පරිසරයෙහි ජිවත් වීම, එම පරිසරය සොයා යාම වැනි පුරුදු ඇයගේ මානසික ව්‍යකුලතාවය පෙන්නුම් කරයි.මෙය වත්මන් ලෝකයේ මිනිසා මුහුණ පාන නාගරීකරණ ගැටළු පිලිබඳ විග්‍රහයක් වැනිය.
පරිසරය සහ මිනිසා අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්දතාවය ... ඔහුගේ සියලුම ලෙඩ රෝග සුවපත් කිරීමට හේතුවන ආකාරයත් පරිසරයෙන් වෙන් කල කළ පසු විවිධ ව්‍යවසනයන්ට මුහුණ පාන ආකාරයත් "හයිඩි "නවකතාවේ තේමාවයි.එමෙන්ම ලේඛිකාව දේව භක්තිය තීව්ර වන ආකාරයෙන් මෙම කතාව රචනා කර ඇත.
කරදරයක් වුනාම අපි ඉවසන්න ඕනි.ඒ දුක අස්සෙන් යම් කිසි හොඳ දෙයක් දෙන්න දෙවියෝ බලාගෙන ඉන්නවා.හැමදාම නරක කාලයම කියලා හිත හිත ඉන්න එක වැරදියි." ආගම දහම ගැන විශ්වාසය බාධක තරණය කර ජීවිතය ජය ගැනීමට මිනිසාට තල්ලුවක් වන ආකාරය මෙම පොතෙහි බොහෝ තැන්වල සඳහන් වේ.එමෙන්ම ෆ්රන්පර්ට් වලදී හමුවන ක්ලාරා ගේ ආච්චි අම්මාගෙන් හයිඩි ලබා ගන්නා ආගම දහම පිලිබඳ නැඹුරුව ඇයගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමටත් පල්ලියෙන් සහ සාමාන්‍ය සමාජයෙන් ඈත් ව කඳු මුදුනක තනා ගත් පැල් කොටයක ජිවත් වන සියා පල්ලියේ පරිසරයට නැඹුරු කිරීමටත් ,ගැමියන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වීමට හේතුවක් වේ.
හයිඩි දැරියට දක්වන සෙනෙහස නිසා රළු පුද්ගලයකු වූ සියා පරෝපකරයට නැඹුරු වූ යහපත් පුද්ගලයකු වීම ,ආදරය නිසා ගලක් වන් සිතක් මලක්වූ ආකාරය පිලිබඳ දහම අනාවරණය කරයි.සමහර විචාරකයින්ගේ මතය අනුව මෙම කතාවෙට පාදක වන චමත්කාරජනක පාරිසරික ව්ස්තරය ස්විස් ජාතික ජෝආනා තම රට පිළිබඳව කරන භක්ති ගායනයක් බඳුය.
ළමා මනෝවිද්‍යාව සහ ළමා මනස පිලිබඳව නිසි අවබෝධයක් නැති අබාධිත දැරියගේ පාලිකාව ළමුන්ට සලකන ආකාරය ඔවුන්ගේ අබාධිත තත්වයන් තවත් ව්‍යාකුල කිරීමට හේතුවේ.මෙහිදී දැඩි මානසික සංයමයකින් යුත් ක්ලාරා ගේ ආච්චි අම්මා පොත් පත් අභ්‍යාස ,වෙනත් බඩු භාණ්ඩ මගින් සාර්ථක මනෝ විසේසඥවරියක් මෙන් දැරියන් දෙදෙනා හොඳ හැසිරීම් රටාවකට සහ අධ්‍යාපනයට යොමු කරන ආකාරය ප්‍රසංශනිය වේ.
ආච්චි අම්මා පළමුව කතා පොතක පින්තුර පෙන්වා කතාව කියා දී කතාව කියවීමට ආශාවක් ඇති කර දෙවනුව හයිඩිට අකුරු උගන්වයි. මෙම සාර්ථකත්වය ඇයගේ ගුරුතුමා පවා විශ්මයට පත්කිරීමට සමත් වේ.අනාථ දරුවකු වුවද වැඩිහිටියන්ට සැලකීම , ආදරය කිරීම .ගිලනුන්ට උපස්ථාන කිරීම , සීයාගෙන් උගත් නිවස පිරිසිදුව තබා ගැනීම වැනි මනා ගතිගුණ ඇය තුල පිහිටා ඇත.ඇය පීටර් නමැති ගොපලු දරුවාගේ ඇස් අන්ධ ආච්චි අම්මාට දැඩි ලෙස ආදරය කිරීම මෙයට නිදසුනකි.
ළමා නවකතාවක් ලෙස රචනා වුවද හයිඩි ළමා වැඩිහිටි කාටත් එකසේ රසවිඳිය හැකි ජිවිතයට උගත හැකි පාඩම් රාශියකින් යුත් ග්රන්ථයක් ලෙස හැඳින්විය හැක.

හයිඩි.. ඉස්සර ජාතික රූපවාහිනියේ ගියා මතකයි. ආසාවෙන් බැලුවා.
ReplyDeleteමම ඒක බලලා නෑ
Deleteෆිල්ම් එකක් හම්බුණා 2015
Deletehttps://yst.lt/movie/heidi-2015
https://torhd.mrunlock.red/movie/17693-Heidi
Deleteඇත්තටම මාත් හොඳටම රසවිඳපු පොතක්.
ReplyDeleteමේ ලිපිය මම හොයමින් හිටපු පුද්ගලික ප්‍රශ්නයකට උත්තරය සැපයුවා...
ස්තූතියි අයියා
Deleteඅපි ළඟ චිත්‍රපටයත් තියනවා. ඒකත් ඒ වගේම හොඳයි. ඩිස්නි කාටුන් එකකුත් තිබෙනවා. දූලා දෙන්න පොඩි කාලේ හරිම කැමතියි බලන්න
ReplyDeleteස්තුතියි සර්. :)
Delete