සමහරුන් ඔබ ඔවුන්ගේ ජිවිතයෙන් දුරස් වන තුරුම ඔබව අගය නොකරනු ඇත.ඔවුන් බලාපොරොත්තු වන සහයෝගය ඔබ තව දුරටත් ඔවුන්ට නොදෙන විට,පෙර මෙන් ඔබ කෙටි පණිවිඩයක් හෝ නොතබමින් ඔවුන්ව නොසලකා හරින විට ,ඔබ තව දුරටත් ඔවුන්ගේ දුරකථන ඇමතුමක් සඳහා කාලය වෙන් නොකරන විට ඔබගේ අගය ඔවුන්ට දැනෙන්නට පටන් ගනී.
ඔබ ඔවුන්ට කොතෙක් ආදරය කලාද යන්න ඔවුන් වෙන කෙනෙකුගෙන් දරුණු වෙන්විමකට ලක්වෙන තෙක් තෙරුන් නොගනී. එමෙන්ම ඔවුන්ගේ සෑම දුකකදිම ,වේදනාවකදිම ඔවුන්ට ආදරයක් සෙනෙහසක් අවැසි විටකදී මෙන්ම ඔවුන් ව සෑම ගැටලුවකදිම ඔබ ආරක්ෂා කරද්දී ,ලඟින් හිඳිද්දී ඔබගේ අගය ඔවුන්ට නොදැනෙනු ඇත. ඔබ ඔහුට සිතේ ඇති සෙනෙහස කීමට ඇමතුමක් ගැනීම පවා කරදරයක් ලෙස සිතයි.නමුත් සැමවිටම ඔබ සිතන්නේ ඔහුගේ හෝ ඇයගේ සතුට ගැනයි.නමුත් ඔවුන් එය නොසලකා හරින විට සිත තුල ඇති වන්නේ විසල් කලකිරීමක් පමණයි.
ඔවුන් ඔබගේ අවධානය අහිමි වූ පසු නැවතත් ඔබගේ අවධානය ලබා ගැනීමට උත්සහ දරයි.ඔවුන් ඔබව සමහර විටක යටත් කර ගැනීමට උත්සහ දරන්නේද ඔවුන්ට යමක් අහිමිවූ විටකදිය.එමෙන්ම ඔබට ඔවුන් හැර වෙනත් විකල්පයක් ඇති බව දැනගත් විට මෙන්ම ඔවුන්ට වඩා වෙනත් අයකු ඔබ වෙත සෙනෙහසක් දක්වන බව දැනගත් විට ආත්මාර්ථකාමී ලෙස ඔවුන් ඔබ වෙත ලංවීමට උත්සහ ගනියි.
එමෙන්ම සමහරුන් ඔබට මග ඇරෙනු ඇත්තේ ඔබ ඔවුන් අමතක කල විට පමණක් විය හැකියි.ඔබ ඔවුන්ට සුවිශේෂී අවස්තාවක සුබ පැතීම අමතක කල විට ,ඔවුන්ගේ ප්‍රියතම දේවල් ඔබ අමතක කල විට ,ඔවුන්ගේ රහස් ඔබේ සිතින් ඔබ ඉවත් කල දැමු පසු ඔබට ඔවුන්ගේ සෑම මතකයක්ම ජිවිතයෙන් ඉවත් කල පසු ඔබට ඔවුන්ව මෙන්ම ඔවුන් ඔබේ සිත තුල ඇතිකළ හැඟීම් ද නොසිතාම අමතක විය හැක.
ඔබ ඉවත්වී යන විට පමණක් ඔබට ගරු කරන පිරිසක්ද සිටි.ඔබ ඔවුන් වෙනුවෙන් ඔබවම පරිත්‍යාග කල බව සිහිපත් වන විට ,ඔබ ඔවුන්ට කොතෙක් වරක් නැවත නැවතත් සමාව දුන්නාද යන බව මතක් වන විට ඔබ ඔවුන්ගෙන් ඈත් වී ගොසිනි.නමුදු ඔවුන් එය සිතන්නේ ඔබේ ඉවසීම සහ අවබෝධය ලෙස නොව ඔබගේ දුර්වලතාවයක් ලෙසය.
තවත් විටෙක යමෙකුට ආදරය කිරීම නැවැත්වීමෙන් පසු ඔවුන් ඔබට නැවත ආදරය කරන්න පටන් ගනී.මන්ද ඔබගේ වටිනාකම ඔවුන්ට දැනෙන්නට පටන් ගන්නේ ඔබ ඔවුන්ගෙන් ඈත් වුන පසුවයි.ඔබ පෙර මෙන් ඔවුන් ගැන සොයා නොබලා සිටින විට නැවතත් ඔවුන් විසින් කඩා බිඳ දැමු ඔබගේ හදවත ඉදිරියෙහි ඔවුන්ගේ හදවත විවුර්ත කිරීමට උත්සහ ගනී.
ලොව ඇත්තේ යාම් ඊම්ය .
නෑවිත් යන්නට බැරිය
නොගොස් එන්නට බැරිය - මල ගිය අවුරුදු දා - එදිරිවීර සරත්චන්ද්‍රයන්

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........