ඔහුගේ සමාජ තත්වය නිසා ඔහු ආදරය කල උසස් පන්තියකට අයත් ගැහැණු ළමයා විසින්ද ඔහුව ප්‍රතික්ෂේප කරන ලදී.මේ සියලු අත්දැකීම් අළලා ලියන ලද සාර්ථක නව කතාවක් වූ Great Expectation තුල සමකාලින ලන්ඩන් නගරයේ සමාජ පන්ති බෙදීම, පන්ති පරතරය සහ කාන්තාවන් කිහිපදෙනෙකු මුහුණ දුන් විවිධාකාර අත්දැකීම් විවරණයට ලක් කර ඇත.
එකල ලන්ඩන් සමාජය ත්‍රිකෝණයක් ලෙස ඩිකන්ස් දුටු අතර එක කොණක ධනවත් ප්‍රභූ පන්තියද, තවත් කොණක නිර්ධන පන්තියද , අනෙක් පස පාතල ලෝකයද ක්‍රියාත්මක වූ අතර මෙම කාන්තා චරිත ඔවුන්ගේ දැඩි ග්‍රහණයට ලක් විය.
ප්‍රධාන චරිතයක් වන හැවිශාම් මෙනවිය පියාගේ ධනයෙන් යැපෙන විවාහය කඩවී මානසික රෝගියකු බවට පත්ව මගුල් ඇඳුමින් සැරසී ස්වයං සිරකරියක් වී දිවි ගෙවන අත්භූත චරිතයකි.මේ අතර කතා නායිකාව වන නෝරා හැවිශාම්ගේ ධනය බලය ආරෝපණය කර ගත් අවසානයේ එම සිහින ලෝක දෙදරා යන සමාජයේ අපරාධකරුවන් දෙදෙනෙකුගේ දියණියකි. නෝරා හැවිශාම් හදාවඩා ගත් දියණිය වන අතර පිරිමින් පිඩාවට පත් කිරීම සඳහා ඇයව පුරුදු පුහුණු කිරීම මෙම නවකතාවට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දෙයි..මෙවැනි සිද්ධීන් 19 වන සියවසේ පමණක් නොව වත්මන් සමාජයේ පවා දක්නට ලැබේ.
මෙම කෘතිය සැබෑ ලෝකය මෙන්ම ෆැන්ටසිය ද පදනම් කරගෙන ලියවී ඇති අතර එකල පැවති වික්ටෝරියානු සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනයට ලක් කරයි.යුරෝපයේ ඇතිවූ කඩිනම් කාර්මික විප්ලවයේ අතුරු ඵලයක් ලෙස ඇතිවූ සමාජ පන්තින් අතර අරගලය ඩිකන්ස් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.මිනිසා සොයා යන උදාර අපේක්ෂාව වෙත ඔහුට ලඟා විය හැකිද යන ප්‍රශ්නය මෙම සෑම චරිතයක් තුලම ගැබ්වී ඇත. කතා නායකයා වන පිප් හෙවත් රොමා ආධුනිකයකු ලෙස ලන්ඩන් නගරයට පැමිණ එම පරිසරයට ඇබ්බැහිවීම ,මුදල් විසින් ඔහුව වැරදි මාර්ගයට යොමු කිරීම සහ පසුව ඔහු අපේක්ෂා කරන ජිවිතයට යොමුවීම ඩිකන්ස් සමාජයට දෙන ආදර්ශයයි.සත්‍ය වශයෙන්ම මෙම චරිතය තුළ ගැබ්ව ඇත්තේ දිළිඳු පුද්ගලයකු ලෙස ළමා විය ගත කල ඩිකන්ස් ගේ උදාර අපේක්ශාවන්ය.
අනාථයකු වශයෙන් උපත ලබන පිප් යහපත් මිනිසකු කිරීම උදෙසා කිසිඳු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කම්මල්කරුවකු වන ඔහුගේ මස්සිනා වූ ජෝ ගන්නා උත්සාහය මෙම නවකතාවට ආලෝකයකි. අයහපත් සමාජ පන්තීන් තුල රැල්ලට අසු නොවී ජිවත් වන මිනිසුන් පිලිබඳ කදිම පණිවිඩයක් ජෝ සහ ඔහුගේ බිරිඳ වූ බිඩි හරහා ලේඛකයා විසින් සමාජගත කරයි.කාර්මිකරණයට හා නාගරීකරණයට අසු නොවී ජිවත් වන මෙවැනි තුලනාත්මක චරිත අද සමාජයේද ඉඳ හිට අපට දැකිය හැක.
එකල ලන්ඩන් සමාජයේ නීතිය, දුප්පතුන් සඳහා සාධාරණත්වයක් ඉටු කලේද යන්න අපරාධයකට සම්බන්ධ වූ මොලී දක්ෂ නීතිඥයකුගේ මෙහෙකාරියක ලෙස ස්වයං සිරගතවිමකට ලක්වීම පාඨකයාට ප්‍රශ්නාර්ථයකි.මෙහි සඳහන් කතා නායිකාව වන නෝරා ගේ දෙමවිපියන් කවුද යන ප්‍රශ්නයට නෝරා ,හැවිශාම් මෙනවියට බාර දුන් නීතිඥ මහතා ගේ හෙළිදරව්ව මෙයට නිදසුනකි.
"දැන් ඒ රහස එළිදරව් කරලා, ඇගේ දෙමවුපියන් හෙළිදරව් කරලා ඇගේ ස්වාමි පුරුෂයාට ඔය කාරණය දැනගන්න ඉඩ දුන්නොත් ඇයට නම් සෙතක් වෙන්නේ නෑ."
රොමේන්... තමුසෙට විතරක් නෙමෙයි දහස් ගණන් පිරිමින්ට උඹට වඩා ලොක්කන්ට ඔය හීනෙ පේනවා..."
වික්ටෝරියානු සමාජයේ පන්ති භේදය විස්තර කරන මෙම නවකතාව තත්කාලීන සමාජයම විවරණය කරන්නකි.
ඔයා ජේන් අයර් කියවල තියනවද , සමානයි වගේ
ReplyDeleteමම ජේන් අයර් කියෙව්වා සර්.
Delete