හදවත නිරතුරුවම
ඉකිබිඳියි .
තනිකමින් සිටින විට
හද පාලනය කරගත නොහැකි ලෙස
ඔබේ මතකයන් සිත වෙලා ගනියි
මට මගේ හද අහිමිවී ඇත .
හදවතට දැඩි වේදනාවක් දෙන
ආදරය කුමක්දැයි මම දැන් දනිමි
එම වේදනාව මට ඇහුම්කන් දෙන්නේ නැත .
මා හද මුරණ්ඩු ය.
සබඳ මා එය තේරුම් ගන්නේ කෙසේද ?
මා හදවත නිසාම මට මා අහිමිව ඇත
මා අසල ඇති සෑම කැඩපතක්ම
කැඩී ඇති බවක් මට දැනේ.
සත්‍ය ද මා හට බොරු කරන බවක්
ලෙස හැඟෙ.
මා කොහේ සිට මේ ලොවට පැමිණියේද
මා නොදනී.
මුළු ලොවම මා වටා වේගයෙන් පරිභ්‍රමණය වන බවක්
මට දැනේ.
මා කොතරම් වේදනාවකින් පෙලේද යන්න හදවත
තේරුම් නොගන්නේ මන්ද
?
ඔබව සිහිපත් කරමින්
හදවත නිරතුරුවම
ඉකිබිඳියි .
තනිකමින් සිටින විට
හද පාලනය කරගත නොහැකි ලෙස
ඔබේ මතකයන් සිත වෙලා ගනියි
මට මගේ හද අහිමිවී ඇත .
Josh චිත්‍රපටයේ Hum To Dil Se Haare ගීතයේ සිංහල පරිවර්තනය
https://youtu.be/X7YF-D0CQ4k
ලස්සනයි , සින්දුවත් ලස්සනයි
ReplyDeleteස්තුතියි සර්
ReplyDelete