Sunday, June 7, 2020

රුසියානු ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ට උපහාරයක් පිණිස

Alexander Pushkin and Natalia Goncharova. Love story

ඊයේට යෙදුනු ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ 221 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ඔහුට උපහාරයක් ලෙස 
එතුමන් විසින් රචිත The Wish නමැති කාව්‍යයත් එහි මා විසින් කරන ලද  සිංහල අනුවාදයත්  මෙසේ පල කරමි.

The Wish

The days drag on,each moment multiplies
within my wounded heart the pain and the sadness 
of an unhappy love and, dark, give rise.
To sleepless dreams,the haunting dreams of madness .

But i do not complain - instead ,i weep ;
Tears bring me Solace ,comforted they leave me.
My spirit ,captive held by grief, a deep.
And bitter rapture - finds in them, believe me

Pass life! come empty phantom ,onward fly.
And in the silent void of the darkness vanish .
Dear it to me my love's unending anguish ;
if as i die, i love , pray let me die.

මා විසින් කල අනුවාදය 

පැතුමක් 

මගේ වේදනාබර හදවත පාරවමින් 
දින ගත වන්නේ 
සිත තුළ දුකක්, වේදනාවක් මෙන්ම 
අසතුටක්ද ඇතිකරවමිනි.

දිගු රෑ පුරා නිදි නැති සිහින 
මා සිත තුළ හොල්මන් කරමින් මනස  අවිනිශ්ෂිත කරවයි 
නමුදු 
මම පැමිණිලි නොකරමි.
කඳුළු සලමින් සිත සනස ගමි.
මන්ද 
කඳුළු මා  පෑරුණු සිතට සැනසීමක් දී
නිදි බිඳින සිහින 
මවෙතින් පලවා හරින නිසාවෙනි.

මගේ ආත්මය ගැඹුරු වේදනාවකින් පෙළුනත් 
කටුක බව තුලින් ඔවුන් මා සොයා ගනීවි.
මා විශ්වාස කරන්න.
අතීතය ගෙවුණි 
සිහින ඔබ පැමිණෙන්න 
මා හා ඉදිරියටම පියා සලන්න 

නිහඬ අන්ධකාරය පලා යයි 
මා ප්‍රේමයේ සදාතනික වේදනාව 
ඔබ මට ප්‍රේම කරයි නම් 
මට මියදෙන්න ඉඩ දෙන්න

4 comments:

  1. haunting dreams
    empty phantom මේවට වෙන වචන නැත්ද , මට හිතෙන්නේ හුඟක් සරල කරලා මේ පරිවර්තනය, ඔරිජිනල් එක හුඟක් වේදනාකාරී එකක්

    ReplyDelete
    Replies
    1. සර් ඇත්තෙන්ම තාම පරිවර්තනයට මම නවකයෙක්.ඒකයි අඩුපාඩු තියෙන්නේ.ඉදිරියේදී මම මිට වඩා සාර්ථකව කරන්න උත්සහ කරන්නම්.ස්තුති ඔබට.

      Delete
  2. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ අවස්තාවක් දීම පිළිබඳව.

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........