Tuesday, November 29, 2022

මෝගල් පාලනයට නතුවූ පකිස්තානයේ පුරාවිද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන

 


පකිස්ථානයේ පිහිටා ඇති බෞද්ධ සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව දන්නේ ටික දෙනෙකි.මන්ද .... මෙම ප්‍රදේශ දැනට ඉස්ලාම් මහජන සමුහාණ්ඩුවට අයත් ප්‍රදේශ ලෙස සැලකෙන බැවිනි.බෙදුම්වාදී ප්‍රහාර වලින් මෙම ස්ථාන රැක ගනිම කුමන ජාතියකට , ආගමකට අයත් වුවත් මනුෂ්‍ය වර්ගයාගේ යුතුකමක් සහ වගකීමකි. 

ගන්ධාර ප්‍රදේශයේ අගනුවර වන තක්ෂිලා ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ පටන් පැවැත එන ඓතිහාසික ස්ථානයක් වන , එහි තිබී හමුවූ  මැටි බඳුන් , ආභරණ වැනි මෙවලම් වලින් සනාථ වේ. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත මෙම ස්ථානයෙහි ස්තුප 12ක් ,චින සහ බර්මියන් චෛත්‍ය , දක්නට ලැබේ. ඉන්දු ගඟ , රාවල් පිණ්ඩි සහ පෙෂාවෝර් ප්‍රදේශ වල පැතිර ඇති මෙම ස්ථාන තව දුරටත් අධ්‍යයනය කිරීම සංචාරක ව්‍යාපාරයට සහ බොහෝ ඓතිහාසික තොරතුරු හෙළි දරව් වීමට හේතුවක් විය හැකිය. වර්ග කිලෝමීටර් 100ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශය නැගෙනහිර සිට බටහිරට කි.මි.70 ක් දිගින් යුතුය. මෙම නටඹුන් ක්‍රි.පු.1-7 අතරට අයත් ගන්ධාර කලාවේ නිර්මාණ ලෙස සැලකේ .


තක්ෂිලාවේ ඉතිහාසය මීටත් වඩා දිගු වන අතර 422-586 අතර පළමුවන (Darius) ඩෙරියස් රජුගේ කාලයට අයත්වන අතර මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු ගංගා නිම්නය දිගේ තක්ෂිලාව හරහා පැමිණ ඇත.ඉතිහාස කතා අනාවරණය කරන්නේ මෙම ප්‍රදේශයම පාලනය කළ චන්ද්‍රගුප්ත පළමු රජු ලෙසය.ඔහුගේ රාජධානිය හින්දු කුෂ් කඳුවැටිය ලෙස උතුරු ඇෆ්ගනිස්ථානය තෙක් විසිර පැවතුණි.අශෝක යුගයේදී මෙම සීමාවන් ඉවත් කරමින් බුද්ධ ධර්මයේ ව්‍යාප්තියත් සමග ඉතුරු ඉන්දියාව දක්වා පැතිරුණි. ඔහුගේ අභාවයෙන් පසු මෙම විශාල රාජධානිය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි විය,ක්‍රි.පු. 3 වන සියවසේදී (Bactria) බැක්ට්‍රියා රාජධානියේ කොටසක් බවට පත්වූ අතර දැනට උතුරු ඇෆ්ගනිස්ථානයේ බෝක් (Bolkh) ප්‍රදේශය ලෙස හැඳින්වේ.

ක්‍රි.පු.පලවෙනි සියවසේ සිට තුන්වන සියවස දක්වා  චීනයේ සංක්‍රමණිකයකු වූ තුෂානිස් ගේ පාලනයට නතුවූ ගාන්ධාරය තුන්වන සියවසේදී බෞද්ධ පාලක

යකු වූ කනිෂ්ක රජුගේ පාලනයට නතු විය,මෙම ගන්දර්ව ප්‍රදේශය පැරණි රාජධානියක් වූ මහජනපද වලට අයත් වූ අතර උතුරු පකිස්ථානය සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයද අයත්ව පෙෂවෝර් නිම්නයේ සිට කාබුල් නදී ප්‍රදේශ ඔස්සේ පොටෝහාර් නිම්නයේ පිහිටා තිබු බව කියවේ.වර්තමානයේදී පෙෂාවෝර් සහ තක්ෂිලා මෙම ප්‍රදේශයන්‍ ය.

Montage- Sunday Observer

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 




Friday, November 25, 2022

ක්‍රිකට් පිටියේදී සාර්ථක චරිතයක් වූ ඉම්රාන් ඛාන් 'ට දේශපාලන පිටියේදී මොකද උනේ ?

 
තුන් ඉරියව්වෙන්ම ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ , 1970-1980 දශක වලදී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙන්ම නායකත්වයද දැරූ ඉම්රාන් ඛාන් 1952 වර්ෂයේ ඔක්තෝම්බර් මස පස් වන දින ලාහෝර් වලදී ධනවත් පවුලක උපත ලැබිය.ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක්ම පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවී තිබීම තවත් විශේෂත්වයකි. ලාහෝර්හි Wore ester Royal Grammar විදුහලේ සහ Aitchison විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලයේ දර්ශනය , දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හැදෑරුවේය.

ශිෂ්‍ය අවධියේත් , ඉම්රාන් පකිස්ථානයේදී මෙන්ම එක්සත් රාජධානියේදී ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩා කළ අතර , පළමු වරට 1971 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එක්විය.1982 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය හොබවමින් , ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩාවලියේදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.ඔහු මෙම කාලය තුළ රිචර්ඩ් හැඩ්ලි , ඉයන් බොතම් ,කපිල් දේව් වැනි ක්‍රීඩකයින්ට සමව සිටි බව ක්‍රිකට් විචාරකයෝ පැවසුහ.

ක්‍රීඩා ජීවිතයේ අවසන් වර්ෂ දහය ඉම්රාන් වඩාත්ම දස්කම් දැක්වූ කාලසීමාව වූ අතර , ටෙස්ට් තරඟ 51 කට සහබාගි විය .පන්දුවට පහර දීමේ සාමාන්‍ය වේගය 50ක් සහ පන්දු යැවීමේ වේගය 19ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට ඔහුට මේ කාල සීමාවේදී හැකි විය.ඔහු ලබා ගත් වාර්තා අතර හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 8 වතාවක්ද , ක්‍රීඩකයන් අතරින් තේරීමේදී 4 වන ස්ථානයටද , ඉනිමකදී ලබා ගන්නා ලකුණු අතරින් 9 වෙනි ස්ථානයටද , තරඟ 8 කදී ක්‍රිකට් නායකයා ලෙස කටයුතු  කරමින් හොඳම නායකයා ලෙස 2වන ස්ථානයද වාර්තා කිරීමට  සමත් විය.මේ අතර 1992 දී ලෝක කුසලානය පකිස්ථානයට ලබා දීමට නායකයකු ලෙස ඔහු සමත් විය.

ක්‍රිකට්  ක්‍රීඩාවට ද ,දේශපාලන වේදිකාවට ද ප්‍රිය කළ ඔහු මානව හිතවාදියකුද වූ අතර , තම මෑණියන් සිහිවීම පිණිස  Shaukat Memorial Hospital රෝහල් සංකීර්ණය ඉදි  කිරීමේ කටයුතු වලටද පුරෝගාමිත්වය ලබා දෙන ලදී.

පසුකාලීනව ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉම්රාන්  අවුල් සහගත ගැටළු වලට මුහුණ දෙමින් සිටි පකිස්තානයේ දේශපාලන පිටියට පිවිසි අතර එකළ පවතී අදුරදර්ශී පාලනය විවේචනයට ලක් කළේය. 1996 දී Tehreek -e- Insaf පක්ෂය ඇරඹි අතර පකිස්ථානයේ එවකට ජනාධිපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් ට විරුද්ධව ක්‍රියා කළේය.තරුණ කොටස් වල සහය ඔහුට ලැබුන අතර 2012 දී පකිස්ථානයේ ජනප්‍රියම දේශපාලන තරුව බවට පත්විය.2018 අගෝස්තු මාසයේදී ඔහු අග්‍රාමාත්‍ය පදවියට පත් වන විට පකිස්තාන ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය අහස් උසට නැග තිබුණි.මේ නිසා චීන- පකිස්තාන් ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීමට මුල පිරුවේය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ චීනය , සෞදි අරාබිය, අරාබි එමිරෙටෙස් වැනි රට වලින් , තම රටේ පැන නැගී ඇති ගැටළු විසඳීමට ඔහු ආර්ථික ආධාර ඉල්ලා සිටියේය.

මේ අතර 2020 දී කොවිඩ් වසංගතය නිසා සෑහෙන කලක් රට වසා දැමීමට ඔහුට සිදුවිය.රටේ පැවති දුෂ්කර තත්වය ප්‍රයෝජනයට ගෙන PDM (Peoples Democratic Movement) පක්ෂය විරෝධතා දක්වන ලදී.ඔහු හමුදාවේ සහයෙන් පාලනය ශක්තිමත් කිරීමට උත්සහ කළේය.මේ අතරතුර 2022 දී විශ්වාසබංග යෝජනාවකින් අගමැති පුටුව අහිමි වූ පළමු පකිස්තානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. 


මුලාශ්‍ර :

https://www.espncricinfo.com/player/imran-khan-40560

https://www.britannica.com/biography/Imran-Khan




Tuesday, November 22, 2022

භාරත සිනමාව ඔප කළ " ආරාධනා "

 


70 දශකයේ භාරත සිනමාවේ දිදුල තරුවක් වූ රාජේශ් ඛන්නා ද්විත්ව චරිත නිරුපණය කළ  Box Office වාර්තා බිඳ හෙළු "ආරාධනා "එම යුගයේ සන්නාමගත සලකුණක් සටහන් කල  අදටත් ප්‍රේක්ෂක සිත් ගත් ගත් චිත්‍රපටයකි.

1969 දී  ශක්ති සාමන්තා අධ්‍යක්ෂණය කළ, සචින් භෞමික් තිර රචනය කල මෙහි ක්‍රිෂෝර් කුමාර් ,ශාමිලා තාගෝර් ප්‍රධාන චරිත වූ අතර "  සචින් දේව් වර්මාගේ සහ රාහුල් දේව් වර්මාගේ මනස්කාන්ත සංගීතය මෙන්ම ආනන්ද බක්ෂිගේ ගී පද රචනය ද චිත්‍රපටයට  නව මුහුණුවරක් එක් කළහ.. සචින්ගේ තිර රචනයට 1946 දී ඇමරිකාවේ තිරගත වුණු Michell Leisen සහ Starring Olivia de Haviltonවිසින් අධ්‍යක්ෂණය කල " To Each His Own " චිත්‍රපටය පාදක උන බව කියවේ.

 දැනුදු ලෝලයන්ගේ මුවඟ රැව් දෙන " ලතා මංගේෂ්කාර්, ක්‍රිෂෝර් කුමාර් , ආශා බොස්ලි ,සහ රාහුල් දේව්ගේ " මියුරු සත්සර හඬින් ගැයෙන  "මෙරෙ සපුනකි රනි .... (Mere Sapuna ki Rani...) , රූප තෙරා මස්තානා.... ,  (Roopa tera masthana...) චන්දා හේ තු මෙරා..... ( Chandaa he thu mera....) ගුන් ගුණ රාහේ (Gun Guna Raahe....) , බගොන් මේන් බහර් හේ ..... ( Bagon mein  bahar he... ) කෝර කගස්.... ( Kora kagaz... ), සප්තාල් හොගි තේරී ආරාධනා ...... ( Sapthal hogi theri Aradhana ...) යන  ගීත ආරාධනා චිත්‍රපටයෙන්  සංගීත ලොවට පිරිනැමුණ සොඳුරු දායාදයන් යයි කිවහොත් නිවැරදිය. රූපතෙරා මස්තානා ගීතයේ විශේෂත්වය වන්නේ ලොව පළමු (Single Shot) අඛණ්ඩ තිරගත කිරීමක් සිදු කළ පළමු හින්දි ගීතය වීමයි. මෙයට හේතුව ඔවුන් දෙපලගේ රඟපෑම ආත්මය හා බැඳෙමින් ඉතාම රෝමන්තිකව සිදුකළ රැඟුමක් වීමයි.

පරම්පරා දෙකක් පුරා පැතිර යන මෙම කතාවෙහි අරුන් වර්මා සහ සුරාජ් වර්මා යන චරිත දෙකම රාජේශ් ඛන්නා රඟපෑ අතර මෙහිදී අරුන්  ගුවන් නියමුවකු ලෙස රංගනයෙන් දායක වෙයි.අරුන්( රාජේශ් ඛන්නා) ගේ සහ (වන්දනා ) ශර්මිලා තාගෝර්ගේ පළමු රංගනය වන මෙය ආදරයත්, විරහවත් අතර දෝලනය වන කතාවකි.මෙහිදී අරුන් තම සහය ගුවන්වූ නියමුවා වූ කඳුකර පෙදෙසක සංචාරයේ යෙදුණු අවස්තාවක තිරුපති  දේවලයේදී හමුවන වෛද්‍යවරයකුගේ දියණියකු වූ වන්දනා හා පෙමින් බැඳේ.  වර්ෂාව නිසා හුදකලා වන ඔවුන් නීතියෙන් නොවුනත් දෙවියන් අභියස විවාහප්‍රාප්ත වන්නේ අහම්බෙනි.අවාසනාවන්ත ලෙස රාජේශ් ගුවන් අනතුරකදී මිය යන අතර ශර්මිලාගේ පියාද මිය යයි.ඒ වනවිට ගැබ්ගෙන සිටි වන්දනාව අරුන්ගේ දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කළහ. දරුවාත් සමග තනිවන ශර්මිලාව දකින එක්තරා පවුලක් දරුවාට රැකවරණය සැපයීමට භාර ගන්නා අතර , වන්දනා දරුවා රැකග බලා ගැනීමට ඔහුගේ ආයා ලෙස එම නිවසේ නතර වෙයි.චන්දා හේ තූ ගීතය ගායනා කරමින් ඇය දරුවා නලවන ආකරය ප්‍රේක්ෂක දෑසට කඳුලක් නංවන්නේ නිරායාසයෙනි.

දරුවා සැපසේ මෙම නිවසේ හැදෙන වැඩෙන අතර ,දිනක් නිවැසියන්ගේ නෑදායකු වන ශ්‍යාම් නැමැත්තා  වන්දනට අඩම්තේට්ටම් කිරීමට සැරසේ.මෙහිදී ඇතිවන ගැටුමේදී  කුඩා සුරාජ් අතින් ශ්‍යාම් මරණයට පත්වෙයි.මෙහිදී සුරාජ්ව වරදින් ගලවා ගැනීමට ඝාතනය තමා විසින් කළ බව පාපොච්චාරණය කරන්නේ මවකගේ දාරක ප්‍රේමයෙ උත්තරීතරභාවය පසක් කරමිනි.

වසර ගණනක සිරගත දිවියෙන් නිදහස් වන ඇයට එහි ජේලර්වරයකු වූ උදව් කිරීමට ඉදිරිපත් වන අතර ඔහු ඇයව නිවසට රැගෙන ගොස් තම දියණිය වූ රේණු ට හඳුන්වා දෙයි. ඒ වන විට තුරුණු වියෙහි පසුවූ සුරාජ් තම පියා සේම ගුවන් නියමුවකු සහ මේජර්වරයකු ව සිටී.ඔහු ජේලර්වරයාගේ දියණිය සමග පෙමින් බැඳෙයි. ඒ බව දැනගන්නා වන්දනා සිරගතවූ තමා ඔවුන්ගේ ජිවිත වලට කැළලක් වේයැයි සිතා ඔවුන්ව මගහැරී.නමුත් අහම්බෙන් ඇයගේ දිනපොතක තිබී අරුණගේ සහ වන්දනාගේ ජායාරුපයක් දකින සුරාජ් ඇය ඔහුගේ සත්‍ය මව බව හඳුනා ගනී.



Thursday, November 10, 2022

මොහොන්දෝජරෝ - හාරප්පා ශිෂ්ඨාචාරය සහ දෙවියන් .


ආදිතම යුගයේදී ඉරානයේ , ග්‍රීක, රෝම ,ජර්මන් , ස්ලාව් , කෙල්ට් යන ජන කොටස් වල මුතුන් මිත්තන් සියල්ලටම එක හා සමාන යයි  කිව හැකි ආගම් තිබුනි. මේවා සොබාදමේ අංගයන් වූ අහස, පොලව, හිරු සඳු , ,සුළඟ , විදුලිය, වර්ශාව වැනි අංග සමග නිර්මාණය වී තිබු දෙවිවරුන් පිලිබඳ ඉතාමත් රසවත් කතා සමග මිශ්‍ර විය.


පෘතුවි දෙව්දුව දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨ මාතාව වූ අතර අරුණෝදයේ දෙව් දුව " උෂස් " ද රාත්‍රී දෙව් දුව "අරන්‍යානි "ද ග්‍රීකයන් සියුස් නමින්ද රෝමවරුන් ජුපිටර්  නමින් හැඳින්වු  පීතෘ දෙවියන් දෞස් නමින් ද හැඳින්වූහ. කාලගුණය පිලිබඳ දෙවියන් ඉන්ද්‍ර විය. මොවුන් පිළිබඳවද ඇති කතාවක් ඉතාමත් රසව‍ත් ය.

වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් ජලය රඳවාගෙන සිටි වෘත නම් නපුරු සර්පයා විනාස කොට , වියළි ගිය මහා පොලවට , වැස්ස ගෙන ආ බව  වේද සාහිත්‍යයේ සඳහන් වේ.කුණාටු , මේඝ ඝර්ජණා වලටත් සම්බන්ධ මොහු අත වාජරායුධයක් තිබු අතර ගණන්කාරයෙක් වෙරිමතින් සිටින්නෙක් , ලෙසද සඳහන්වේ .

" හමනා සැඩ සුළඟක් විලසින්නේ ..... 
ඉහළ යවා ඇත මා මධු පානේ ..... සෝම බි බි දෝ මා උන්නේ ....?

අජානිය අසු රිය අදනා මෙන් 
ඉහළ යවා ඇත මා මධු පානේ .සෝම බි බී දෝ මා උන්නේ ?

විකාර බව මා සිතට එළඹ ඇත 
එළදෙන වසු පැටවා වෙත යන මෙන් . සෝම .........?

වඩුවකු රිය'සුන නමනා විලසින් 
විකාර බව හද වටා නමමි මම .සෝම .....?

නෙතෙහි රදස් අනුවක් තරමට වත් 
කුල පස මා හා සමාන වේදෝ ? සෝම......?

ඉහළින් තිබෙනා අහසත් මාගෙන් 
අඩකටවත් නැත සමාන වන්නේ.සෝම......?
 
මම දැන් තෙදබල මහිමෙන් මාගේ 
අහසත් පොළවත් පරයා සිතිමි......

මහා පොළව මම අහුලා ගන්නෙමි.....
මෙහි හෝ එහි එය දමා ලමි.සෝම......."

ඉන්ද්‍ර අහසේ ඔබමොබ ගියේ තනිව නොවේ.යුධ කටයුතු වලදී රණ ගි ගයමින් සහයට දෙවිවරුන්ද පිරිවරාගෙන , රථ වල නැගී ගමන් කළේය. ගින්නෙන් දිලෙන රථයක , අහසේ සැරිසැරූ සූර්යාලෝකය දිව්‍ය රාජයා ලොවට ශක්තිය දුන්න තැනැත්තා වන අතර ඔහුට අසුරෙන්ද් පහල වූ දෙවිවරු කිපදෙනෙකි.

සවිතෘ මංමාවත් ,ගොපල්ලන් ,ගවයින් ආරක්ෂා කල අතර හිරු දේවිගේ දියණියගේ ස්වාමිපුරුෂයකු වූ අශ්වින් ,විපතට පත්වූවන් , මුහුදුබත් වූ නැවියන් ,අංගවිකල වුවන්  ආරක්ෂා කල ධාර්මික චරිතයක් ලෙස විස්තර කෙරේ.

අග්නි විදුලිය ගින්දර ස්වරුපයෙන් පෙනී සිටි අතර ,යාග හෝම වලට අධිපති දෙවියා විය.අග්නි වෙත පිදෙන යාගයන් අනික් දෙවිවරු වෙත යොමු කෙරේ.ඔහු සැමදා දැල්වෙන ගිනි දැල්ල සේම අමරණිය වේ. ඝර්ෂණය කර ගිනි දල්වන අතර ඒ සඳහා කෝවිල් වල භාවිතා කරන තොරපනය නම් උපකරණය  අග්නිගේ දෛනිකව සිදුවන  උපත පිළිඹිමු කිරීමට තාමත් කෝවිල් වල දක්නට ලැබේ. ඉන්දු - ටිබෙට් පුරාවෘත වලට අනුව අග්නි ගිනිකොණ දිග ආරක්ෂා කරන ලෝක පාලකයාය.ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් යන පාඨයේ තේරුම වන්නේද "ඔබේ උදුන ඔබේ නිවසේ ගිනිකොණින් පිහිටවන්න යන්නයි. 


සෝම දෙවියා නමින් පැලැටියක් වූ අතර ,ඉන් සැරපානයක් සඳහා යාගහෝම අවස්ථා වලදී පානය කරන ලදී.
දැනට ඉන්දියාවේ ආසියාවේ සහ දකුණු රුසියාවේ වැවෙන කංසා පැළෑටිය ,මෙය යයි විශ්වාස කෙරේ. 

සොබාදහමට ඇති  සම්බන්දතාවය සමගින් දෙවියන්ද ,ඊළඟ අවස්ථාවේ ආගම් ද නිර්මාණය වී ඒවා මිනිසාගේ යහපතට යොදාගෙන, පසුකාලීනවත් සංස්කෘතික අංගයන් වි අදටත් අප අනුගමනය කරන බව පැහැදිළි වේ.
සිංහල අවුරුද්ද , තයිපොංගල්( මකර සංක්‍රාන්තිය)  ,දීපාවලි වැනි උත්සව වල සොබාදහම සමග බැඳුණු මෙම අංග අදටත් ලොව පුරා පැතිර ඇත.

Monday, November 7, 2022

භාරතීය සංගීතයෙන් ලොවක් සැනසූ ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර්

 ලොව විසුළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් අතර ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර් නාමය ඇසු සැණින් අප මතකය අවදි කරන්නේ එතුමන්ගේ මහා කවිත්වයයි.නමුදු කවියෙන් එහාට ගිය සංගීතඥයෙකු , දාර්ශනිකයකු ,ගත් කතුවරයකු ද  චිත්‍ර ශිල්පියෙකු ,නාට්‍යධරයකු   සේම අධ්‍යාපනඥයකු ලෙස තම දැනුම ලොව පුරා විහිද වූ මෙතුමා නුතන ඉන්දීය කළා සාහිත්‍යයේ පුරෝගාමියකු වන අතර ඉන්දියානු අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයකි. එමෙන්ම දේශ සිමා සහ කාල සීමා ඉක්මවමින් පෙර අපරදිග යා කල මහා පුරුක වීමට රබින්ද්‍රයන් හේතු වුයේ විවිධ කුසලතාවයන්ගෙන් හෙබි ඔහුගේ පෞර්ශයයි.

මෙතුමා 1861 මැයි 6 වන දින කල්කටාවේ ජෝරසංකෝ මැදුරේදී උපත ලද අතර මෙම මන්දිරය නිබඳවම සංගීත රාවය රැව්පිළි රැව් දුන් කලාගාරයක් විය.මහර්ෂි යන නාමය ලද දවෙන්ද්‍රනාත් තගොර්තුමන් ට අයත්වූ මෙම මන්දිරයේ නිතර ශාස්ත්‍රීය ප්‍රසංග පැවැත්වුණු අතර කුඩා රබින්ද්‍රනාත්ට එම ප්‍රසංග නැරඹීමේ අවස්ථාව හිමිවිය. Jadu Bhatt , Shrikant Singha , Radhika  Go swami , Shyam Sundar Mishra ,Ramprasad Mishra (පවුලේ සිතාර් ගුරුතුමා ) ආදී සංගීතඥයන්ගෙන් ගුරුහරුකම් ලැබීය.එමෙන්ම සොයුරන් වූ බටහිර සංගීතයේ ,බටහිර ස්වර ලිපි රචනයෙහි,  වයලින් මෙන්ම පියානෝ වාදනයෙද නිපුණයකු වූ ජෙයතින්ද්‍රනාත් සෝමේන්ද්‍රනාත් සහ සත්යෙන්ද්‍රනාත් හේමෙන්ද්‍රනාත් ද උගත් උත්තර භාරතීය සංගීතයෙන් ලද අභාෂයද , මෙතුමන්ට ලැබුණි.

කෙටි කලක් පමණක් ඔරියෙන්ටල් සෙමනේරියේ අධ්‍යාපනය ලැබුමුත් එහි දැඩි නීතිරීති වලින් හෙම්බත්වූ මෙතුමා පාඨශාලා අධ්‍යනය ප්‍රතික්ෂේප කොට  නිවසේදී සෞන්දර්යාත්මක අධ්‍යාපනය ලද අතර ඉංග්‍රීසි  සහ සංස්කෘත භාෂා වලින් පරිචය ලැබිය.කුඩා කල සිටම ගීත රචනයටත්, තනු නිර්මාණයටත් , දස්කම් පෙන්වූ අතර , ඔහු කියවූ සාහිත්‍ය නිර්මාණ අතර රාමායණය , කාලිදාසයන්ගේ ගිත ගොවින්දය සේම ශේක්ස්පියර්ගේ ශෝඛාන්ත නාට්‍යයද විය.

 සෞන්ද්‍රයවදියකු වූ එතුමා ගේ දැක්ම වුයේ ස්වභාවධර්මය හා අනුගතවෙමින්, පෞර්ෂත්වය වර්ධනය කර ,ළමයා ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳිමින්, සමබරව  වර්ධනය විය යුතු බවයි. ඔහුට අනුව ගුණධර්ම වර්ධනය කල යුතුවන්නේ නිල් අහසේ පැතිරීම, සැන්දෑවේ නිසල බව , අරුණෝදයේ නව බලාපොරොත්තු පිබිදීම , දිදුලන රන්වන් තාරුකා වල කාන්තිය , හිරුගේ තේජස ,දරුවාගේ ජීවිතය අවදි කර ගැනීමෙනි. සොබාදහම යනු ගුණ ධර්මයකි. ගුණධර්ම ගොඩ නැගිය යුත්තේ සෞන්දර්යයේ ආත්මය තුලිනි.


  17 වැනි වියේදී නිතිය හැදෑරීමට එංගලන්තයට පිටත් විය.එංගලන්තයේදී ඔපෙරා , සිම්ෆනි, ශේක්ෂ්පියර් නාට්‍ය ආදි බටහිර නිර්මාණ කෙරෙහි ආශාක්ත වූ රබින්ද්‍රයන් භානුසිංහ නමින් භක්ති ගීත රචනා කළේය.වාල්මිකී ප්‍රතිභා නමින් අයර්ලන්ත ගී තනු වල අභාෂය ලබමින් ගීත නාට්‍යයක්ද එළිදැක්විය.එමෙන්ම 1881 දී නිර්මිත කාල්ම්රිගොයා සහ තෙවන ගීත නාට්‍ය වු මායාර් බැලාහි ගීත වලටද ද බටහිර ආභාෂය ලැබ ඇත.

එංගලන්තයේ සිට පැමිණි තාගෝර්තුමා හුග්ලි නදිය අසබඩ වාසය ඇරඹි අතර ඔහු සොබාදහමට වඩාත් ලංවිය.ඔහුගේ සෑම නිර්මාණයකටම මුලද්‍රව්‍ය සැපයුවේ සොබදහමයි.සොබාදහමේ චමත්කාරය රබින්ද්‍රයන්ගේ  සෑම නිර්මාණයකම සැඟවුණු සෞන්දර්ය වුයේ එලෙසිනි.

1891 දී තාගෝර් නැගෙනහිර බෙංගාලයට (දැන් බංගලාදේශයේ) ගියේ වසර 10ක් පුරා සිය පවුලේ ෂිලයිඩා සහ ෂාසාද්පූර් හි වතු පාලනය කිරීමට ය. ශිලෙයිදාවේ සමින්දාර් වූ ඔහු පද්මා නදියේ සිදුකල ගමන් වලදී එහි සුන්දරත්වයට වශී වී ඔරුවක් තනවා එහි වාසය කරමින් බොහෝ කලක් එම පාරිසරික සුන්දරත්වය විඳිමින් නිර්මාණ රාශියකට මුල පිරුවේය.ගැමියන් සමග සමීපව ආශ්‍රය කල එතුමන් ඔවුන් කෙරෙහි දැක්වූ අනුකම්පාව ඔහුගේ පසුකාලින ලේඛන ඔස්සේ පාඨකයින් වෙත ලඟා කළේය.ඔවුන් ගෙවූ දුක්ඛිත ජීවිතය,ඔවුන්ගේ නිරහංකාර ගති පැවතුම් පිලිබඳ රබින්ද්‍රයන්ගේ නිර්මාණ වලට පාදක විය.

 1890 සිට රචිත කෙටි කතා රැසක් තුළ ඔහුටම අනන්‍ය වූ  සියුම් උත්ප්‍රාසය බවක් දක්නට ලැබෙන අතර එය චිත්‍රපට අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ ප්‍රසංශාවට ලක් විය.නමුදු තාගෝර් යනු සොභාදහමට අසීමාන්තිකව පෙම් බැඳී තැනැත්තෙකි. බෙංගාලයෙ ගම්බද බවට බෙහෙවින්ම ලංවූ ඒ සියල්ලටම වඩා පද්මා නදිය සමගින් අධ්‍යාත්මික බන්ධනයක් ඇති කර ගනිමින් එය ඔහුගේ සිතේ පුනරාවර්තන සිතුවමක් සිතුවම් කරගනිමින් ජිවත් වූ තැනැත්තෙකි.1891 දී එතුමන් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ප්‍රකාශයට පත් කල අතර Sonar Tari (1894; The Golden Boat) සහ නාට්‍ය විශේෂයෙන් 1892 දී නිර්මාණය කල චිත්‍රාංග දා බෙංගාලි සමාජයෙ සියළු පංති අතර සැලකිය යුතු ජනප්‍රියතාවක් ලඟා වුන නිර්මාණ අතර ජනප්‍රිය ගිත 2000කට අධික වේ.

1901 දී තාගෝර් බටහිර බෙංගාලයේ ග්‍රාමීය ප්‍රදේශයේ ශාන්ති නිකේතනයේ ("සාමයේ නිවහන") නමින් පර්යේෂණාත්මක පාසලක් ආරම්භ කළේය.එහිදී ඔහු ඉන්දියානු සහ බටහිර සම්ප්‍රදායන්හි උසස්ම ලක්ෂණ ඉගැන්වීම් තුලට මුසු කිරීමට උත්සාහ කළේය. 1921 දී විශ්ව භාරතී විශ්ව විද්‍යාලය බවට පත් වූ පාසලේ ඔහු ස්ථිරවම පදිංචි විය. 1902 සිට 1907 දක්වා කාලය තුළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ වියෝවෙන් පැන නැඟුණු වසර ගණනක දුක ඔහුගේ පසුකාලීන කවියෙන් පිළිබිඹු වන අතර එය බටහිරට ගීතාංජලී (ගීතය) තුළින් හඳුන්වා දෙනු ලැබේ.

බෙංගාලි සංගීතය සහ සාහිත්‍යය ඇතුළු ඉන්දීය කලාවන්හි නුතනය ප්‍රවේශය දක්වා යොමු කිරීමට ඔහු දරු ප්‍රයත්නය මෙන්ම නුතන අත්දැකීම් ප්‍රකාශනය උදෙසා උචිත භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කිරීමද ඔහුගේ සුවිශේෂී කර්තව්‍යයක් වේ.බහුබාෂක ප්‍රාන්ත රැසක එකතුවක් වූ ඉන්දියාවේ ජාතික ගීය වූ " ජන ගණ මන - අධි නායක ජය හේ " ගීතය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනුවේ නොබෙල් සම්මානයකට පාත්‍රවූ මුල්ම ආසියතිකයා වීමේ ගෞරවයද ලබා ගනිමිනි. භාරතයේ පමණක් නොව ලොව සාහිත්‍ය අඹරයේ දිදුලන පහන් තරුවක් මෙන් එතුමා අධ්‍යාපනයේ සේම කලාවේද ,  නව මං පෙත් සොයා යන සැමට මග පෙන්වනු ඇත.