පකිස්ථානයේ පිහිටා ඇති බෞද්ධ සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව දන්නේ ටික දෙනෙකි.මන්ද .... මෙම ප්‍රදේශ දැනට ඉස්ලාම් මහජන සමුහාණ්ඩුවට අයත් ප්‍රදේශ ලෙස සැලකෙන බැවිනි.බෙදුම්වාදී ප්‍රහාර වලින් මෙම ස්ථාන රැක ගනිම කුමන ජාතියකට , ආගමකට අයත් වුවත් මනුෂ්‍ය වර්ගයාගේ යුතුකමක් සහ වගකීමකි.
ගන්ධාර ප්‍රදේශයේ අගනුවර වන තක්ෂිලා ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ පටන් පැවැත එන ඓතිහාසික ස්ථානයක් වන , එහි තිබී හමුවූ මැටි බඳුන් , ආභරණ වැනි මෙවලම් වලින් සනාථ වේ. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත මෙම ස්ථානයෙහි ස්තුප 12ක් ,චින සහ බර්මියන් චෛත්‍ය , දක්නට ලැබේ. ඉන්දු ගඟ , රාවල් පිණ්ඩි සහ පෙෂාවෝර් ප්‍රදේශ වල පැතිර ඇති මෙම ස්ථාන තව දුරටත් අධ්‍යයනය කිරීම සංචාරක ව්‍යාපාරයට සහ බොහෝ ඓතිහාසික තොරතුරු හෙළි දරව් වීමට හේතුවක් විය හැකිය. වර්ග කිලෝමීටර් 100ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශය නැගෙනහිර සිට බටහිරට කි.මි.70 ක් දිගින් යුතුය. මෙම නටඹුන් ක්‍රි.පු.1-7 අතරට අයත් ගන්ධාර කලාවේ නිර්මාණ ලෙස සැලකේ .
තක්ෂිලාවේ ඉතිහාසය මීටත් වඩා දිගු වන අතර 422-586 අතර පළමුවන (Darius) ඩෙරියස් රජුගේ කාලයට අයත්වන අතර මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු ගංගා නිම්නය දිගේ තක්ෂිලාව හරහා පැමිණ ඇත.ඉතිහාස කතා අනාවරණය කරන්නේ මෙම ප්‍රදේශයම පාලනය කළ චන්ද්‍රගුප්ත පළමු රජු ලෙසය.ඔහුගේ රාජධානිය හින්දු කුෂ් කඳුවැටිය ලෙස උතුරු ඇෆ්ගනිස්ථානය තෙක් විසිර පැවතුණි.අශෝක යුගයේදී මෙම සීමාවන් ඉවත් කරමින් බුද්ධ ධර්මයේ ව්‍යාප්තියත් සමග ඉතුරු ඉන්දියාව දක්වා පැතිරුණි. ඔහුගේ අභාවයෙන් පසු මෙම විශාල රාජධානිය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි විය,ක්‍රි.පු. 3 වන සියවසේදී (Bactria) බැක්ට්‍රියා රාජධානියේ කොටසක් බවට පත්වූ අතර දැනට උතුරු ඇෆ්ගනිස්ථානයේ බෝක් (Bolkh) ප්‍රදේශය ලෙස හැඳින්වේ.
ක්‍රි.පු.පලවෙනි සියවසේ සිට තුන්වන සියවස දක්වා චීනයේ සංක්‍රමණිකයකු වූ තුෂානිස් ගේ පාලනයට නතුවූ ගාන්ධාරය තුන්වන සියවසේදී බෞද්ධ පාලක
යකු වූ කනිෂ්ක රජුගේ පාලනයට නතු විය,මෙම ගන්දර්ව ප්‍රදේශය පැරණි රාජධානියක් වූ මහජනපද වලට අයත් වූ අතර උතුරු පකිස්ථානය සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයද අයත්ව පෙෂවෝර් නිම්නයේ සිට කාබුල් නදී ප්‍රදේශ ඔස්සේ පොටෝහාර් නිම්නයේ පිහිටා තිබු බව කියවේ.වර්තමානයේදී පෙෂාවෝර් සහ තක්ෂිලා මෙම ප්‍රදේශයන් ය.
Montage- Sunday Observer
පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........