Thursday, November 10, 2022

මොහොන්දෝජරෝ - හාරප්පා ශිෂ්ඨාචාරය සහ දෙවියන් .


ආදිතම යුගයේදී ඉරානයේ , ග්‍රීක, රෝම ,ජර්මන් , ස්ලාව් , කෙල්ට් යන ජන කොටස් වල මුතුන් මිත්තන් සියල්ලටම එක හා සමාන යයි  කිව හැකි ආගම් තිබුනි. මේවා සොබාදමේ අංගයන් වූ අහස, පොලව, හිරු සඳු , ,සුළඟ , විදුලිය, වර්ශාව වැනි අංග සමග නිර්මාණය වී තිබු දෙවිවරුන් පිලිබඳ ඉතාමත් රසවත් කතා සමග මිශ්‍ර විය.


පෘතුවි දෙව්දුව දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨ මාතාව වූ අතර අරුණෝදයේ දෙව් දුව " උෂස් " ද රාත්‍රී දෙව් දුව "අරන්‍යානි "ද ග්‍රීකයන් සියුස් නමින්ද රෝමවරුන් ජුපිටර්  නමින් හැඳින්වු  පීතෘ දෙවියන් දෞස් නමින් ද හැඳින්වූහ. කාලගුණය පිලිබඳ දෙවියන් ඉන්ද්‍ර විය. මොවුන් පිළිබඳවද ඇති කතාවක් ඉතාමත් රසව‍ත් ය.

වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් ජලය රඳවාගෙන සිටි වෘත නම් නපුරු සර්පයා විනාස කොට , වියළි ගිය මහා පොලවට , වැස්ස ගෙන ආ බව  වේද සාහිත්‍යයේ සඳහන් වේ.කුණාටු , මේඝ ඝර්ජණා වලටත් සම්බන්ධ මොහු අත වාජරායුධයක් තිබු අතර ගණන්කාරයෙක් වෙරිමතින් සිටින්නෙක් , ලෙසද සඳහන්වේ .

" හමනා සැඩ සුළඟක් විලසින්නේ ..... 
ඉහළ යවා ඇත මා මධු පානේ ..... සෝම බි බි දෝ මා උන්නේ ....?

අජානිය අසු රිය අදනා මෙන් 
ඉහළ යවා ඇත මා මධු පානේ .සෝම බි බී දෝ මා උන්නේ ?

විකාර බව මා සිතට එළඹ ඇත 
එළදෙන වසු පැටවා වෙත යන මෙන් . සෝම .........?

වඩුවකු රිය'සුන නමනා විලසින් 
විකාර බව හද වටා නමමි මම .සෝම .....?

නෙතෙහි රදස් අනුවක් තරමට වත් 
කුල පස මා හා සමාන වේදෝ ? සෝම......?

ඉහළින් තිබෙනා අහසත් මාගෙන් 
අඩකටවත් නැත සමාන වන්නේ.සෝම......?
 
මම දැන් තෙදබල මහිමෙන් මාගේ 
අහසත් පොළවත් පරයා සිතිමි......

මහා පොළව මම අහුලා ගන්නෙමි.....
මෙහි හෝ එහි එය දමා ලමි.සෝම......."

ඉන්ද්‍ර අහසේ ඔබමොබ ගියේ තනිව නොවේ.යුධ කටයුතු වලදී රණ ගි ගයමින් සහයට දෙවිවරුන්ද පිරිවරාගෙන , රථ වල නැගී ගමන් කළේය. ගින්නෙන් දිලෙන රථයක , අහසේ සැරිසැරූ සූර්යාලෝකය දිව්‍ය රාජයා ලොවට ශක්තිය දුන්න තැනැත්තා වන අතර ඔහුට අසුරෙන්ද් පහල වූ දෙවිවරු කිපදෙනෙකි.

සවිතෘ මංමාවත් ,ගොපල්ලන් ,ගවයින් ආරක්ෂා කල අතර හිරු දේවිගේ දියණියගේ ස්වාමිපුරුෂයකු වූ අශ්වින් ,විපතට පත්වූවන් , මුහුදුබත් වූ නැවියන් ,අංගවිකල වුවන්  ආරක්ෂා කල ධාර්මික චරිතයක් ලෙස විස්තර කෙරේ.

අග්නි විදුලිය ගින්දර ස්වරුපයෙන් පෙනී සිටි අතර ,යාග හෝම වලට අධිපති දෙවියා විය.අග්නි වෙත පිදෙන යාගයන් අනික් දෙවිවරු වෙත යොමු කෙරේ.ඔහු සැමදා දැල්වෙන ගිනි දැල්ල සේම අමරණිය වේ. ඝර්ෂණය කර ගිනි දල්වන අතර ඒ සඳහා කෝවිල් වල භාවිතා කරන තොරපනය නම් උපකරණය  අග්නිගේ දෛනිකව සිදුවන  උපත පිළිඹිමු කිරීමට තාමත් කෝවිල් වල දක්නට ලැබේ. ඉන්දු - ටිබෙට් පුරාවෘත වලට අනුව අග්නි ගිනිකොණ දිග ආරක්ෂා කරන ලෝක පාලකයාය.ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් යන පාඨයේ තේරුම වන්නේද "ඔබේ උදුන ඔබේ නිවසේ ගිනිකොණින් පිහිටවන්න යන්නයි. 


සෝම දෙවියා නමින් පැලැටියක් වූ අතර ,ඉන් සැරපානයක් සඳහා යාගහෝම අවස්ථා වලදී පානය කරන ලදී.
දැනට ඉන්දියාවේ ආසියාවේ සහ දකුණු රුසියාවේ වැවෙන කංසා පැළෑටිය ,මෙය යයි විශ්වාස කෙරේ. 

සොබාදහමට ඇති  සම්බන්දතාවය සමගින් දෙවියන්ද ,ඊළඟ අවස්ථාවේ ආගම් ද නිර්මාණය වී ඒවා මිනිසාගේ යහපතට යොදාගෙන, පසුකාලීනවත් සංස්කෘතික අංගයන් වි අදටත් අප අනුගමනය කරන බව පැහැදිළි වේ.
සිංහල අවුරුද්ද , තයිපොංගල්( මකර සංක්‍රාන්තිය)  ,දීපාවලි වැනි උත්සව වල සොබාදහම සමග බැඳුණු මෙම අංග අදටත් ලොව පුරා පැතිර ඇත.

4 comments:

  1. සිංහල -හින්දු අලුත් අවුරුද්ද, සිංහල අවුරුද්ද ලෙසත්
    තෛපොංගල්, මකර සංක්‍රාන්තිය ලෙසත් හැඳන්වීම මැනවි.
    එසේම තෛපොංගල් ලිවිය යුත්තේ තයිපොන්ගල් ලෙසයි. මන්ද එය සකු වදනක් නොවේ. සිංහලයන් වන අප හින්දු සමය ගැන ලිවීමේදී පාරිභාෂික වදන් ලෙස සකු වදන්ම යෙදීම සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.එය නිවැරදි කළා.

      Delete
  2. දේව කතා ගොඩක් අපූරුයි. ඒ වගේම... සමහර ඒවායෙ තියෙන හැංගිච්ච පණිවිඩ අපි තේරුම් නොගන්න තරම්.
    අනෙක් අතට සමහර ඒවාට, මම දැකල තියෙනව... තිබෙන දෙයට වඩා වැඩි අර්ථයක් ඇතුලත් කරන්න සමහරු නොහිතා හෝ හිතාමතා උත්සහ කරල තියෙනව.

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........