ඉන්දියාවේ ද්‍රවිඩ සාහිත්‍යය ගත් කල වසර දෙසහසකට පෙර අතීතයක් ඇති බව කියවේ. ක්‍රිස්තු වර්ෂයෙ පළමු සියවස් වලට අයත්වන බව කියවෙන අතර එහි කාලය පිලිබඳ ස්ථිර නිගමනයක් පලකළ නොහැක.මධ්‍යතන යුගයේදී ක්‍රමයෙන් කන්නඩ ,තෙලිඟු සාහිත්‍ය නිර්මාණ 9 වැනි සහ 11වන සියවසේදී අරම්භ වන්නට ඇතැයි නිගමනය කල හැකිය.
පුරාණ මුලාශ්‍ර වලට අනුව මදුරාසියේහ්දී රැස්වුණ සාහිත්‍ය සංගම් තුනක් පිලිබඳ කියවේ.ඉන් පළමු වැන්නදෙවිවරුන් සහ මුඛ පරම්පරාගත ඝ්රිවරු සහභාගිවුවක් වන අතර එහි සියලුම කෘතීන් වීනාශ වී ඇත.
දෙවැනි සංගමයෙන් ඉතිරිව ඇත්තේ පැරණිම ව්‍යාකරණය වූ තොල්කාප්පියම් නම් කෘතිය පමණකි.
තොල්කාප්පියම් කෘතිය තුන්වන සංගමයේ බොහෝ කාව්‍යයන්ට වඩා වර්තමානයේ ලියවෙන කවයට සමාන බවක් ගනී.මෙම සම්ප්‍රදායේ අවසාන වරට ඉදිරිපත් කරන ලද කාව්‍ය නීති රීති පැරණිම සාහිතයාවලි වල සම්පූර්ණයෙන් ක්‍රියාවේ යෙදී ඇත.එම නීති රීති රාජ සභා රීතියට වඩා ගම්බද සාහිත්‍යයට අයත්වේ.ගැමි ජීවිතය, පිටිසරබද දර්ශන ද නාගරික සමාජයේ කලබලකාරි බව සේම යුද්ධයෙන් අත්විඳින දරුණු විපාක අත්දැකීමක් ලැබුවාක් මෙන් ඉදිරිපත් කර ඇත්තෙ රසවිඳින පාඨකයින්ට ඇස් ඉදිරිපිට ඒ දසුන් පෙන්වනවාක් මෙනි.
තුන්වන සංග්‍රාමයේදී යෙට්ටුතොගායි හෙවත් අටවැදෑරුම් සාහිත්‍ය සංග්‍රහවලියක් නිර්මාණය කළෝය. එය දමිළ සාහිත්‍යය තුළ නිර්මාණය වුන විශාලතම කෘති පෙලයි.
යෙට්ටුතොගායි කාව්‍යයේ භාවිත භාෂාව පුරාණ නිසා වර්තමාන පාඨකයින්ට එම භාෂාව පරිශීලනය කිරීමට වෙනම එම බස අධ්‍යනය කිරීමට සිදුවේ.වත්මන් දෙමල සාහිත්‍ය නිර්මාණ සහ සංගම් අතර සම්බන්ධයක් ඇති බව කියවුණත් එම නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු piers සහ PiersPlowman යන කවීන් අතර සමානත්වයක් හැඟෙන පරිදිය.
යෙට්ටුතොගායි කෘතියේ කවීන් 200 ගණනකට ආසන්න ප්‍රමාණයක් රචිත කවි 2000 කට වැඩි ප්‍රමාණයක්
අන්තර්ගතය.එහි ඇතුලත්
නට්‍රිණායි ප්‍රේම කාව්‍ය 400කින්ද
කුරුන් කොහායි කාව්‍ය 400කින්ද
අයින්ගුරුනුරු ගෘංගාර කාව්‍ය 500කින්ද
" පත්තුපාට්ටු හෙවත් ගීත දහය ද රීතියට අයත් පසුකාලීනව කළ දීර්ඝ කාව්‍ය දහයකි.
කාව්‍ය වර්ගීකරණය ඉන්දියානු අධ්‍යාපන සම්ප්‍රධායේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.එහිත් ප්‍රධාන ශානර දෙකකි.
1. ප්‍රේමය පිළිබඳව වූ " අගම්" සාහිත්‍යය .
2. රාජ ප්‍රශස්ති වූ " පුරම්"
සාහිත්‍යය යනුවෙනි .
කාව්‍ය සම්ප්‍රදාය අයත් ජනපද අනුවද බෙදුණු අතර සම්ප්‍රදාය ට අනුව ප්‍රදේශ ( තිණායි) 5ක් තිබුණි.
* කඳු ප්‍රදේශය - කුරිංජි
*වියළි ප්‍රදේශය - පාලෛ
* වනගත ප්‍රදේශය - මූලෛ
* වගා කළ තැනිතලා ප්‍රදේශය - මරුදම්
*වෙරළබඩ ප්‍රදේශය - නෛදාල් යනුවෙනි.
මේ හැම පෙදෙසක්ම ප්‍රේමය සම්බන්ද සිදුවීමකට හෝ යුද්ධ යක සුවිශේෂී සිදුවීමකට සම්බන්ධ වන අතර කඳු පෙදෙස විවහා පුර්ණ ප්‍රේමය හෝ හරක් හොරකම පිලිබඳ දසුන් වලටද , වියළි පෙදෙස් විප්‍රලම්භ ප්‍රේමය හා ගම්බද මුඩුබිම් පිලිබඳ වද වනගත පෙදෙස් පෙම්වතුන්ගේ වෙන්වීම සහ ආක්‍රමණ සිදුවීම් වලටද ,මිටියාවත් විවාහක ප්‍රේමය හෝ නගර ශෝභින් හෝ මායාවී ගති සහ වැටලීම්, තම හිමියන්ගෙන් වියෝ වීමත් ,යුද්ධයන් ගැනත් සඳහන් වේ.එමෙන්ම එම ප්‍රදේශ වලට අවේනික මල්, සතුන් සහ ජනයා පිළිබඳවද සඳහන්වේ.
සංගම් යුගයේ අවසාන අවධිය වන විට කාව්‍යවල මුල එළිසමය සජ අනුප්‍රාසය බෙහෙවින්ම අන්තර්ගතව තිබුණි.
"ඉෂය්යා දෙණි ණුම් ඉයර්රියෝර් ආර්රාල්
අශය්යාදු නිර්පාදම් ආණ්මය ; ඉශය් යුංගල්
කණ්ඩරිරෙ ආලෛක්කුන් කානල් අන්තන් ශෝර්පා
පෙන්ඩිරුම් වළාරෝ මර්රු,,"
" පැරදුණද - දැඩි නොසැලී වෙර වඩා වැඩ කිරීම පිරිමි ගතියයි.සිසිල් පියකරු වෙරළේ ,රළ පහරින් කටු පඳුරු සෙලවෙන වෙරළේ අධිපතාණනි ස්ත්‍රීහු සමෘද්ධියෙන් නො නසතෙත්ද ...?
සංස්කෘත කාව්‍ය වල දක්නට නොලැබෙන මුල් අනුප්‍රාසය මෙහි කවි වල පාද හතරක් තුල දක්නට ලැබේ,
යුද්ධයට ගිය පුතු
" ඔබ මගේ කුඩා ගෙයි කුළුණට හේත්තු වී
මගේ පුතාගේ විස්තර ඇසුවොත් මා කියන්නේ " මා නොදනිමි " යන්නය.
බලන්න , දිවියකුගේ ගල් ලෙනක් වැනි
ඔහු දැරූ උදරය !
ඔහු ඇත්තේ යුධ පිටියේය."
මධ්‍යතන යුගයේ චෝල අධිරාජ්‍යයේ රාජසභාවේ කිවිඳිය වූ අවුවයියර් කම්බර්ගේ සහ ඔට්ටක්කුට්ටර්ගේ සමකලිනයෙකි. ඇයගේ සාහිත්‍ය කෘතින් වල අන්තර්ගත විශේෂත්වය වන්නේ , ඇය විසින් රචිත සෑම කාව්‍යකම පාහේ " එක පේලියකින් විශ්වීය වශයෙන් පිළිගත හැකි අගයන්ගෙන් පිරි සොඳුරු නිර්මාණ වීමයි.එම කාව්‍යයන් සරල ශෛලියකින් පාඨකයාට රස විඳිය හැකි ඉතා ගැඹුරු පණිවිඩයක් ලබා දීමයි.
පහත දැක්වෙන කාව්‍ය අවුවයියාර් නම් කිවිඳිය විසින් රචනා කරන ලද අතර එයින් තොණ්ඩායි හි රජුගේ ධනය ඇයගේ යුධකාමී අධිපතියා සතු ධනය සමගින් සිදු කරන සංසන්ධනය කි.
" මොනර පිලින් සැදී , මල්දමින් ලකර වුණු
තොණ්ඩායේ හීතල , ඉඩකඩ ඇති ආයුධාගාරයෙහි තිබෙනු කදිමය.
ඒවායේ තුඩු දාඩිය ; තියුණු තුඩු ගිතෙලින් දිලෙයි.
මගේ රජු ගේ ආයුධ සටනින් මොටව ඇත.
සතුරාගේ පහර වැළකීමෙන් තුඩු සිඳිලාය.
කඩු සාදන කම්මල රෙපරේරු වලින් ගහනය.
මගේ රජ , ධනවත් කල, අහාර නිකම් බෙදා දෙයි.
දුප්පත් කල තම වැසියා හා බුදියි.
දුප්පතුන්ගේ පවුලේ නායකයා ඔහුය.
එහෙත් , තියුණු හෙල්ලයකින් සැදුණු ඔහු බලය. , "
(මෙහි සඳහන්උධෘත ඛාණ්ඩ ජේ ආර් මාර් මහතාගේ සහ ,මහාචාර්ය පී.ටි. එස්. අය්යංගර් ගේ පද්‍යනුපදික පරිවර්තන වලින් සකසා ඇත.
"සුදු පියාපත් ඇති නිතරම මල්දම් සොයා යන මි මැස්සාණනි ,
මට අසන්නට සිතෙන දේ නොව, ඔබ දුටු දෙය මට කියව,
මනාව පිහිටි දසන් පෙළින් යුත් මා ප්‍රියවියගේ කෙස් කළඹේ තරම්,
සුවඳක් කිසි ම මලක ඇතැයි දනිහිද ?
මොනරකු සේ ලාලිත්‍යයෙන් යුතුව ඇය මා හා ප්‍රේමයෙන් වෙසේ.
"මා හදවත වඩ වඩා අලුතෙන් කකියයි !
මම නැවත නැවතත් උණු කඳුළු පිසල් ලමි.
වරක් සමයෙන් මා ඇසල සිටි ප්‍රේමිය අවිවෙකිය.
මා හද කකියයි !
මුලාශ්‍ර
https://tamilnation.org/literature/auvaiyar/index.htm
https://en.wikipedia.org/wiki/Tamil_literature
https://www.britannica.com/art/Tamil-literature
අසිරිමත් ඉන්දියාව - බෂාම්
නිලක්ෂි බණ්ඩාර
24/12/2022