නත්තල ලොව පුරා සිටින බොහෝ දෙනෙකුගේ ප්‍රියතම කාලය වන අතර වන අතර හින්දු ආගම අදහන්නන්ට සාපේක්ෂව කතෝලික බැතිමතුන් සිටින්නේ සුළුතරයක් වුවත් සෑම අයෙක්ම ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව නත්තල සමරති.ඉන්දියාවේ ප්‍රධාන නගර වන බෝම්බාය , ගෝවේ ,දිල්ලිය වැනිම වූ කොස්මොපොලිටන් නගරය රෝමානු කතෝලිකයන් දහස් ගණනක වාසස්ථානයයි.එබැවින් මධ්‍යම රාත්‍රියේ පවත්වන දිව්‍ය පුජාව ඉන්දියාවේ මහා නත්තල් උත්සවයේ අනිවාර්ය අංගයක් ලෙස සැලකේ.
දිව්‍ය පුජාවෙන් පසු සැවොම රාත්‍රී නත්තල් භෝජනයට සහබාගි වී ත්‍යාග හුවමාරුවෙන් පසු දිව්‍ය පුජාව අවසන් කරති.නත්තල සඳහා ඉන්දියානුවන් පල්ලිය සුන්දරව සකසන අතර ගෙවතු ශාකයක් වන Poinsettiaමල් , ඇරෝමැටික ඉටිපන්දම් සහ දිලිසෙන විදුලි පහන් මේ සඳහා භාවිත කරයි.සොඳුරු නත්තල් ගීතිකා, අහසේ දිදුලන ආලෝක එළි, විසිතුරු එපහන් එළි සමග ඉන්දියාව ඉතාමාත් වර්ණවත්ව උත්සව සිරියෙන් බබලන්නේ ආශ්චර්යමත් නත්තල් දේශයක් බවට පරිවර්තනය කරමිනි.ඉන්දියානුවන් නත්තල උද්යෝගිමත්ව සමරන්නේ සැමට ආදරය ,සෙනෙහස එකමුතුකම සේම සමාවද බෙදා හරිමිනි.
දකුණු ඉන්දියාවේ එක් නත්තල් සම්ප්රදායක් වන්නේ ඔවුන්ගේ නිවසේ වහලය මත දැවෙන පස් පහනක් තැබීමයි.මෙම පිළිවෙතින් ජේසුතුමා ලෝකයම ආලෝකවත් කරන බව සංකේතවත් වේ.
වයඹදිග ඉන්දියාවේ කතෝලිකයින් නත්තල් කතාව පවසන අතර ඔවුන්ගේම උප භාෂාවෙන් කැරොල් ගීත ගායනා කරයි.
එමෙන්ම නිරිත දිග ඉන්දියාවේ දෙසැම්බර් 1වෙනිදා සිට දෙසැම්බර් 24 වෙනිදා තෙක් උපවාසයේ යෙදෙන බැතිමතුන් සිටි.
ගෝවා ප්‍රාන්තය ඉන්දියාවේ නත්තල සැමරීම සම්බන්ධව සුවිශේෂී වන්නේ ඒ කාලය පුරාවට නත්තල් උත්සවය විර කාව්‍ය සංදර්ශනයක් කරන නිසාවෙනි.පෘතුගාල බලපෑම හේතුවෙන් මෙම රාජ්‍ය බටහිර සම්ප්‍රදායන් රාශියක් පිළිපදින අතර ප්‍රදේශවාසින් තමන් වාසය කරන ප්‍රදේශ බෝනික්කන් සහිත නත්තල් ගස් වලින් සරසවා ,තරු හැඩති පහන් කුඩු වලින් විචිත්‍රවත් ලෙස සරසා සම්භාව්‍ය කැරොල් ගීත ගයනා කරමින් තම අසල්වැසි පෙදෙස් වලට ගමන් කරති.
එපමණක් නොව ගෝවා වැසියන් තම ආදරණියයන් සමගින් රසවත් කැවිලි හුවමාරු කර ගනිමින් තම ආදරය බෙදා ගනී.එමෙන්ම ඔවුන්ගේ රසවත් පලතුරු කේක් වලට පසු ජනප්‍රියම සම්ප්‍රදායික සංග්‍රහය වන්නේ වියළි පලතුරු සහ පොල් පිරවූ පේස්ට්‍රි ස්වරුපය ගත් "නියුරෝනය "(Neurons). තවත් එවැනි රස කැවිල්ලක් වන්නේ කජු සහ පොල් මිශ්‍රණයකින් සෑදු ටොෆියක් වැනි දොඩොල්ය.
ඉන්දියාවේ පොදු ස්ථාන හැමතැනකම පාහේ එයටම විශේෂඥයින් වූ නිර්මාණකරුවන් අතින් පරිපුර්ණ නත්තල් සැමරුම් පරිශ්‍රයක් වන අතර වීදී වර්ණවත් නත්තල් පහන් වලින්ද ,මල් සැරසිලි වලින්ද සුන්දරව සරසනු ලබයි.එලෙසම ඉන්දියානු කිතුනු බැතිමතුන් සියවස් ගණනාවක් පුරාවට නිවසේ Mistletoeනම් එංගලන්තයේ සැරසිලි වලට යොදන වැල් වර්ගයක් නිවසේ රඳවන්නේ පැරණි සම්ප්‍රදායන්ට සිදු කරන ගෞරවයක් ලෙසිනි.එසේ කිරීමෙන් නිවසට වාසනාව කැඳවන අතර නිවසේ නපුරු ආත්ම දුරු කරන බව මොවුන්ගේ විශ්වාසයි.මෙම ශාකය සශ්‍රිකත්වය සංකේතවත් කරන බැවින් ආදරවන්තයින් මේ යට හිඳ සිප වැළඳ ගැනීමෙහි යෙදේ.
මුළු ලොවම නත්තල් සිරියෙන් නැහැවී සිටියදී නත්තල උදෙසා වෙනස්ම වූ තවත් උත්සව කිහිපයක් ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වේ.,චුම්භක ක්ෂේත්‍ර උළෙල යනු ඉන්දියානුවන් වසරක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටින උත්සවයකි.සම්ප්‍රදායික ජන සංගීතයෙන් ඔබව පිනවමින් ,ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම කළාකරුවන් ඔබ හමුවට ගෙනෙමින් වෙනස්ම ආකාරයේ රසවිඳීමක් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.
මුලාශ්‍ර :
https://www.memphistours.com/India/india-travel-guide/festivals-in-india/wiki/christmas-in-india
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........