Tuesday, December 20, 2022

ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදාවලිය ලැබූ මහා කවි කාලිදාසයන්


ඉන්දියානු සාහිත්‍යය විචාරකයින්ට අනුව එතෙක් මෙතෙක් ඉන්දියාවේ බිහිවුන උසස්ම සංස්කෘත කවියා ලෙස විරුදාවලිය ලබන්නේ මහා කවි කාලිදසයන්ය.2 වන චන්ද්‍රගුප්ත සහ 1 වැනි කුමාර ගුප්ත රජසමයන්හි විසු ඔහු පුරාණ ඉන්දියානු රාජ සභා සංස්කෘතියේ අග්‍රගණ්‍ය යුගයන් අත්විඳි පුද්ගලයෙකි. කාලිදාස ක්‍රි.පු.6 වන සියවසේ කාලිංගයේ සිටි බව කියවෙන අතර කාශ්මීරයේ සිටි බවද කියවේ.ඔහු ගැන සඳහන් මුලාශ්‍ර අවම වන අතර ජනප්‍රවාද වලට අනුව කවිත්වය ඔහුගේ සහජ හැකියාවක් නොව කාලි දෙවගනගෙන් ලැබුණු වරමක් බවත් කියවේ.  පණ්ඩිත් ජයදෙවයන්ට අනුව ඉන්දියාවේ කවි කුලගුරු, ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදවලින්ගෙන් ඔහුව හැඳින්වුයේ මොහුගේ විශිෂ්ඨ කවිත්වය නිසාවෙනි.

ලෝ ප්‍රකට අභිජන ශාකුන්තල නාට්‍යයේ නිර්මාතෘ වූ කාලිදාසයන් , විලියම් වර්ඩ්ස්වර්ත් සේම සොබාදම ,කලාව සහ ශෛලිය තම නිර්මාණ වලට පාදක කර ගත් අයෙකි.ඔහුගේ  නිර්මාණ ධර්ම, පුර්ණ, වේද, දර්ශනය, උපනිෂද් ඇසුරෙන් නිර්මාණය වී තිබුණි.

හම්බෝල්ට් කවියාට අනුව කාලිදාස මෘදු ගුණාංගයන්ගෙන් සපිරුණු අයෙකි.මෘදුකම හැඟීම් ප්‍රකාශනය සහ නිර්මාණාත්මක විසිතුරුබැවින් මොහු බෙහෙවින්ම පොහොසත්ය.සියළු කවීන් අතර ප්‍රමුඛයා ඔහුය.මේඝ දුතයෙහි, සකුන්තලයෙහි රඝු වංශයෙහි අඩංගු වූ සොබාදම් වැනුම් ,සහ පරිකල්පන ශක්‍යතාවන් ඉතාමත් විශිෂ්ඨය.මොහුගේ කාව්‍ය වල විශේෂත්වය වුයේ කවියාගේ පුද්ගලික බව නිර්මාණවලට ඇතුලත් වීමයි.එම නිර්මාණ වල බොහෝ විට ස්ත්‍රීන්ගේ සහ කුඩා දරුවන්ගේ චිත්තස්වාභාවය , රාජොත්ස්වයන්ගේ මහේශාක්‍ය බව , මල්, ගස් සේම පක්ෂීන් සහ සිව්පාවුන් ද වින්ද්‍යාන්චලයට වඩා හිමාලයේ සුන්දරත්වයද පාදක වී ඇත.

මානව මනෝ විද්‍යාව සේම කාන්තා මනෝ විද්‍යාව පිලිබඳ පුළුල් දැනුමකින් යුතු කාලිදාස කෙනෙකුගේ ක්‍රියාවන් තුළින් ඔවුන්ව හඳුනා ගැනීමේ ප්‍රවීණයෙකු විය.කාලිදාසයන් භාෂාවෙන් නිපුණත්වය ලැබූ අතර එම භාෂාව මධුරය,සරලය,මිහිරිය. ඔහු කෙටි සරල වැකි භාවිතා කරන අතර , අවස්ථාවට අනුව භාෂාව භාවිතා කරයි.විරිත් (ජන්දස) භාවිතය ඔහුගේ නිර්මාණ තුළ බෙහෙවින්ම දක්නට ලැබෙන අතර

විර රසය ඉස්මතු කිරීමට මන්ද්‍ර කාන්ත විරිත භාවිත කර ඇත.

මේඝ දූතය ලියා ඇත්තේ මන්ද්‍රකාන්ත විරිතෙනි.එනම් වැසි සමය පාදක කර ගනිමිනි.මෙහි ආසක්ත ගුණය බෙහෙවින්ම වැඩි අතර පාඨක සිතෙහි චිත්ත රූප ජනනය කරමින් නිර්මිත මේඝ දූතය ට පාදක වුයේ හිමාලයේ අලකපුරයේ වෙසෙන යක්ෂයෙක් කුවේරයන්ගේ සීත රිදවීම නිසාවෙන්  වසරකට ආලකමන්දාවෙන් නුතන මාධ්‍ය පෙදෙසේ රාමගිරි කන්දට පිටමන් කිරීම පිලිබඳ පුවතකි.එම පිටමන් වීම නිසා  තම සොඳුරු බිරිඳගෙන් වියෝ වීමේ දුක සඳහන් කරමින් වර්ෂා සෘතුව ආරම්භයේදී උතුරු දිග කඳු දෙසට ඇදෙන වළකුලකට තම දුක කියා බිරිඳට එය පවසන ලෙස  කළ ඇමතීම කාව්‍යය පුරාවට විරහව උද්ධීපනය කරමිනි.

කාව්‍යයේ ආරම්භය කඳු පෙළ බලා යන ගමන් මග විස්තරයෙන් ආරම්භ වන අතර කාලිදාසයන් භුමි ප්‍රදේශ ,නගර, සහ ගංගා පිළිබඳව සොඳුරු ලෙස කාව්‍යගත කරයි.ආරම්භය  නර්මදා ගන් තීරය කුරුළු ඇසකින් පවසන ආකාරයෙන් වර්ණනා වීම සුවිශේෂිය.

" ලා නිල් මුසු දුඹුරු පැහැ යුතු , 

මදක් වැඩුණු රේණුවලින් යුතු 

නීප මල් 

ඒ ඉවුරේදී දැක ගන්න

අලුත් මල් හට ගන්වන කෙහෙළ ගස් ද දැක ගන්න 

දැවුණු වනයේ බිමින් නගින නැවුම් සුවඳ විඳ ගන්න 

ඔබ දිය  පොද හලන කල ,

මුවෝ ඔබට මග පෙන්වති.

කුමාර සම්භවය ආගමික කාව්‍යය ඝණයට අයත් වේ..නමුදු කාව්‍ය ස්වරුපය ලෞකික වෙසක් ගනී,එය ඇරඹෙන්නේ හිමාලයෙ සොබා විසිතුරු වර්ණනයකිනි.

"දිව්‍යමය කන්ද වූ හිමාලය

උතුරු පෙදෙසේ වෙයි.

නැගෙනහිර හා බටහිරින් මුහුදට යාබදය.

පොළව මනින්නට ලු දඬුවක් සේ දැඩිය.

එහි දේවතාවෝ

ගිරි කුළු යට මෙවුල් සේ පැතිරී 

වලාකුල් සෙවණේ සැතපෙති.

එහෙත් වැස්සෙන් හිරිහැර වතහොත් 

ඉරු එළිය ඇති ගිරි කුළු වලට දිවෙති.

ශිව පාර්වතී ප්‍රේමය සහ ඔවුන්ගේ විවාහය පිලිබඳ දීර්ඝ වැනුමක් වූ මෙම කව්‍යයයෙහි ස්කන්ධ කුමරුගේ උපත පිළිබඳවද විස්තර වේ.

එමෙන්ම රඝු වංශයද කාලිදාසගේ විශිෂ්ඨ කාව්‍යයකි.

රාම කුමරු පිළිබඳව ඇතුලත් අතර සෘතු සංහාරයෙන් සෘතු සය සහ ලක්ෂණ පිලිබඳ  සිදුකළ ගෘන්ගාරාත්මක වැනුමකි. මිනිසා සහ සොබාදහම විචිත්‍රවත්ව සංවේදී වූ අවකාශයක අන්තර් ක්‍රියා සිදුකරන බව කවියාට දැනේ.ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට කවිය මනවකරණයට ලක් කිරීම ඔහුගේ නිර්මාණවල ඇති සුවිශේෂිත්වයයි.

මාල විකාග් නිමිත්‍රය, වික්‍රමොර්වශියම් , කුමරසම්භාවම් ඔහු රචිත අනික් නිර්මාණ වේ.

මෙලෙස බලන කළ හිංදු සාහිත්‍යකරණයේ ශ්‍රේෂ්ඨතම කවියාත් , ශ්‍රේෂ්ඨතම දෘශ්‍යකාව්‍ය නිර්මාණකරුවත්\ කාලිදසයන්ය.

මුලාශ්‍ර:

 https://hitaya.org/nature-in-the-works-of-kalidasa/

https://www.allresearchjournal.com/

https://oll.libertyfund.org/page/kalidasa-life-and-works

අසිරිමත් ඉන්දියාව -බෂාම් 


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........