Thursday, December 22, 2022

ඉන්දියානු නාමය ලොව සංකේතවත් කළ අග්‍රාවේ රතු බළකොටුව.


මෝගල්වරුන් විසින් ඉන්දියානු දේශපාලනයට , ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද විසල් බලපෑමක් කළ අතර ඉන්දු- මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පය මෙලෙස විසල් බලපෑමකට ලක්වූ අංගයකි.එහි සුවිශේෂීම ප්‍රතිපලයක් වුයේ අග්‍රාහී රතු බල කොටුවයි.

ඉන්දියානු බටහිර උත්තර පෙදෙසේ පිහිටි ඓතිහාසික පුරවරයක් වූ අග්‍රා නගරයේ පිහිටි අග්‍රා බලකොටුව රතු බලකොටුව නමින් හැඳින්වේ.එය යමුනා නදිය අසබඩ රතු වැලි ගලින්  වලින්  ගොඩ නගා ඇති අතර ,1965 දී මෝගල් අධිරාජ්‍යයා  වන අක්බාර් විසින් විසින් නිර්මිත කර ඇත. එමෙන් 1983 දී අග්‍රාව යුනෙස්කෝවේ ලෝක උරුම අඩවියක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉංදියාවේ අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේතයක්ද වේ.


අග්‍රාව රාජකීය මන්දිරයක් සේම  විවිධ රාජ්‍ය වංශිකයින් අතරේ පාලනය වුන මෙය 19 වන සියවසේ සිදුවූ ඉන්දීය
බ්‍රිතාන්‍ය හමුදා සන්නද්ධ ගැටුම් වල මුලිකම කේන්ද්‍රස්ථානය ද විය.දිල්ලියේ පිහිටි හුමයුන් සොහොනේ සමකාලින ව්‍යුහයක් වූ රතු බලකොටුව , ඉන්දියානු මෝගල් පාලන සමයේ වාස්තු විද්‍යත්මක ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු කරන්නකි.අඩ සඳක ස්වරුපයකින් ගොඩ නගා ඇති අතර සම්පුර්ණ ගොඩනැගිල්ල කිලෝමීටර් 2.5 ක පරිධියකින් ද මීටර් 21 ක උසකින්ද යුක්ත වන අතර , දිය අගලකින් වට  වී ඇත. 

බලකොටුවට ප්‍රවිෂ්ඨ වන ප්‍රවේශ දෙකක් ඇති අතර අමර් සිං  ප්‍රවේශය බලකොටුවට පිටතින් ඇති එකම පිවිසුම වන අතර බටහිර දෙසට මුහුණ දා ගොඩ නැගු දිල්ලි පිවිසුම අලංකාර කිරිගරුඬ වලින් ඔබ්බවා සුන්දරව නිර්මාණය කර ඇත.

පසුකාලින මෝගල් අධිරාජ්‍යයන් වූ සාජහන් සහ ජහන්දිර් විසින් බලකොටුවට නව ව්‍යුහයන් එකතු කළ අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය පර්සියානු සහ ටිමුරිඩ්  ලක්ෂණ පෙන්නුම් කරන තුර්කි, පර්සියානු සහ ඉන්දියානු ගෘහ නිර්මාණකරණයේ සොඳුරු සංකලනයකි.
යමුනා නදියේ දකුණු ඉවුරේ  පිහිටා ඇති අග්‍රා බලකොටුව ඇති උද්‍යානය  සුන්දර ටජ්මහල ගොඩ නංවා ඇති උද්‍යානයටද සම්බන්ධ වේ.

අග්‍රාහී දක්නට ලැබෙන ආකර්ශනීය ස්ථාන අතර අක්බාර් ඔහුගේ පුතා වූ ජහන්ගිර් වෙනුවෙන් නිර්මාණය කල ජහන්ගිර් මාලකය මුලික වේ.සංකීර්ණයේ විශාලතම ගොඩනැගිල්ල වන එයයි.

සාජහන් විසින් නිර්මාණය  කළ පර්ල් පල්ලිය (මෝටි මස්ජිඩ් ) සම්පුර්ණයෙන් කිරි ගරුඬ වලින් සෑදු ව්‍යුහයකි. උසස් නිලධාරින් හමුවුයේ පුද්ගලික විවේකාගාරය වූ දිවන් ඉ-ඛාස් ශාලාවේදීය.

එහි තිබු සුවිශේෂීම අංගය නම් ලෝ පතළ මොණර සිංහාසනයයි.එය 17 වන සියවසේදී මෝගල් අධිරාජයා වූ සාජහන් වෙනුවෙන් ඉදි කරන ලද අතර ,මෙතෙක් නිර්මිත විශිෂ්ඨතම සහ සුන්දරම සිහසුන බව කියවේ. සිහසුන වෙත රිදීයෙන් සෑදූ  පඩිපෙලකින් ඉහලට යාමට ඇති අතර ආභරණ වලින් සැරසුණු , රන් පාද මතින් සිටගෙන සිටින මොණරුන් යුගලයක් නිර්මාණය කර තිබේ.එම මොණරුන්ගේ පියාපත් රන් ආලේපිත එනැමල්ඩ් සහ දියමන්ති, මැණික් ආදී පාෂාණ ඔබ්බවා නිර්මාණය කර ඇත. 

පර්සියානුවන් විසින් 1739 දී ඉන්දියාවෙන් පැහැර ගෙන යාමේදී නාදීර් ශා අධිරාජයා විසින් එම ශෛලියේම සිහසුනක් සාදවා සිහසුන් දෙකම ඉරානයට ගෙන ගියත් කුර්දිවරුන් සමග ඇතිවූ සටන් වලින් එම සිහසුන් විනාශ වූ බව කියවේ.පසුකාලීනව එම සිහසුන් ප්‍රතිනිර්මාණය කොට නිමවා ඇත.

විශේෂයෙන්  " Fath-  Ali Shah(1797 - 1834 ) "යන පහ්ලවී ෂාවරුන් දෙදෙනා ද ඔවුන්ගේ රාජාභිෂේකයේදී භාවිතා කර ඇත්තේ " Qajar " රාජ වංශයට අයත් වූ ප්‍රතිනිර්මාණය කළ සිංහාසනයකි.


මෙම දිවාන් ඉ-ඛාස් ප්‍රේක්ෂකාගරයට මුහුණලා ඇත්තේ ෂාජහන් රජුගේ ප්‍රියතම බිසව වූ මුම්ටාස් මහල් බිසවගේ මුසම්මාන් බ්‍රජ් නම් අෂ්ටාංගික කුළුණයි.


අධිරාජ්‍යාගේ නිවහන වූ බාස් මහල් වටිනා මැණික් වලින් සහ මලින් සැරසු කිරි ගරුඩෙන් ගොඩ නැගූ ප්‍රසාදයකි.එහි ඊසාන දෙසින් අලංකාර දර්පණ මහල (ෂිෂ් මහල) දක්නට ලැබේ.එහි විශේෂත්වය නම් ගොඩනැගිල්ලේ බිත්ති සහ සිවිලිම කුඩා දර්පණ ඔබ්බවා නිර්මාණය කර තිබීමයි.

අග්‍රාවේ රතු බළකොටුව ඓතිහාසික ස්මාරකයක් සේම මෝගල් අධිර්ජ්‍යයේ බලමහිමය ලොවටම පෙන්වන නිදර්ශනයක් බව මැනවින් පැහැදිලි වේ.

මූලාශ්‍ර :

https://www.visittnt.com/agra-tours/agra-red-fort.html

https://www.britannica.com/topic/Agra-Fort

https://whc.unesco.org/en/list/251/

පරිවර්තනය 
නිලක්ෂි බණ්ඩාර 
12/22/2022


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........