
කාන්තාර සුලගේ මුමුණන හඬ
පලස්තීනය ......
සියාදා ගේ සතුටේ , සාමයේ නිවහනයි....
සතුටින් පිරි ගිය ඇගේ
තරු කැට සේ දිලෙන දෙනෙත්
පවසයි.....
අතීතයේ සතුට පිරි කතා...
ගලා ගියා ඔවුන්ගේ ආදර අන්දරය
හිරු යටින්, සඳු යටින්.
ආත්ම දෙකක වෙලී .
කුල්මත් වුනා කාන්තාරය ,
ඛලීල් ගේ කට හඬ
වෙලී ආවා
හමන සුලගේ රැඳී
කතරේ කෙම්බිම්
මිරිඟුව සහ කඳු වැටි හරහා
පැතිර ගියා ඔවුන්ගේ ප්‍රේමය
නොසැලී... නොනැසී .
සැමදා හිරු බැස යාමත් සමග
අලුත් වුනා ඔවුන්ගේ පොරොන්දුව.
ආදරයේ නිමක් නැති රළ පෙළ තුල.
වෙලී පැටලී ඇත...
හදවතේ බැඳී සෙනෙහස.
නිලක්ෂි බණ්ඩාර.
11/047/2024.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........