Wednesday, May 29, 2024

විවිධ මානයන් ඔස්සේ ලියවුණු මේහලා සහ තවත් කෙටි කතා. - ඉසුරු අංජුල පෙරේරා


මේහලා යනු මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා පිළිබඳව සංවේදීව සිතන්නට පොළඹවන ලේඛක අංජුල සොයුරාගේ දෙවන කෙටි කතා සමුහයයි.මෙම සෑම කතාවක්ම පාහේ ලංකාවේ සමකාලින ජීවිතය පිළිබඳව දර්ශනයක් ඉදිරිපත් කරයි.ආදරය ,සමාවදීම , ආර්ථික විෂමතාවය සහ සමාජ සාධාරණත්වය වැනි තේමාවන් පිළිබඳව සංවේදීව සහ ගැඹුරින් විවේචනය කිරීමට කතුවරයා උත්සහයක් දරා ඇත.

ගැහැණු පිරිමි ආදරයෙන් බැඳෙති. සමහරුන් විවහා වෙති.සමහරු විවහා ගැලපෙන විවාහයන් වන අතර නොගැලපෙන විවහද අප්‍රමාණය.අංජුල සොයුරා ලියා ඇති මගුල් සක්වල එවැනි කෙටි කතාවකි.විවාහය සඳහා ඔවුන්ට හමුවන්නේ ඔවුන් පැතූ අය නොවේ. මිනෝලි ,විහඟ,රංග,නිරාශා මෙහි එන ප්‍රධාන චරිතය.ආදරය කෙසේ වෙතත් ඔවුන්ට ලෝකය ඉදිරියේ එක්වීමට සිදුවේ.

"වරදකාර" ද අමුතුම ආකාරයේ කෙටි කතාවකි.නේහා -සුපුන් ආදරය වෙන් වීමකින් කෙළවර වේ.පසුව දෙමව්පියන්ගේ බලකිරීමෙන්  සෙනෙස් සහ විවහා වන නේහාගෙන්, සුපුන් පාලි ගනී.ආදරය වෛරය බවට පෙරලී ඇයගේ විවහා ජීවිතය අවුල් කිරීමට පවා පෙළඹෙන බව ලේඛකයා ව්‍යංගයෙන් පවසයි.ආදරය, වෛරය, පලි ගැනීම, කාන්තාවක් විවහය පිලිබඳ ගැටලුවකට මුහුණ දුන් විට පිරිමින් ක්‍රියාකරන ආකාරය මෙම කතාවෙන් ඔහු මනාව විවරණය කරයි. 

මේහලා කෙටි කතාව කාන්තාවන් මුහුණ දෙන අභියෝග ,කාලින සමාජ අරගලයන් සහ ඝට්ටනයන් දෝලනය වන ආකාරය මැනවින් නිරූපිත කෙටි කතාවකි. බොහෝ විට මෙම කෙටි කතාවල සාමාන්‍ය සහ අසාමාන්‍ය දේ මිශ්‍රිතව ගලා යයි. මෙහි මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා සංවේදී ලෙස ලියා ඇත.විමුක්තියට මුවා වී ගෙන යන අරගල වල යථාර්තය , ස්ත්‍රීන් පත්වන ඛේදජනක තත්වයන් මේහලා කතාව ඔස්සේ පාඨකයාට ලන්කරයි.

මෙම කෙටි කතා සංග්‍රහය ඔස්සේ සිංහල සාහිත්‍යයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට කතුවරයා සමත් වී ඇත. ඔහුගේ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.

නිලක්ෂි බණ්ඩාර.
29/05/2024.


Saturday, May 25, 2024

සංගීත ලොව රොක් ඇන්ඩ් රෝල් රජු


එල්විස් ප්‍රෙස්ලි, බොහෝ විට "රොක් ඇන්ඩ් රෝල් රජු" ලෙස හඳුන්වනු ලබන අතර, ඇමරිකානු ජාතික  ගායකයෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් ද   විය. ඔහු 20 වන සියවසේ වඩාත්ම වැදගත් සංස්කෘතික චරිතයක් ලෙස සැලකේ, සංගීත කර්මාන්තයට සහ ජනප්‍රිය සංස්කෘතියට ඔහුගෙන් සිදුවූ  පරිවර්තනීය බලපෑම විශාලය. .

 ඔහු රොක් ඇන්ඩ් රෝල් සංගීතය  ජනප්‍රිය කිරීමට උදව් කළ අතර සංගීත ක්ෂේත්‍රයට නව මට්ටමේ කාර්ය සාධන ශක්තියක් සහ චමත්කාරයක් ගෙන ආවේය.  ඔහු රොක් ඇන්ඩ් රෝල් හි පරිවර්තනීය බලය සංකේතවත් කරමින් ඇමරිකානු සංස්කෘතියේ කල්පවත්නා චරිතයක් ලෙස ජනප්‍රිය විය.ඔහුගේ ශෛලිය, කටහඬ සහ චමත්කාරය අසංඛ්‍යාත කලාකරුවන්ට ආස්වාදයක් ලබා දී ඇත. 

 ඔහුගේ නිවස වන ග්‍රේස්ලන්ඩ් ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන අතර ලොව පුරා සිටින රසිකයින් සඳහා වන්දනා ස්ථානයක් වේ. අඛණ්ඩ බලපෑම: මරණින් පසු, එල්විස් වාර්තා මිලියන ගණනක් අලෙවි කරයි. ඔහුගේ සංගීතය සහ ප්‍රතිරූපය නව පරම්පරාවන් විසින් අඛණ්ඩව සමරනු ලබන අතර නැවත සොයා ගනු ලැබේ. එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිතය සහ වෘත්තීය ජීවිතය ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා සහ සංගීතයට සහ ජනප්‍රිය සංස්කෘතියට ඔහුගේ කල්පවතින බලපෑමට සාක්ෂියකි.ඔහුගේ ගතික කටහඬ, චමත්කාරජනක වේදිකා පැවැත්ම සහ නව්‍ය සංගීත ශෛලිය සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ අතර සදාකාලික උරුමයක් ඉතිරි කළේය.

එල්විස් ආරොන් ප්‍රෙස්ලි 1935 ජනවාරි 8 වන දින මිසිසිපි හි ටුපෙලෝ හි උපත ලැබීය.  ඔහු වර්නන් සහ ග්ලැඩිස් ප්‍රෙස්ලිට දාව  කම්කරු පන්තියේ පවුලක උපත ලැබීය. 
ආගමික ගෘහයක හැදී වැඩුණු එල්විස් කුඩා කාලයේදීම ශුභාරංචි සංගීතයට නිරාවරණය විය. ඔහුගේ සංගීත බලපෑම්වලට ඔහුගේ තරුණ අවධියේදී අධ්‍යයනය කල   බ්ලූස්, රට සහ රිද්ම සහ බ්ලූස් ද ඇතුළත් විය.


සන් රෙකෝඩ්ස්: 1954 දී, එල්විස් ටෙනසිහි මෙම්ෆිස් හි සන් රෙකෝඩ්ස් සමඟ ඔහුගේ පටිගත කිරීමේ වෘත්තිය ආරම්භ කළේය. ඔහුගේ අද්විතීය හඬ ශබ්දය, විවිධ සංගීත ප්‍රභේදයනන් මිශ්‍ර කිරීම, ප්‍රේක්ෂක  අවධානය දිනා ගත්තේය.
"ඒ සියල්ල හරි": ඔහුගේ පළමු ගීතය, ආතර් ක්‍රඩප්ගේ "දට්ස් ඕල් රයිට්" හි විකාශනය, දේශීයව ජනප්‍රිය වූ අතර ඔහුගේ කීර්තියට පත්වීමේ ආරම්භය සනිටුහන් කළේය.

 1955 දී, RCA වික්ටර් සමාගම  ඔහුගේ කොන්ත්‍රාත්තුව ලබා ගත් අතර, ඔහු 1956 දී ඔහුගේ විශිෂ්ටතම ගීතය වන  "Heartbreak Hotel"ග් ගීතය   නිකුත් කළ අතර, එය ප්‍රස්ථාරවල ඉහළින්ම සිටි අතර ඔහුව ජාතික සංවේදනයක් බවට පත් කළේය. 

 1950 ගණන්වල මැද භාගයේ "The Ed Sullivan Show" වැනි රූපවාහිනී වැඩසටහන් වල එල්විස්ගේ පෙනී සිටීම ඔහුගේ ප්‍රකෝපකාරී රංගන විලාසය පිළිබඳ මතභේද නොතකා පෙර නොවූ විරූ කීර්තියක් කරා ඔහුව යොමු කළේය. එල්විස් එකල පැවති ගතානුගතික සම්මතයන්ට අභියෝග කළ අතර එය ඔහුට දැඩි රසිකයන් සහ ගායන විචාරකයින් යන දෙපිරිසම උපයා දුන්නේය. මෙම සීමා මායිම් බිඳගෙන ඉදිරියට යන ප්‍රතිරූපය අනාගත කලා පරපුරට වඩාත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට මග පෑදීමට ඉවහල් විය.

 Las Vegas Residency: 1960 ගණන්වල අග සහ 1970 ගණන්වලදී, එල්විස් ලාස් වේගාස් හි ඉතා සාර්ථක කාර්ය සාධනය සිදු වී  ඇති අතර, ඔහුගේ විස්තීර්ණ  සංගීත ශෛලිය සහ පෞරුෂය සංගීත කර්මාන්තයේ සහ ජනප්‍රිය සංස්කෘතියේ නොමැකෙන සලකුණක් තැබීය.ඔහුගේ අද්විතීය වාචික විලාසය, ප්‍රබල නමුත් චිත්තවේගීය බෙදා හැරීමකින් සංලක්ෂිත වූ අතර සංගීතයට ඔහුගේ නව්‍ය ප්‍රවේශය යුගයේ ශබ්දය විප්ලවීය වෙනසක් කිරීමට උපකාරී විය. 

"Heartbreak Hotel", "Hound Dog" සහ "Jailhouse Rock" වැනි ගීත ක්ෂණික සම්භාව්‍ය බවට පත් වූ අතර, ගැඹුරු හැඟීම් සහ  ශක්තිය ප්‍රකාශ කිරීමේ ඔහුගේ හැකියාව විදහා දක්වයි. එහිදී ඇති වූ  සංස්කෘතික බලපෑම එල්විස්ගේ   සංගීතයෙන් ඔබ්බට පැතිර ගියේය. ඔහු 1950 සහ 1960 ගණන්වල තරුණ කැරැල්ලේ සහ සංස්කෘතික පරිවර්තනයේ සංකේතයක් බවට පත් විය.සංගීතය සහ සංස්කෘතිය කෙරෙහි එල්විස්ගේ බලපෑම අතිමහත් ය.ඔහුගේ සංගීත හැකියාවන්ට අමතරව, එල්විස්ට චිත්‍රපට ක්ෂේත්‍රයේ සැලකිය යුතු ස්ථානයක් තිබුණි. ඔහු "ලව් මී ටෙන්ඩර්", "බ්ලූ හවායි" සහ "විවා ලාස් වේගාස්" වැනි චිත්‍රපට ඇතුළුව චිත්‍රපට 30 කට අධික සංඛ්‍යාවක රඟපෑවේය.ඔහුගේ රංගන කුසලතා බොහෝ විට මිශ්‍ර විචාරයන්ට ලක් වූ අතර, ඔහුගේ චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක විය.

පොප් සංස්කෘතික නිරූපකයක් ලෙස සිනමා දිවිය ඔහුගේ තත්වය තවදුරටත් ශක්තිමත් කළේය. චිත්‍රපටවල බොහෝ විට සංගීත සංදර්ශන ඇතුළත් වූ අතර එය නිර්මාණ ජනප්‍රිය වීමට බලපෑ සාධකයකි.එසේම විනෝදාස්වාදකයෙකු ලෙස ඔහුගේ බහුකාර්යතාව දක්නට ලැබුණි.පසුකාලීන පරම්පරාවේ සංගීතඥයින් සහ විනෝදාස්වාදය සඳහා එල්විස්ගේන් ලද බලපෑම අධිතක්සේරු කළ නොහැකිය. රොක් ඇන්ඩ් රෝල් නිර්මාණ වල පැවැත්ම සඳහා සඳහා ඔහුගේ පුරෝගාමී භූමිකාව අනුගමනය කළ අසංඛ්‍යාත කලාකරුවන් සඳහා අඩිතාලම දැමීය.

The Beatles සිට Bruce Springsteen දක්වා විවිධ ප්‍රභේදවල සංගීතඥයන් එල්විස් අනුගාමිකයින් බව සඳහන් කර ඇත. විවිධ සංගීත ශෛලීන් මුසු කිරීමට ඔහුට ඇති හැකියාව සංගීත ක්ෂේත්‍රයේ වාර්ගික බාධක බිඳ දැමීමට ද අප්‍රිකානු ඇමරිකානු සංගීතය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යාමට උපකාරී විය.

ඔහුගේ අඛණ්ඩ ජනප්‍රියත්වය තිබියදී, පසුකාලීනව ඔහු  සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු විය, බොහෝ දුරට ඔහු භාවිත කල  බෙහෙත් වට්ටෝරු සහ ජීවන රටාව සම්බන්ධ ගැටළු හේතුවන්නට ඇත.  එල්විස් ප්‍රෙස්ලි 1977 අගෝස්තු 16 වන දින, ටෙනසිහි මෙම්ෆිස් හි ඔහුගේ ග්‍රේස්ලන්ඩ් වතුයායේදී වයස අවුරුදු 42 දී මිය ගියේය. ඔහුගේ මරණය හෘදයාබාධයක් නිසා ඇති වූ අතර, ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා උග්‍ර වූ බව කියවේ.  

එල්විස් ප්‍රෙස්ලිගේ උරුමය වූ ඔහුගේ සංගීතය, චිත්‍රපට සහ ඔහුගේ ජීවිතය කෙරෙහි අඛණ්ඩව ආකර්ෂණය වීම තුළින් නොනැසී පවතී. ඔහුගේ මෙම්ෆිස් නිවහන වන ග්‍රේස්ලන්ඩ් ලොව පුරා සිටින රසිකයින්ගේ වන්දනාවට පාත්‍රවූ ස්ථානයක් බවට පත්ව ඇත. ඔහුගේ පටිගත කිරීම් දිගටම අලෙවි වන අතර ජනප්‍රිය සංගීතයේ අඛණ්ඩ පරිණාමය තුළ ඔහුගේ බලපෑම පැහැදිලි වේ.
එල්විස් ප්‍රෙස්ලි සංගීත හා පොප් සංස්කෘතියේ ඉතිහාසයේ ඉහළම චරිතයක් ලෙස සුවිශේෂී චරිතයකි.

රොක් ඇන්ඩ් රෝල් සංගීතය සඳහා ඔහුගේ නිර්මානයන් ඔස්සේ ලද දායකත්වය, ඔහුගේ චමත්කාරජනක පෞරුෂය සහ ඔහුගේ කල්පවත්නා බලපෑම ඔහු පුරාවෘත්තයක් බවට පත් කරයි, එහි බලපෑම ඉදිරි පරම්පරාවන්ට දැනෙනු ඇත. ඔහුගේ සංගීතය සහ ඔහු ආභාෂය ලබා දුන් සංස්කෘතික වෙනස්කම් හරහා, එල්විස් ඇමරිකානු සංගීතයේ නිරූපකයක් සහ නවීන විනෝදාස්වාදයේ පුරෝගාමියෙකු ලෙස දිගටම සමරනු ලැබේ.

නිලක්ෂි බණ්ඩාර.
25/05/2024.

Wednesday, May 22, 2024

හදවතට සඳකැන් කැන්දන සඳකිණි.


..... මං සලකුණු බලා වසන්තය සොයා ගිය  වීහඟෙකි.මලින් සැදුණු තුරු හිස් ලාලිත්‍යයෙන් ගලන ගංගා ..... මා දුටු සියල්ලම සුන්දරය .එහෙත් වසන්තය .... එය නොවිය.

මලින් බර වසන්තය ජීවිතය නොවන බව ඔබව හමුවූ විට මට හැඟුණි.ඔබේ සංවේදී සිත තනුවකට නැගීමට මට හැකිය.... 

දක්ෂිකා සුරනි පෙරේරා තරුණ ලේඛිකාව මෙසේ ඔබට ඇරයුම් කරන්නේ වසර 17 කට පෙර ලියු  ඇයගේ කුළුඳුල් නවකතාව වන "සඳකිණි " තුලින්ය. 

සඳකිණි තරුණ යුවතියකි.ඇය දින පොතක කුරුටු ගා පද පේළි සහිත කවි, කුරුටු ගෑ පෙලිසහිත කවි කිහිපයක් ප්‍රභාත්ට හමුවන්නේ අහම්බෙනි. ධනවත්,  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත්ගේ පියාගෙන් සම්මුඛ සාකච්ජාවක් ලබා ගැනීමට පැමිණෙන සඳකිණි පසුවූයේ අසනීප තත්වයෙනි.එදින ඇයගේ දිනපොත ගජනායක මහතාගේ කාර්යාලයෙහි අමතක වී යයි.

අහම්මෙබෙන් පියාගේ කාර්යලයට පැමිණි අවස්ථාවේදී දින පොත කියවන ප්‍රභාත් මෙම සොඳුරු  ගී පද ඔහුගේ මිතුරන්ටද රසවිඳීමට ඉඩ දෙයි. ඉන්පදු  එම ගී පද සි ඩි තැටියක් ලෙස ප්‍රසිද්ධ කිරීමට ප්‍රභාත් ඇතුළු  සංගීත කණ්ඩායමේ මිතුරෝ තීරණය කරති.සඳකිණි ගේ ගී පදවැල් කියැවූ දින සිට ඇය වෙත ඇදී ගිය ප්‍රභාත්ගේ සිත ඇය දුටු පසු තව දුරටත් ඇය වෙත බැඳේ.

නමුත්.... සඳකිණිගේ ජිවිත කතාව ඇය ලියන ගී පද වැල් තරම් සුන්දර නැත .ධනවත් ව්‍යාපාරිකයෙක් වන පියා විසින් අතහැර දමන ලද සඳකිණි ඇතුළු පවුලේ දරුවන් වෙද මහතකු වූ සීයා යටතේ ඇතිදැඩි වෙයි.

උසස්පෙළ විභාගයෙන් පසු ඇය රැකියාවක් සොයාගෙන කොළඹට එන්නේ මේ අතරය.මහනුවර ගම්බද පරිසරයකට හැඩගැසී පාරම්පරික අභිමානවත් වෙද ගෙදරක ඇතිදැඩි වූ ඇයට ප්‍රභාත්ගේ හමුවීම ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වෙයි.ධනයෙන් බලයෙන් අගතැන්පත් වුවද ප්‍රභාත් අවංක නිහතමානි තරුණකි.

නමුත් .... ඇය ප්‍රභාත්ව ඇසුරු කරනුයේ ඔහුගේ මෙම සමාජ පසුබිම නිසා "වෙන්වීමට සිදුවේ... යැයි " යන සිතුවිල්ල සිතේ කොණක සඟවා ගෙනය.ඔහුගේ ආදරය හමුවේ ඇය..... ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කල නොහැකි තත්වයට පත්වේ.

දෙවරක් වෙන් වන ඔවුහු දැඩි මානසික පීඩාවකට පත් වේ.

"මම ............හරියට ඔයාගේ පොතේ පැන්සලෙන් ලියපු කවියක් වගෙයි.හරියට තනුව එන්නේ නැති උනාම වචනෙන් වචනෙන් කපලා වෙනස් කරනවා. අන්තිමට කවියම මැකිලා යනවා.... 

ඒ වගේ නේද? යන්නෙපා සඳකිණි.... අපි බඳිමු.... පිටරටකට යමු ...

මාව අමතක කරන්න,,., ප්‍රභාත්..."

ප්‍රභාත්ගේ පියාගේ තර්ජන ඝර්ජන ඇයගේ පවුලේ අයටද තර්ජනයක් වේ.එමෙන්ම මෙම හැලහැප්පිම් වලට ඇයගේ පවුලේ උදවියද කැමති නැත.

සඳකිණි ගේ පවුල් පසුබිම නිසා කෝපයට පත් වන,  හැමදෙයටම වඩා තම පවුලේ ගෞරවය පිළිබඳව දැඩිව සිතන  ප්‍රභාත්ගේ පියාගෙන් ප්‍රභාත්ට සහ සඳකිණිගේ ප්‍රේමයට කැමැත්ත ලැබෙයිද.....?

ප්‍රහාත්ගේ පියාගේ ධනයට සහ බලයට ,ඔහුගේ විරෝධයටත් බියවන සඳකිණි ගේ මව,මාමලා, සීයා ඇතුළු පවුලේ අය සඳකිණිගේ කැමැත්ත ඉඩ දෙයිද ?

ඇත්තට සඳකිණි නවකතාව සුන්දර කතාවකි.සරල සුගම බස්වහරෙන් යුතු ඇයගේ පොත පුරා දිවෙන ඇයගේ කාව්‍යමය භාෂාව ලගන්නා සුළුය. කියවන හැම වචනයක්ම රිද්මයනුකුලභාවයකින් යුක්ත වීම මෙම කෘතිය පුරාම අපට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙම කෘතියෙහි දක්නට ලැබෙන තත් විශේෂත්වයක් වන්නේ පාඨක හදවත් පොත කියවීමට පෙලබෙන ලෙස ලියන ලද ජීවමාන බස් වහරයි. කියවන සෑම වචනයක් පාසාම මෙම ප්‍රේම වෘත්තාන්තය අපගේ ඇස් ඉදිරිපිට චිත්‍රපටයක් සේ  චිත්ත රූප මැවීමක් සිදුවීම ඉතා අපුර්වය.

විරාම ලක්ෂණ සහ වචන ගැලපීම  කෙරෙහි කතුවරියගේ අවධානය තවත්යොමු වුවා නම් අගනේය.එසේ  නම් පද පේළි ගැලපුම මීට වඩා අර්ථවත් සහ සුන්දර වීමට  ඉඩ තිබුණි.

තව දින කිහිපයකින් " සඳකිණි " පොතෙහි දෙවෙනි මුද්‍රණය පාඨකයා හට රසවිඳීමට ඉඩ ලැබෙන  අතර කවියක් වන් ඇයගේ සොඳුරු  නිර්මාණ තුලින් සාහිත්‍ය ලෝකය තව තවත් දිදුලවන්නට ශක්තිය සහ වාසනාව ලැබෙන්නට හර්දයාංගම සුබ පැතුම් මෙසේ පතන්නම් සඳකිණි අක්කේ !!!! 

නිලක්ෂි බණ්ඩාර.

22/05/2024.

Wednesday, May 15, 2024

ළමා කතන්දර සහ ඉන් නිරූපිත වන ළමයා .....


අපි පුංචි කාලේ අපේ අම්මලා ,අප්පච්චිලා අපිට චූටි චූටි කතන්දර කියා දෙනවා ඔයාලට මතක ඇති.  වීර කතා, චරිත කතා, සුරංගනා කතා  , වන කතා, දේව කතා ,  විහිලු කතා, ජන කතා වගේ විවිධාකාරයේ කතන්දර ගොඩක් අපි ඉගෙන ගෙන තියෙනවා. නමුත් වර්තමානයේ ඉන්න කුඩා දරුවන්ට කතන්දර අහන්න ලැබෙන අවස්තාව බෙහෙවින්ම අඩු වෙලා තියෙනවා.

කතන්දර කියන්නේ දරුවන්ගේ මනසට උත්තේජනයක්.ඒ ඔස්සේ දරුවන්ගේ පරිකල්පන හැකියාව වැඩි දියුණු කරනවා. ඒ වගේම ප්‍රජානන  කුසලතා වර්ධනයටත් ලොකු හේතුවක් වෙනවා. අතීතය පිළිබඳව මෙන්ම වර්තමාන නව ලෝකය ගැනද කුතුහලයෙන් විමසීමට දරුවෝ පෙළඹෙනවා. එලෙසම දරුවන්ගේ සංස්කෘතික ,සමාජීය සහ පාරිසරික දැනුමද මේ ඔස්සේ වැඩි දියුණු වීමට හේතුවක් වන බව නුතන ළමා අධ්‍යපනවේදීන් විසින් පවසබ කරුණකි.

 ඒ වගේම කතන්දර කීමත් එක්තරා ඉගෙනුම් ක්‍රමයක් විදියටත් සලකන්න පුළුවන්.ඒ ඔස්සේ විවිධ චරිත නිරුපණය කරන්න , චරිත ගොඩ නගන්න ,කතාවක් ගොඩ නගන්න ,කතාවක් ඉදිරිපත් කිරීම වගේ හැකියාවන් මේ ඔස්සේ දරුවෝ පුරුදු වෙනවා.

ඒ වගේම දරුවන්ගේ මතක ශක්තිය වැඩි වීම, ඇහුම්කන් දීමට හුරු වීම. කතා කිරීමට හුරුවීම, භාෂා කුසලතාවය, විවිධ භාෂාවන් හැදෑරීමට උත්සහ කිරීම වැනි ප්‍රයෝජන රැසක් තියෙනවා.

දරුවන්ගේ වයස සදහා බුද්ධිමට්ටමට අනුව කතන්දර කීම සිදු කිරීමද වැදගත්වේ.මන්ද හැම දරුවාටම එක විදියටම කතන්දර රසවිඳීමේ හැකියාවක් නොමැති වීමයි. ළමා කතන්දර තුලින් දරුවන්ගේ මනස තුළ ප්‍රබෝධයක් ඇති කිරීම, ආත්ම ශක්තිය වර්ධනය කිරීම, ජයග්‍රහණයන් සඳහා ලඟා කර අපේක්ෂා මුදුන්පත් වීමද සිදුවේ.

මෙහිදී ළමයාගේ ප්‍රභවය පිළිබඳවද විවිධ කතන්දර අසන්නට ලැබේ.පැරැන්නන්ට අනුව ළමයා යනු දෙවියන්ගෙන් ලද දායාදයක් බව කියවේ.ඒ පිළිබඳව විවිධ රටවල ජනශ්‍රුති විමර්ශනය කිරීමෙන් පැහැදිලි වේ.

එලෙසම දරුවන්ගේ ස්වභාවය , දරුවන් සොයන ආදරය සෙනෙහස ,දරුවන්ගේ බුද්ධිමත් භාවය ,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳවද විවිධ කතන්දර ගෙතී ඇත.

ඒ ඔස්සේ දරුවන්ගේ ස්වභාවය පිළිබඳව කතන්දරයක් අපි අද රස විඳිමු.

මෙයට අගනා නිදසුනක් ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය විසින් රචිත ළමා අධ්‍යාපනය සඳහා කතන්දර පොතෙන් උපුටා ගනිමි.


අතීත මනුෂ්‍යාට නූතන මනෝ විද්‍යාඥායින්ට සහ අධ්‍යාපනඥයින්ට සේම දරුවන් පිලිබඳ දැනුම සහ අවබෝධය තිබුන බව පැහදිලිය. එයට හොඳම නිදසුනක් වන්නේ The Half Boy of Borneo කතාවයි .
ඔන්න එකෝමත් එක කාලයක බෝර්නියෝ දූපතේ හිටියා ළමයකුගෙන් බාගයක්. ඔහුට තිබුනෙ එක අතයි , එක කකුලයි ,එක ඇහයි .හරියටම ඇඟෙන් බාගයයි. ඒ හින්දා ගමේ මිනිස්සු ඔහුට කිව්වෙ බාග ළමයා කියලා .ඒ මදිවට ඔහුට තිබුනෙ නරක බාගය. ඒ නිසා ළමයගෙන් ගමේ මිනිස්සුන්ට බොහොම කරදර උනා.ඉතින් මේ ළමයා වැඩුණෙ බොහොම නරක විදියට .

ඔහු තරුණයෙක් උනා . ගමේ මිනිස්සුන්ට කරදර කරන නිසා කිසිම කෙනෙක් මේ තරුණයට කැමති නැහැ.
මුළු ගමටම එපා උන මේ ළමයා කවදහරි වෙනස් වෙයි කියලා කල්පනා කළේ ඒ ගමේ හිටිය එකම එක ලස්සන ගෑණු ළමයෙක් විතරයි .
දවසක්දා මේ තරුණිය බාග ළමයා ට කතා කලා. ඔයා බාග ළමයෙක් විතරයි. මට කණගාටු ඒ
බාගයත් නරක බාගයක් වීම. මම විශ්වාස කරනවා මේ ලෝකේ කොහේහරි ඔයාගේ හොද බාගේ ඇති කියලා.ගිහින් ඒ බාගය හොයාගෙන ආපහු එන්න.මම කැමතියි ඔයාව කසාද බඳින්න , සම්පුර්ණයෙන් ළමයෙක් වෙලා ගමට ආවාම.

බාග ළමයා හොඳටම පුදුම උනා. මුළු ගමටම එපාවුන තමාව මේ සුන්දර ගෑනු ළමයා පිලිගත්තාම, තමන්ට කරුණාවෙන් කතා කලාම.මේ වුන දේ අදහගන්න බැරුව තරුණයගේ කඳුළු ආවා.

ඔයා තමා මට පලවෙනි වතාවට කරුණාවෙන් කතා කරපු එකම කෙනා. එය අදහගන්න බැහැ. මන් හෙටම යනවා.ගිහින් මගේ අනික් හොඳ බාගේ හොයාගෙන එනවා. ළමයා පහුවදාම තමන්ගේ හොඳ බාගේ හොයාගෙන ගියා. කවුරුවත් එහෙම කෙනෙක් ගැන අහලා තිබුනේ නැහැ. ඔහොම ගිහින් ගිහින් අන්තිමට දවසක රෑ වනාන්තරයක් මැද්දේ තියෙන ගම්මානෙකට මේ ළමයා ආවා.දැන් හොඳටම රෑ වෙලා. ගිනි මැලයක් වටේට ඉඳගෙන කතා කර කර ඉන්නවා ළමයා දැක්කා.

මෙහෙ ඉන්නවද බාග ළමයෙක්....? ළමයා ඔවුන්ගෙන් ඇහුවා.,මන් වගේ එක අතකුයි , එක කකුලකුයි තියෙන හොඳ කරුණාවන්ත කෙනෙක්????

මම දන්නේ නැහැ හොඳ ද කියලා.මිනිසුන්ගෙන් කෙනෙක් කිව්වා. ඔහු ඉර බහින පැත්තට අත දිගු කළා.අන්න අර පැත්තේ ගමක බාග ළමයෙක් ඉන්නවා කියලා මම අහලා තියෙනවා. මෙතන ඉඳලා දවස් දෙකක විතර දුර ගමනක්.

පහුවදාම උදේපිටත් වෙලා ඒ ගම හොයාගෙන ගියා.,ඔහු ගිහින් වැටුනේ විලක් ලග තියෙන ගම්මානයකට.ඒ ගමේ උදවිය කිව්වා එතන ඉඳලා තව දවස් දෙකක ගමනක් කියලා . ගිහින් ගිහින් අන්තිමට ඔහු මුහුද තියෙන ගම්මානයකට වැටුණා.

මේ ළමයා දුටු ගමන් ගමේ මිනිස්සු මෙන්න තවත් බාග ළමක් කියලා ඝෝෂා කරන්න ගත්තා. මේ ඉන්නේ අපේ බාග ළමයාගේ සහෝදරයා.

අන්තිමේදී ළමයි දෙන්නා හමු වුනා. එක්කෙනෙක්ගේ අතයි වම් කකුලයි , අනෙකාගේ දකුණු අත සහ දකුණු කකුලයි විතරයි.

" ඉතින් අපි දෙන්නට බැරිද එකතු වෙලා සම්පුර්ණ ළමයෙක් වෙන්න?
නරක ළමයා ඇහුවා .මන් මේ තරම් දුර ගෙවාගෙන ආවේ ඒ වෙනුවෙන්.

පුළුවන්. ගමේ නායකයා කිව්වා. හැබැයි අර පේන කැලෑවට ගිහින් කෙනක් පරාද වන තුරුම සටන් කරලා ජය ගත්තාම. ප්‍රධානියා කිව්වා.ඔහු කැලෑවට අත දිගු කළා.

ඉතින් බාග ළමයින් දෙදෙනා කැලෑවට ගිහින් සටන් කරන්න පටන්ගත්තා. නොනත්වාම සටන් කළා. වැසි වැස්සා . අකුණු ගැහුවා . කුණාටු ආවා. ඒත් සටන නැවතුනේ නැහැ. අන්තිමේදී පහුවදා ඉර එළිය වැටෙන කොට පරිසරයම නිශ්චල වුනා.

හොඳ බාග ළමයා දිනලා . ගම් ප්‍රධානියා සතුටින් කිව්වා. ඒ දෙන්නා දැන් සම්පුර්ණ ළමෙක් වෙලා. සම්පුර්ණ ළමයා කැලාවෙන් එලියට ඇවිත් ප්‍රධානියාට ආචාර කළා. ගමේ කවුරුත් සතුටු වුනා.

ඒ ගමේම නවතින ලෙසට ඉල්ලිමක් කළා. ඒත් ඔවුන් නරක බාග ළමයා හිටිය ගම්මානෙට ඇවිත් පොරොන්දු උන පරිදි අර සුන්දර යුවතිය සමග විවහා වෙලා සතුටින් හිටියා.

ළමයා යනු යහපත් සහ අයහපත් ගුණාංගයන්ගෙන් සමන්විත චරිතයක් බව පැරැන්නන් වටහාගෙන තිබු බවට මෙය කදිම සාධකයකි. දඟ ළමයකු යහපතට හැරවීමට නම් " ආදරය සහ කරුණාව දැක්විය යුතුය.

නරක බාගය හොඳ බාගය හා සම්බන්ධ වුයේ තරුණියගේ කාරුණික වදන් නිසාය . මෙහි දැක්වෙන පරිණතියේ සංකේතයයි. ඔහු ගමට ආපහු පැමිණියේ අත්දැකීම් සහිත පරිිණත තරුණයකු ලෙසය.

මේ කතාව ඔස්සේ දරුවන්ට හොඳ නරක පිළිබඳව අවබෝධයක් ලබා දීම තම අරමුණට කෙසේ හෝ ලඟා වී එය සක්ෂාත් කර ගැනීම වැනි කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා දිය හැකිය.එලෙසම මානව සාරධර්ම සහ සමාජ සම්බන්ධතා පිළිබඳවද මේ කතාවෙන් අපට දරුවන්ට අවබෝධයක් ලබා දිය හැකිය.

නිලක්ෂි බණ්ඩාර.
15/05/2024.