මේහලා යනු මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා පිළිබඳව සංවේදීව සිතන්නට පොළඹවන ලේඛක අංජුල සොයුරාගේ දෙවන කෙටි කතා සමුහයයි.මෙම සෑම කතාවක්ම පාහේ ලංකාවේ සමකාලින ජීවිතය පිළිබඳව දර්ශනයක් ඉදිරිපත් කරයි.ආදරය ,සමාවදීම , ආර්ථික විෂමතාවය සහ සමාජ සාධාරණත්වය වැනි තේමාවන් පිළිබඳව සංවේදීව සහ ගැඹුරින් විවේචනය කිරීමට කතුවරයා උත්සහයක් දරා ඇත.
ගැහැණු පිරිමි ආදරයෙන් බැඳෙති. සමහරුන් විවහා වෙති.සමහරු විවහා ගැලපෙන විවාහයන් වන අතර නොගැලපෙන විවහද අප්‍රමාණය.අංජුල සොයුරා ලියා ඇති මගුල් සක්වල එවැනි කෙටි කතාවකි.විවාහය සඳහා ඔවුන්ට හමුවන්නේ ඔවුන් පැතූ අය නොවේ. මිනෝලි ,විහඟ,රංග,නිරාශා මෙහි එන ප්‍රධාන චරිතය.ආදරය කෙසේ වෙතත් ඔවුන්ට ලෝකය ඉදිරියේ එක්වීමට සිදුවේ.
"වරදකාර" ද අමුතුම ආකාරයේ කෙටි කතාවකි.නේහා -සුපුන් ආදරය වෙන් වීමකින් කෙළවර වේ.පසුව දෙමව්පියන්ගේ බලකිරීමෙන් සෙනෙස් සහ විවහා වන නේහාගෙන්, සුපුන් පාලි ගනී.ආදරය වෛරය බවට පෙරලී ඇයගේ විවහා ජීවිතය අවුල් කිරීමට පවා පෙළඹෙන බව ලේඛකයා ව්‍යංගයෙන් පවසයි.ආදරය, වෛරය, පලි ගැනීම, කාන්තාවක් විවහය පිලිබඳ ගැටලුවකට මුහුණ දුන් විට පිරිමින් ක්‍රියාකරන ආකාරය මෙම කතාවෙන් ඔහු මනාව විවරණය කරයි.
මේහලා කෙටි කතාව කාන්තාවන් මුහුණ දෙන අභියෝග ,කාලින සමාජ අරගලයන් සහ ඝට්ටනයන් දෝලනය වන ආකාරය මැනවින් නිරූපිත කෙටි කතාවකි. බොහෝ විට මෙම කෙටි කතාවල සාමාන්‍ය සහ අසාමාන්‍ය දේ මිශ්‍රිතව ගලා යයි. මෙහි මානව සම්බන්ධතා සහ සමාජ සම්මතයන්හි සංකීර්ණතා සංවේදී ලෙස ලියා ඇත.විමුක්තියට මුවා වී ගෙන යන අරගල වල යථාර්තය , ස්ත්‍රීන් පත්වන ඛේදජනක තත්වයන් මේහලා කතාව ඔස්සේ පාඨකයාට ලන්කරයි.
මෙම කෙටි කතා සංග්‍රහය ඔස්සේ සිංහල සාහිත්‍යයට සුවිශේෂී දායකත්වයක් සැපයීමට කතුවරයා සමත් වී ඇත. ඔහුගේ ප්‍රයත්නය ප්‍රශංසනීය වේ.
නිලක්ෂි බණ්ඩාර.
29/05/2024.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........