..... මං සලකුණු බලා වසන්තය සොයා ගිය වීහඟෙකි.මලින් සැදුණු තුරු හිස් ලාලිත්‍යයෙන් ගලන ගංගා ..... මා දුටු සියල්ලම සුන්දරය .එහෙත් වසන්තය .... එය නොවිය.
මලින් බර වසන්තය ජීවිතය නොවන බව ඔබව හමුවූ විට මට හැඟුණි.ඔබේ සංවේදී සිත තනුවකට නැගීමට මට හැකිය....
දක්ෂිකා සුරනි පෙරේරා තරුණ ලේඛිකාව මෙසේ ඔබට ඇරයුම් කරන්නේ වසර 17 කට පෙර ලියු ඇයගේ කුළුඳුල් නවකතාව වන "සඳකිණි " තුලින්ය.
සඳකිණි තරුණ යුවතියකි.ඇය දින පොතක කුරුටු ගා පද පේළි සහිත කවි, කුරුටු ගෑ පෙලිසහිත කවි කිහිපයක් ප්‍රභාත්ට හමුවන්නේ අහම්බෙනි. ධනවත්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත්ගේ පියාගෙන් සම්මුඛ සාකච්ජාවක් ලබා ගැනීමට පැමිණෙන සඳකිණි පසුවූයේ අසනීප තත්වයෙනි.එදින ඇයගේ දිනපොත ගජනායක මහතාගේ කාර්යාලයෙහි අමතක වී යයි.
අහම්මෙබෙන් පියාගේ කාර්යලයට පැමිණි අවස්ථාවේදී දින පොත කියවන ප්‍රභාත් මෙම සොඳුරු ගී පද ඔහුගේ මිතුරන්ටද රසවිඳීමට ඉඩ දෙයි. ඉන්පදු එම ගී පද සි ඩි තැටියක් ලෙස ප්‍රසිද්ධ කිරීමට ප්‍රභාත් ඇතුළු සංගීත කණ්ඩායමේ මිතුරෝ තීරණය කරති.සඳකිණි ගේ ගී පදවැල් කියැවූ දින සිට ඇය වෙත ඇදී ගිය ප්‍රභාත්ගේ සිත ඇය දුටු පසු තව දුරටත් ඇය වෙත බැඳේ.
නමුත්.... සඳකිණිගේ ජිවිත කතාව ඇය ලියන ගී පද වැල් තරම් සුන්දර නැත .ධනවත් ව්‍යාපාරිකයෙක් වන පියා විසින් අතහැර දමන ලද සඳකිණි ඇතුළු පවුලේ දරුවන් වෙද මහතකු වූ සීයා යටතේ ඇතිදැඩි වෙයි.
උසස්පෙළ විභාගයෙන් පසු ඇය රැකියාවක් සොයාගෙන කොළඹට එන්නේ මේ අතරය.මහනුවර ගම්බද පරිසරයකට හැඩගැසී පාරම්පරික අභිමානවත් වෙද ගෙදරක ඇතිදැඩි වූ ඇයට ප්‍රභාත්ගේ හමුවීම ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වෙයි.ධනයෙන් බලයෙන් අගතැන්පත් වුවද ප්‍රභාත් අවංක නිහතමානි තරුණකි.
නමුත් .... ඇය ප්‍රභාත්ව ඇසුරු කරනුයේ ඔහුගේ මෙම සමාජ පසුබිම නිසා "වෙන්වීමට සිදුවේ... යැයි " යන සිතුවිල්ල සිතේ කොණක සඟවා ගෙනය.ඔහුගේ ආදරය හමුවේ ඇය..... ඔහුගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කල නොහැකි තත්වයට පත්වේ.
දෙවරක් වෙන් වන ඔවුහු දැඩි මානසික පීඩාවකට පත් වේ.
"මම ............හරියට ඔයාගේ පොතේ පැන්සලෙන් ලියපු කවියක් වගෙයි.හරියට තනුව එන්නේ නැති උනාම වචනෙන් වචනෙන් කපලා වෙනස් කරනවා. අන්තිමට කවියම මැකිලා යනවා....
ඒ වගේ නේද? යන්නෙපා සඳකිණි.... අපි බඳිමු.... පිටරටකට යමු ...
මාව අමතක කරන්න,,., ප්‍රභාත්..."
ප්‍රභාත්ගේ පියාගේ තර්ජන ඝර්ජන ඇයගේ පවුලේ අයටද තර්ජනයක් වේ.එමෙන්ම මෙම හැලහැප්පිම් වලට ඇයගේ පවුලේ උදවියද කැමති නැත.
සඳකිණි ගේ පවුල් පසුබිම නිසා කෝපයට පත් වන, හැමදෙයටම වඩා තම පවුලේ ගෞරවය පිළිබඳව දැඩිව සිතන ප්‍රභාත්ගේ පියාගෙන් ප්‍රභාත්ට සහ සඳකිණිගේ ප්‍රේමයට කැමැත්ත ලැබෙයිද.....?
ප්‍රහාත්ගේ පියාගේ ධනයට සහ බලයට ,ඔහුගේ විරෝධයටත් බියවන සඳකිණි ගේ මව,මාමලා, සීයා ඇතුළු පවුලේ අය සඳකිණිගේ කැමැත්ත ඉඩ දෙයිද ?
ඇත්තට සඳකිණි නවකතාව සුන්දර කතාවකි.සරල සුගම බස්වහරෙන් යුතු ඇයගේ පොත පුරා දිවෙන ඇයගේ කාව්‍යමය භාෂාව ලගන්නා සුළුය. කියවන හැම වචනයක්ම රිද්මයනුකුලභාවයකින් යුක්ත වීම මෙම කෘතිය පුරාම අපට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙම කෘතියෙහි දක්නට ලැබෙන තත් විශේෂත්වයක් වන්නේ පාඨක හදවත් පොත කියවීමට පෙලබෙන ලෙස ලියන ලද ජීවමාන බස් වහරයි. කියවන සෑම වචනයක් පාසාම මෙම ප්‍රේම වෘත්තාන්තය අපගේ ඇස් ඉදිරිපිට චිත්‍රපටයක් සේ චිත්ත රූප මැවීමක් සිදුවීම ඉතා අපුර්වය.
විරාම ලක්ෂණ සහ වචන ගැලපීම කෙරෙහි කතුවරියගේ අවධානය තවත්යොමු වුවා නම් අගනේය.එසේ නම් පද පේළි ගැලපුම මීට වඩා අර්ථවත් සහ සුන්දර වීමට ඉඩ තිබුණි.
තව දින කිහිපයකින් " සඳකිණි " පොතෙහි දෙවෙනි මුද්‍රණය පාඨකයා හට රසවිඳීමට ඉඩ ලැබෙන අතර කවියක් වන් ඇයගේ සොඳුරු නිර්මාණ තුලින් සාහිත්‍ය ලෝකය තව තවත් දිදුලවන්නට ශක්තිය සහ වාසනාව ලැබෙන්නට හර්දයාංගම සුබ පැතුම් මෙසේ පතන්නම් සඳකිණි අක්කේ !!!!
නිලක්ෂි බණ්ඩාර.
22/05/2024.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........