අප්‍රේල් 12 වන දින D.E.A.R දිනය ලෙස හැඳින්වේ! D.E.A.R. යන්නෙහි තේරුම "සියල්ල අතහැර කියවන්න" යන්නයි.එය සෑම වයස් කාණ්ඩයකම අයකුටම , කියවීම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවක් බවට පත් කල යුතු බව සිහි කර දීම සඳහා නිර්මාණය කර ඇති ජාතික කියවීමේ දිනයට සම්බන්ධ සැමරුමකි. එය ලේඛිකා බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයයි! බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයට ගෞරවයක් වශයෙන් අප්‍රේල් 12 වන දින රට පුරා D.E.A.R. වැඩසටහන් පවත්වනු ලැබේ.
බෙවර්ලි යනු රමොනා සහ ඇයගේ සහෝදරිය වන බීසස්ගේ චරිතවලට ජීවය දුන් කතුවරියයි.
මෙම දිනයේදී දිනයේ ඇමරිකානු ජනතාව දවසේ සියළු සෝතැවුල් සිතින් පසෙකලා D.E.A.R. දිනය සැමරීමට දවසේ වේලාවෙන් අවම වශයෙන් මිනිත්තු 30 ක වෙලාවක් වෙන් කරනු ලබයි.
"සියල්ල අතහැර කියවන්න" අපි ඔබව දිරිමත් කරමු. වැඩසටහනේ අරමුණ වන්නේ කියවීම ඔවුන්ගේ දින චර්යාවේ නිතිපතා කොටසක් බවට පත් කර ගැනීමට ජනතාව පෙළඹවීමයි... ඔවුන් තනිවම හෝ ඔවුන්ගේ පන්තියේ මිතුරන්, දෙමාපියන් හෝ මිතුරන් සමඟ එක්ව කියවනවාද යන්නයි.
ඔබට ඔබේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ මිතුරන් සමඟ නිවසේදී හෝ පොදු ස්ථානයකදී කියවීමෙන් සංවිධානයක් ලෙස එකතු වී අප්‍රේල් මාසය තුළ " D.E.A.R. දිනය සැමරීමට හැකිය.
පොදු පුස්තකාල වල
පාසල් වල, විශ්ව විද්‍යාල වල මෙම දිනය වෙනුවෙන් ක්‍රියාකාරකම් නිර්මාණය කළ හැකිය.දිගු කාලීන ව්‍යාපෘතියක් ලෙස මෙය රටේ ව්‍යාප්ත කළ හැකිය.මෙය ඔබට නිරන්තරයෙන් පොත් කියවීමට ප්‍රිය කරන අනෙකුත් සාමාජිකයින් සමඟ පොත් කියවා සාකච්ජා වට තබමින් සාකච්ඡා කිරීමට අනගි අවස්ථාවකි.ඒ ඔස්සේ ඔබට පොත් සමාජයක සාමාජිකයෙකු වීමටද හැකිය.
නිලක්ෂි බණ්ඩාර.
2025/04/12.
/
මම නම් කොහොමත් හැකි හැම වෙලේම කියවනවා..
ReplyDeleteඒකනේ අඟහරුවෝ
Delete