Sunday, May 4, 2025

පර්සියානු කවි රූමි.



ජලාල් අද්-දින් මුහම්මද් රූමි 13 වන සියවසේ විසූ පර්සියානු කවියෙකු, ඉස්ලාමීය විද්වතෙකු, දේවධර්මාචාර්යවරයෙකු සහ සුෆි ගුප්ත විද්‍යාඥයෙකු වූ අතර ඔහු විසින් රචිත කෘති කාලය, භාෂාව සහ ආගම ඉක්මවා ගිය දැනුමකින් පරිපුර්ණය.1207 සැප්තැම්බර් 30 වන දින බල්ක්හි (වර්තමාන ඇෆ්ගනිස්ථානයේ) උපත ලබා පසුව (වර්තමාන තුර්කියේ) කෝන්යා හි පදිංචි විය.
රූමි සතු අධ්‍යාත්මික කවිත්වය සියවස් ගණනාවක් පුරා නැගෙනහිර සහ බටහිර දේශයන්හි  නිර්මාණ චින්තනයට ප්‍රබල ලෙස බලපා ඇත.රූමි සිය කාව්‍යකරණයේදී පර්සියානු සහ අරාබි භාෂා භාවිතා කිරීම සිදු කර ඇත.ඔහු සියවසේ කවියා ලෙසද නම් දරා ඇත.

ආධ්‍යාත්මික දර්ශනය සහ සුෆිවාදය රූමිගේ කාව්‍යය හදවතෙහි දිව්‍යමය  ප්‍රේමය විය.ආත්මය සහ ස්වකිය ප්‍රේමවන්තයා හදවතින් එක්කරන බලවේගය දෙවියන් ලෙස ඔහු අර්ථ දක්වයි. ඔහු විසින් රචිත නිර්මාණ ප්‍රේමය, දයාර්දය, ආශාව, එක්වීම සහ වෙන්වීම , දිව්‍යමය ආධුලනය (මත්වීම ), ආත්මයේ පරිවර්තනිය ගමන් මග යනාදී විවිධ තේමා ඔස්සේ ලියවී ඇත.

ඔහුට අනුව  " ආදරය යනු අධ්‍යාත්මික ආලෝකනය කරා යන ගමන් මාර්ගය බවත්, දිව්‍යමය ප්‍රබවස්ථානයෙන් වෙන්වීම, සහ මතකයන් තුළින් පමණක් ආශාවක් ඇති කළ හැකි බව ඔහු විශ්වාස කර ඇත." 

රූමි අපට පවසන්නේ අප සොයන සියල්ල - සාමය, ආදරය, සතුට - අප තුළ දැනටමත් ඇති දෙයක් බවයි. එය සෙවීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට අපගේ මනස නිශ්චල කර එය අත්විඳීමට අවශ්‍ය වන බවයි.

රූමිගේ අධ්‍යාත්මික චින්තනය ගැඹුරින් හැඩගස්වා ගැනීමට ප්‍රධාන සාධකය වුයේ ඔහුගේ අධ්‍යාත්මික සහකරු සහ අධ්‍යයන විශ්වවිද්‍යාලය වූ බවට පත් වූයේ ඩර්විෂ්වරයෙකු වූ ෂම්ස්-ඊ-තබ්‍රිසි ය. ඔවුන්ගේ තිබුණු සම්බන්ධතාවයේ ගැඹුරු බව සේම අවසානයේදී සිදුවූ ෂම්ස් ගේ අතුරුදහන් වීම රුමිගේ ජිවිතයට බෙහෙවින් බලපෑ කරුණකි.ඒ සමගින් රුමිගේ හදවත අභ්‍යන්තරයේ සිදුවූ කඩා වැටීම ඔහුගේ කාව්‍ය නිර්මාණකරණයට ධනාත්මක ලෙස බලපෑවේ ඔහු ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවකු බව මොනවට පැහැදිලි කරමිනි.

බොහෝ විට පර්සියානු භාෂාවෙන් කුර්ආනය ලෙස හඳුන්වනු ලබන  "මස්නාවි-යේ මනාවි” යනු  පොත් හයකින් යුත් විශිෂ්ට කාව්‍යමය  කෘතියකි. මෙම කෘතීන් පෙළ සුෆි ඉගැන්වීම්, ජනප්‍රවාද, මිත්‍යා කථා සහ ගැඹුරු පාරභෞතික තීක්ෂ්ණ බුද්ධිය හා මුසුවුන අපුරුව ලියමන් වේ. එම හේතුවෙන් මෙය රුමි විසින් රචිත විශිෂ්ඨතම කෘතිය ලෙස සැලකේ.

 දිවාන්-ඊ ෂම්ස්-ඊ තබ්‍රිසි යනු තමස් වෙනුවෙන් කැප කල ගසල්(ගීත කාව්‍ය ) එකතුවකි. ඔවුන්ගේ ගැඹුරු හැඟීම්, ජිවිතයේ ගැඹුරු දාර්ශනික බව , අත්භූත ලලාසාවන් මේ නිර්මාණ ඔස්සේ කවියට නගා ඇත.

ෆිහි මා ෆිහි (“එය එයයි”) යනු රූමිගේ ගද්‍ය දේශන එකතුවකි. ඔහුගේ අධ්‍යාත්මික තීක්ෂ්ණ බුද්ධිය පිළිබඳ වඩාත් තහවුරු වන නිර්මාණ පෙළකි.

රූමිගේ කවි අසංඛ්‍යාත ප්‍රමාණයකින් විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇති අතර, ඔහුගේ කෘතීන් බටහිර ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන කවියෙකු නොරහසකි..ඔහුගේ කාව්‍ය නිර්මාණ , ක්‍රිස්තියානීන්, යුදෙව්, හින්දු, බෞද්ධ සහ අධ්‍යාත්මික සොයන්නන් යන සෑම තරාතිරමකම පුද්ගලයින්ගේම හැඟීම් සමග අනුනාද වේ. මන්ද එම නිර්මාණ ,ආශාවන්, හැඟුමන් සමගින් විශ්ව ශක්තිය හා සිදුවන මානවීය පරිවර්තනය පිලිබඳ එළිදක්වන බැවිනි.

රූමිගේ භාෂාව සශ්‍රීක, සංකේතාත්මක සහ රූපක වලින් පිරී ඇත. පාරභෞතික සංකල්ප නිරූපණය කිරීම සඳහා ඔහු ස්වභාවධර්මය, ආදරය, සංගීතය සහ එදිනෙදා ජීවිතයෙන් ලබාගත් රූප භාවිතා කළේය.

ඔහු මෙම නිර්මාණ ඔස්සේ පාඨකයින්ට ගැඹුරින් ජිවිතයට එබී බැලීමට ආරාධනා කරයි.ඒ සඳහා ඔහු උත්ප්‍රාසය , විරෝධාසය සහ කතන්දර කිම් භාවිතා කර ඇත. ඔහුගේ නිර්මාණවලට බොහෝ විට බට නලා ,සලබයින් වයින් සංකේත වේ.ඒ ඔස්සේ

බට නළාව මිනිස් ආත්මය එහි ප්‍රභවය සමඟ නැවත එක්වීමට ඇති ආශාව සංකේතවත් කරයි. 
සලබයා සහ ගිනි දැල්ල ඔස්සේ දිව්‍යමය ප්‍රේමයේ ආත්මාර්ථකාමිත්වය විනාශ කිරීම නිරූපණය කරන
වයින් සහ කෝප්පය ඔස්සේ අධ්‍යාත්මික ගුණයෙන් මත්වීම සහ හදවතේ  දිව්‍යමය රහස්  සංකේතවත් කරයි.

පරිවර්තක කෝල්මන් බාර්ක්ස් විසින් ඔහුගේ කෘති පරිවර්තනයට ලක් කර ඇත.රුමිගේ ආදරය, ජීවිතය සහ අධ්‍යාත්මිකත්වය පිළිබඳ කල සටහන් වල දැක්වීම් පොත්, සමාජ මාධ්‍ය තුළ බහුලව කියවීමට අසන්නට දකින්නට ලැබේ.
.
රුමිගේ ප්‍රසිද්ධ කියමන්
  • "You are not a drop in the ocean. You are the entire ocean in a drop."

  • (ඔබ සාගරයක දිය බිඳුවක් නොව ඔබ දිය බිඳුවක සාගරයයි.

  • "What you seek is seeking you."

  • සෙවීම යනු ඔබ ඔබවම සොයා ගැනීමයි (අවබෝධ කර ගැනීමයි.)

  • "Let yourself be silently drawn by the strange pull of what you really love." 

  • ඔබ සැබවින්ම පෙම් කරන දෙයෙහි නුපුරුදු  ආකර්ෂණයට, නිහඬවම  ආකර්ෂණය වීමට ඔබටම  ඉඩ දෙන්න

  • Beauty surrounds us, but usually we need to be walking in a garden to know it.

  • සුන්දරත්වය අප වටා පවතී.නමුත් අපිට එය දැක ගැනීමට නම් උද්‍යානය තුළ ගමන් කිරීමට අවශ්‍යය.

රුමිගේ  කාව්‍යයන් වලට භාවිතා තේමාවන්. :
  • Divine Love and Union (දිව්‍යමය ගුණයෙන් මත්වීම )

  • Mystical Intoxication (ගුඪ තාන්ත්‍රික මදයට එළැඹීම.)

  • The Pain of Separation (වියෝවේ වේදනාවන් )

  • Inner Transformation( අධ්‍යාත්මික රුපන්තරණයන්

  • Silence and the Ineffable

  • නිහඬතත්වයේ සැඟවුණු හැඟුමන්

රූමිගේ කවිය හුදෙක් සාහිත්‍යයක් නොවේ. එය ජීවමාන අධ්‍යාත්මික මාවතක් වන අතර, පාඨකයාව නිහඩව අධ්‍යාත්මික ඇතුලාන්තය, ආදරය සහ එකමුතුව   වෙත රැගෙන යයි.ඔහුගේ කවි ආගමික හා සංස්කෘතික සීමාවන් ඉක්මවා යමින් විශ්වීය මානව හැඟීම් ගැන කතා කරයි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........