එස්නා යනු ඊජිප්තුවේ ඇති නයිල් නදියේ ඉහල ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි.ටොලමික් යුගයේ සිට ඉදිකිරීම් ඇරඹි බව කියවෙන එස්නා නගරය ග්‍රීක -රෝම යුගයේ (ක්‍රි.පූ. 332 - ක්‍රි.ව. 350) සමයේ කල නිර්මාණ අතුරින් ඉතිරිව ඇති ප්‍රධාන දේවාල හයෙන් එකකි. අනෙක් දේවල වන්නේ වන්නේ ෆිලේ, කොම් ඔම්බෝ, එඩ්ෆු, ඩෙන්ඩරා සහ ඇත්‍රිබිස් ය.එලෙසම එස්නා යනු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වඩාත්ම කීර්තිමත් නගරවලින් එකක් වූ අතර, රෝම සහ ටොලමික් යුගවලදී මෙම ප්‍රදේශය වටා ඇති විහාරස්ථානවල ඔවුන්ගේ බලපෑම දැඩි ලෙස සටහන් කළ හැකි අතර, එය ඛ්නුම් දේවාලය ලෙසද හැඳින්වේ.
පුරාණ ඊජිප්තු භාෂාවෙන් එස්නා "සෙනාට්" ලෙස හැඳින්වූ අතර පසුව එය ග්‍රීකයන් විසින් "එස්නා" ලෙස හැඳින්වූ අතර එහි අර්ථය "මාළු නගරය" යන්නයි, මන්ද මාළුවා දිව්‍යමය නිරූපකයක් වූ අතර දැන් එස්නා දේවාලය පිහිටා ඇත.
දකුණු ලාක්ෂෝර් වල සිට කිලෝමීටර් 54ක් දුරින් ඇති එස්නා හි අදහන දෙවිවරුන් අතර ඛුනුම් ,නේට් , මෙන්හිට් ප්‍රධාන වේ.2018 සිට, එස්නා හි (ක්‍රි.පූ. I සියවස) ඛ්නුම්, නේට් සහ හෙක් යන පුරාණ ඊජිප්තු දේවාල ඊජිප්තු-ජර්මානු-ප්‍රංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක කොටසක් ලෙස මහා පරිමාණව ප්‍රතිසංස්කරණයකට භාජනය වෙමින් පවතී.ඊජිප්තු පුරාවෘතින්ට අනුව ක්නුම් යනු මිනිස් වර්ගයාගේ නිර්මාතෘවරයා ලෙස විශ්වාස කරති., මැටි බඳුනක් මත මැටියෙන් මිනිසෙකු නිර්මාණය කළ දිව්‍ය කුඹල්කරුවෙකි. ඔහු ඊජිප්තුවේ රජවරුන්ට සහ ඔවුන්ගේ යටත්වැසියන්ට දිව්‍ය කැමැත්ත ප්‍රකාශ කරන ලද ශ්‍රේෂ්ඨ අනාවැකි කියන්නෙකු ලෙස ද සැලකේ. බොහෝ විට නිරූපණය කර ඇත්තේ බැටළුවෙකුගේ හිසක් ඇති මිනිසෙකු ලෙසය. එහෙයින් ක්නුම් ට උපහාරයක් ලෙස මෙම මාලිගාව ගොඩ නැගු බව කියවේ.
මෙම ප්‍රතිසංස්කරණ යන්හි අරමුණ වන්නේ මුල් සිතුවම් මත ඇති ඛනිජ වර්ග වලින් සාදන ලද තීන්ත සංරක්ෂණය කර ව්‍යුහයේ වාස්තු විද්‍යාත්මක අංග හෙළිදරව් කිරීමයි.ප්‍රතිසංස්කරණය කේන්ද්‍රගත වී ඇත්තේ දේවමාළිගාවේ සංරක්ෂණය කරන ලද එකම කොටස වන ප්‍රෝනෝස් (දේවමාළිගාවේ ප්‍රධාන කොටසට පිවිසෙන දොරටුව ඉදිරිපිට ඇති ගෘහස්ථ ශාලාවක්) වෙතය.
එස්නා දේවාලය දහඅටවන රාජවංශයේ III වන තුත්මෝසිස් රජු විසින් ස්ථාපිත කරන ලද අතර, පසුව ක්‍රි.ව. 40 සිට 250 දක්වා රෝම අධිරාජ්‍යයන් විසින් එය සම්පූර්ණ කරන ලදි.මධ්‍යම රාජධානියේ එය වැදගත් දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, ඊජිප්තුවේ නව රාජධානියේ එය ප්‍රධාන වෙළඳ ස්ථානයක් විය.
එලෙසම ඊට අමතරව, මෙම දේවස්ථානයේ පුස්තකාලයක් සහ ප්‍රදේශයේ පුරාණ ඊජිප්තුවරුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් ද පිහිටා තිබුණි. සියවස් ගණනාවක් පුරා, එස්නා දේවාලය එහි විශාලත්වය සහ නයිල් ගං ඉවුර අසල පිහිටීම නිසා අපූරු සංචාරක ආකර්ෂණයක් ලෙස පවතී.
මෙම දේවමාළිගාවේ ඇති වඩාත්ම සිත්ගන්නාසුලු නිර්මාණය වන්නේ තාරකා විද්‍යාත්මක නිරූපණයන්ගෙන් සරසා ඇති වහලයයි.දේවමාළිගාවේ දොරටුවේ වම් පැත්තේ, ඔබට අහසට අධිපති දේවතාවිය වන නට්, සුනඛ තාරකාව,ඔරායන් පටිය සහ ඇල්ෆා ඩ්‍රැකෝනිස් ( මකර තරුව) දැකිය හැකිය.දේවමාළිගාවේ බටහිර දෙස පිහිටි බිත්තියේ, ඔබට යුද්ධයට අධිපති දෙවියා වන හෝරස් දෙවියන් සහ ක්නම් දෙවියන් නයිල් ගඟෙන් මාළු පිරුණු දැලක් ඇදගෙන යන ආකාරය මෙන්ම කුරුල්ලන්ගේ ඊට ලැබෙන සහයද දැක ගත හැකිය.
පළමු දේවමාළිගාව පැවති සමයේදී (ක්‍රි.පූ. 1200-586), දාවිත් රජු ජෙරුසලම යටත් කරගෙන එය තම අගනුවර බවට පත් කිරීමෙන් පසු, ක්‍රි.පූ. 1000 දී සලමොන් රජු විසින් පළමු දේවමාළිගාව ඉදිකරන ලදී. ක්‍රි.පූ. 586 දී බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජෙරුසලම යටත් කරගත් විට දේවමාළිගාව විනාශ කරන ලදී.
එස්නා දේවාලය ලක්සෝර් සහ අස්වාන් අතර පිහිටා ඇති අතර, ඔබට ලක්සෝර් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් මෝටර් රථයකින් එය නැරඹිය හැකිය. නයිල් නදියේ ඇති කෲස් නෞකාවකින් මෙම අපූරු දේවාලය නැරඹීමට හැකිය.
නූතන එස්නා නගරය සංචාරකයින් අතර ප්‍රසිද්ධ වන්නේ 1906 දී බ්‍රිතාන්‍යයන් විසින් නයිල් ගඟ මත ඉදිකරන ලද බැරේජ් පාලම් සහ 1990 ගණන්වල ඉදිකරන ලද “විදුලි පාලම” නිසාය. කයිරෝවේ සිට සැතපුම් 485ක් දුරින් පිහිටි එස්නා නගරය නයිල් ගඟේ බටහිර ඉවුරේ පිහිටා ඇත.
නිලක්ෂි බණ්ඩාර
18/05/2025.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........