කවිය යනු පුද්ගලයකුගේ හදවත කියවීමකි. තවත් අතකින් කිවහොත් ගසක තුරුපත් සැදී තවත් දවසක පස සරු කරන්නාක් මෙන් අනාගතයට සාරවත් යමක් එකතු කිරීමකි. ප්‍රියංගිකා ශ්‍යාමලී කිවිඳිය පරිසරය හා බැඳී ලිවූ ආදර වරුසා,ඊර්ශ්යා වලප දේදුණු මැකෙයි වැනි කවි පෙළවල් කියවන විට මට මේ අදහස සිතට නැගුණි.
ඇය පෙරවදනින් අපට පවසන්නේ කුටුම්භය තුළදී ස්ත්‍රීත්වය මුහුණ දෙන ගැටළු, ඇගේ භූමිකාව සෑම කාන්තාවකටම පොදු ලක්ෂණ වලින් යුක්ත බවයි.පර්ල් එස් බක් ලේඛිකාව විසින් ලියන ලද සෑම ආසියානු කතාකටම හිමිවූ භූමිකාව නියෝජනය කරන සාරභූමි" නව කතාව මෙහිදී සිහියට නැගේ.,
"මන් අමුතු පෙම්බරියක් " කවි පෙළ සියළු දෝමන්නස්සයන් උසුලාගෙන සිනාසී මලක් මෙන් පිපිමට වෙර දරණ ගත පෙළන ගිම්හානයේ උණුසුමෙන් පවා සැනසුමක් සියන කාන්තාවන් පිළිබඳව විවරණයක් කරයි.
එමෙන්ම "ප්‍රේමයේ ලුණු රහ "කවි පෙළ කාන්තාවන් සැමියාගෙන් බලාපොරොත්තු වන ආදරය නොලැබුන තැන, ඔහුගේ උපහාස අපහාස ඉවසන ආකාරය
"ඇදලා අරගෙන අත
හදාගන්නට අමාරුවෙන්
හිත" වැනි පද පේළි වලින් උපහාසයෙන් යුතුව රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරයි.
කාන්තා සිරුරු , මාතෘත්වය ,රූපලාවන්‍ය , රතු තොල් , විවහා වූ පසු විශේෂයෙන්ම රතු පාට පොට්ටු තබන ගැහැණිය.... අනේකවිධ ලක්ෂණ වලින් යුක්තය.තවත් සිතීමට බොහෝ දේ ඇත.ප්‍රියංගිකා සොයුරිය "රතුපාට ගැහැණු " අනර්ඝ නිර්මාණයකි.
පවතීන දේශපාලනය ,එතුලින් ගිලිහි ගිය කාන්තා නිදහස වැනි සමාජයීය කරුණු සමහර තැනක ප්‍රියංගිකා කිවිඳිය විසින් වස්තු බිජ කොටගෙන ඇත.
"එයාට දහසයිලු හද සසළ කරවන මෙවැනි තවත් පුවතකි.මෙම අසාධාරණ කම් කොට නිදහස් වූ ආකාරය ප්‍රියංගිකා සොයුරිය විසින් තම කවියට පාදක කර ගනී.
කවි පෙළවල් 43කින් යුතු මං අමුතු පෙම්බරියක් විවිධ විෂය පථයන් සහ මානයන් ඔස්සේ කරන සමාජ විවරනයකි.
නිලක්ෂි බණ්ඩාර.
24/05/2025.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........