
මහාචාර්ය හේමපාල විජයවර්ධනයන්ට අනුව කවියාගේ මාධ්‍යය වචන වේ.රස නිපදවීම සිදුවන්නේ කවියා වචන හසුරුවන ආකාරයේ දක්ෂකම උඩයි.කාව්‍ය විචරයෙදී මෙන්ම රසස්වාදයේදීත් සහුර්දයාගේ විග්‍රහයට හසුවන්නේ මේ වචන ප්‍රබන්ධයයි.ඔහු රසය දකින්නේ මේ කවාටය තුළිනි.එහෙයින් කාව්‍යයක අගය විමසිය යුතු වන්නේ භාෂාව හෙවත් වචන සමුහය පරික්ෂා කිරීමෙනි, කාව්‍යයේ පරමාර්ථ පරික්ෂා කළ හැකි වන්නේ එම පරමාර්ථය සාර්ථක වී ද යන්න සලකා ගත හැකි වන්නේ වචන යන මාධ්‍යය තුළින් පමණි.
අප ජිවත් වන සමාජයේ ,වටපිටාවේ අප දකින සිදුවීම් කේන්ද්‍ර කොටගෙන සිතේ ඇතිවන මනෝ භාවයන් කවියට නැගීම අද කාව්‍ය ලොව පුරා දක්නට ලැබෙන සිදුවීමකි. ඒ අතර රැකියා ස්ථානයන්හි ඇතිවන ගැටළු , කුටුම්භය තුල ඇතිවන සියුම් වූ ඝට්ටනයන් මවුපිය දරුවන තුල ඇතිවන සුළු සුළු ගැටුම් ඔවුනතර ඇතිවන සෙනෙහස , ප්‍රේමය වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙන අනෙක විධ ඝට්ටනයන් අපට ඉතාමත් අපුර්ව ලෙස චම්පිකා විජේසිංහ මහත්මිය විසින් රචනයට පත්‍ර කරන ලද එක වහල යට කාව්‍ය සංග්‍රහයේදී රස විඳින්නට ඉඩ හසර ලබා දී තිබේ.
සාමාන්‍ය මනෝභාවයන්ට වඩා විරෝධාකල්ප හැඟීම් දනවන නිර්මාණද අපට රසවිඳීමට ඇය ඉඩ සලස්වා තිබීම විශේෂිත වූ කරුණකි. උපමා රූපක ඉතාමත් අඩු සංඛ්‍යාවක් කවියට උපයුක්ත කර ගනිමින් මෙම සෑම නිර්මාණයක්ම පාහේ ඇය නිර්මාණගත කර තිබේ.සෑම නිර්මාණකරුවකු ම පොදුවේ භාවිත කරන උපමාවන්ට වඩා තමන්ට පමණක් අවේණික වූ උපමා හා සංකේතයන් ඇය මෙහිදී භාවිතා කර තිබෙනු රස විඳින පාඨකයාට දක්නට ලැබේ. එමෙන්ම අපිට රසවිඳීමට ඉඩ ලබා දී ඇති නිර්මාණ තුලට උපහාසයද ගැබ් කර තිබීම තුලින් සමාජයේ සිදුවන සිදුවීම් හාස්‍යට ලක් කිරීම මෙම නිර්මාණ ඔස්සේ සිදුවී ඇත.
ධ්වනිවාදය අපට මෙම නිර්මාණ තුළින් දක්නට ලැබෙන අතර වච්යර්ථය යටපත් කරගෙන නැගෙන්නාවූ ව්‍යන්ග්‍යර්තයෙන් යුත් කාව්‍ය නිර්මාණ මෙම ග්‍රන්ථය ඔස්සේ දකින්නට ලැබේ.මෙහිදී මුලික ලක්ෂණයක් වන්නේ වච්යර්ථයට වඩා ව්‍යන්ග්‍යර්තය වැදගත් ස්ථානයක් දැරීමයි.
එම ව්‍යන්ග්‍යර්තයෙන් උපහාසය දනවන ලද කවියක් ලෙස ඇය විසින් පොතට අන්තර්ගත කර ඇති පැය අටේ මිතුරිය කාව්‍ය නිදසුනක් ලෙස ගත හැක.
එක පතේ වලඳනා
මුහුණට සිනා පා
කෙළිකවට බස් තෙපලන
පසුපස හැරී සැනෙකින්
ඇද පළුදු අහුලන
මේ කවියෙන් අප ජිවත් වන වටපිටාවේ ඇති කැඩී බිඳී යන මානුෂිය සම්බන්ධතා පිලිබඳ ඉඟියක් නොවේද ?අප අපේම යයි හැඟීමෙන් සිතා සිටින පුද්ගලයින්ම අපට මුහුණට සිනා සි අපට වරදින්නේ කොයි මොහොතේදැයි සිතමින් සිටිනාකාරය අප නොසිතු මොහොතක අපට වරදක් වූ විට සිනාසීමට බලාගෙන සිටිනයුරු උත්ප්‍රස රසය ගැබ් කරවමින් මෙම කවියේ අනුභූතිය කර ගැනීම ඉතාමත් අපුරුවය.
එලෙසින්ම 176 කතාවක් කාව්‍ය තුලින් තම අසරණකම නිසාවෙන්ම මහා මග සිටින මිනිසුන්ගේ අතෘප්තිකර හැඟීම් සංතෘප්ත කරවන මිනිසුන් විසින් විවිධ නාමකරණයන්ට ලක් කරන අසරණ වූ ගැහැණියකගේ මාතෘත්වය පිලිබඳ හදවත සංවේදනාත්මක හැඟීමකින් ස්පර්ෂිත කරවයි.මෙහිදී තම දියණියගේ සැප සතුට උදෙසා තම ජීවිතය සහ ආත්මය කැප කරන ආකාරය මෙම කවිය ඔස්සේ රස විඳින පාඨකයාට විඳිය හැක. ඒ වුනත් ඇයගේ සිතේ දුවණිය පිලිබඳ වෛරයක් හෝ කෝපයක් හට ගන්නේ නැත. ඇතිවන්නේ දාරක සෙනෙහසක් සහ ප්‍රේමයක් පමණි.
ඒ බව මනාව වටහාගත හැක්කේ
මා සතු එකම වත්කමය ඈ
පිය උණුසුම අහිමි
සියුම් අතැඟිලි වලින් මා වෙළා
නෙක සුරතල් වදන් දොඩන්නි
මගේ තාත්ති කෝ අසන්නි
අහිමි පිය සෙනෙහස අභිබවා මෙම කාන්තාව දරුවාට මවු සෙනෙහස පුදන්නිය. පියාත් මවත් යන දෙදෙනාම විසින් දැරිය යුතු වගකීම් සියල්ලම මැය සියලු දුක් දරමින් දරුවාට නොපෙනෙනට කඳුළු සලමින් උසුලන්නිය.පුර අඟනක් වුනත් ඇයගේ සිතේ ඇති දාරක සෙනෙහස මුළු කාව්‍ය පුරාවටම අපිට දක්නට ලැබේ.
එම සෙනෙහස නිසාවෙන්ම එදින ඇය හමුවට එන ගණුදෙනුකරුගෙන් දියණියව සත්තු වත්තට කැඳවා ගෙන යාම පිණිස ඉඩ දෙන ලෙස දයනුකම්පත ව අයාචනා කරනු ලබයි.එය
අදට නිදහස දෙන්න
ඇයට ඕනැලු
සත්තුවත්තට යන්න
ඉතාමත් සරල භාෂාවක් ඇය තම හැඟීම් නිරුපණය කිරීම උදෙසා භාවිත කරන අතර සරල කව්යෝක්ති ඔස්සේ තම හැඟීම පාඨකයා වෙත ලංකරනු දැකිය හැක.මෙම සෑම කාව්‍යයක් ඔස්සේම රචිකාවගේ ප්‍රතිභා ශක්තිය ඉස්මතු කරවයි.එනම් ඇය විසින් අප මැනවින් දකින අසන දේ ඇසුරින් අපුර්වතම නිර්මාණය කිරීමයි.එම නිර්මාණයට හේතුවන අමුද්‍රව්‍ය අප ඇස ගැටෙන සිදුවීම්ය.
ප්‍රතිහාව පරිකල්පන ශක්තිය ඔස්සේ ගොඩ නැගෙන්නකි.එම පරිකල්පන ශක්තිය මැනවින් ගොඩ නැගෙන නව සංකල්පනා රූප බිහි කල තවත් කාව්‍ය නිර්මාණයක් නම් පහන් කණුව පාමුල නාදුනන පුතුට කවයි.
නුවර වැව අද්දර
වීදි පහන් කණුව පාමුල
නෙතු අලවා පාඩම් පොතෙහි
නොසැලී සෙල් රුවක් සේ
පුතුනි නුඹ සිටියා
එක අහඹු මොහොතක
කළුවර සළු පෙරවූ
පාළු සීත රැයක හුදකලාව
මහා රැයේ විදි සරණ කාන්තාවකට පහන් එළියෙන් පාඩම් කරන පාසල් දරුවකු දක්නට ලැබේ. එම රාත්‍රිය බොහෝ සීතලය පාලුය මදුරුවන් ගී ගයන රැයකි.එම දරුවා ඇයගේම දරුවකු නොවුනත් තම දිවිය වෙර විරියෙන් ගොඩ ගැනීමට දරන උත්සාහය දැක ඇයගේ පපුව දවා යයි. ලොව කොයි මවත් එකම දරු දුක විඳින බව මෙම කවිය ඔස්සේ අපිට තෙරුන් ගත හැක..එම නිසාම ඇය ඔහු කෙරෙහි සෙනෙහෙ සිතින් සිදු කරන ප්‍රාර්ථනාව අවසන් කවියෙන් අපිට රස වින්දනයට ලක් කල හැක.
දැනෙන දැනෙන කුස ගින්දර නිවියන්
උණන උණන කඳුළු සුසුම් මැකියන්
තබන තබන පියවර මල් පිපියන්
දකින දකින සිහින සැබෑ කෙරියන්.
මෙම කාව්‍ය කෘතියෙහි ඇතුලත් වූ කාව්‍ය අතුරින් මා සිත්ගත් කාව්‍ය වුයේ මෙයයි.මේ ඔස්සේ සමාජයේ පවතින දරිද්‍රතාවයේ ඇතුලාන්තය දරුවන්ට බලපාන අන්දම මැනවින් පෙන්නුම් කරනු ලබයි,
චම්පිකා විජේසිංහ මහත්මියගේ මෙම කුළුඳුල් කාව්‍ය කෘතියෙහි ඇති කුඩා අඩුලුහුඬුකම් සාදාගෙන සතාතාබ්යාසයෙහි යෙදීම මගින් මෙම කාව්‍ය කරණය තව තවත් වැඩි දියුණු කර ගත හැකි බව හොදින් වැටහේ. එක තැනක නොරැඳී වෙනස්වෙන කාව්‍ය බස තව දුරටත් වර්ධනය කරගනිමින් පොදු නොවූ විවිධ ආකෘති ඔස්සේ නිර්මාණ සිදු කරමින් නිර්මාණකරණයෙන් ගුණාත්මකව දිගු දුරක් යාමට චම්පිකා මහත්මියට හදවතින්ම සුබ පැතුම් එක් කරමි.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........