Tuesday, October 8, 2019

ADHD නොහොත් අධි ක්‍රියාකාරි බව




මොලයේ රසායනික වෙනස්වීම් ADHD තත්වයට ප්‍රධාන හේතුව වන අතර මොලයේ ඇතිවෙන Dopamine යන රසායනික හෝර්මෝනය නිපවදවිම අඩුකම ලෙස මෙය හැඳින්වේ. සාමාන්‍ය ජිවිතයේ කරමින් පැවති කටයුතු පිලිබඳ අවධානය අඩුවීම ,අසාමාන්‍ය කලබලයකින් සහ වේගයකින් කටයුතු කිරීම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිවීම මෙම රෝගීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ වලින් කිහිපයකි.මෙය Attention Deficit Hyperactive Disorder යන නමිනුත් හැඳින්වේ. මෙය චර්යාත්මක රෝගයක් ලෙසත් නම් කර තිබේ.එනම් Neurol-Behavioral  Disorder ලෙසත් හඳුනා ගෙන ඇත. 

 මෙම තත්වය කුඩා කලදීම දෙමවුපියන්ට හඳුනා ගත හැකි අතර ඖෂධ මගින් මෙය පාලනය කල හැක.දැනට කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ දුම් පානයට ඇබ්බැහි වුවන්ගේ දරුවන් මෙම තත්වයට බොහෝ විට ගොදුරුවන බවයි.දරුවන් මෙම තත්වයට ගොදුරු වී ඇත්දැයි මැන බලන්නේ ඇමරිකානු ළමා රෝග සඳහා වූ වෛද්‍ය සමුළුව විසින් හඳුන්වා දුන් මාර්ගෝපදේශන නිතිමාලාව ඔස්සේය.මාස 6කට වඩා මෙහි සඳහන් ලක්ෂණ වලින් දරුවා පෙලේ නම් එම දරුවා අධි ක්‍රියාකාරී දරුවකු බව වෛද්‍යවරුන් නිගමනය කරයි.

ADHD රෝගයේ ප්‍රබේධ 3

1.අධි ක්‍රියකාරිබවින්  හා දැඩි අවේගයෙන් යුක්ත දරුවන්
2.ඌන  අවධානයෙන් යුක්ත දරුවන්
3.අවේගාත්මක සහ අධි ක්‍රියාකාරී යන ලක්ෂණ දෙකෙන්ම යුක්ත සංයෝජිත දරුවන්

අධි ක්‍රියාකාරී දරුවන්ගේ ලක්ෂණ

1.අවේගශීලි බව
2.අවධානය අඩුකම
3.අවධානම් ක්‍රියාවන්හි යොමු වීම
4.සවන් දීමේ අඩුකම
5.නිරතුරුවම චලනයේ දීම (අතපය නිතර සෙලවීම )
6.ක්‍රීඩා කිරීමේදී හෝ වාදක නිරතවීමේදී එක දිගට එම වැඩෙහි නියැලීමට නොහැකි වීම
7.අන් අයගේ වැඩ වලට බාධා කිරීම
8.ඇරඹු වැඩක් අවසන් කිරීමට මැලි වීම
9.හැමවිටම කේන්තියෙන් සිටීම
10.සහයෝගයෙන් ක්‍රියා නොකිරීම
11.නොසැලකිලිමත් බව

ADHD තත්වය ඇතිවීමට හේතු

1. Anxiety හෙවත් සංකාව
2.Depression හෙවත් මානසික අවපාතය  සහ විෂාදය
3. මානසික අවපීඩනය
4.ජානමය තත්වයන්
5.මොලයේ රසායනික සංකුලතාවයන්
6.උපත්බර අඩුවීම
7.දෙමවුපියන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට යොමු වීම
8.ස්නායු පද්ධතියට ඇතිවන හානි
9.Bipolar Disorder හෙවත් බයිපෝල අක්‍රමිකතා
10.අඩු බරින් සහ අඩු මාසයෙන් ඉපදීම
11.අක්‍රිය දුම් පානය
12.කෘතීම වර්ණකාරක සහිත අහාර භාවිතය
13.නිවසේ ඇතිවන විරසක වීම් සහ වෙන්වීම් මෙන්ම ඝට්ටනයන් නිතර දැකීම
14.අධික ඝෝෂාකාරී බව

ප්‍රතිකාර ක්‍රම

1.විශේෂ පුහුණුවක් ලැබූ මනෝ උපදේශකයකුගේ මනෝ උපදේශනය
2.කෙටිකාලීනව ලබා දෙන ප්‍රතිකර්ම
3.අතරමැදි  ප්‍රතිකර්ම සහ ඖෂධ
4.දිගුකාලින ඖෂධ
5.Family Counselling සහ Behavioral therapy ලබා දීම

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........