"... ජීවිතයේ පරාජයක් පසුතැවිල්ලක් ඇතිවුනාම , මට පාඩම් කරන්න අපහසුයි.හැමදෙයක්ම එපා වෙනවා වගේ දැනෙනවා.මම එතකොට ජේන් අයර් කියවනවා..."
මේ දිනක් මගේ හොදම මිතුරියක් කියපු කතාවක්..
ජේන් අයර් යනු විශ්ව සාහිත්‍යධර චාලට් බ්‍රොන්ටේ විසින් 1847 දි රචනයට පාත්‍ර කරන ලද අපුර්වතම කෘතියකි වේ.මෙම පොත සමාජ විවේචනයට ලක් වුන කෘතියක් වන අතර චාලට් බ්‍රොන්ටේ ජිවත් වූ සමාජීය පසුබිම මෙන්ම ඇය මුහුණ දුන් සමාජ ගැටළු සහ පීඩනය ජේන් අයර් නම් චරිතය ඔස්සේ ලොවට හෙළිදරව් කල බව විචාරකයින්ගේ මතයයි.මෙම කෘතිය විශ්ව සම්මානයට පාත්‍රිත කෘතීන් අතරට ගැනෙන අතර කාන්තාවක තම ජිවිතයේ ළමා අවධියේදී, යොවුන් අවධියේදී මෙන්ම තරුණ අවධියේදී මුහුණ දෙන සමාජීය පීඩනය හමුවේදී වෛරය , පලිගැනීම් වැනි සිතුවිලි වලින් බැහැරව මානව දයාව සහ කරුණාව වැනි උත්තුංග ගුණ වලින් යුතුව ජිවිතයට මුහුණ දෙන ආකාරය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇත.
මෙය ගොතික් සම්ප්‍රධායට අයත් කෘතියක් වන අතර මෙම කතාව ප්‍රභේදයන් පහක් ඔස්සේ ගලාගෙන යයි.මෙම කොටස් ඔස්සේ කතාව අපට දකින්නට ලැබෙන විවිධ සමාජ චෛතිසිකයන් සහ ගැටළු වඩාත් හොදින් නිරුපණය කර දක්වයි.
මාපියන් මියගොස් අනාථ දරුවකු බවට පත්වන ජේන් අයර්ව රැකබලාගන්නේ ඇයගේ මාමා විසිනි. ඇයගේ අවාසනාවට මෙන් මාමා ද මිය යන අතර , මියයාමට පෙර ජේන්ව රැක බලා ගන්නා ලෙස ඔහු තම බිරිඳ සපථ කරවා ගනියි.නමුත් , කෙටි කලකින්ම නැන්දා ගේ සහ දරුවන්ගේ වෙනස්කම් වලට තාඩන පීඩන වලට ලක්වන ඇය අනාථ දරුවන් සඳහා වූ පාසලකට ඇතුලත් වේ.එහි ශිෂ්‍යාවක, ගුරුවරියක ලෙස වසර හයක කාලයකින් පසු ළමා නේවාසිකාගාරයක සහයිකාවක් ලෙස රැකියාවකට යොමුවෙන ඇයගේ ජීවිතය විවිධ වෙනස්කම් වලට භාජනය වේ.
මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී ඇති අතර ජේන් යනු 19 වැනි සියවසේ අසම්ප්‍රධායික වීරවරියක් ලෙස දක්වයි.ඇය ජිවිතයේ මුහුණදෙන ගැටළු ජය ගන්නා ස්වාධින, ආත්ම විශ්වාසයෙන් යුතු කාන්තාවක් බව වැටහේ.මෙම කතාව රසවත්,ප්‍රේමාන්විත වන වන අතර ඇය සරාගී බැවින් යුක්ත ස්ථිර ප්‍රතිපත්ති ඇති නිදහස අගයන, නොසැලෙන යුවතියකි.එමෙන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතු පැහැදිලි හර්ද සාක්ෂියකින් හෙබි නිහතමානි තරුණියකි. ඇය වික්ටෝරියානු යුගයේ රැඩිකල්, ගැඹුරු, ස්ත්‍රීවාදී ගති ලක්ෂණ වලින් යුක්තය..
ඇය පවසන පරිදි
" කාන්තාව සන්සුන්ව සිටිය යුතුය නමුදු පිරිමියාට දැනෙන ආකාරයටම ගැහැණියටද දැනේ.ඇයට හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය වන අතර එම විෂයේදී ඔවුන්ගේ සොයුරන් මෙන්ම ක්ෂේත්යෙන් ඉහලට යෑමට උත්සුක වේ."
මෙම ප්‍රකාශය කාන්තාවන්ට පිරිමින්ගේ සමතැන ලැබිය යුතු බවත් සමාජ ආර්ථිකමය අතින් සමාන විය යුතු බවත් චාලට් බ්‍රොන්ටේ ගේ ප්‍රධාන තේමාවයි.මෙයට නිදසුනක් නම් ඇය ආදරය කරන මෙම මිනිසා සමග ජිවත් විය යුතුද ? ඇය හැර දමා ගොස් කිසියම් තැනක වැදගත් ජිවිතයක් පටන් ගත යුතුද යන උභතෝකෝටික ප්‍රශ්නයටද ඇය මුහුණදෙන ආකාරයයි.
උදාහරණයක් ලෙස මෙහිදී පාර්තා මේසන් ජේන් සහ රෝචෙස්ටර් ගේ ජිවිත අතරට තුන්වැන්නකු ලෙස පැමිණීම ගත හැකිය.පාර්තා විසින් රෝචේස්ටර්ව ගිනි තබා මරණයට පත්කිරීමට තැත් කිරීම එක් අවස්ථාවක් වේ.එමෙන්ම මානසික රෝගියකු වූ පාර්තා රෝචෙස්ටර් මැදුරේ කෙළවරක ජිවත් වීම කතාවේ අවසාන භාගයේදී හෙළි කිරීම නිසා මෙය රහස් පරීක්ෂක කතාවක ස්වරුපයක් ගනී.
ජේන්ගේ ජීවිතය යථාර්තවාදී දැක්මකින් යුතුව දක්ෂ ලෙස කතුවරිය විසින් හසුරුවා ඇති ආකාරය සුවිශේෂිය.ආගමට සහ රාගයට එරෙහිව තර්කානුකුල බුද්ධිමය විචාරශීලි බව ඇය විසින් විවිධ අවස්ථාවල යොදාගන්නා ආකාරය දක්නට ලැබේ.එමෙන්ම ආදරය සහ රාගය නිසි පරිදි පාලනය කර නොගැනීම විවිධ ගැටලුකාරී තත්වයන් පැන නැගීමට හේතුවක් බවද කතුවරිය විසින් මේ ඔස්සේ පෙන්වා දේ.
ඇයගෙන් ආදරය සංකේතවත් කරන අතරම රාගය සහ විචාරය අතර භාවාත්මක ඝට්ටනය පිළිඹිබු කරයි.ජේන් අයර් යනු කලනුක්‍රමික මතකයක් අවදි කිරීමකි.ඇයගේ ජිවිතයේ ගෙවුණු අවධීන් දෙස හැරී බලද්දී සමාජීය,අධ්‍යාත්මික සහ ආදරය සෙවීමක් දක්නට ලැබේ.මෙහිදී රාගයට එරෙහිව සොබාදහම ගැටෙන අතර ජේන් ඇගේ සදාචාරාත්මක හැඟීම් සහ නිවුණු බව වර්ධනය කර ගනියි,අවසානයේදී ජේන්ගේ අභිමතය පරිදි පවුල,ගෘන්ගාරය භක්තිමත් බව ස්වාර්ථය යන තේමා ඔස්සේ කතාව අවසානයට ලඟා වේ.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........