Wednesday, October 2, 2019

අනුන්ගේ ජීවිත , තමන්ගේ කර ගැනීමට , වෙර දැරූ සිහින කුමරිය ...

Image result for emma jane austen
අහස් කුසෙන් ඇද හැලෙන මහා වැස්ස ගම්දනවු ,දේශ සීමා මායිම් නොකර ලොවම අස්වද්දවයි.විශ්ව සාහිත්‍යයේ බිහිවන අමරණිය සාහිත්‍ය කෘති ද එසේමය.



20 වන සියවසේ සිටි ශ්‍රේෂ්ඨතම නවකතා කතුවරියක (1775-1816)  වූ ජේන් ඔස්ටින් විසින් රචනා කරන ලද "එමා " නවකතාව විශ්ව සාහිත්‍යයට එක් වූ අපුර්වතම කෘතියකි.මෙය පුර්ව ඕගස්ටියන් යුගයේ ලියවුනු නවකතාවකි. එංගලන්තයේ හැම්ෂයර් ප්‍රදේශයේ උපත ලද ඇයගේ පියා පුජකවරයකු වූ අතර එම ගම්බද පරිසරය සහ එකල එංගලන්තයේ ඉහල මධ්‍යම පාන්තික ජිවන රටාව සජීවී විස්තරාත්මක ,වාචික චිත්‍රයකට නැගීමට ඇය සමත් වුවාය.ඇය  එම පරිසරයේ චරිත සියුම් ලෙස මනෝ විශ්ලේෂණයට ලක් කලේ හාස්‍ය ද උපදවමිනි.එමා නව කතාව ප්‍රවීණ පරිවර්තක සහ ගත්කතුවරයකු වූ ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිහින කුමරියකගේ කතාවක් " නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.

ඉඩම් හිමි ධනවතකු වූ වුඩ් හවුස් මහතාගේ දියණියන් දෙදෙනාගෙන් බලයා වූයේ  එමාය. ඇයගේ  වැඩිමහල් සොයුරිය එම ප්‍රදේශයේම ධනවත් නීතිඥයකු හා විවහා වී ලන්ඩනයට පදිංචියට ගිය පසු එමා පියා සමග නිවසේ තනිවිය.එමා කුඩා කල මව මිය  ගියාය.විසිඑක් වියැති  සුරූපී එමා ව ඉන්පසු රැක බලා ගත්තේ නිවාස පාලිකාව වූ  මිස් ටෙයිලර් විසිනි.වසර දහ අටක් එම නිවසේ සේවය කල ටේයිලර් මෙනවියගේ යහපත් පාලනය  එමාගේ ජිවිතයට බෙහෙවින් බලපෑ අතර ඇය විවහා වී යෑම නිසා එමා , තව දුරටත්  හුදකලා තත්වයකට පත් විය.

සුඛෝපබෝගී ජිවිතයක් ගත කරමින් පියා සමග තනිවන එමාගේ මානසික තත්වය සීමාවකට කොටුවූ ආකරයක් මෙහිදී පැහැදිලි වේ.මේ අතර යි.. දෙමව්පියන් නොමැති බෝඩිමක හැදෙන වැඩෙන අනාථ  තරුණියක වන හැරියට් ඇයට හමුවන්නේ .හුදකලා මානසික තත්වය නිසාම හැරියට්ට සහ අසල්වාසීන්ට මගුල් ජෝඩු කිරීමට ඇය උත්සහ කරයි.තරුණ වයසේදී මෙවැනි භාරදුර කටයුත්තක නියැලෙමින් අනුන්ගේ ජිවිත වලට අතපෙවීම අත්දැකීම් අඩු තරුණියකට කෙතරම් ගැලපේද ?සත්‍යයෙන්ම මෙය එමා පිලිබඳ ව කරන මානසික විග්‍රහයකි.

මෙය සැබවින්ම සැබෑ ලෝකයත් මනක්කල්පිත ලෝකයත් අතර සැරිසරන රෝමාන්තික ශානරයේ කතාවකි.එමෙන්ම ආදරය පසුපස හඹා යන , එකට වෙලුනු චරිත වලින් පිරුණු ආදරණිය කතාවකි.ආදරය කොතැනද  , එතන වෙනස්වීම් , එපා වීම් ,කලකිරීම් සහ ඊරිසියාව එකට බැඳී සම්මිශ්‍රණය වී ඇත.මෙහිදී චරිත අතරමන් වන අතර , වැඩිහිටියකුගේ හෝ දැනුම ඇති පුද්ගලයකුගේ මග පෙන්වීමක් අවශ්‍ය වේ.තමා යායුතු නිසිමගද නොදැන බාල  කාලයේදීම අනුන්ගේ ජිවිත වලට තීරණ දීමට ඉදිරිපත් වීමේ දුර්විපාකයට මුහුණ දෙන එමා , පිරිමින්ගේ අවධානයට ලක් වේ.මෙම නවකතාවේ ඇයට හා අනෙක් චරිත වලට මගපෙන්වන්නකු ලෙස අවසානයේදී අසල්වැසියකු හා එමාගේ මස්සිනාගේ සොයුරා වූ අත්දැකීම් සහිත උගත් බුද්ධිමත් නයිට්ලී මහතා කටයුතු කරයි. හැරියට් ට ගැලපෙන  විවහා යෝජනාවක් පැමිණි විට එය ප්‍රතික්ෂේප කර ඊට වඩා විකල්පයකට යන ලෙස එමා බලපෑම් එල්ල කරයි.

"එයා හිටපු එයාට ගැලපෙන සාමාන්‍ය සමාජයට පයින් ගහලා ඉහළ  සමාජයක  බින්න බහින්න එයාට වුවමනාවක් තිබුනේ නැහැ.ඔයා තමයි ඒ වගේ හිස් අදහස් දාලා ඒ කෙල්ලගේ ඔලුව නරක කලේ ඔයා. හැරියට් ට කලේ යහපතක් නෙමෙයි."නයිට්ලි  මහතාගේ මෙම වචන අදට පවා පොදු බොහෝ කරුණු කැටිකර දක්වයි.

මෙහිදී ජේන් ඔගස්ටින්ගේ විවිධ චරිත ස්වාභාවයන්ගෙන් හෙබි මිනිසුන් ආදරය සමග ගණුදෙනු කරන ආකාරය ,එම චරිත වල සිත් හි ඇතිවන ඝට්ටනයන් හා සමාජීය තත්වයන් පිලිබඳ වූ විචල්‍ය දැනුම අපුරුවට එක්තැන් කල වෘතාන්තයක් බව මොනවට පැහැදිලි වන කරුණකි.මෙම පොතෙහි ඇති විවිධ චරිත අතර මුණගැසීම් , විවාහා ආරාධනා හා ඒවායේ ප්‍රතිපල එකිනෙක අනාවරණය කිරීම මුලාව සහ බලාපොරොත්තු බිඳවැටීම්  කතාව කියවීම කෙරෙහි පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී.

මෙම ග්‍රන්ථය ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් සහ සරල බසකින් ගලාගෙන යන ආකරය අපට හොදින් දැකිය හැකි ලක්ෂණයකි.කතුවරිය විසින් මෙහිදී භාවිත කරන ලද උත්ප්‍රාසය සහ හාස්‍ය, රසවිඳින්නාව පොතට ඇඳ බැඳ තබා ගනී.






No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........