ඔබත් නුදුරු අනාගතයේදී විවාහයට සුදානම් වන පොතට ආදරේ කරන්නෙක්ද ?බොස්ටන් හි මහජන පුස්තකාලය මගින් වාසනාවන්ත යුවල් 4කට මෙම අවස්තාව ලබා දී ඇති අතර සියලුම පහසුකම් සහිතව තම විවහා මංගලෝත්සවය නොමිලේම පැවැත්වීමට මොවුන්ට අවස්තාව මේ ඔස්සේ ලැබීම සුවිශේෂීම කරුණයි.
MCkim ගොඩනැගිල්ලේ 125ත් වැනි සංවත්සරය වෙනුවෙන් මහජන පුස්තකාලය එළඹෙන පෙබරවාරි මාසයේදී නව යුවල් 4ක් තෝරා විවහා මංගල්‍යයන් පැවැත්වීමට සුදානම් වන අතර පුස්තකාලයේ පිහිටි සුන්දර පැවිදි අශ්‍රමය මෙහිදී භාවිතයට ගැනේ.
මෙහිදී දිනුම් ඇදීමක් මගින් නව යුවල් තෝරා ගැනීම සිදුකරන අතර දිනුම ලබා ගන්නා යුවල් 4ට පෙබරවාරි 2වෙනිදා ඔවුන්ගේ විවහා මංගලෝත්සවය පැවැත්වීමට හැකි වේ.පුස්තකාලය මගින් ඔවුන්ට සියලු චාරිත්‍ර ඉටුකරමින් අංගසම්පුර්ණව මෙම මංගල අවස්තාව පැවැත්වීමට අවස්ථාව ලැබේ.බොස්ටන්හි NBC වෙබ් අඩවියට අනුව යුවලට අවශ්‍ය මල් පොකුරු, සංගීත කණ්ඩායම ජයාරූප සහ වීඩියෝ මෙන්ම සංග්‍රහ කටයුතු යන සියල්ලත් තවත් වටිනා අවස්ථාවනුත් මොවුන්ට නොමිලේම ලබා දීමට පුස්තකාල කාර්යමණ්ඩලය උත්සුක වෙමින් පවතී.එමෙන්ම මොවුන්ට මෙම අවස්ථාවේ සමරු පලක ලබාදීමක්ද සිදුවන බව පැවසේ.
මහජන පුස්තකාලයේ සභාපති පවසා ඇති ආකාරයට මෙම අවස්තාව තම පුස්තකාලය පරිශීලනය කරන්නන්ට ලබාදීම ගැන ඔහු මහත් සතුටට පත්ව සිටින අතර 125වැනි සංවත්සරය අර්ථවත් අයුරින් සැමරීමට සැමදෙනාටම මෙම අවස්තාව උපයෝගී වේයැයි ඔහු බලාපොරොත්තු වන බවද පවසා තිබේ.
මුලාශ්‍ර
https://www.nbcboston.com/news/local/Calling-All-Engaged-Couples-Boston-Public-Library-Hosting-Wedding-Ceremony-Giveaway-563213401.html
නිලක්ෂි බණ්ඩාර
28/10/2019
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........