ප්රාග් ඓතිහාසික යුගයේ පටන්ම මිනිසුන් තමන්ට දැනෙන සිතුවිලි,හැඟීම් විවිධ මාධ්‍යයන් ඔස්සේ එළිදක්වන ලද අතර ගල් ලෙන් වල ඇඳි සිතුවම්, ගල් ආයුධ ඇතුළු උපකරණ, මැටි පිළිම, උපකරණ මෙන්ම භාණ්ඩ ද ඒ අතර විය.පසුකාලීනව තම ආගමික ක්‍රියාවන් වෙනුවෙන් මැටි ප්‍රතිමා නිර්මාණය කරන්නට මොවුන් පෙළඹිණි.
මේ නිර්මාණ අතර ජගන් මාතාව නොහොත් මව් දෙවඟන ප්‍රතිමා නිර්මාණය බෙහෙවින් සුවිශේෂී මෙන්ම ආගමික වන්දනාවන් අතර ප්‍රසිද්ධ විය.හින්දුන්ට අනුව ඇය පෘතුවි මාතාව ලෙස හැඳින්වෙන අතර හින්දු මුලාශ්‍ර වල ඇය රන් සිහසුනක අසුන්ගෙන සිරින අතර ඇය අත් හතරකින් පියුමක්, සුදු හක් ගෙඩියක් ,හා පියුමක් දරාගෙන සිටින අතර අභය හස්ත මුද්‍රාවෙන් සිටින ඇයගේ වාහනය කුකුලෙකි.ඉන්දු නිම්නයේ මොහොන්දොජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පැතිර තිබුණු පන්ජාබය ,දබර්කොට් , බලුකිස්තානය , කුල්ලි ආදී බොහෝ ස්ථාන වලින් හමුවූ බොහෝ පිලි රූ කළු පැහැති වූ අතර ඉන්දු නිම්නයේ සෑම නිවසකම පාහේ පුද පුජා කරමින් ජගන් මාතාව පිදු බව කියවේ.
ඉන්දු නිම්නයේ මව් දෙවගන ව සංකේතවත් කිරීමට යෝනි රූප පිදීමද සිදුවූ අතර මව් දෙවගන තම ස්වාමියා සමග එක්වීමෙන් පොලවේ වෘක්ෂලතා ජනිතවී සශ්‍රිකත්වය වැඩි දියුණු වන බවට ඔවුන් විශ්වාස කල බැවිනි.ග්‍රීසිය ඊජිප්තුව ,බල්ගේරියාව වැනි රටවල සේම ඉන්දු නිම්නයේද මව් දෙවගන සහ සැමියා වෙනුවෙන් කෘෂිකර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් කාමොත්සව පවත්වා ඇත. එමෙන්ම මොසපොතෙනියාවේ ඉෂ්තාර් දෙවගන පිදීම ද සිදු විය.
ඒ නිසාම ඇයව පෘතුවි දෙවඟන , සශ්‍රීකත්වයේ මාතාව , විශ්වයේ මව ,කෘෂිකර්මාන්තයේ මව , භුමියේ දෙවඟන ලෙස හැඳින්වුවාය.
ඉන්දු නිම්නයෙන් හමුවූ බොහෝ පිළිරූ අතර ගර්භනී මාතාවක් , දරුවකු දෑතට ගෙන කිරි පොවන ස්ත්‍රියක් ,දෙපා රහිතව පොළවෙන් මතුවන ස්ත්‍රීන් , ගර්භාෂයෙන් කුඩා පැළයක් මතුවන දෙකකුල් පුළුල් කර ගත් ස්ත්‍රී රූප ,
දෙපසට විහිදුනු වී කරල් මැද සිටින අන් සහිත දෙවගනක්ද දැකත්තක් අතැතිව සිටින මිනිසෙක් සහ යෝනියෙන් පැළයක් මතුවන ස්ත්‍රී පිලිරුද හමුවී ඇත.ඒ අනුව ජගන් මාතාව ශාක වල ප්රභවය මෙන්ම අස්වැන්නේ සංකේතය බව පැහැදිලිවේ. දෑකැත්ත මගින් අස්වනු නෙලන උපකරණය සංකේතවත් වන අතර කෘෂිකර්මාන්තය සහ සශ්රිකත්වයෙ දියුණුව වෙනුවෙන් මෙම පිළිවෙත් සිදු කර ඇත.
මෙසපොතෙමියාවෙන් ගෝවින්ද ජගන් මාතා වන්දනය සිදුවූ බවට සාක්ෂි හමුවූ අතර අර්යන්ද මිහිකත පිදු බව සෘග් වේදයේ සඳහන් වේ.අදටත් බෙංගාලයේ සහා ඇසෑමයෙ මාතෘ දේවතා ඇදහිල්ල සිදුවේ.
මෙම පිලිරු වල
ඉණේ සිට දණහිස දක්වා රෙදි කඩකින් සැරසි හිස්වැසුම් , බෙල්ලේ මාල වැනි ආභරණ වලින්ද ,දෑත් වළලු වලින්ද සමන්විතය.මෙම රූ සයිප්‍රස්, සුසා ආදී ස්ථාන වලින්ද වත්මන් තුර්වීකියාව අතීතයේ සුළු අසියාවෙන්ද, සොහෙබ් සුන්යිදා වලින්ද හමුවී ඇත.
"මන්තරයෙන් නැගුණු එසැඩ සුළඟින් සියපත් ලෙලදෙ න
ගනදුරු මහා හඬ දෙන මාතාවන් හට පිවිතුරුව න
රුදුරු මහා හඬ දෙන මාතාවන්ට පිවිතුරුව න
කරු වූ රජ ඇමතියාය පින් ලැබ ගන්නා විලසි න
සර් ජෝන් මාෂල් , බෂාම් ,රාවෝ, ආර්ඩි බැනර්ජි , සර් මොටිමර් වීලර් , මැකී වැනි පුරා විද්‍යාඥයින්ට අනුව මාතෘ දෙවගන යනු ශිව දෙවියන්ගේ දේවතාවියයි,මහා දෙවි ,පාර්වතී. සති, විශ්ව රුපිණී, යෝගිනි මාතා ,ගෞරි , උමා , දුර්ගා, කාලි, අන්නපුර්ණා යනුවෙන් හැඳින්වෙන්නේද ජගන් මාතාවයි.
අර්ධනරිශ්වර හෙවත් ශිවගේ අඩක් සහ පාර්වතිගේ අඩක් සහිත ප්‍රතිමාවෙන් සංකෙතවන්නේ ශිවදෙවියන්ගේ හා ඔහුගේ ශක්තියේ ස්වරූපයයි.
//ඔබෙ දිය පොදත් එක් කරන්න.........//
ReplyDeleteමේ දවස් වල වතුර නෑ හිම විතරයි තියෙන්නෙ😒
දැන් mn mk?
:/
Delete