ඊයේ වෙළඳ පලට ගියෙමි.. මන්ද , ඇඳුම් එල්ලා තැබීම සඳහා රඳවනයක් (Hanger) මිලදී ගැනීමට.චීනයේ නිපදවූ රිදී පැහැ ආලේපිත කම්බි වලින් සාදා ඇති මෙම රඳවනය කොකු 8 කින් යුක්තය.ඒ සඳහා යොදාගෙන ඇති කම්බි වල දිග අඟල් 65කි(cm165ක්)පමණ වේ. පසු ගිය සතියේ රු.200 ට මිලට ගත් මෙය මේ සතියේ රු.220කි.තවත් භාණ්ඩ කීපයක මිල අසා බැලුවෙමි.ඒ අතර දක්නට ලැබුනේ පාසල් ළමුන් සඳහා නිපදවා ඇති මල් , පැළෑටි,බෝනික්කන් ,විවිධ රූප වලින් යුතු ස්ටිකර්ස් සියල්ලම චීන නිෂ්පාදනයන්ය. ඒ අතරම බිත්ති අලංකාර කරන පින්තුර කොළ (Wall Pictures) රු.250 සිට 450,500,700 වැනි මිල ගණන් වලට මිලදී ගත හැකිය.
කාර්මික විද්‍යාල ,තාක්ෂණික විද්‍යාල ජාලයක් සහ රට පුරා ක්‍රියාත්මක වන අතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වලද ග්‍රැෆික් පුහුණුව ලබා දෙන රටක මෙවන් පින්තුර, ස්ටිකර්ස් නිර්මාණය කර වෙළඳ පලට නිකුත් කිරීමට සමත් පිරිසක් නොසිටීම කණගාටුවට කරුණකි.එමෙන්ම.... වෙල්ඩින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් දෛනික දීමනා ,අඩු මිල බස් සීසන් ටිකට් පත් , වැනි පහසුකම් සහිතව කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වේ.නමුත් එවැනි ස්ථානයකට ගොස් කම්බියක් පෑස්සීමට ඉගෙන ගන්නේ නම් , බිත්ති රාක්ක රඳවන L- iron, hangers වැනි කුඩා කර්මාන්තයක් කිරීමට පුහුණුවක් ලබා ගත හැකිය.මෙම කර්මාන්ත ලොකු මුදලක් වය කිරීමෙන් තොරව අමුද්‍රව්‍ය සොයාගෙන තම හැකියාවන් තුලින් දියුණු විය හැකි කර්මන්තයන්ය.
ඇසුරුම් කිරීමේ කවරයේ සිට ගොඩනැගිලි ඉදි කිරීම දක්වා ප්‍රයෝජනයට ගන්නා පොලිතින් ද අපි ආනයනය කරමු.රබර් නිෂ්පාදනය කරන අපේ රටට ළමුන් සඳහා අවශ්‍ය විසිතුරු භාණ්ඩ කෙතෙක් නිර්මාණය කල හැකිද ?බැලුම් බෝල, අත් මේස්, බෝනික්කන් , පොත් වලට දමන රබර් මිශ්‍රිත පිට කවර වැනිදා කොතෙක් නිපද විය හැකිද?
දේශීය බටපතුරු යොදා සාදා ගත් වෙසක් පහන් කුඩු වෙනුවට ප්ලාස්ටික් චීන වෙසක් කුඩු වෙළද පල ආක්‍රමණය කර ඇත.වෙසක් කාලයට බට ගසක් කපා පතුරු යොදා වෙසක් කූඩු තැනූ කාර්මික ශිල්පීන්ට අද එම රැකියා අහිමි වී ඇත.ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශ වලද වෙසක් කාලයට පාර අයිනේ ගොඩ ගසා තිබූ බට පතුරු වෙසක් කූඩු, කඩදාසි පහන් කුඩු (Wesak Lanterns) අද දක්නට නැත.
අපි අනුන්ගේ වෙසක් පහනින් වෙසක් සිරිය දකිමු. පාට පාට බල්බ් වැල් වලටද සරුංගලයටද මෙම කල දසාවම උදා වී ඇත.බට පතුරු යොදා සෑදු සරුංගලය වෙනුවට ගෝල්ෆේස් අහසේ පමණක් නොව ගම්බද පළාත් වල අහසේද චීන සරුංගල් කරණං ගසනු දැකිය හැකිය.දැවැන්ත චීන සරුංගල් වල රැහැන් වල එති කුඩා දරුවන්ට සිදු වූ අනතුරු පිළිබඳවද අසන්නට ලැබේ.
විදේශ රැහැන් පටවල එතී ඒවා ගලවා ගැනීමට අපහසු තත්වයටත් , ගිලගත් රැහැන් පටවල් දිරවා ගත නොහැකි තත්වයටත් අප අද පත්ව සිටිමු.
මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකට අධ්‍යයාපන සංකල්පයක් අද අපට හොදින්ම ගැලපේ.
"හිස , හදවත මෙන්ම දෑතද ප්‍රයෝජනයට ගෙන දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කරන සුළු කර්මාන්ත වලට සහ නිෂ්පාදකයින්ට අත දිය යුතුය.
වර්තමානයේ අප මුහුණ දෙමින් පවතින මෙම ඛේදනීය තත්වය දිවැසින් දුටුවාක් මෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස මහත්මිය විසින් වසර ගණනකට පෙර ගැයූ " කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම " ගීතය වර්තමානයට කොතරම් ගැලපේද යන්න මා සිතට නැගුනේ නිතැතිනි.
කොලොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොලොම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි
ඒ වෙනුවට.
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට .
නැවෙන් ඇවිත් කොලොම්තොටට ගොඩ බැස්සා අපුරුවට.
අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට.
කොලොම් තොටින් නැව් නැග්ගා....
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය.
දුප්පතුන්ගේ මල් නෙළමින්ඉසුරු සොයන බැතිමතුන්ය.
කිරිදරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට
කොලොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම...
අයේ එන්නම්.. තවම හරියටම කියෙව්වෙ නෑ
ReplyDeleteහරි පොඩ්ඩෝ.
Deleteඅපි හිතනවට වඩා ගොඩක් ප්‍රශ්න තියෙනවා.. ඒකයි මෙහෙම වෙලා තියෙන්නෙ...
ReplyDeleteකියන එක ලේසි මෙහෙම උනා නම් හොදයි කියලා...
Just //start with asking why?// (lets try to find out real reason for these things)
ඔව්
Delete