දිවියට රිදී එළියක්.
එක් කලෙක වේල්සයේ කඳු මුදුන් අතර පිහිටි සුන්දර ගම්මානයක ක්ලාරා නම් මහලු කාන්තාවක් ජීවත් වූවාය. ක්ලාරා ගම පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ඇගේ ප්‍රඥාව සහ ඇයගේ උපදෙස් පතන ඕනෑම අයෙකු සමඟ බෙදාගත් වටිනා ජීවිත පාඩම් නිසාය.ඇය එම ගමේ දේවගැතිවරයා වැඩිමහල් දියණිය වුවාය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඇය ගමට පැමිණියේ ගම්වාසීන්ට උපදෙස් දී සහනයක් වීමටය. ගම්මානයේ දියුණුව බලාපොරොත්තු වූ නිසාය.,
ඉතින්.... එක් උදෑසනක, රොබින් නම් ගැටවර තරුණයා ජීවිතයට උපදෙස් පතා ඇයව හමුවීමට යන්න තීරණය කළේය.
අවට පරිසරයේ සුන්දරත්වය නරඹමින් ක්ලාරාගේ නිවසට හිමිහිට පැමිණි ඊතන්ට දකින්න ලැබුනේ
තම ආලින්දයේ වාඩි වී සන්සුන් සිනහවකින් යුතුව ක්ෂිතිජය දෙස බලා සිටින ක්ලාරාවයි.ඇය අසල පෝටිකෝවේ තිබුනේ සුවඳ හමන සුන්දර මල් සැරසිලි වලින් යුක්ත මල් බඳුන් කිහිපයකි.
"සුබ උදෑසනක්, ක්ලාරා ආන්ටි" ඔහු ආචාර කළේය.
"සුබ උදෑසනක්, ආදරණීය රොබින්"
ක්ලාරා උණුසුම් ලෙස පිළිතුරු දුන්නාය. " එම සුබ පැතුමත් සමගින් ක්ලාරා තමා අසල තිබුණු මල් සැරසිල්ලකින් සුන්දර ලැවෙන්ද්රා මලක් ඔහුගේ දෑතින් තිබ්බාය.
එය ක්ලාරාගේ දෛනික ජිවිතයේ සෑම විටම සිදු කරන්නක් වීම සුවිශේෂී කරුණකි.
ඒ ඔස්සේ පැමිණෙන්නාගේ හිත සංසුන් කිරීමත්, ප්‍රබෝධමත් කිරීමක් සිදුවන බව ඇය සැමවිටම විශ්වාස කළ දෙයකි.
ඉතින් රොබින්....
මොකද අද ඔබ මාව හමුවිමට ආවේ ....යයි ඊතන්ගෙන් ක්ලාර සිනාමුසුව ඇසුවාය.
ක්ලාරා ආන්ටි
"මට ලඟකදී ඉදන් ඉවසිය නොහැකි තරම් හුදකලාවක්, පාළුවක් දැනෙනවා"
රොබින් පාපොච්චාරණය කළේය.
"මම මොකක්ද කරන්න ඕනි කියලා මටම තේරෙන්නේ නැහැ.අමුතු හිස් බවක් දැනෙනවා.
ඔබට මට මග පෙන්වීමක් ලබා දිය හැකිද?"
රොබින් ඇසුවේය.
ක්ලාරා හිස වනමින් ඊතන්ට තමා අසලින් වාඩි වන ලෙස සංඥා කළාය.
ඔයා දැනට මොනවද කරන්නේ?
ක්ලාරා මම දැනට අපේ නගරයේ කාර්මික විද්‍යාලයේ රථවාහන අලුත්වැඩියා කිරීම් සහ නඩත්තුකිරීම් පිලිබඳ පාඨමාලාවක් හදාරනවා. මගේ වයස අවුරුදු 18 යි.
නමුත් එය ඒකාකාරියි. හිතට වෙහෙසයි.
ඔයාගේ ගුරුතුමා කොයි වගේ කෙනෙක්ද රොබින් ?
ඔහු කාරුණිකයි ආන්ටි. අපිට හොඳට උගන්නනවා.
පංතියේ ඔයාට හොඳ යාළුවො ඉන්නවද?
ඔව්. තුන්හතර දෙනෙක් ඉන්නවා.
ටොම්,රොඩ්නි , රෝලන්ඩ්, ඔලිවර්
ඒ අය හොඳට ඉගෙන ගන්නවද ?
ඔව් " තුන්දෙනෙක් හොඳට ඉගෙන ගන්නවා."
එතකොට අනික් එක්කෙනා ?
එයා ටොම් .
එයා ටිකක් කම්මැලියි. සමහර වෙලාවට කියනවා " පාඨමාලාව මගදී නවත්තලා යන්න හිතෙනවා කියලා "
එයාගේ අම්මලා තාත්තලා මොකද කරන්නේ?
තාත්තා වාහන විකුණන ව්‍යාපාරිකයෙක් . ටොම් විද්‍යාලයට එන්නෙත් එයාගේ කාර් එකේ.එයාට හුඟක් සල්ලි තියෙනවා.
එයා හුගක් සැපපහසු ජිවිතයක් බලාපොරොත්තු වෙනවා.
එතකොට අනික් යාලුවෝ ?
රොඩ්නි ගෙයි රෝලන්ඩ් ගෙයි තාත්තලා ආණ්ඩුවේ රස්සාවල් කරනවා.
ඔලිවර්ගේ තාත්තා ගොවියෙක්.
යාළුවො හතර දෙනාම හොඳයි රොබින්.
ඒත් ඔයාට වඩාත්ම ගැලපෙන්නේ අනික් තුන්දෙනා.
ටොම් හිතන විදියේ අඩුපාඩුවක් තියෙනවා
"දරුවෝ " තාත්තට ව්‍යාපාර සහ සල්ලි තියෙන විදියට ටෝම්ටත් හම්බ වෙයිද? තාත්තා ව්‍යාපාර දියුණු කර ගන්න ඇත්තේ හුඟක් වෙහෙස වෙලා.
ටොම් ඔය විදියට කම්මැලි උනොත් එයාට කවදාවත් තාත්තා වගේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ.
ඒක ඔයා හිතට ගන්න රොබින්.
බලන්න අනික් තුන්දෙනාගේ ම තාත්තලා මහන්සි වෙලා වැඩ කරන අය. ඒ ළමයි දුක කියන්නේ මොකක්ද කියලා දන්නවා.
ඔය යාළුවො හතරදෙනාගෙන් කොයි යාළුවගේ ගෙදරටද ඔයා පාඩම් කරන්න වැඩිපුර යන්නේ රොබින්?
ආන්ටි මම වැඩිපුර යන්නේ ටොම්ගේ ගෙදරට.
ඒ ඇයි ?
ඒ සැපපහසුකම් තියෙනවා.පාඩම් කරන්නත් ලේසියි.හොඳට කෑම බීමත් තියෙනවා.
එතකොට අනික් අයගේ ගෙවල් වල ?
එයාලගේ ගෙවල් අච්චර ලස්සනත් නැහැ.පහසුකම් අඩුයි.
හරි.රොබින් මම ඔයාට යෝජනාවක් කරන්නම්.
මේ සතියේ දවස් දෙකක් ඔයා යන්න ගොවි ගෙදරටයි.තවත් ගෙදරකටයි . නැවත ලබන ඉරිදා මාව හමුවෙන්න එන්න.
පසුවදා ඔහු විදුහලේ වේලාවෙන් පසු විදුහලේ ඉගෙනිම් කටයුතු නිම කර , පාඩම් කිරීම සඳහා ඔලිවර්ගේ ගෙදර නිවසට ගියා.ඔලිවර්ට තිබුනේ ගොවිපලේ මල් වගාව දෙසට ජනේලයක් තිබුන කාමරයක්.මේසයක් , පුටුවක් ,ඇඳුම් අල්මාරියක් ,පොත් රාක්කයක් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි.
ඊට අමතරව මේසය මත කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුනා.ටොම්ගේ කාමරේ නම් ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් පිරිලා.පාඩම් කර විවේක ගන්න ඔහු කරන්නේ ගුවන් විදුලි යන්ත්‍රය ඝෝෂාකාරී ලෙස දමාගෙන ගීත ඇසීමයි.ඒ නිවසේ නිතරම සාද පැවැත්වෙනවා.නිතරම අමුත්තන් පැමිණෙනවා.
නමුත් මේ ගෙදර හරිම නිස්කලංකයි. පැයක් විතර අපි පාඩම් වැඩ කලා,.ඔලිවර්ගේ අම්මා අපට පලතුරු බිම විදුරු දෙකක් සමග නිවසේ සෑදු කේක් ගෙනත් දුන්නා. ඇය හරිම ආදරණිය චරිතයක්. ටොම්ගේ දෙමව්පියන්ට වඩා සුහදශීලිව කතා කලා.
ඔලිවර්ගේ තාත්තා තේ පානය සඳහා තවත් සේවකයින් දෙදෙනෙකු සමග ගොවිපලේ සිට නිවසට පැමිණියේ මා යාමට සුදානම් වෙද්දී .මා සමග කතා කිරීමට නොහැකි වීම ගැන කනගාටුව ප්‍රකාශ කල ඔහු මට සමු දුන්නා.
මම මිට පෙර කීප වතාවක් ඔලිවර්ගේ නිවසට ගියත් ඔවුන්ගේ ගොවිපලේ ඇවිදලා තිබුනේ නැහැ.මම එදා ඔලිවර් එක්ක ඇවිද්දා.ගොවිපල සකස් කර තිබු ආකාරය හරිම ලස්සනයි. වගා බිම් අයිනේ බඩ වැටියක් තිබුනා.එම කොටසේ ස්වභාවික ශාක ඉතිරි කරලා තිබුනා.එම කොටස් එලි නොකරන්නේ ඇයිදැයි? මා ඇසු විට ඔලිවර් කිව්වේ
" කුරුල්ලන්ට කූඩු හදන්න." වගාවට අවශ්‍ය ඉණි කපා ගන්න වගේ දේවල් වලට.
ඇත්තටම ඔවුන් පරිසරය ගැන කොතරම් සිතනවද ?සොබාදහමට කෙතරම් ආදරය කරනවාද ?
ඒ අතරම ඔලිවර් මට පෙන්නුවේ ඔහුට සහ නංගිට අයත්, ගොවිපලේ කොටසයි.අක්කරයක පමණ බිමක බෝංචි ,ගෝවා සහ මිදී වැල් වවා තිබුනා. පාසලේ සහ කාර්මික විදුහලේ වේලාවෙන් පසු ඔවුන් ඒවා ගොවිපලේ කටයුතු කරන බව ඔලිවර් කිව්වා. ඔවුන්ට එයින් ආදායමක් ද ලැබුනා. එම මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමක , පියා විසින් තැන්පත් කලා.
මාත් එන්නම් ඔයාට උදව් වෙන්න. කොයි තරම් හොඳද ඇයි ඔයා තාත්තට උදව් වෙන්නේ නැද්ද ? වෙනවා...... තාත්තා උදව් ඉල්ලුවොත්. එහෙම එපා .හැමදාම පොඩි වෙලාවක් හරි ගොවිපලේ වැඩ කරන්න.විවේක තියෙන වෙලාවට. ඒක අපේ ශරීරයට වගේම මනසටත් ලොකු සුවයක්. අපේ ඒකාකාරී ජිවිතයෙන් මිදෙනවා.අපේ ගොවිපලේ හුගක් කුරුළු වර්ග ඉන්නවා.මෙහෙ සීත කාලයත් සෞම්‍ය නිසා උන් ඉගිලිලා වෙන පළාත් වලට යන්නේ නැහැ.
ඔලිවර් අපිට ලොකු ගොවිපලක් නැහැ., අපේ දුම්රිය නිල නිවාසය වටේට අක්කර බාගයක පමණ තරමක ඉඩමක් තියෙනවා.ඒකෙ එළවලු වගා කරලා තියෙනවා.ගේ අසල මල් වවලා තියෙනව.
රොබින්ගේ පියා දුම්රිය ස්ථානාධිපති වරයෙකි.ඔවුන් ජිවත් උනේ පුංචි නගරයේ දුම්රිය ස්ථානය අසලය.
ඇත්තෙන්ම ඒ ගමන මගේ ජිවිතයට අලුත් අත්දැකීමක් උනා. ක්ලාරා ආන්ටි මාව මෙතනට එව්වේ මගේ වාසනාවකට කියලා මට හිතුනා..... මොකද මම නොදන්නා දේවල් හුඟක් ඉගෙන ගත්තා.ළමයකු වුවත් මට කරන්න පුළුවන් දේවල් කොපමණ තිබෙනවද ? පාළුව කාන්සිය ගැන හිතමින් දවස ගත කරනවට වඩා. ලොකු වෙනසක් හිතට දැනුනා.
ක්ලාරා ආන්ටි දුන්න උපදෙස් අකුරටම පිළිපදින්න මම හිතුවා.දින දෙකකට පසු මම සවස් වරුවේ විවේකයක් ලැබුනා.එදා මම ගියේ රෝලන්ඩ් ගේ ගෙදරට.විදුහලේ දී තිබුන පැවරුමක් ඔහු සමග සාකච්ජා කිරීමටයි තිබුණේ.ඔහු සිටියේ අපේ නිල නිවසේ සිට පයින් යා හැකි දුරකයි.
කුඩා නාගරික ප්‍රදේශයක් වූ නිසා ඔවුන්ටද තරමක ඉඩමක් තිබුණා.සංගීත ගුරුවරියක්වූ රෝලන්ඩ් ගේ අම්මා රැකියාවට අමතරව ව්‍යාපාරික මල් වගාවක් කළා. මල් වැවීම ඇයගේ කලා දිවියට ආලෝකයක් වුවා සේම පවුලේ සතුටත් ආර්ථිකයත් නගා සිටුවීමට පිටුවහලක් උනා.නගරයේ මල් වෙළඳසැල් කිහිපයකට, ඇයගේ මල් කොටුවෙන් කපාගත් මල් රෝලන්ඩ් ගෙන ගියේ ඔවුන්ගේ කුඩා ට්‍රක් රථයෙන්.
රෝලන්ඩ් ගේ නැගණියත් සොයුරාත් නිවසේ වැඩ කටයුතු කළ ඇලිසාත් මල් වගාවට උදව් කලා.සෑම ම්,මාසයක්ම අවසානයේදීම දරුවන් තිදෙනාටත්, 22හැවිරිදි ඇලිසාටත් ආදායමෙන් යම් කිසි මුදලක් දීම අම්මගේ සිරිත වුනා, තමන්ට අවශ්‍ය සෙල්ලම් බඩුවක්, කතා පොතක් වැනි දෙයකට වියදම් කල ඔවුන් ඉතිරි මුදල් ඉතිරි කර තැබීමට පුරුදු උනා.ඇලිසා කිවේ අසනිපයෙන් සිටින මවට මුදලින් කොටසක් දී ඉතිරිය බැංකු ගිණුමක තැම්පත් කරනම බවයි.
පසු දිනත්, මම රෝලන්ඩ් ගේ න්වසට ගොස් පාඩම් කලා.ආන්ටි මල් වවන හැටි, මල් වගාවට සාත්තු කරන හැටි මම බලා හිටියා. එදා හවස මම ආපහු එද්දී ඇය මට රෝස පැල කිහිපයක්, රෝස, කානේෂන්, කපුරු සහ අලංකාර කොළ සහිත පැලැටි කිහිපයක් දුන්නා. මම ඒවා මගේ අම්මාත් මමත්, අක්කලා දෙන්නත් එකතු වී පොලවේ සහ පෝච්චි වල හිටෙව්වා.රෝලන්ඩ් ගේ අම්මා.... ජූන් ආන්ටි කීවේ පළමුවෙන්ම හැදෙන මල් පොකුර පල්ලියේ පුජාවට ගෙනැවිත් මල් පෝච්චියක තබන ලෙසයි.ආන්ටි එසේ කියන විට මට ඒ දර්ශනය මැවිලා පෙනුණා.එදාට අපිටත් ජූන් ආන්ටිටත් කොතරම් සතුටක් දැනේවිද?
පුංචි කාලයේ අපී අම්මා කියපු කතාවක් තමයි.... දෙවියන් වහන්සේ ලස්සන ,මල් වලට වගේම ලස්සන ගතිගුණ ඇති ළමයිට ආදරේ කරන බව.
ඊළඟ සති අන්තයේ ඉරිදා දින මා ක්ලාරා ආන්ටිව හමුවිය යුතු දිනය උනා. එදා පැහැදිලිව ඉර පායා තිබුන ගිම්නැහානය ලංවන ලස්සන දවසක් උනා. නැවුම් සිතුවිලි ගොඩක් එක්ක මම ක්ලාරා ආන්ටිගේ නිවහනට ගියේ පෙරට වඩා සැහැල්ලු මනසකින්,.
මම එහි යන විටත් අපේ නගරයේ අපේ විදුහලට කිට්ටුව බාලිකා පාසලේ ගැහැණු ළමයි දෙදෙනෙකුද උපදෙස් පතා ඇය වෙත පැමිණ සිටියා.එතන සිටි ඒක ගැහැණු ළමයෙක් සිටියේ හඬමින් . ආන්ටි පසුව කිවේ අලුතින් පාසලට ආ දැරියක බවයි. ඔවුන්ගේ සාකච්ජාව අවසන් වන තුරු මම ක්ලාරා ආන්ටිගේ මල් උයනේ ඇවිද්දා.එහි ඉදිරිපස දිය පිරුණු පොකුණක් සහ ඒ අවට විවිධ පාටැති මල් පිපි තිබුනා.ආන්ටිගේ කාමරේ ජනේලේ ඉදිරිපස සුදු පැහැති මල් වලින් පිරුණු ජැස්මින් වර්ගයේ මල් වැලක් තිබුනා. ගේ පිටුපස ළිඳක් ,එළවලු වගාවක් , සහ පලතුරු ගස් තිබුනා.එහි සෑම ගසක්ම වවා තිබුනේ ක්‍රමානුකූලව.පෙයාස් ,දොඩම්, ඇපල් වැනි ගස් ,වත්ත කෙලවරේ තිබුනා. අප ගිය විට බීම සදා දෙන්නේ වත්තෙන් නෙලා ගත් පලතුරු වලින් බව ආන්ටි පැවසුවා.
පැමිණ සිටි ගැහැණු ළමුන් දෙදෙනාගේ සාකච්ජාව අවසන් කළ ආන්ටි මා සමග කතාව ඇරඹුවා.
ඉතින් කොහොමද රොබින්? ඔයා ගේ ගෙවුණු සතිය කොහොමද? සතුටින් ගත කළාද?
ඔව් ආන්ටි... මම ඔලිවර්ගෙයි රෝලන්ඩ් ගෙයි ගෙවල් වලට ගියා.
ඒ ගෙවල් වලට ගියාම ඔයාට ඇති වුනේ කොයි වගේ හැඟීමක්ද ?
ඒ ගෙවල් ටොම්ගේ ගෙදරට වඩා ගොඩක් වෙනස්.ඒ ඇයගේ රැකියාවලුත් වෙනස්. ජිවිතේ ගෙවන විදියත් වෙනස්.
එතකොට ඔයාගේ ජීවිතය වඩාත් කිට්ටු වෙන්නේ කාටද?
ඔලිවර්ට සහ රෝලන්ඩ් ට.
හොඳයි. එයාලාගේ ගෙවල් ගැන විස්තරයක් කියන්නකෝ.,
ඔලිවර්ගේ ගෙදර ගොවිපලක් තියෙනවා.ඔවුන්ට අක්කර 10 ක පමණ ගොවිපලක් තියෙනවා.ඒක හරිම ලස්සනයි.මේ පරිසරයේ වැවෙන එළවලු, පලතුරු, මල් වර්ග .... සෑම දෙයක්ම වගේ එහි වගා කර තිබුනා.
දෙවනුවට මා ගියේ රෝලන්ඩ් ගේ ගෙදරට.ඔහුගේ පියා ගමේ දුම්රියපළේ දුම්රිය ස්නාථානාධිපතිවරයා. මව සංගීත ගුරුවරියක්. නමුත් ඔවුන්ගේ තරමක ඉඩමේ අම්මා ව්‍යාපාරික මල් වගාවක් කරගෙන යනවා.එයට උදව් කරන්නේ ළමයි තුන්දෙනා සහ සේවිකාව.ඔවුන්ටත් ආදායමෙන් කොටසක් ලැබෙනවා.
ගොඩක් හොඳයි. තවත් විස්තර මට කියන්න.
මම සියලුම විස්තර, මම ලැබූ වෙනස් අත්දැකීම් ඇයට පැවසුවා.
ඔබ මොනවද ජිවිතයට එකතු කර ගත්තේ?
මටත් හිතුනා ජීවිතය වෙනස් කර ගන්න ඕනි කියලා.නිවාඩු තියෙන වෙලාවට ඔලිවර්ගේ ගොවිපලට ගිහිල්ලා ටිකක් වඩා කරනන හිතුනා.මම හරි ආසයි පලතුරු නෙළීම ,වෙළඳ පලට මල් සකස් කිරීම වැනි වැඩ කරන්න. හුඟක් හොඳයි.ඔයාගේ හිත හැදෙන්න වගේම ඔයාව අනාගත වැඩ ලෝකෙට්ග යොමු වීමක් මෙයින් වෙයි.
ඔයා ආසා නැද්ද ඔයාගේ ඉඩමේ මේවා වවන්න.රෝලන්ඩ් ගේ අම්මා මල් පැල දුන්නා.මම වවන්න පටන් ගත්තා.
ඔයා ගැන මට ගොඩක් සතුටුයි. මම ඔයාට කතාවක් කියන්නද?
ඇය තම කතාව ආරම්භ කළේ:
රොබින් "ජීවිතය කියන්නේ මහා ඝනදුරකින් වැසුණු අද්භූත වනාන්තරයක් වගේ දෙයක්, ඔයා ඒකට ඇතුළු වූන ගමන්ම හැම වෙලාවකම ඔයා යන මාර්ගය පැහැදිලි නොවෙන්න පුළුවන්.
ඔයා ඇවිදගෙන යනකොට ඒ ගමන සුවපහසු ගමනක් නොවෙන්නත් පුළුවන්..ආලෝකය සහ අඳුර යන දෙකින්ම ගමන සහ පරිසරය පිරි තියෙන්නට පුළුවනි.
හැබැයි මේක මතක තියා ගන්න:"
"මුලින්ම, ඔයා ජිවිතයේ අත්දකින, අත්විඳින, කුඩා අවස්ථාවන්ට ආදරය කරන්න.
වනාන්තරයක් කියන්නේ අසංඛ්‍යාත ගස් වැල්, තෘණ, කටු පඳුරු , සුන්දර මල් වැල් වලින් ගොඩ නැගිලා තියෙන තැනක්. ඒ වනාන්තරය ඒ විදියටම තිබුනා නම් මොකද වෙන්නේ .....?
මිනිසා එය වෙනස් කළා. ඔහු වනාන්තරයේ තිබුන පලදායි ගස් වැල් ගෙනත් ඔහුගේ මිදුලේ ගෙවත්තේ වගා කලා.අපේ හිත තුල තියෙන හොඳ අදහසුත් මෙහෙම තමයි. ඒවා වගා කරලා ඵල නෙළා ගැනීමයි අපේ වගකීම.
ඒ වීදියටම , ඔයාගේ ජීවිතයත් එදිනෙදා බොහෝ සෙයින් විවිධ වූ අවස්ථා වලින් පිරිලා තියෙන්න පුළුවන් කියන දේ සිතට ගන්න.
ඔයාව යාලුවෙක්ගෙ සතුටකට , සැනසීමකට හේතුවක් උන අවස්තාවක් මතක් කරන්න.ඒක ඔයාගේ හිතට ලොකු සැනසීමක් දෙයි.
ඔයාගේ ආදරණීයයන් සමඟ බෙදාගත් සරල ආහාර වේලක සතුට භුක්ති විඳින්න.
සොබාදහමට සවන් දෙන්න. හිරු උදාවක උණුසුම වගේම තණකොළ බිමක ඉහිරිච්ච පිණිබිංදුවල සිසිලස විඳින්න. හමන සුළඟට රහස් කොඳුරන්න. පිපිලා තියෙන සුන්දර මලකින් සුවඳ බලන්න.
පොතක් කියවන්න. මියුරු සංගීතයට සවන් දීලා රස විඳින්න.
ඒවා තමයි තෘප්තිමත් ජීවිතයක් ගොඩනැංවීමේ පළමු පියවර.
"දෙවනුව,
ඔයාගේ හිතට වගේම ශරීරයටත් ටික ටික දැනෙන වෙනස වැළඳගන්න.
වනාන්තරයේ, සෘතු වෙනස් වෙනවා වගේම , ඔයාගේ ජීවිතයත් ටික ටික වෙනස් වෙන්න පටන් ගනී .
හිම වැටෙන කටුක ශිත කාලය වගේම මල් පලතුරු පිරුණ වසන්ත කාලයටත් මුහුණ දෙන්න ඔයා පුරුදු වෙයි.
විටෙක , ඔයාට කුණාටු සහ අභියෝගවලට මුහුණ දීමට සිද්ධ වෙයි. නමුත් ඒවා ජිවිතයේ ඉදිරි ගමනට පන්නරයක් වන අවස්ථාවන් වෙන්න පුළුවන්. අව් වැසි , කුණාටු වලට මුහුණ දෙන ගස් ශක්තිමත් වන්නා සේම, ඔයාටත් එම අභියෝග ඔස්සේ ඉගෙන ගෙන සාර්ථක විය හැකිය.
"තෙවනුව,
ඔයා ඔයාගෙම මාවතක් සොයා ගන්න. වනාන්තරයේ ගමන් කරද්දී ඔයාට තෝරා ගන්න බොහෝ මංපෙත් හමුවේවි. ඔබේ හදවත පවසන දේ අනුගමනය කරන්න.
තමන් නොදන්නා දේ ඔයාට වඩා දන්න කෙනෙක්ගෙන් සොයා බලා අසා දැනගන්න.එය ගවේෂණය කිරීමට බිය වන්නේපා.
මොකද ඔයා ඔයාගේ සුවපහසු කලාපයෙන් ඔබ්බට යාමේදී ,ඇතිවන වෙනස් වීම් වලට මුහුණ දෙන්න සිදු වේවි. එතකොට ඔබට ඔබේ සැබෑ හැකියාවන් මතු වේවි. එම හැකියාවන් දියුණු කර ගැනීමට පුරුදු වෙන්න.
"අවසාන වශයෙන්, කරුණාවන්ත වන්න.
වනාන්තරයේ එකිනෙකා මත යැපෙන ගස් වැල් මෙන්,සෙනෙහස , කරුණාව සහ දයාව අප සියල්ලන් එකිනෙකා හා සම්බන්ධ කරන බැඳීම් කර ගන්න. කෙනෙක්ට සුළු හෝ උපකාරයක් කර සතුටු වීමට පුරුදු වෙන්න.
සැමවිටම එකිනෙකාට කන් දෙන්න,
ගැඹුරින් ආදරය කරන්න. එසේ කිරීමෙන් ඔබට එම ඔබට හිමි සුවපහසු ජීවිතය (Comfortable Zone ) සොයාගත හැකිය. ඒ ඔස්සේ ඔයාගේ ජීවිතය තවත් ලස්සන වෙයි."
ඉතින්... ඒ ආරම්භයට මේ මොහොතේම පියමනින්න අරඹන්න.
ක්ලාරා පවසන සෑම වචනයක්ම හොදින් සිතට උකහා ගනිමින්රොබින් සාවධානව අසා සිටියේය.
ඔහු ඇගේ ආලින්දයෙන් පිටව යන විට, ඔහුට ජීවිතය පිලිබඳ පැහැදිලි බවක් සහ අරමුණක් පිළිබඳ නව හැඟීමක් දැනුනි. ක්ලාරාගේ ප්‍රඥාව ජීවන වනාන්තරය හරහා මාවතක් ආලෝකවත් කර තිබූ අතර ඔහු එය අනුගමනය කිරීමට අදිටන් කර ගත්තේය.
වසර ගණනාවක් ගෙවී ගිය අතර, ඇත්ත වශයෙන්ම රොබින් ඔහුගේම අද්විතීය මාවත සොයා ගත්තේය. ජීවිතය උඩු යටිකුරු කල අභියෝග හරහා ශක්තිමත් වෙමින් තම මාර්ගය ඔස්සේ අරමුණු කරා ගමන් කළේය.
සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් ගෙවුණු සෑම මොහොතකම ජිවත් වීමට පටන් ගත්තේය.
ඔහු බොහෝ විට ක්ලාරා වෙත ගොස්, ඔහු සමාජයේදී මුහුණ දෙන සිදුවීම්, අත්දකින, අත්විඳින දේවල් ඇය සමග බෙදා ගනිමින් ඇයගේ මඟ පෙන්වීම ලබා ගත්තේය.
ක්ලාරාගේ උපදෙස් කෙටිකතාවක් පමණක් නොව අර්ථවත් සහ තෘප්තිමත් ජීවිතයකට සදාකාලික මග පෙන්වීමක් බව ඔහු ඒ සියල්ල හරහා ඉගෙන ගත්තේය.
ඉතින්, කඳු මුදුන් අතර වූ ගම්මානයේ, ක්ලාරාගේ ප්‍රඥාව පරම්පරා ගණනාවකට සම්ප්‍රේෂණය විය, ජීවන වනාන්තරය හරහා තම ගමනට මග පෙන්වීමක් සොයන අයට ආලෝකයේත් සදාකාලික ආලෝකයක් විය.
M.N. බණ්ඩාර
12/09/2023