වේතාල කතා සංග්‍රහය සංස්කෘතයෙන් හින්දියට පරිවර්තනය කර ඇති අතර සිංහලයට පරිවර්තනය කර වේතාල කතා නමැති අනුවාදය සකස් කිරීමේ ගෞරවය ප්‍රවීණ ලේඛක ර.මු.කි මුදියන්සේ මහතාට හිමිවේ.
කතාවේ මුල සිටම ගලා යන විවිධ පුවත් මගින් අවසානය දක්වාම පාඨක හද ඇදබැඳ තබා ගනී.
චුඩපුර නගරයේ "චුඩාවත" නමැති බුද්ධිමත් බ්‍රහ්මණ පඬිවරයෙක් වාසය කළේය.භද්‍රාවත නමැති ඔහුගේ තරුණ පුත්‍රයාද නැණවත් පුද්ගලයකු වූ අතර පියා විසින් විවාහයට සුදුසු තරුණියක සොයන්නට විය.නමුත් .... පුතා විවාහා වීමට පෙර ඔහු මිය ගියේය.පියාගේ ගෞරවණිය නාමය රැකගෙන , ජිවත් වූ ඔහු දිනක් , යහළුවන්ගේ ආරාධනයක් පරිදි උත්සවයකට සහබාගි වීමට ගියේය.එහිදී හමුවූ සුන්දර යුවතියක් කෙරෙහි පැහැදුණු ඔහු ඇයට ආදරය කළේය.ටික කලකට පසු ලාවණයවති නම් මේ සුන්දර තරුණිය සමග ඔහු විවහා විය. ඉතාමත් සතුටින් කාලයක් ගත කළේය.
ලොවෙහි දුක සතුට එක ලෙස නොපවතී.දිනක් මේ දෙදෙනා පොකුණක නාමින් සිටියදී ලාවන්‍යවති දියෙහි ගිලී පොකුණ පතුලෙහි සිර වි මිය ගියාය. සිය තරුණ බිරිඳගේ වියෝවෙන් ශෝකයට පත් භද්‍රාවත විලාප නගමින් අසල ඇති මහා වනය දෙසට දිව ගියේය.හිස ඇරුණු අත දුව ගිය ඔහු යාචකයකු මෙන් ඇවිදින අතර අවසානයේදී කාංචනපුරයට පැමිණියේය.එහිදී පියාගේ මිත්‍රයකු වූ වාසුදේව බ්‍රහ්මණයා විසින් භද්‍රාවත ව හඳුනා ගන්නා ලදි.
පසුව ඔහු බිරිඳට කතා කොට කිරිබතක් සාදා ආගන්තුකයාට සංග්‍රහ කළේය.අවසිහියෙන් සිටි භද්‍රාවත කිරිබත් පාර්සලය රැගෙන උයනට ගොස් ගසක් මුල හිඳගත්තේය.කිරිබත් බඳුන පසෙක තැබූ ඔහු බිරිඳ සිහිවී නැවතත් හඬන්නට පටන් ගත්තේය.මේ වේලාවෙහි ගසෙහි අනික් පස බිලයක සිටි නාගයෙක් කිරිබත් සුවඳින් එලියට පැමිණ භාජනයට විස වමාරා ආපසු ඇදි ගියේය. මෙය නොදත් භද්‍රාවත කිරිබත අනුභව කල අතර විස නිසා සිරුර අප්‍රාණික විය.
"නුඹ මට වස දුන්නා..... නුබමට වස දුන්නා කියමින් වාසුදෙවගේ මිදුලෙහි ඇද වැටී මිය ගියේය.කිරිබත් විසවී මෙම මරණය සිදුවීම නිසා අප අතින් .... විශාල පාපකර්මයක් සිදුවුයේ යයි වාසුදේව ශෝක විය. මින් සන්තාපයට පත් ඔහුගේ බිරිඳ ළිඳට පැන මිය ගියාය.
වික්‍රම රජු සමග ගමන් කරන වේතාල මෙහිදී ප්‍රශ්නයක් නැගුවේය. " රජතුමනි.... , මේ මනුෂ්‍ය ඝාතනයේ පාප කර්මය වසුදේවට පැමිණේද ? නැතහොත් වස දුන්නා යැයි චෝදනා කල භද්‍රාවතට පැමිණේද ?
රජු කල්පනා කළේය.
නාගයා බඳුනට විෂ මිශ්‍ර කළ බව නොදත් වාසුදේව නිවැරදියි.
භාද්‍රවත චෝදනා කලේද සත්‍ය නොදැනය.
සොයා බැලීමට පෙර දිවිනසා ගත් වසුදෙවගේ බිරිඳගෙන් අතපසුවීමක් සිදුව ඇත.
සොයා නොබලා කෙනෙකුට දොස් පැවරීම ලොකු වරදකි.
රජතුමනි.... සර්පයාට දඬුවම් දීම සුදුසු නැතිද ?
නැත.විෂ ඉවත් කිරීම සර්පයාගේ පුරුද්දකි.
එසේ නම්... මෙතන වරදකරුවා කවුද?
"වරදක් ඇත්නම් එය කර ඇත්තේ භද්‍රාවතය.
ආහාර භාජනයක් සුදුසු ස්ථානයක තැබීමට තරම් ඔහු ඥානවන්ත විය යුතුය.
රජුනි ඔබ ඉතාමත් නැණවත් කෙනෙක්.
වේතාල පැවසුවේය.
වේතාල කතා (ගෝවින්ද සිං)
අනුවාදය - ර.මු.කි. මුදියන්සේ.
නිලක්ෂි බණ්ඩාර
19/10/23.
ලස්සන, අර්ථවත් කතාවක් 👌
ReplyDelete'ශනිදා 10' බ්ලොග් වැඩසටහනට ඔයත් එකතු වෙන්න. අනිත් බ්ලොග් අඩවි වලටත් එන්න... ඒ ගමන්
හෙට එන්නම් අයියේ.ස්තුති ආරාධනයට
Deleteවේතාල කතා අඩංගු වෙන්නෙ කතාසරිත්සාගරයට නේ?
ReplyDeleteමට මතකයි කථා තරංගනිය නමින් වේතාල කතා පරිවර්තනය කරලා තිබුණා, වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ
අයියේ මේ කතා පෙළ මන් ලග තියෙන්නේ මේ පොතානේ.
Delete🤞🤞
ReplyDeleteස්තුතියි
Delete