Tuesday, October 24, 2023

චීන අක්ෂර හෝඩියේ ඇති දුර්වලතාවයන්.


බටහිර රටවල සරල  අක්ෂර හෝඩියක් හා  සහ ලේඛන කලාවක් දක්නට ලැබෙන අතර, ඒ හා  සසඳා බලන විට චීන අක්ෂර හෝඩියේ යම් යම් දුර්වලතාවයන් දක්නට  ලැබේ. එය ප්‍රගුණ කිරීමට වැඩි කාලයක් ගත වන අතර තරමක වෙහෙසක් දැරිය යුතුය.

සමහර අක්ෂර ලිවීමට බෙහෙවින්ම අසීරු වන අතර සංකීර්ණ චිත්‍රයක් සේ ඉරි වලින් නිර්මාණය වේ.සරල පාඨ  කියවීමට පෙර පවා  අවම වශයෙන් අක්ෂර දෙතුන් දහසක් මතක තබා ගත යුතුය.කාලයත් සමග අධි වේගවත් මෙන්ම තරඟකාරී  ගමනක යන මෙවන් කාලයක මෙය රටක දියුණුවට යම් බාධාවන් ඇති විය හැකි කරුණකි.  පුලුල්ව පැතිරුනු සාක්ෂරතාවයේ අවශ්‍යතාවය තියුනු ලෙස ඉහල ගොස් ඇති වර්තමානයේ මෙම සියලු අක්ෂරයන්  ඉගෙන ගැනීම සඳහා මතක තබා ගැනීමේ දුෂ්කරතාවයක් පාසල් ළමුන්ට ඇතිවන හෙයින් ඔවුන්ගේ කුසලතා වලට බලපෑමක් ද ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත.

එපමණක් නොව, චීන ජාතිකයන් මුද්‍රණ ශිල්පය සොයා ගත්තද, ඔවුන්ගේ ලේඛන ක්‍රමය බටහිර රටවලට වඩා මුද්‍රණ ශිල්පය ඉතා සංකීර්ණ තාක්‍ෂණයක් බවට පත් කර ඇත. නූතන යුගයේ දී, චීන භාෂාවෙන් විදුලි පණිවුඩ යැවීම සඳහා කේත අංක පද්ධතියක් අවශ්‍ය බව ඔප්පු වී ඇත.එනම්, සෑම අක්ෂරයක්ම සංකේතනය කර, අංකයෙන් සම්ප්රේෂණය කර පසුව විකේතනය කළ යුතුය. කුඩා මුද්‍රණ යන්ත්‍රයකට හෝ ඉලෙක්ට්‍රොනික මොළයකට වඩා අඩු චීන යතුරු ලියනයක් තැනීමේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වි ඇත.


georgetown.edu.com

නිලක්ෂි බණ්ඩාර 
24/10/23..

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........