Saturday, January 27, 2018

අධ්‍යාපනයේ අරමුණු සහ අභිමාර්ථයන්

අධ්‍යාපනය යනු කුමක් ද? අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියකි. අධ්‍යාපනය පිළිබඳව විවිධ නිර්වචන ඇත.


* සාක්ෂර ශක්‍යතාවය ( අක්ෂරවිත් ) සමග අධ්‍යාත්මික  (ආත්මවිත් ) ගුණවගාව අධ්‍යාපනයයි . ( කොන්ෆියුසියස් තුමා )
*බාල කාලයේ ස්වභාව ධර්මය අනුව වැඩෙන දරුවට හොඳ පුරුදු හා පුහුණුවක් දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි. (රිපබ්ලික්)
* අධ්‍යාපනය යනු බලපෑම් වලින් ත්හොර ස්වභාවික වර්ධනයකි.


දහස් ගණනක් වූ මෙවැනි නිර්වචන එකිනෙකට වෙනස් වීමට මෙම අධ්‍යාපනඥයින් ජිවත් වූ සමාජ රටාව පරිසරය සහ අවශ්‍යතා බලපා අත්ය්හ. එසේ වුවද මේ සෑම නිර්වචනයක් තුලින්ම අධ්‍යාපනය පිලිබඳ වදගත් කරුණු ගණනාවක් මතු කර ගත හැක.


* දැනුම ආකල්ප කුසලතා වලින් සමන්විත බව
* යාවජීව ක්‍රියාවලියක් බව
* අඛණ්ඩ ක්‍රියාවලියක් බව
* ඉගෙනුම - ඉගැන්වීම යන දෙයාකාරයෙන්ම සමන්විත වන බව
* පුද්ගලයාගේ චර්යාමය වෙනසක් අපේක්ෂිත බව 


පරමාර්ථ ,අරමුණු අපේක්ෂා නිෂ්ඨා එකම පවුලක කොටස්වේ,අධ්‍යාපන පරමාර්ථ යනු අධ්‍යාපන ක්‍රියාවලිය අවසානයේ ලඟාවීමට අපේක්ෂිත ඉලකකයන්ය.


එනම්පාසල් අධ්‍යාපනය අවසාන සිසුන් විසින් අත්පත් කර ගනු ලැබිය යුතු හැකියා සහ චරිතගත කොට ගත යුතු ගුණාංග සමුහයකි.එමෙන්ම අවසාන ඉලක්ක හෙවත් පරමාර්ථ කරා ලඟා වීමට පෙර ඉටු කර ගත යුතු ඉලක්කයන්ය.


පරමාර්ථ හා අරමුණු අතර ද්විමර්ගික සම්බන්ධතාවයක් දක්නට ලැබේ.
කෙන්ද්‍රභිසරි සහ කෙන්ද්‍රපසරි යනුවෙනි.


අධ්‍යාපන පරමාර්ථ සැකසීමේදී බලපාන සාධක .


1. දාර්ශනික මත - දාර්ශනික පදනම ( පෙරදිග දාර්ශනික චින්තනය
2. ජාතික අවශ්‍යතා -  දේශපාලනික /ආර්ථික / සංස්කෘතික හා සමාජීය ආගමික විද්‍යා හා තාක්ෂණික )

3. මෙම සාධක මත රටක අධ්‍යාපන ක්‍රියාවලියේ පරමාර්ථ සකස්වන බැවින් එය කලනුරුපව දේශනුරුපව වෙනස් විය යුතු බව සැලකිය යුතුය. 


අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි

2 comments:

  1. අපේ වගේ රටක අධ්‍යාපනය යනු රැකියාවක් ලබාගෙන පවුලක් ගොඩ දැමීමට ඇති ප්‍රධානම මාවතයි එනිසා අධ්‍යාපනය පරමාර්ථ සාධක අතුරින් රැකියා අරමුණු කර ගැනීමට මුල් තැන දිය යුතුයි. නමුත් එහෙම නොවෙන නිසා තමයි රැකියා සම්බන්ධව මේ තරම් ගැටළු තියෙන්නෙ.

    කලා උපාධිධාරියෝ අච්චු ගහල වගේ එළියට දානව, ඒ මිනිස්සු රස්සාවකට කරන්නෙ මොනවද කියල නොහිත නොහිත :(

    ReplyDelete
    Replies
    1. අයියේ ඒක ඇත්ත.ඒ ක්‍රමය වෙනස් කරන්නන වැඩපිළිවෙලක් විදියට දැන් කැළණි විශ්ව විද්‍යාලයේ බාස්කට් ක්‍රමේට විෂයන් තෝරාගන්න වැඩපිළිවෙලක් යනවා.නමුත් අත්‍යවශ්‍යම විෂයක් උන ඉංග්‍රීසි විෂය අයින් කරලා පාලි,සංස්කෘත වගේ මල බ හාශාවන් දාලා.hnde in English එහෙම කරපු ළමයින්ට දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා/

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........