Tuesday, January 31, 2023

පුරාතන භාරතය අලංකාර කරන මල් සහ උද්‍යාන .

 මල් වැවීම සහ උද්‍යාන අලංකරණය (Landscaping) දුර අතීතයේ සිටම මිනිසා ප්‍රිය කල ජීවිතය චමත්කාර ජනක කිරීමට උපයෝගී කර ගත් , කළාත්මක පාරිසරික අංගයකි.දෙවන පෑතිස් රජු විසින් සංවර්ධනය කරන ලද ,  පියාණන් වන මුටසීව රජු විසින් නිර්මාණය කරන ලද , මහමෙව්නා උයන ශ්‍රීලංකාවේ අතීත උද්‍යාන අලංකාර තාක්ෂණයට කදිම නිදසුනකි.


පුරාතන ඉන්දියානුවෝ ද මල් සහ ගස් වැවීම ප්‍රිය කල අතර චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මාලිගය අවට ඉතා සුන්දර උද්‍යාන තිබු බව ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ මෙගස්තිනිස් වාර්තා කරයි.එකල ධනවතුන්ගේ මන්දිර අවට මෙන්ම නගරයෙන් පිට ඔවුන් සතු විශාල උද්‍යාන පිහිටි බවත් , විවේක කාලය ගත කිරීමට මේවා යොදා ගත් බවත් , ඔහු සඳහන් කරයි.


ඉන්දීය පදය සාහිත්‍යයේ " ක්‍රීඩා ශෛල හෙවත් කෘතීම කඳු ගැට " පිළිබඳව සඳහන් කර ඇති අතර මේවා ජපානයේ උද්‍යාන වල දක්නට ලැබෙන ස්වභාවික කඳු ගැට වලට සමාන තාවයක් දක්වයි.අද මෙන්ම එදාත් උෂ්ණ දේශගුණයක් සහිත රටවල නිවාස අසළ කෘතීම වැව් පොකුණු සාදා තිබුණි.අවට පරිසරය සිසිල් කිරීමටත් ,අලංකාරය ගෙන දිමටත් , ස්නානයටත් ප්‍රයෝජනවත් විය. කාලිදාස කවිය වාරි යන්ත්‍ර පිළිබඳව විස්තර කරයි.මේවා වර්තමානයේ නිවාස ඉදිරිපිට තණ පලසට ජලය ඉසීමට භාවිතා කරන කරකැවෙන වතුර මලට සමානයැයි සිතේ.එමෙන්ම නාන පොකුණු කෙළවර පොළව යට කුටි තනා තිබු බවත් මේවා දිය කෙලියෙන් පසු විවේක ගැනීමට භාවිතා කළ බවත් , ඔන්චිල්ලා සවි කර තිබු බවත් පැහැදිලි වේ.අතීතයේ මිනිසා පරිසරය සමග කොතෙක් දුරට සම්බන්ධව සිටියාද යන්න මෙම කරුණු වලින් සඳහන් වේ.


මෙම අතීත ඉන්දියානුවබ් අතර වඩාත් ජනප්‍රිය වුයේ අලංකාර කොළ සහිත ශාක වලට වඩා මල් හට ගන්නා ශාක වර්ගය.තැඹිලි පාට මල් සහිත අශෝක (සරාකා ඉන්දිකා -Saraka- Indica ) ගස  මාගරි ගස සහ සුවඳ හමන තැඹිලි පාට මල් සහිත් කොලොන් ගස , රතු පාට කෑළ , ,මල් හට ගන්නා වැල් වර්ග වැඩ මල් ,කහ පාට මල් සහිත සපු , චීන රෝස  තවත් ජනප්‍රිය මල් වර්ගය.

 මෙකල ඉන්දියාවේද මල් අතර රැජිණිය ලෙස නම් ලැබුවේ ආගමික සහ තවත් සංස්කෘතික අංගයන්
සංකේතවත් කලේනෙලුම් මලයි.සාමාන්‍ය ජනතාවගේ විවේක සුවය සඳහා නාගරික ප්‍රදේශ වල උද්‍යාන පිහිටවා තිබුණි.එවැනි උද්‍යාන වල ගස් සිටවූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වේ. මේවා මිනිසාට මෙන්ම සත්වයින්ට ද ප්‍රයෝජනවත් වේ. ඉන්දියානු චිත්‍රපට වල අපට දක්නට ලැබෙන මල් උයන් ඇසට ඉතාමත් ප්‍රියජනක දසුනක් වන අතර, එකම පාටැති මල් අක්කර ගණනාවක විසිරි පැවතීම සුවිශේෂී දසුනකි.එමෙන්ම ඉන්දියාව ආගමික කටයුතු සඳහා ලංකාවටද මල් අපනයනය කරයි.


මුලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/History_of_gardening
https://www.gardenvisit.com/history_theory/garden_landscape_design_articles/sacred_gardens/hindu_gardens_lotus_ponds

ඉන්දියාවේ දෙවැනි අන්තර් ග්ලැසියර යුගයේ ජිවත් වූ අන්ත්‍රෝපොයිඩවරුන්

 ප්‍රාග් ඓතිහාසික යුරෝපයේ මෙන්ම උතුරු ඉන්දියාවේද දෙවන අන්තර් ග්ලැසියර යුගයක් පැවති බවට සාක්ෂි හමුවුයේ ක්‍රි.පු. 4000,000 - 2000,000 අතර කාලයේදීය,ඒ සෝන් සංස්කෘතියට අයත්වූ පුර්ණ පාෂාණමය ගල් කැට සහ ගල් මෙවලම් තුලිනි.ආසියාවේ  ෆොසිල වාර්තා අනුව අවිවාදිත මානවයින් භූවිද්‍යාත්මක කාලාරම්භය තුළ වාසය කර ඇත.එහිදී හමුවූ අන්ත්‍රසිමියා සහ සජීවී ෆොසිල ප්‍රිමාටස් හිස් කබලේ පසුපස ක්‍රේනියම් තුළින්සහ දත් තුලින් ෆයිලොජෙනටික් විශ්ලේෂණයක් මගින් ඔවුන්ගේ මානව විද්‍යාත්මක තත්වයන් පෙන්වා දුන්හ.ඒ අනුව මුල් අයෝසින යුගයේ නුතන අංශයේ විවිධාංගීකරණයසඳහා ඉන්දියාව වැදගත් කේන්ද්‍රස්ථානයක් වූ බවයි.

සෝන් සංස්කෘතිය පන්ජාබයෙන් ඇරඹුණු අතර මෙම හමුවුන ගල් මෙවලම්ව් වලට ඒ නම ලැබුනේ පන්ජාබය හරහා ගලා ගිය කුඩා නදියෙනි. එමෙන්ම පුරා මනවදියාඥයින් විසින් 1993 දී පකිස්ථානයේ රිවර්ට් ප්‍රදේශයෙන්ද මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයා ගත්හ.

මෙම පැරණි එංගලන්තයෙන් සහ අප්‍රිකාවෙන් සොයා ගත් අතර  එතනින් චීනය දක්වාත් පැතිරුණ අතර ඉන්දියාවේ කැණීම් තුලින් ගල් මෙවලම් සහ මිනිස් ඇටසැකිලි දෙක එකට සොයා ගත නොහැකි විය.නමුදු ලැබුන මුලාශ්‍ර වලින් මේවා  අන්ත්රෝපොයිඩවරුන් ගේ මානව කෘතීන් ලෙස හඳුනා ගන්න ලදී.

එමෙන්ම දකුණු ඉන්දියාවෙන් තවත් ප්‍රාග් ඓතිහාසික ශිලා කර්මාන්තයක් සොයා ගත් අතර සෝන් නිම්නයෙන් හමුවූ  මෙවලම් වල සමකාලින මෙවලම් බව සොයා ගත්හ.,මෙම මෙවලම් ලොකු ගල් පතුරු වලිනි.සෝන් නිම්නවසින්ට වඩා  එම ගල් නිර්මාණ වල දියුනුබවක් තිබුන අතර සෝන් වාසීන්ට වඩා දැනුමක් ඇති පිරිසක් බව හෙලිවුනි.පුරාවිද්‍යාඥයින් විසින් මදුරාසි කර්මාන්තය නමින් මේවා හැඳින්වූ අතර  බටහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ පැවති යකඩ කර්මාන්තය හා සබැඳියාවක් පැවති බව පෙනේ.ඒ ඔස්සේ උසස් මිනිස් වර්ගයාගේ පැවැත්ම ඇරඹුණු සැබෑ හෝමෝසේපියන් වරුන් හා සම්බන්ධතාවය ඇරඹීම සිදුවූ බව මේ ඔස්සේ තහවුරු වේ.

එමෙන්ම මොවුන් පැලියෝ ඉන්දියානු මානවයින් ලෙසත් හඳුන්වනු ලැබූ අතර 1960 සිට ගංගා ද්‍රෝණි ව්‍යපෘති ඔස්සේ සිදු කල පුරාවිද්‍යාත්මක පර්යේෂණයන් ඔස්සේ පැලියෝ ඉන්දියානු සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රති නිර්මාණය කිරීමට ඉන්දියානු රජය මගින් උත්සුක වෙමින් පවති.වඩා හොඳ කාල නිර්ණ ක්‍රමයන් භාවිත කරමින්.පසුව ප්ලයිස්ටෝසීන පර්යේෂණයන් උදෙසා නව ආකෘතින් නිර්මාණය කිරීමට ආරම්භ කලෝය.

Early Paleo Indian Subperiod (15,000 - 13,000 BCE)

                                                                මුල් පැලියෝ ලක්ෂය ඉන්දියාවේ ගිනිකොණ දෙස පුරාම ව්‍යාප්ත වන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.බටහිරට සහ නැගෙනහිරට ඇති පුළුල් කලාප ත්‍රිත්වය වූ සිසිල් දේශගුණික බොරියල් වනාන්තර සෞම්‍ය වූ ඕක් , හිකරි සහ පයින් වනාන්තර  සහ උප නිවර්තන වැලි පඳුරු විය.


Middle Paleo Indian Subperiod (13,000 - 11,000 BCE)

මාධ්‍ය පැලියෝ සුගය තුළ ක්ලොවිස් ලක්ෂණවලට වඩා මෙම ලක්ෂයේ  කොටස් වනුයේ කම්බර්ලන්ඩ් ,රෙඩ්ස් ස්ටෝන්, සුවනි,බිවර් ලේක් ,ක්වාඩ්, කෝල්ඩ් වෝටර් සහ සිම්පප්සන්ය.මෙම කලාප වල සුවිසේෂිත්වය වුයේ ජනගහනය ප්‍රශස්ත ලෙස පරිසරික්ම සම්පත් වලට අනුගත වීමයි.




Late Paleo Indian Period (11,000 - 9,600 BCE)


පසුකාලින අවසන් පැලියෝ යුගය ඩෝල්ටන් සහ අනිකුත් පැති නොච් ස්ටයිල් ලක්ෂ්‍යයන් අවසන් උපලක්ෂයන් වන Late Paleo Indian විදහා දැක්වේ. දඩයම් කිරීමට හුරුවුන ඔවුන් කෙමෙන් කෙමෙන් එයින් දුරස් වී යැපුම් උපාය මාර්ගයන් අනුවර්තනය වී සොයා යාමට හුරු වුහ.



https://www.nps.gov/ocmu/learn/historyculture/paleo-indian-culture.htm

Saturday, January 28, 2023

ඉකා ගල් මත විස්මිත සිත්තම් ඇන්දේ වෙනත් ග්‍රහලෝවකින් පැමිණි ජිවින්ද ???




පාෂාණ සිතුවම් කළාව පිලිබඳ විමර්ශනය කිරීමේදී නිරතුරුවම පේරු රාජ්‍යන්හි Ica ගල් සිතුවම් ප්‍රධාන ස්ථානයක් ගනී.ICA යනු පෙරුහී ඉකා ප්‍රදේශයේ දක්නට ලැබෙන ඇන්ඩිසයිට් ගල් එකතුවක් වන අතර ඒවා විවිධ සිතුවම් වලින් යුක්තය.ඩයිනොසරයින් ඇඳි පාෂාණ බොහෝ සේ දක්නට ලැබෙනතර මේවා ඇස්බැන්දුම් නිර්මාණ ලෙසද සැලකේ.1960 ගණන් වලදී  මහාචාර්ය ජාවියර් කබ්රෙරා ඩාර්කුවා ( Javier Cabrera Darquea)  මෙම ගල්  ගල්ගුහාවන් හා දුර්ගවල තිබෙන ගල්  විකුණු  එහි ගොවියකු වූ බැසිලෝ උස්චුයා ( Basilio Uschuya) ගෙන් ලබා ගත් බව පැවසේ. ඔහු සතුව " ග්ලිප්ටෝලිත් " යනුවෙන් නම් කරන ලද ඉපැරණි ගල් එකතුවක්ම මේ ඔස්සේ නිර්මාණය කර ඇත.



අවසානයේදී පුරාවිද්‍යාඥ වරුන් මේ පිලිබඳ විමර්ශනය කිරීමට පටන් ගත් අතර පේරු රජය විසින්   මෙම ගොවියාට විරුද්ධව නඩු දැම්මේ ජාතික වස්තු විකිණීම සම්බන්ධවයි. පසුව ඔහු නිදහස් වූ පසු තමා දුන් සාක්ෂිය ප්‍රතික්ෂේප කර ඒවා තමන් විසින් එම කැටයම් කල ගල් ගොම වලින් පුළුස්සා තඹ නිර්මාණයක් කෙරු බව පැවසුවේය.

සැන් ඉලඩේෆොන්සිහි සුප්‍රසිද්ධ කුම්බල්කරුවකු වන මාරියා විසින් නිර්මාණය කර තිබේ.මෙම ගල් මත මිනිස් රූ වෛධ්‍යවරුන් විසින් නිරතවන  යම් ක්‍රියාවලින් , දුරේක්ෂ , පියාඹන උපකරණ  ,පියාඹන ඩයිනොසිරයින් සහ ඩයිනොසරයින් පිට නැගී මිනිසුන් නොගැඹුරු ලෙස කැටයම් කර තිබෙනු දක්නට ලැබීම සුවිශේෂිය.

එමෙන්ම වෛද්‍ය සැත්කම් , හදවත් සැත්කම් සහ සිසේරියන් සැත්කම් වැනි වෛද්‍ය ක්‍රියාපටිපාටීන් පවා මෙම ගල් මත කැටයම් කර තිබුණි.

1966 පේරු ජාතික වෛද්‍ය Javier Cabrera ට ඔහුගේ 42වැනි උපන් දිනයේදී මිතුරෙකු විසින් වඳවී ගිය මාළුවකු සිතුවම් කල ගලක් තෑගී දී ඇත.පුරවිද්‍යඥයින්ට අනුව මෙම ගල් සියවස් ගණනාවක් තිස්සේ එකිනෙක ගැටී වාර්නිෂ් වී ඇත.එම වාර්නිෂ් ඉවත් කල විට වර්ණ සියුම් රේඛා දැකිය හැකි අතරගලෙහි ඇති කැටයම් සියුම්ව පරික්ෂා කිරීමේදී තැනින් තැන වාර්නිෂ් ඉතුරුව ඇති බැවින් ඒවා ඉපැරණි සම්භාව්‍ය බවක් පෙන්නුම් කරයි.

1935 දී පේරු වෙත ගිය මිෂනාරි ප්‍රද්රේ සිමන් විසින් මෙම කැටයම් සහිත  ගල් පිළිබඳව පළමුව  වාර්තා කරන ලද අතර 1562 දී ස්පාඤ්ඤයට යවන ලදී.මිට අමතරව 50, 60 ගණන්වලදී හාරා කැටයම් කර ඇති ගල් වල නිවැරදි හිස සහිත ඇපරොස්ගේ රූප ඇත. නමුත් 1979 දී  පාෂාණ විද්‍යාඥයින් විසින් බ්‍රොන්ටෝටෝරස් ඩයිනොසරයා යැයිහැඳින්වුයේ වැරදි ඇට සැකිල්ලක් බව  සොයාගන්නා ලදී.



ඩයිනොරයකු සමග සටන් කරනැ මිනිසෙකුගේ රුවක් මෙම ගලෙහි නිර්මාණය වී ඇත.
එමෙන්ම සමහරා රූප මල් වර්ග, කුරුල්ලන්, සර්පයින් ,සිතියම්,වඳවී ගිය ශාඛ සහ සතුන් ,පුරවා කොලොම්බියානු යුගයේ පැවති කලාවේ කාලනුරුපි නොවන දර්ශන නිරුපණය වන බව හෙළිවිය.


මෙහිදී පැන නැගුණු ගැටලුව වුයේ මානව වර්ගයා ඩයිනොසරයින් සමග සහජීවනයෙන් සිටි බවත් දියුණු තාක්ෂණයක් තිබු බවත් මේ ඉන්කා කැටයම් ඔස්සේ ඔප්පුවනවාද යන්නයි?


දක්ෂ වෛද්‍ය වරයකු වූ කබ්‍රෙරාට අනුව මෙම කැටයමේ හදවත් සැත්කමක් කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටින අතර හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුවන බව පෙන්වා දෙයි.

මෙම ශිෂ්ටාචාරය පැවති යුගයේ සංකීර්ණ ශල්‍යකර්ම කිරීමට තරම් දියුණුවූ වෛද්‍ය තාක්ෂණයක් පැවතීමට ඉඩ තිබුණද ?වෛද්‍ය විද්‍යාව මෙන්ම තාරකා විද්‍යාව ට කැපවූ විශිෂ්ඨ මිනිසුන් සිටියේද යන්න අදටත් පිළිතුරු නැති ගැටලුය.එමෙන්ම ෆොයිසාක් හි සුප්‍රසිද්ධ ගුහාවෙන් සොයා ගත් විශිෂ්ඨ ඝනයේ පැලියෝලිතික් මුර්ති, ඩයිනොසරා බිත්තර , උල්කාපාත කැබලි පුරාණ ශිෂ්ඨාටචාරයක සලකුණු පෙන්නුම් කරනවද යන්න අදටත් ගැටළු සහගතය.

පුරාවිද්‍යාඥයින් සිදුකලතර්මොලිනන්ස්සහ,  කාලනිර්ණයන් ඔස්සේ හෙලිවුයේ මෙම පාෂාණ ඇතුලත් පසෙහි සහ පාෂාණ සාම්පලවල ඇතුලත් කාබන් තැන්පතු වසර 5000- 8000ක අපගමනයක් සමග වසර 61196 ,99240 කට වඩා මෙම නටඹුන් පැරණි බවයි.කබ්රේරා විසින් පසුකාලීනව කල පර්යේෂයන් ඇසුරෙන් මෙම විෂය පිළිබඳව (The Message of the Engraved Stones of Ica ) " ඉකා හි කැටයමින් යුතු පාෂාණ පවසන පණිවිඩය — 

නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ගල්වල මූලාරම්භය සහ අර්ථය පිළිබඳ ඔහුගේ න්‍යායන් සාකච්ඡා කළේය. එහිදී ඔහු තර්ක කළේ ගල්වලින් පෙන්නුම් කරන්නේ ˜‍මිනිසාගේ වයස අවම වශයෙන් වසර මිලියන 405ක්‍ බවත් , ඔහු ග්ලිප්ටොලිතික් මිනිසා ලෙස හඳුන්වන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි‚ මිනිසුන් වීම නිසා බවත්ය ,අභ්‍යවකාශය පෘථීවිය මත නව මිනිසුන් නිර්මාණය කළේය.

කබ්‍රේරා සිය වෛද්‍ය වෘත්තීය අතහැර 1996 දී ගල් දහස් ගණනින් ප්‍රදර්ශනය කිරීම සඳහා කෞතුකාගාරයක් විවෘත කළේය. ඉකා ගල් වැසි ජනප්‍රියත්වයක් අත් කර ගත් අතර ඉකා නගරයේ ප්‍රධාන චතුරශ්‍රය අතර තවමත් විවුර්තව පවතී.

ඉකාහී සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක පරික්ෂණ භාරව සිටි හා ඉකා කෞතුකාගරයේ භාරකරුවකු වූ පුරාවිද්‍යාඥ ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇසෙස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) විසින්ද , මැක්ස් උහ්ලේ ( Max Uhle ) සහ ටෝමා ලූස් ,(Toma Luz) හි පැරණි පැරකස් සහ ඉකා සුසාන භූමි වල නිල කැණීම් සිදු කරන ලදි.ක්‍රි.පූ. 400 දක්වා දිවෙන ප්‍රා - හිස්පැනික් ඉන්දියානු සොහොන් කොත්වල වෙනම අවස්ථා දෙකක්දි කැණීම් කරන ලදි.

ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) යනු පීරු හි ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ පුරාවිද්‍යාඥ්‍යෙකි.ඔහුට අනුව මෙම කැටයම් වල මිලියන 100ක කාල පරාසයක් තුළ වඳ වී ගිය මාළුවකුගේ, ලමාවරයකුගේ රූපයක් සහ ශෛලීගත මලක්  විය හැකි ජ්‍යාමිතික රූපයක් ඇතුලත් වේ. 1968දී ඇස්ට්‍රෝගේ චිත්‍ර සහ විස්තර ඇතුළු ඔහුගේ සොයා ගැනීම් ප්‍රකාශයට පත් කරන ලදි.සමහර මෝස්තර Paracas , Nazca ,Thiwanakku , හෝ ඉන්කා වැනි සංස්කෘතීන් ට අයත්‍ යැයි හඳුනාගත හැකි මෝස්තර වලින් යුක්ත වේ.මේව කොල්කාගේ එකතුවේ කොටසක්  ලෙස ඉකා කෞතුකාගරය සතු විය.මේවායේ ස්වභාවික ඔක්සිකරණයෙන් වයස නිගමනය කළ හැකිය.

1960 සන්තියාගෝ ඇගුරාටෝ කැල්වෝ ,ඔහුගේ පාෂාණ කිහිපයක් පේරුහී ජාතික ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ රසායනාගාරයකට ඉදිරිපත් කලේය.පරික්ෂණ වල ප්‍රථිපලය නිගමනය වන්නෙ මේවා සැබැවින්ම මේවා සැබැවින්ම පූර්ව හිස්පැනික් සම්භවයක් ඇති බවයි.

ප්‍රකට නාසා ආයතනයේ විද්‍යාඥයෙකු වූ ජෝසෆ් එෆ් බ්ලූමිරිච්  , සැටර්න් V මිසයිලයේ සැලසුම සංවර්ධනය කළ අතර , ස්කයි ලැබ් සැලසුම් කිරීම සඳහා ද සම්බන්දව කටයුතු කළේය.වෛද්‍ය Blumrich සඳහන් කර ඇත්තේ රසායනාගාර  පරික්ෂණ වලට අනුව : 

" එම පාෂාණ , සත්‍ය බවත් 

මෙම පිංතූර වල සත්‍යතාව ගැන මගේ සිතේ කිසිඳු සැකයක් නැති බවයි"  යනුවෙනි.

මහාචාර්‍ය ක්බ්‍ර්රේරාගේ  එකතුවේ කළු පැහති හා ඔප දැමූ ගල් ඇති අතර ,කොල්කා එකතුවේ ඇති ගල්වල මෙම ඔප දැමූ ගල් කිසිවක් හමු නොවීය.කබ්‍රේරේරාගේ එකතුවේත්,කොල්කාගෙ එකතුවෙත් එක වගේම සරළ පාෂාණ තිබේ.

පැලියෝපති විද්‍යාඥ ආර් .එල්.මූඩ්  පුරාණ පීරු ශල්‍යකර්ම පිළිබඳ සිය අධ්‍යයන්‍ය මෙසේ සාරංඅහගත කළේය

ප්‍රාග් - කොලොම්බියානු පේරු ජාතිකයින් මෙන් ශල්‍ය වෛද්‍ය දැනුම පිළිබඳ ක්ෂෙත්‍රයක් ලොව කොතැනකවත් ප්‍රාථමික හෝ පැරණි ජන වර්ගයක් වර්ධනය කර නොතිබුණු බව  ප්‍රකාශ කිරීම මම විශ්වාස කරමි. ඔවුන්ගේ ශල්‍යකර්ම ප්‍රයත්නයන් සැබැවින්ම විශ්මයජනක වන අතර , අත් කපා ඉවත් කිරීම් , වෙළුම් පෙට්ටියක් ,අස්ථි බද්ධ කිරීම් , කැටි ගැසීම සහ වෙනත් පැහැදිලි ක්‍රියා පටි පාටි ඇතුළත් වේ.

පුරාණ පීරු ජාතිකයින් භාවිතා කළ මොළයෙ සැත්කම් සහ සමහර රෝග සඳහා ප්‍රථිකාර කිරීම තවමත් නවීන විද්‍යාව පිලි නොගන්නා බ්වට සාක්ෂි තිබේ.ඔවුන් හදවත් සැත්කම් කළ බවට සාක්ශි ඇති අතර,

මහේ ඊලඟ පර්‍යේෂණ කෘතිය වන ' The MMystery of the ICA Stone and Nazca Lines (Proofs that Dinosaurs and Man Together " Pre-Colombian ".

ඔස්සෙ මිනිසුන් අතර දියුණු වූ ශල්‍යකර්ම වල මෙම මානය සවිස්තරාත්මකව ආවරණය කරයි.

පාෂාණ විද්‍යාඥයින් විසින් මෑතකදි සොයා ගන්නා බොහෝ ව්‍යූහ විද්‍යාත්මක ලක්ෂණ සහිත ඩයිනෝසරයන් නිරූපණය කරන පාෂාණ පිළිබඳ විවාදයක් පැවතුණි.එහිදි කොපෙන්ස් (Coppens) ඉදිරි කල විකල්ප පැහැදිලි කිරීමක් මගින් ගල්වල සම්භවය ගණනය කිරීමට උත්සාහ කරයි.

ඔහු උපකල්පනය කරන්නෙ මෙය " ගෝත්‍රයේ ෂාමන් විසින් කරන ලද ප්‍රකාශයන් විය හැකි බවයි .කිසිම ෂාමන් කෙනෙකුට ඩයිනෝසර අස්ථියක් ලබා ගැනීමට නොහැකි විය.අස්ථිවල පෙර හිමිකරු සමග මනෝමයෙන් සම්බන්ද ව මෝහනයකට ඇතුළු වී, ඩයිනෝසරයාගේ වයස දැනගත නොහැකි විය.

මාධ්‍යවේදින් හස්කම් විශ්වාස නොකරන බව කවුද කියන්නෙ? ඒවා ඉපැරණි කැටයම් බව පාෂාණ විසින් සන්නිවේදනය කරනු ඇතැයි මට විශ්වාසයි.

මම විශ්ලේෂණය සඳහා " Mason Optical "INC වෙත පාෂාණ තුනක් ගෙනාවා. අධ්‍යයනය ට ඇතුළත් පාෂාණ තුන,

A).බැසිලෝ විසින් කැටයම් කරන ලද ව්‍යාජ පාෂාණයක්.

 B)කබ්රේරාගේ එකතුවෙන් සොයා ගත් ඉකා පාෂණයක් 

C).නස්කා හිරියෝ ග්‍රෑන්ඩ් හී සොහොනෙන් සොයා ගත් පාෂාණයක්.

රසායනාගාර ප්‍රථිපල:

1. පළමු පාෂාණය , කුඩා සීරීම් සහ චිප්ස් සහිත ඉතා නොගැබුරු කැපීම් පෙන්නුම් කලේය.ඒ මත නිල් ලෝහ ( වානේ) පැල්ලම් සොයා ගන්නා ලදි.කැපීම් පිරිසිදු සහ කෝණික විය.පාෂාණය මත ඔක්සිකරණ බවක් නොතිබුන අතර ක්ෂුද ජීවින් හමු නොවිය.රසායනාගාර නිගමනය් වූයේ මෙම පාෂාණ මෑතකදී නිෂ්පාදනය කළ එකක් බවයි.පාෂාණ මතුපිට කැටයම් කිරීමට යමෙකු ලෝහ තලයක් හෝ කෙටි පහරවල් සහිත මෙවලමක් භාවිතා කර ඇත.

2). කබ්‍රේරේරා පාෂාණය හෝ ඉකා පාෂාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණයක් හෙළි වූයේ ගලෙහි කට්ට සහ කැපීම් ආවරණය වන පරිදි එහි සියුම් පැටිනා ඇති බවයි.සමහර කැපුම් ඇතුළු ගල් කුහර වල අපිරිසිදු වැලි තැන්පත්ව තිබුණි.ස්වභාවික ඔක්සීකරණය මගින් කැපුම් වල දීපිතිමත් සුදු පෙනුමක් නොතිබූනද ඒවා තරමක් වර්ණවත් කර ඇත.නවීන මෙවලම් භවිතය පිලිබඳ කිසිදු ශක්තියක් හෝ කුඩ ලෝහ අංශු හමු නොවීය.විද්‍යාගාර නිගමනය වූයේ ගලෙහි කැටයම් මෑතකාලීනව නොව යම් යුගයක ඒවා බවයි. පැටිනා යනු වයස පිළිබඳව නිරපේක්ෂ සාක්ෂියක් නොවේ .

කාලගුණික තත්වයන් පාෂාණයක ,පිපිරිම් ,වර්ණය වැනි ලක්ෂණ තීරණය කරයි.  පාෂාණයේ කැපුමල් සිදු කරද්දි ගලෙහි ස්වාභාවික වර්ණය දිස්වන්නේ නම් , කැපීම බොහෝ විට අලුත් විය හැකිය.ඉකා පලාතේ කැණීම් සිදු කරන ලද්දේ දනවවන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ මැක්ස් උහ්ලේ ( Max Uhle ) , ජූලියෝ සී ටෙල්ලෝ ( Julio. C .Tello) , ඇල්ෆඩ් එල් කොබෙරා  ( Alfred l Kroebera ) ,විලියම් ඩන්කන් ස්ට්‍රෝන්ග් ( William Duncan Strong )සහ  ජෝන් හෝලන්ඩ් රෝව්( Jhon Howland Rowe) , වැනි විද්වතුන් විසිනි.ඔවුන් කිසිවෙක් කැටයම් කළ ඇන්ඩිසයිට් ගල් සොයා ගැනීමක් වාර්තා කලේ නැත.කෙසේ වෙතත් " huaqueros" සොහොන් කොල්ලකරුවන් විසින් කොල්ල කන ලද කැටයම් කරන ලද පාෂාණ සංචාරකයින් සහ ආධුනික එකතු කරන්නන්ට විකුණීමට පටන් ගත්ට්තේය.

මෙම එකතු කරන්නන්ගෙන් එක් අයකු වූයේ ලීමා හී ජාතික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ සන්තියාගෝ ඇගුර්ටෝ කැල්වෝ ය. ඔහු පුරාණ සුසාන භූමි වල සෙවීම් සංවිධානය කළ අතර , 1996 අගෝස්තු මාසයේදී ඉකා නිම්නයේ කලන්ගෝ ( Callango) දිස්ත්‍රික්කයේ ටෝමා ලූස් ( Toma Luz) අංශයෙන් එවැනි ගලක් සොයා ගන්නා ලදි.එහි සංදර්භය ටිවන්කු ( Tiwanlu) සංස්කෘතිය ට අනුරූප විය.ඔහු තම සොයා ගැනීම ඉකා නගරයේ ප්‍රාදේශීය කෞතුකාගරයට වාර්තා කළ අතර ,එහි භාරකරු වන පුරාවිද්‍යාඥ  ඇල්ජන්ද්‍රෝ පෙසියා ඇසෙරෙටෝ ( Alejandro Pezzia Assereto ) විසින් වැඩිපුර ගවේෂණ සඳහා ඔහු සමග සම්බන්ධ විය.1966 සැප්තැම්බර් මාසයේදී ඔකුකජේ දිස්ත්‍රික්කයේ දෙ ලා බන්දා ( De La Banda) අංශයේ උහ්ලේ හිල් ( Uhle Hill)  සුසාන භූමියේදී ඔවුන් ප්‍රථම වතාවට පැරකස් ( Paracas ) සංස්කෘතියේ සොහොන් ගැබකින් කැටයම් කළ පාෂාණයක් සොයා ගත්හ. මෙම පාෂාණය තරමක් පැතලි අක්‍රමවත් හැඩයෙන් යුක්ත වූ අතර, එහි පෙති අටක් සහිත මලක් ලෙස ගත හැකි මෝස්තර කැටයම් කර තිබුණි.

මෙම කරුණු අනුව ඉකා කැටයම් පිලිබඳ සිදුවීම සහ එහි නිර්මාණකරුවන් සහ ඉතිහාසය තවමත් නොවිසඳුණු අභිරහස් ගැටළු අතරින් එකකි.

මූලාශ්‍ර :

        https://rockartblog.blogspot.com/2015/04/dinosaurs-in-rock-art-perus-ica-stones.html        

        https://science.howstuffworks.com/science-vs-myth/unexplained-phenomena/are-ica-stones-authentic.htm

        https://www.ancient-hebrew.org/ancientman/1001.html

        https://www.ancient-origins.net/opinion-guest-authors/ica-stones-cabrera-00663

        නිලක්ෂි බණ්ඩාර 




Thursday, January 26, 2023

ඔරිස්සාවේ කොනාර්ක් සුර්ය දේවස්ථානය - දෙවියන්ට නමස්කාර නොකරන විශ්මිත ආශ්චර්ය .


ඔඩිෂා ප්‍රාන්තය යනු ඉන්දියාවේ වැඩියෙන්ම සුළිසුලං හමනා ප්‍රාන්තය වන අතර දර්ශණිය ඉතිහාසයක් ඇත.මෙහි ආකර්ෂණියම ස්ථානයක් වන ඔරිස්සාවේ කොනාර්ක් සුර්ය දෙව් මැදුර සුවිශේෂී වේ.දෙවියන්ගේ දේශය නමින් අතීතයේ හැඳින්වූ ඔඩිෂා පසුව ඔරිස්සා නමින් හැඳින්වූ අතර ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ එහි පිහිටා ඇති අතර එහි සංස්කෘතිය හා සම්ප්‍රධායන් රැසක වටිනාකමින් පිරි ඇත.

ඔඩිශාව නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාථමික සර්වභෞමික කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින අතර ඉසුරුමත් උරුමයන්ගෙන්ද සම්ප්‍රදායන්ගෙන් ද කළා ශිල්ප වලින්ද අනුන වේ.මෙහි ඇතුලත් වන විහාරස්ථාන අතර කොනාර්ක් සුර්ය දේවස්ථානය ,ජගනාත් කෝවිල ,රාජරානි කෝවිල ,ලිංග රාජ් කෝවිල , බරාබති මාලිගාව උදයගිරි සහ ලලිත් ගිරි වැනි ගුහා ප්‍රාන්ත වල වාස්තු විද්‍යාත්මක බව බෙහෙවින් ඉහළ වේ. කොනාරක් දේවාලය 13 වන සියවසේ ඔඩිෂා රාජ්‍යයේ පැවතුන කළා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨ සංකේතයකි.එය දේවත්වයේ පුද්ගලරෝපණ සංකේතයකි.මෙම දේවාලය සුර්ය දෙවියන්ට කැප කර ඇති අතර 1250 දී නැගෙනහිර ගංගා රාජ වංශයේ 1 වන නරදේව සිංහ මෙම දේවාලග නිල වස්තු විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කල අතර ,  යුනෙස්කෝ ලෝක උරුමයක්  වශයෙන් නම් කරන ලදී.අදටත් පුජකවරුන් විසින් පැරණි චාරිත්‍රයන් සිදු කරන අතර කෝවිලේ පිටත සහ ඇතුලත විවිධ සංකේත සහ ලාංජන ඔබට දැකිය හැකිය.


කොනාර්ක් යන නම කෝනර්ක්, කොනා + ආරක් යන සංස්කෘත පද දෙක එකතුවී සැදී ඇති අතර කෝණා යන වචනයෙන්  කෝණයක් යන්න අදහස් වන අතර ආරක් යන්නෙන් හිරු යන්න අර්ථවත් වේ.ඔරිස්සා ප්‍රාන්තය හරහා කිහිප විටක්ම හමා ගිය විනාශකාරී ෆානි සුලි කුණාටුව නිසා විනාශයන් රැසක් වූ නමුදු දේවස්ථානය තුළ තැන්පත් කර ඇති කුඩා මුලද්‍රව්‍ය කොටස් වලට සුළු හානි වුවා  මිසක් , කිසිඳු බරපතල  හානියක් නොවී අදටත් එලෙසින්ම සම්පුර්ණ සැලැස්ම සුරැකි ඇත.

මෙම කොනර්ක් දෙව් මැදුර බුබනේස්වර්හි ලිංගරාජ් දේවාලය සහ පුරී හි ජගන්නාත් 
දේවාලය සමග ත්‍රිකෝණික සම්බන්ධතාවයක් පෙන්නුම් කරන අතර කෝවිල් පරිශ්‍රයේ මධ්‍යයෙහි සිට එම පරිසරයම සුන්දර කරයි.කොනාර්ක් විහාරය ඉන්දියානු පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වන අතර , ලොව පුරා සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයක් වේ.අනික් සුර්ය දෙව් මැදුරු වලට වඩා මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙහි සුර්ය වන්දනාව නොකිරීමයි.මෙය නිර්මාණය කිරීමට වසර 12ක් පුරාවට කම්කරුවන් 1200 දෙනෙක් අඛණ්ඩව දායකත්වය ලබා දී ඇත. එය අතිදක්ෂ නිර්මාණකරුවන් රැසකගේ විශිෂ්ඨ නිර්මාණයක් වූ අතර මුළු රාමුවම ගල් වලින් නිර්මාණය කර ලෝහ වලින් එකිනෙක සම්බන්ද කර ඇත.එම ලෝහ රාමුව කිලෝග්රෑම් 5000 ක් වන අධි බරැති කන්දමකින් රඳවා ගෙන සිටින අතර සුර්ය මාලිගාව යනු පන්සලේ පිවිසුමයි.මෙම රාමුවේ පවතින උස අඩි 217ක් වුවත් සැබෑ උස අඩි 227ක් වූ බව සඳහන් වේ, සුර්ය දෙවිඳුගේ ප්‍රතිමාව ලෝහ 8ක 
එනම් රන්, රිදී , පාසානම්,බේරියම් ,කැඩ්මියම්, ක්‍රෝමියම්, ඊයම් , රසදිය, සෙලේනියම් සහ රිදී යන අෂ්ඨ ධාතු උණු කර සාදා ගන්න ලෝහයකින් නිර්මාණය කර එය චුම්බකයකින් සමතුලිත වන ලෙස එල්ලා ඇති බව කියවේ.

පළමු නරසිංහ දේව රාජ විසින් මෙම පුදබිම නිර්මාණය කිරීමට කාල සීමාවක් දී ඇති අතර එය නිමවීමට කල් ගතවුනහොත් එම සේවකයින් 1200 වම , මරා දමන බව පවසා ඇත .
අවසානයේදී සිදුවූ යම් දෝෂයක් එනම් "දධි නෞති හෙවත් ඔටුන්නට මාණික්‍යය සවි කිරීමට " නොහැකි වීම නිසා එම දඬුවම ලිහිල් වුන අතර එහි සේවය කල කම්කරුවකුගේ 12 හැවිරිදි පුතකුවූ ධර්ම පාද මැණික් ගල ඔටුන්නට සවි කරත් ,  එය රජුට ආරංචි වූ බියට මෙම දිළිඳු දරුවා චන්ද්‍රභාග ගඟට පැන මිය ගොස් ඇත.
එදින දේව මන්දිරයේදී සිදුවූ එම අසුභ සිදුවීම හේතුවෙන් අදටත් මෙම සුර්ය දෙව් මැදුරට වන්දනා කරන්නේ  නැත.



මෙම කොනාර්ක් සුර්ය දෙව් මැදුර කාලිංග ගෘහ නිර්මාණ ආභාෂයෙන් නිර්මාණය කර ඇති අතර සියලුම චරිත විශිෂ්ඨ අයුරින් නිමවා ඇත.මෙම දෙව් මැදුර අශ්වයින් 7 දෙනෙක් විසින් අහසේ ඇදගෙන යන කරත්තයක සුර්ය දෙවිඳුන් සිටින ආකාරයක් අභිනය කරමින් දක්වා ඇත,සුර්ය දෙවියන්ට කැප කර ඇති මෙම දෙවොල නුතන දිවියේ සමකාලින ක්‍රියාකාරකම් වල නිරූපිත අවස්ථාවන්ගෙන් සරසා ඇත.එහි උතුරු සහ දකුණු මුහුණතෙහි මුර්ති රෝද 24ක් දක්නට ඇති අතර ,එක් එක් විෂ්කම්භය මීටර් 3කි.වසරේ මාසවල සහ සෘතු වල චක්‍රය සංකේතවත් කරන සංකේත රටාද ඇඳ ඇත. ඒවා සම්පුර්ණයෙන්ම සුර්ය දෙවොලේ අසුන් බැඳී කරත්තයේ උපකල්පිත ව්‍යුහය නිරුපණය කරනු ලබයි.කාලිංග අභාෂය ගත් පැරණි ගෘහ නිර්මාණයේ තිබුනඅසාමාන්‍ය ව්‍යහුය නිසා ලොව  පුදුම 7න් එකක් බවට යුනෙස්කෝ සංවිධානයෙන් නම් කරන ලදී.ශත වර්ෂ ගණනක සිට පැවතෙන අඳුරු වර්ණය හේතුවෙන් මෙය කාල පැගෝඩා. කළු පැගෝඩාව යන නමින්ද හඳුන්වා ඇත.



මූලශ්‍ර :

http://www.thekonark.in/
https://www.britannica.com/place/Konark
https://whc.unesco.org/en/list/246/

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර 
26/01/2023






Monday, January 16, 2023

ආර්ථික විද්‍යාවේ තෙරේසා මවුතුමිය යන විරුදාවලිය ලත් මහාචාර්ය අමර්ත්‍ය සෙන්.

 


මහා ගුරු දෙව් තාගෝර්තුමාගේ නිවහන වූ ශාන්ති නිකේතනය 1933 නොවැම්බර් 3න් වෙනි දින ඉතා කාර්යබහුල දිනයක් වුයේ එතුමන්ගේ ලගම මිතුරකු සේම රසායන විද්‍යා මහාචාර්යවරයකු ද  දිල්ලියේ සංවර්ධන කොමසාරිස් වරයා සේම එවකට බටහිර බෙංගාල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සබාපති ලෙසද ක්‍රියා කල  අශුටෝශ් සිංග් සහ අමිතා සෙන් මහත්මිය තම කුළුඳුල් දරුවාට නමක් තැබීම පිණිස තාගෝර් මන්දිරයට පැමිණීම හේතුවෙනි. දරුවාට අමරණිය බව සංකේතවත් වන අමර්ත්‍ය සෙන් යන නාමය දී චාරිත්‍රානුකුලව තුන් වරක් ළදරුවාව ඒ නමින් ආමන්ත්‍රණය කරන ලදී.

1945 දී අශුටෝෂ් සිංග් මහතා තම පවුලේ සාමාජිකයින් සමග බටහිර බෙංගාලයට පැමිණි අතර අමිතා සෙන් මහත්මිය රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ හිතවතෙක් වූ පුරාණ සංස්කෘතිකවාදියකුදසහ විශාරදවරයකු වූ ක්ෂිති මෝහන් සෙන්ගේ දියණියයි.

අමර්ත්‍ය සෙන් ඩකා හි ශාන්ත ග්‍රෙගරි විදුහලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලද අතර දෙවෙනි ලෝක යුද්ධ සංග්‍රාමය ඇරඹීමත් සමග 1941  දී ශාන්ති නිකේතනයෙ පතා භවන් පාසලෙන්  තම අධ්‍යාපනය සම්පුර්ණ කල සෙන් ත්‍රිත්ව විද්‍යාලයෙන් 1955 දී BA  ලැබූ අතර එහි සුවිශේෂිත්වය වුයේ ට්‍රිනිටි විද්‍යාලයට අධි ශිෂ්‍යත්වයක් සඳහා ඔහුට අවස්තාව ලැබුණු අතර ඔහුට කැමති විෂයක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි.ඔහු එහිදී දර්ශනය හැදෑරීමට තීරණය කර අතර ඒ ගැන පැවසුවේ 

" මගේ අධ්‍යයන කටයුතු දර්ශනය ඔස්සේ වැඩිදියුණු කරමින් ගෙන යන්නේ මගේ මුලික විෂය පාඨය වන ආර්ථික විද්‍යාව දර්ශනය සමග බැඳී ඇති නිසාම නොව දර්ශනවාදී ඉගෙනුම් වලට ඒවාට ආවේණික පලදයිතාවක් ඇති බැවිනි " ලෙසයි.

වසරේ ට්‍රිනිටි විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා වූ  මොරිස් ඩොබිගේ අවදානයට  සෙන් විසින් රචිත Choice of Techniques නිබන්ධනය යොමු වූ අතරා ඔවුන් එක්ව සමාජ වරණ න්‍යාය පිළිබඳව නොයෙක් පර්යේෂණ සිදු කරමින් අධ්‍යයනයක යෙදුණි.එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රමිකයා ට ස්ව ජිවන මට්ටම ඉහළ නැංවීමට ආයෝජකයාගෙන් උපදෙස් ගැනීමට ප්‍රථමව නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා එහි ප්‍රතිපලයක් ලැබී තිබිය යුතුය යන්නයි.උසස් මට්ටමේ නිෂ්පාදන පිලිබඳ අධ්‍යනය කිරීමෙන් පසු ආයෝජකයා විසින් ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ඉටු කල යුතුයි.

1959 දී  MA දී,1959 දී  PHD එක 1956-1958 දක්වා ජවද්පුර් විශ්ව විද්‍යාලයේ ද ,1963-1971 දී ලන්ඩන් ආර්ථික පාසලේදී (London  School of Economic) , ලන්ඩන් විශ්ව විද්‍යාලය ඇතුළු ඉන්දියාවේ සහ එංගලන්තයේ විශ්ව විද්‍යාල කිහිපයම තම දැනුම බෙදා හරිමින් උගන්වන ලදී.1928 දී කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ දර්ශනය පිළිබඳව මහාචාර්ය පදවියට හිමිකම් කියන ලදී.1978-1988 කාලයේදී හොවාර්ඩ් විශ්ව විද්‍යාලයට යාමට පෙර ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා  දර්ශනය පිලිබඳ මහාචාර්යවරයා විය.අනතුරුව 1908 දී ක්‍රේම්බිජ් ත්‍රිත්ව විද්‍යාලයේ මාස්ටර් තනතුරට පත් විය.ඉන්පසුව හාවඩ් විශ්ව විද්‍යාලය ට පැමිණෙනතෙක්ම  2004 දක්වාම ලැමෝන්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර දැරිය.

සෙන්ට වයස 9 දී එනම් 1943 දී බෙංගාල සංහාරයට මුහුණ පෑ අයෙකි.එහිදී මිලියන තුනක පිරිසක් මිය ගිය අතර ඒ සමගම ඔහුට සාගතය පිළිබඳව සෙවීමේ කුතුහලයක් ඇතිවිය.ඉන්දියාවේ ප්‍රධාන අහාර සැපයුමක් තිබු නමුත් ග්‍රාමීය  කම්කරුවන්, වැනි විශේෂිත කණ්ඩයම් වලට බෙදා හරිම අපහසු  වුයේ ඔවුන්ගේ රැකියා අහ්මිරිවිමත් සමග අහාර මිලදදී ගැනීමේ අපහසුතාවක් ඇතිවූ හෙයින් බව මොහුගේ නිරීක්ෂණයට ලක් වුන කරුණකි.සෙන් විසින්1981 දී රචිත  දිළිඳුබව සහ දුර්භික්ෂය (Poverty and Famine) කෘතියෙහි බොහෝ සාගත අවස්ථාවන් හිදී  ආහාර සැපයුම සැලකිය යුතු ප්‍රමාණයක් අඩුව නොමැති බවත් ඒ වෙනුවට අඩුවන වැටුප් ප්‍රතිශත, රැකියා උද්ධමනය , අහාර මිල ඉහළ යාම අහාර බෙදා හැරීමේ ඇති දුර්වලතාවයන් වැනි සමාජ සහ ආර්ථික පද්ධතීන් ගණනාවක්ම සමාජයේ බොහෝ කණ්ඩායම් වල සාගින්නට හේතුවක් වූ බව පෙන්වා දෙයි.

මෙම ආහාර ගැටලුවට සම්බන්ධ ව්‍යාපාරයන් , ආයතනයන් සේම විදේශ ජාත්‍යන්තර මට්ටමේ සමාගම් වලින්ද සෙන් හට බාධාවන් පැමිණි අතර ඔහුගේ අදහස් සහ ප්‍රතිපත්ති සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ පොදු වැඩ බිම් ව්‍යාපෘති ඔස්සේ පාලන මිල වැඩි වූ අහාර සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ක්‍රමෝපායන් සෙවීමට අවධානය යොමු කරන ලදී.සෙන් විසින් දරිද්‍රතාවය මැනීමේ ක්‍රම සකසන ලද අතර ඒ මගින් දුප්පතුන්ගේ දරිද්‍රතාවය දුරුකොට ඔවුන්ගේ ආර්ථික ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.එහිදී 

නිදසුනක් ලෙස:

අසමානතාවය පිලිබඳ පැහැදිලි කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ඉපදීම සාපේක්ෂව වැඩිවන නමුත් පිරිමින් අතර ;ළදරු මරණ වැඩි වුවද සමහර දුප්පත් රටවල පිරිමින්ට වඩා කාන්තාවන් අඩු සංඛ්‍යාවක් සිටින්නේ ඇයිද යන්න පහදා දුන්නේය.එනම් එම රටවල පිරිමි දරුවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය සහ යහපත් සෞඛ්‍ය ප්‍රතිකාර සහ ඔවුන්ගේ ළමා කාලයේ ලැබුණු අවස්තාවන් නිසා එම තත්වය නිර්මාණය වී ඇති බවයි.

සංවර්ධන ආර්ථික විද්‍යාව විෂය අධ්‍යයනය තුළදී චිකාගෝ විශ්ව විද්‍යාලයේ නීති හා දර්ශනය පිලිබඳ මහාචාර්ය මාර්තා නුස්බඋම් හා එක්ව සමර්ථා ප්‍රවේශ සංකල්පය 1980 දී පෙරළියක් ඇති කලේ එහිදී සෙන් මහතා විසින් ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්ෂික පුස්තකාලයට ඇතුලත් කර ඇත.

එලෙසම අමර්ත්‍ය සෙන් යනු 2005-2007 කාලයී බ්‍රිටැනිකා එන්සයික්ලොපිඩියා විශ්වකෝෂයේ කතෘ මණ්ඩලයේ උපදේශකවරයකු ද විය.  2008 දී ඉන්දියාව විසින් හාවඩ් විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 4.5ක් පරිත්‍යාග  කලේ අමර්ත්‍ය සෙන් සහයෝගිතා අරමුදල පිහිටුවීම සඳහා සුදුසුකම් ඇති ඉන්දියානු සිසුන්ට  කලා හා විද්‍යා උපාධි මෙම විශ්ව විද්‍යාලය ඔස්සේ පිරිනැමිමට අවස්ථාව සැලසිමටයි.

මෙතුමා උසස් ගණයේ පර්යේෂණ කෘතීන් සහ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කල අතර ඔහු පිලිබඳ චරිතාපදාන ද 20 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත.ඔහු ලැබූ ආචාර්ය උපාධි සම්මාන 94ක් වන අතර අනිකුත් සම්මාන 30 කට අධික සංඛ්‍යාවක් දිනා ඇත.මේ අතරින් වටිනාම සම්මානය වන්නේ 1998 දී ඔහු දිනු නෝබල් අනුස්මරණ ආර්ථික විද්‍යා සම්මානයයි.ඇල්ෆ්‍රඩ් නෝබල් අනුස්මනරණය වෙනුවෙන් ස්වීඩන් බැංකුව විසින් පිරිනමනු ලැබිය.

ඔහු රචිත කෘතීන්.

Development As Freedom(1999)

Rationally and Freedom (2000)

The Argumentative Indian :Writing on Indian History, Culture and Identity(2005)

Aids Sutra (Untold Stories of India ) (1998)

More than 100 Million Women are Missing (The New York Review of The Book) 

ඔහු  සභාපතිත්වය දැරූ ආයතන.

Econometric Society (1984)

International Economic Association (1986-1989)

Indian Economic Association (1989)

American Economic Association (1994)

සාගතය ,මානව දර්ශනය ,මානව සංවර්ධන න්‍යාය , සුබ සාධන ආර්ථික විද්යාව , දරිද්‍රතාවය , ස්ත්‍රී පුර්ෂ සමජභාවයේ අසමානතාවය සහ දේශපාලන ලිබරල්වාදය පිලිබඳ ඔහුගේ යාන්ත්‍රණයෙදී  ඔහුව වෘත්තීයෙ හර්ද සාක්ෂිය ලෙසද , අකාලික ආර්ථිකඥයා ලෙස විරුදාවලි ලත් ඔහු ගේ නාමය ලොව තවත් බැබලේවා !!!

මුලාශ්‍ර :

https://www.mapsofindia.com/my-india/india/who-is-amartya-sen

https://en.wikipedia.org/wiki/Amartya_Sen

https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/

https://www.britannica.com/biography/Amartya-Sen

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර.

16/01/2023.

Thursday, January 12, 2023

මහා රාශ්ටයේ ඖරන්ගබාද් ලෙන්

ඉන්දියානු සංචාරයේදී හමුවන ඖරංගබාද් නගරය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටා ඇති අතර මහරාෂ්ටයේ 5 ස් වැනි ජනාකීර්ණ නගරයයි.කපු රෙදි සහ කලාත්මක සේද රෙදි නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන ඖරංගබාද් 1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එමෙන්ම ආචාර්ය බබාසාහෙබ් අම්බෙඩ්කාර් මර්ත්වාදා විශ්ව විද්‍යාලය ඇතුළු ප්‍රධාන අධ්‍යපනික ආයතන කිහිපයක්ම මෙහි ගොඩ නගා ඇත.අතීතයේදී  ඖරංග බාද් නගරයට ඇතුල් වීමට ගේට්ටු 52ක් තිබුණු අතර අදටත් නෂ්ටාවශේෂ  ඉතුරුව ඇති බැවින් ගේට්ටු නගරය ලෙසද හැඳින්වේ .2019 දී AURIC නගරය Flagship Smart City Mission ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ ප්‍රථම හරිත ක්ෂේත්‍ර කාර්මික නගරය බවට පත්විය.



ලෙන් 1653- 1707 දක්වාවූ ඖරන්ගෂෙබ් අධිරාජයාගේ අගනුවර වූ ඖරංගබාද් අජන්තා , එල්ලෝරා ගුහාවලට  සමීපව දර්ශනීය කඳු ගැටයක පිහිටා ඇත,මේවා ස්වභාවික ගුහාවන් නොව කඳු ගැටයක පිහිටි කළු ගල හාරා නිර්මාණය කර ඇත. සංචාරකයින්ගේ සිත් ගත් ප්‍රදේශයක් වන ඖරංගබාද් ඉන්දියාවේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ද වේ. සාතවාහන රාජ වංශයේ අධිරාජ්‍ය වූ පයිතාන් මෙන්ම යාදව් රජ වංශයේ අගනුවර වූ දේවගිරි ද ඖන්රංගබාද් හි පිහිටා ඇත.1308 දී සුල්තාන් අලවුදින් ඛල්ජිගේ පාලන සාමය තුළදී දිල්ලියත් සුල්තාන් රාජ්‍යයත් එක් රජ්‍යයක් බවට පත් කරන ලදී.1636 දී ඩෙකන් ප්‍රදේශයේ මෞගල් උපරජු වූ ඖරංසෙබ්මෝගල් අධිරාජ්‍යයට මෙම ප්‍රදේශය එක් කර ඖරංගසෙබ් රාජ්‍යය අවුරංගබාද් ලෙස නම් කර ඩෙකන් හි අගනුවර බවට පත් කළේය.1724 දී ඩෙකාන් හි මෝගල් ආණ්ඩුකාර 1 නිසාම් අසෆ් ජහා රජු ඔහුගේම අසෆ් ජහා රාජවංශය ආරම්භ කළේය.


ඖරංගබාද් ලෙන් යනු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඖරංගබාද් නගරයේ නැගෙනහිර සිට බටහිරට විහිදුණු කන්දක් මත පර්වතයක නිර්මාණය කල බෞද්ධ ගුහා 12කි.මේ පිලිබඳ පළමු සඳහන කන්හෙරි ගුහාවේ මහා චෛත්‍යයේ ඇත.මෙම ලෙන් නිර්මාණ 6 වන සහ 7 වන සියවස් වලදී නිර්මාණය කර ඇති අතර ඒවා බාසාල්ට් පාෂාණ වලින් වලින් නිර්මාණය කර ඇත.මෙම ලෙන් ඒවායේ පිහිටීම අනුව කොටස් තුනකට වෙන් කර ඇත.



1.ගුහා අංක 1 - බටහිර 

2.ගුහා අංක 1-5 - නැගෙනහිර 

3.ගුහා අංක 6-9  -උතුරු පොකුරැ 

4. ගුහා අංක 10-12 - නිමා නොකළ ලෙන් යනුවෙනි.

ගුහා ගර්භයන්හි ඇතුලත් කැටයම් ගත් කල , වැඩිපුරම හීනයාන ශෛලියේ ස්තුප වලින් යුක්ත මෙම ලෙන් තුළ මහායාන කලා නිර්මාණ සහ වජ්‍රායන දේවිය ඇතුලත්ය.අනෙකුත් ප්‍රදේශ වල ඇති ලෙන් තුළ දුර්ගා දේවිය ,ගනේෂ් වැනි දෙවිවරුන් සමග  ක්‍රිස්තු වර්ෂ පළමු සියවස තුළ බෞද්ධ නිර්මාණ ඇති ලෙන් අතර මෙම ගුහාද ඇත.තන්ත්‍ර සම්ප්‍රධායට අයත් බොහෝ දෙවිවරුන්ගේ ප්‍රතිමා මෙහි දක්නට ලැබීම සුවිශේෂී වේ. එමෙන්ම  බුදුන්වහන්සේ සමග කැටයම් කරන ලද දේවතාවියන්ගේ රූප දක්වා ඇති අතර ඔවුන්ගේ නිරූපණයන් හින්දු ආගමේ ශක්ති සම්ප්‍රධායට සමාන බවක් පෙන්නුම් කරයි. මෙම පළමු ගුහා නිර්මාණ වාකාටක යුගයේදී නිර්මාණය කල බව පැවසේ.දොරටුවේ නාගයෙක් කැටයම් කර ඇත.යක්ෂයින් නාගයින්ගේ භාර්යාවන් ලෙස සිතුවම් කර ඇත.

අංක දෙවෙනි ගුහාව කුළුණු සහිත ශාලාවකින් යුක්ත ආරාමයක ස්වරුපයක් ගන්නා අතර බුදු රජාණන් වහන්සේ විසින් දේශනයක යෙදී සිටිනයුරු පෙන්නුම් කරයි.තුන්වෙනි ගුහාව ඉතාමාත් පිළිවෙලට හා සංවිධානාත්මකව විශිෂ්ඨ අයුරින් සැරසිලි හා මෝස්‌තර යොදමින්, Fretwork( ලි හෝ ලෝහ මත කැටයම් කල ජ්‍යාමිතික මෝස්‌තර )  ,Scrolls, panel of Couples, Tassels, මල් වැනි දේ යොදා ගනිමින් වාස්තු විද්‍යාත්මකව ඉතාමත් සුන්දරව  මෙම නිර්මාණ ගොඩ නගා ඇත.

මෙම කුළුණුවල නිර්මිත මෝස්‌තර අජන්තාවේ 21,24 ලෙන් සිතුවම් වලට සමානවේ.වැරන්ඩාවේ එක් කෙළවරක උස ආදී 7.12ක් සහ පළල 6.10ක් වන බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර එය පද්මාසනයක නෙලුම් මල් ද්විත්වයක් මත හිඳගෙන ධ්‍යාන මුද්‍රාවෙන් දෑත් පිහිටුවා ඇති අතර දකුණු පසින් වජ්‍රපානි සහ වම පසින් පද්මපානි  දකින්නට ලැබේ.වැරන්ඩාවේ වම් ඇති බුදු රුවේ අජන්තාහි දැකිය හැකි වන ශාවස්ති හුරුව දක්නට ලැබේ.මෙහි බුදුන් පද්මාසනයක නෙලුම් මල් ද්විතයක් මත රැඳෙන අතර දෑතේ ධර්ම චක්‍ර මුද්‍රාව දැකිය හැකිය.නෑ රජුන් විසින් නෙලුම් නැතුව දරාගෙන සිටි .බුදුන්ගේ හිසට ඉහලින් දෙපසින් මල් මාලා අතැතිව පියාසැර කරන වාමන රූප දක්වා ඇත. ගුහාව පුරා ගස් දේවතාවියන් නැතහොත් සාල භාන්ජිකා සහ ගණ(ශිව ) රූප කැටයම් කර ඇත.



මහාචාර්ය  දෙශ්බන්දේ පාන්ඩේට අනුව තුන්වෙනි ගුහා ගර්භය සිතා මතාම සරල ලෙස පැවතීමට ඉඩ හැර ඇති අතර එය ක්‍රිස්තු.වර්ෂ 7 වැනි සියවසට අයත් වේ.

හතරවන ලෙන් නිර්මාණ පසුකාලින සාතවාහන යුගයේ කැණීම් කරන ලද එකම චෛත්‍යයයි.



6 වන ලෙනේ සරසන ලද කාන්තාවන්ගේ රූප සිතුවම් කර ඇත.එම පිළිම තවමත් හොඳ තත්වයේ පවතින අතර එම කාල පරිච්ජේදයේ සෞන්දර්ය පිළිබඳව අදහසක් ලබා දේ.බුදු පිළිමයක්ද ගනේෂ් දෙවියන්ගේ පිළිමයක්ද ඇත.මෙම කන්හෙරි ලෙනේ තිබී ශිලා ලේඛනයක් හමුවුන අතර , එහි " Rajathalaka Paithaana path Asana Chulika yu  kutiKodhi" (Qureshi1988 ) ලෙස සඳහන් ව ඇත.එය සිංහලයට පරිවර්තනය කිරීමේදී " රජතලක ) පුරාණ අවුරංගබාද් නම් ) නම් වූ පයිතන් හි පරගානා හෝ තලුකාවේ සේවාජ විහාරයේ කුඩා විහාරයක් (කුටියක් )  සහ ශාලාවක් (කෝධි) නිර්මාණය කර ඇත.මුල් යුගයේ චෛත්‍ය සහ විහාර යන කොටස් දෙකම මෙහි තිබු බව වටහා ගත හැක.



ජේම්ස් බර්ඩ් යනු 1847 දී ඔහුගේ ඉතිහාස ගවේෂණයේදී අවුරංගබාද් ගුහා පිලිබඳව ලොවට පළමුව හෙළිකළ තැනැත්තාය.ඉන් පසුව ජෝන් විල්සන් සහ ජේම්ස් බර්ජස් විසින් වැදගත් ස්මාරක ලෙස ගුහා පිලිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී.



ඩග්ලස් බැරට් යනු 1957 දීමෙම මුර්තිවල වාස්තුවිද්‍යාත්මක අගයන් හඳුනාගත් පළමු තැනැත්තාය.ඔහු මෙම පිළිම එල්ලෝරා සහ අජන්තා සතු  හොඳම සහ වටිනාම මුර්ති වලට  සමාන බව කිවේය.1960-1961 ගුප්ත සමයේදී පැවති හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සහ මුර්ති ශිල්පයේ ප්‍රබල බලපෑම් පෙන්නුම් කරන දෙවන කාණ්ඩයේ ගුහාවක් වන ඖරන්ගාබාද් හි බ්‍රහ්මණ ගුහා පිලිබඳ සඳහන් කර ඇත.



මුලක් රාජ් විසින් ඖරන්ගබාද් පිලිබඳ 1963 දී ඖරන්ගාබාද් මුර්ති පිලිබඳ නැවත ඇගයීම ලෙස ලිපි පෙළක් ඉදිරිපත් කරන ලද අතර 7 වැනි ගුහාවේ ඇති පිළිම පෙළ භාරත නාට්‍ය ඉරියව් දක්වන බව පැවසුවේය.පසුව  අමිතා රේ විසින් " Aurangabad Sculptures නමින් 1964 දී ලිපි පෙළක් ඉදිරිපත් කරන ලදී.එම ලිපි පෙලේ ගුහා ගර්භයේ පිහිටීම, ආරම්භය එහි ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික අංගයන් පිළිබඳව සඳහන් වේ.තවත් ලේඛකයකු වූ ඩෙබෝරාබ්‍රවුන් 1964 දී ලියා ඇත්තේ ඖරංගබාද් ගුහාවල ඇති මුර්ති වල ස්වභාවය එලිෆාන්ටාහි පසු ශෛලියටද සමානකම් කියන බවයි.



මුලාශ්‍ර  :

https://www.britannica.com/place/India/The-Himalayas

https://www.sahapedia.org/aurangabad-cave-temples-overview

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 

12/01/2023 

Wednesday, January 4, 2023

භාරත සිනමාවේ අමරණිය සඳ එළිය " මධුමති "

 



ඝණ අන්ධකාරයෙන් මුළු පරිසරයම වෙළුණු රැයකි.මීදුමෙන් සහ වැහි වලාවන් වැසුණු කුණාටු රැයක කඳු බෑවුම් සහිත මාර්ගයක එන මෝටර් රථයකි. වාහනය රැගෙන එන  මැදිවියේ පසුවන  පුද්ගලයන් දෙදෙනා  දරුවකු බිහි කළ තම බිරිඳව පිළිගැනීමට දුම්රිය ස්ථානයට පැමිණෙන ඉංජිනේරුවකු වූ  දේවේන්ද්‍ර  සහ ඔහුගේ මිතුරා වූ රෙහමන්ය. අතරමගදී සිදුවන නායයාමක් නිසා මොවුන්ගේ ගමන අතර මග නවතා රැය පහන් කිරීමට ස්ථානයක් සොයමින් යද්දී ගන් ඉවුරේ කඳු මුදුනක තැනූ අත්හළ ගොතික් සම්ප්‍රධායට අයත් විසල් මන්දිරයක් මොවුන්ට හමුවේ.එහි වාසය කල මහලු සේවකයා මොවුන්ව ඇතුලට කැඳවන් ගිය විට ,දේවේන්ද්‍රට දැනෙන්නේ මින් පෙර මෙහි වාසය කළ බවක්ය. සිතට දැනුන එම සිතුවිල්ල නිසාවෙන්ම මන්දිරය ඇතුලත සක්මන් කරද්දී මන්දිරයේ අයිතිකරු වූද ශ්‍යාම් නගර් වතුයායේ හිමි කරුවූ රාජා උග්‍රනාරයන්ගේ සිතුවමකි. එය දුටු විගස දේවේන්ද්‍රගේ පුනර්භවයේ කතාව ඔහුගේ මනසේ රැව් දෙන්නේ අතීතාවර්ජනයක් ප්‍රේක්ෂකයින්ට සිහිකරමිනි.

ආනන්ද් ශ්‍යාම් නගර් වතු යායට,  කළමනාකරුවකු ලෙස සේවයට පැමිණෙන අතර , දිනක් මිදුම ගහණ  වනයේ සැරිසරද්දී මියුරු ගීයක් සහ පා සළඹක හඬක් ඇසේ.වටපිට බලද්දී ගී ගයමින්, ගස් අතරින් දිව යන, සඳක් මෙන් සොඳුරු වූ  සුන්දර යුවතියක් ඔහුගේ ඇස ගැටේ.ඇයව සොයමින් ඔහු වනය සිසාරද්දී ප්‍රපාතයකට වැටීමට ගිය විට , මෙම ගෝත්‍රික තරුණිය විසින් ඔහුගේ දිවි ගලවා ගන්නා ලදි. එතැන් සිට ඔවුන් සුහද වී ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගනී.ප්‍රේමයෙන් බැඳෙන මොවුන් සතුටින් කල් ගත කරයි.

ආනන්ද්  යනු ගෞරවාන්විතව දිවි ගෙවන, කෙලින් තීරණ ගන්නා, කලාකාමී අදහස් වලින් පිරිපුන් තරුණයෙකි. එම ගතිගුණ නුරුස්සන ,අහංකාර වූද , දුර්ජන වූද උග්‍ර නාරයන් මොවුන්ගේ ප්‍රේමයට අකුල් හෙලීමට සුදානම් වන්නේ මධුමතිගේ සුන්දරත්වය දැක , සිතේ රාග ගිනි අවුලවමිනි. දිනක් ආනන්ඩ්ද්ව රාජකාරියක් සඳහා කඳුකරයෙන් පිටතට යවන උග්‍ර නාරයන් , විමසිල්ලෙන් බලා හිදින්නේ මධුමතිව අසුකර ගැනීමට අවස්තාවක් එන තෙක්ය.නමුදු ...  මධුමතිය දේවේන්ද්‍රව සොයා මන්දිරයට යන්නේ මාරයා ඇය එන තෙක් මග බලමින් සිටින බව නොදැනය.

එදින ද මහා වැසි ඇද හැලෙන ඝණ අන්දකාරයෙන් යුතු රැයකි. රාගයෙන්  මත්වූ උග්‍ර නාරායන් ඇයව දුෂණය කිරීමට තැත් කරද්දී  , ඊට එරෙහිවූ මධුමතිව , ජමින්දර්වරයා විසින් මරා දමනු ලබයි..නැවත පැමිණි ආනන්ද් ඇයගේ පියාගෙන්  මධුමති අතුරුදහන් වූ බව ත්,  අවසන් වරට දුටුවේ ඔහුව මුණ ගැසීමට  ජමින්දර්වරයාගේ මන්දිරයට යාමට පෙර බවත්ය.ඇයව සොයා යන ඔහුට උග්‍ර නාරයන්ගේ මැරයින් සිහිසුන් වන තෙක් පහර දුන්හ.මධුමතිගේ පියා එය වැලක්වීමට තැත් කරද්දි ,  ඔහුව මරා සඟවා , ආනන්ද්ව රෝහලට ගෙන ගොස් දමයි.


මධුමති නැති ශෝකයෙන් කල් ගෙවන ආනන්ද්,  ඇයව සොයමින් කඳුකරය පුරා සැරිසරන්නේ ඇයගේ මුහුණ සිතුවම් කරමිනි.එලෙස සිහිමද තත්වයට පත්වන ආනන්ද් ගේ දිවිය අරමුණකින් තොරව ගෙවෙද්දී , අහම්බෙන් ඔහුට මාධවී නම් මධුමතී ට සමාන ස්වරුපයක් ඇති තරුණියක් මුණ ගැසේ.ඇය තමන් මාධවි යැයි  කොතෙක් පැවසුවත්, ආනන්ද් එය පිළිනොගත් විට ඇයගේ සොයුරු පොලිස් නිලධාරි ජග්දීෂ් රාජ් ඔහුට පහර දෙයි.පසුව මධුමතිගේ සේයාරුවක් සොයා ගන්නා  මාධවී සත්‍යවාදී  බව තේරුන් ගෙන , මධුමති වෙනුවෙන් උග්‍ර නාරයන් ඉදිරියේ පෙනී සිටීමට ඉදිරිපත් වේ.

පසුව උග්‍ර නාරයන්ව හමුවන ආනන්ද් විසින් ඔහුගේ සිතුවමක් ඇඳීමට ඔහුගෙන් අවසර ගෙන පසුදින රාත්‍රියේදී සිතුවම ඇඳීමට පටන් ගනී.රාත්‍රී 8 වන විට මාධවී මධුමතිගේ ස්වරුපයෙන් උග්‍ර නාරායන් ඉදිරියේ පෙනී සිටින අතර ඔහු බයෙන් තිගැස්සී, කලබල වෙමින් , මධුමතිගේ මරණයට වගකිව යුත්තේ ඔහු බව පිළිගත්තේ මන්දිරයට පිටතින් සිටි පොලිස් නිලධාරීන්ට සත්‍ය පැහැදිලි කරවමිනි. 

නමුත් ...,   ආනන්ද්  නොදැනුවත්වම එලෙස පැමිණියේ මාධවී නොව සත්‍ය හෙළිදරව් කරනු වස් පැමිණි මධුමතීගේ ගන්ධබ්බ ආත්මයයි. ඇය මද සිනාවක් දල්වමින් , ආනන්ද් ට ඉඟි කරමින් , පියගැට පෙළ නැග ගියේ ඇයගේ මරණය සිදු කළ සඳළුතලය වෙතටය.ඇයගේ අවතාරය පසුපස යන ආනන්ද්  සඳළුතලයෙන් වැටි මියයයි.


ආනන්ද්  -  මධුමති ආදර අන්දරයේ පුර්වර්ජනය මෙසේ සිදුවෙද්දී දේවේන්ද්‍ර ට පණිවිඩයක් එන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවා පැමිණි කෝච්චිය අනතුරකට ලක්ව අලුත්වැඩියා කරන තෙක් ප්‍රමාදයක් වූ අතර , නැවත එය ගමන් අරඹා ඇති බවයි.රහෙමන් සමග ඇයව පිළිගැනීමට ගිය විගස දේවේන්ද්‍ර වටහා ගන්නේ රාධා යනු මධුමතීගේ  වර්තමාන ස්වරුපය බවයි.ඔවුන්ගේ ප්‍රේමය භව ගණනක් පුරාවට විහිදුණු ආත්මගත බැඳීමක් බව ඒ ඔස්සේ ඔවුන් වටහාගත් යථාර්තයයි.



මධුමති චිත්‍රපටය , ඉන්දියානු සාහිත්‍යයට විසල් සේවයක් කල සත්‍යජිත් රායිගේ සහ බෙංගාල සිනමාවට උත්කෘෂ්ට සේවයක් ඉටු කළ රිට්වික් ඝටක් විසින් තිර රචනය කළ අතර , අධ්‍යක්ෂණයෙන් දායක වුයේ බිමල් රෝයි විසිනි.1958 සැප්තැම්බර් 12 වෙනි දින එනම් 64 වසරකට පෙර නිර්මාණය කල මධුමතිය ,  බිමල් රෝයිගේ සිනමා අධ්‍යක්ෂණ දිවියේ විශිෂ්ඨ පෙරළියක් සිදු කල නිර්මාණයකි.මෙයට කැමරා අධ්‍යක්ෂණයෙන් සහය දිලිප්ද ගුප්තා ද  ,සංගීත අධ්‍යක්ෂණයෙන් ශලිල් චෞද්රිද , සංස්කරණ ශිල්පී රිෂිකේෂ් මුකර්ජිද මෙම සොඳුරු නිර්මාණය සිනමා ලොවට දායාද කිරීමට පුරෝගාමී වුවෝය.

මධුමති චිත්‍රපටයට ....

හින්දි බසින් හොදම විශේෂාංග චිත්‍රපටයට හිමි ජාතික සම්මානයද ,

හොඳම චිත්‍රපටය ,

හොඳම අධ්‍යක්ෂණය - බිමල් රෝයි 

හොඳම සංගීත අධ්‍යක්ෂණය -සලීල් චෞද්රි 

හොඳම නළුවා- දිලිප් කුමාර් 

හොඳම නිළිය - වෛජන්තිමාලා (නිර්දේශ විය.)

හොඳම සහය නළුවා - ජොනී වෝකර් -චන්දාස් 

හොඳම කාන්තා පසුබිම් ගායිකාව- ලතා මංගේෂ්කාර් - අජාරේ පර්දේසි ගීතය.

හොඳම දෙබස් - රජින්ද්‍ර සිංග් බෙඩි.

හොඳම කළා අධ්‍යක්ෂණය - සුදෙන්ධු රෝයි 

හොඳම සංස්කරණය -රිෂීකේෂ්  මුකර්ජි 

හොඳම සංස්කරණය සහ හොඳම කැමරා ශිල්පියා යන ෆිල්ම් ෆෙයා සම්මානයන්ට හිමිකම් ලැබිය.ෆිල්ම් ෆෙයා සම්මාන 9කටද , නාම යෝජනා 12කටද හිමිකම් කීය.

මධුමති චිත්‍රපටයේ දක්නට ලැබෙන , ගුප්ත අන්ධකාරය ඉන්ද්‍රජලිකයක් සේ දක්ෂ කැමරා අධ්‍යක්ෂණය යටතේ කළු සුදු පැහැයෙන් ආලෝකය හා මිශ්‍ර කර  ග්‍රහණය කරගනිමින් මිදුම් සහිත පරිසරය ගොඩ නංවා ඇත්තේ කතාවේ අවසානය පිළිබඳව ශෝඛාන්තයක් වන බවට ඉඟියක් දෙමිනි.එම මිදුම් සහිත දර්ශන රූගත කිරීමට පෙර නයිනිතාල් හි ඝෝකර්හි රූප තලයට සමාන වන පරිදි ඉගට්පුරි, වයිටර්නා වේල්ල අසළ එම දර්ශන තලය නිර්මාණය කළේ ,  ව්‍යාජ පයින් ගස් නිර්මාණය කරමිනි.එමෙන්ම චිත්‍රපටයේ වැඩි කොටසක් මුම්බායි නගරයේ කුඩා වන කොටසක් වන Aarey Milk Colony පෙදෙසේ රූගත කල අතර දිලිප් කුමාර් වෛජන්ති මාලා සොයන දර්ශනයක් රුගත කලේ ඉගත්පුරි ප්‍රදේශයේය.චිත්‍රපටය පුරාවට ගලාගෙන යන මිදුම් ස්වභාවය ගෑස් බෝම්බ භාවිතයෙන් ප්‍රති නිර්මාණය කර ඇත. 

"දිල් තඩප් තඩප් " ගීතය ප්‍රේමාන්විත ගීතයක් වන අතර එය කැමරාකරණය කිරීමේදී භෞතික මෙන්ම රූපක අර්ටයක්ද අන්තර්ගත  කර ඇත.ගුප්තා විසින් මුළු චිත්‍රකරණයම යථාර්ථවාදී නොවන මනෝ භාවයකින් ඉදිරිපත් කර ඇත.

 බටහිර සම්භාව්‍ය සංගීතඥ මිය ගිය ක්‍රිෂෝර් චැටර්ජි  ඔහුගේ මොසාර්ට්ස් සහ මධුමති පත්‍රයේ සටහන් කලේ සලීල් චෞධ්රි " බිචුවා " ගීතය ලිවීමට පෙර හොදින් මොසාට්ගෙ ගේ රූපක අධ්‍යයනයට බඳුන් කර ඇති බවයි. Mozart's Jupitar සංද්වනිය හි අවසාන  සංගීත පෙලේදී වේගවත්ව සංගීත ඛාණ්ඩ වාදනය වූ බවයි.

මෙම ගී පද රචනා අන්තර්ගත කතාව සහ චරිත සුන්දර ලෙස සංධ්වනි ගත කර ඇත්තේ, මොවුන්ගේ මනෝභාවයන් සහ චරිතයන්ගේ හැගුම් සහ සිතුම් හා බද්ධ වෙමින් පාඨක සිතට ලං කරවමිනි.

මධුමති චිත්‍රපටය ශලිල් චෞධ්රි විසින් රචිත ගීත 11 කින් සමන්විත වන අතර ලතා මංගේෂ්කාර්, මුකේෂ් මන්නා ඩේ,මොහොමඩ් රාෆිමුබාරක් බෙගම් , ආෂා බෝස්ලේ ,සබීතා චෞධ්රි , ගුලාම් මොහොමඩ් සහ ද්විජෙන් මුඛෝපධ්‍යයයි විසින් ගායනයෙන් සුන්දර කරන ලදී.

මෙහිදී පද රචනයට පෙර සංගීත තනු නිර්මාණය කර ඇති අතර ඇසෑම් ප්‍රාන්තයේ, තේ වතු මැද ජන ගීත ගායනා  කරමින් රංගනයේ යෙදෙන අතර ශබ්ධ පටයේ පෝලන්ත ජන සංගීතය  " දිල් තඩප් තඩප් "  ගීතයට සුසංයෝජනය කර ඇත.එය 18 වන සියවසේ සිලෙසියානු ගීතය වන "ස්ලා" වෙතින් අනුවර්තනය කර ඇත.  " Dzieweczka Do gajecka " , " Aja re Pardesi " ගීතය " Jagte Raho(1956) හි පසුබිම් සංගීතයෙන් අනුවර්තනය කරන ලදි.

චිත්‍රපටය පුරාවට ගලා යන සංගීත රටාවන් සහ ගීතයන් , මධුමතී චිත්‍රපටයේ ආත්මය සහ විශිෂ්ඨ වූ කාලානුරුපිව වත්මන් සමාජයේද දක්නට ලැබෙන පැතිකඩක් යථාර්තවදිව ඉදිරිපත් කරයි.

මධුමතිය දිලෙන සඳක් මෙන් පුරා සියවස් ගණනක් පුරාවට භාරතීය සිනමාව ඒකාලෝක කරනු ඇත.

මුලාශ්‍ර :

https://en.wikipedia.org/wiki/Madhumati

https://www.cinestaan.com/reviews/madhumati-2572

https://www.filmigeek.com/2014/04/madhumati-1958.html

https://theprint.in/features/reel-take/every-bollywood-reincarnation-story-must-tip-its-hat-to-bimal-roys-madhumati/194048/

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර 

21/12/2022