පාෂාණ සිතුවම් කළාව පිලිබඳ විමර්ශනය කිරීමේදී නිරතුරුවම පේරු රාජ්‍යන්හි Ica ගල් සිතුවම් ප්‍රධාන ස්ථානයක් ගනී.ICA යනු පෙරුහී ඉකා ප්‍රදේශයේ දක්නට ලැබෙන ඇන්ඩිසයිට් ගල් එකතුවක් වන අතර ඒවා විවිධ සිතුවම් වලින් යුක්තය.ඩයිනොසරයින් ඇඳි පාෂාණ බොහෝ සේ දක්නට ලැබෙනතර මේවා ඇස්බැන්දුම් නිර්මාණ ලෙසද සැලකේ.1960 ගණන් වලදී මහාචාර්ය ජාවියර් කබ්රෙරා ඩාර්කුවා ( Javier Cabrera Darquea) මෙම ගල් ගල්ගුහාවන් හා දුර්ගවල තිබෙන ගල් විකුණු එහි ගොවියකු වූ බැසිලෝ උස්චුයා ( Basilio Uschuya) ගෙන් ලබා ගත් බව පැවසේ. ඔහු සතුව " ග්ලිප්ටෝලිත් " යනුවෙන් නම් කරන ලද ඉපැරණි ගල් එකතුවක්ම මේ ඔස්සේ නිර්මාණය කර ඇත.
අවසානයේදී පුරාවිද්‍යාඥ වරුන් මේ පිලිබඳ විමර්ශනය කිරීමට පටන් ගත් අතර පේරු රජය විසින් මෙම ගොවියාට විරුද්ධව නඩු දැම්මේ ජාතික වස්තු විකිණීම සම්බන්ධවයි. පසුව ඔහු නිදහස් වූ පසු තමා දුන් සාක්ෂිය ප්‍රතික්ෂේප කර ඒවා තමන් විසින් එම කැටයම් කල ගල් ගොම වලින් පුළුස්සා තඹ නිර්මාණයක් කෙරු බව පැවසුවේය.
සැන් ඉලඩේෆොන්සිහි සුප්‍රසිද්ධ කුම්බල්කරුවකු වන මාරියා විසින් නිර්මාණය කර තිබේ.මෙම ගල් මත මිනිස් රූ වෛධ්‍යවරුන් විසින් නිරතවන යම් ක්‍රියාවලින් , දුරේක්ෂ , පියාඹන උපකරණ ,පියාඹන ඩයිනොසිරයින් සහ ඩයිනොසරයින් පිට නැගී මිනිසුන් නොගැඹුරු ලෙස කැටයම් කර තිබෙනු දක්නට ලැබීම සුවිශේෂිය.
එමෙන්ම වෛද්‍ය සැත්කම් , හදවත් සැත්කම් සහ සිසේරියන් සැත්කම් වැනි වෛද්‍ය ක්‍රියාපටිපාටීන් පවා මෙම ගල් මත කැටයම් කර තිබුණි.
1966 පේරු ජාතික වෛද්‍ය Javier Cabrera ට ඔහුගේ 42වැනි උපන් දිනයේදී මිතුරෙකු විසින් වඳවී ගිය මාළුවකු සිතුවම් කල ගලක් තෑගී දී ඇත.පුරවිද්‍යඥයින්ට අනුව මෙම ගල් සියවස් ගණනාවක් තිස්සේ එකිනෙක ගැටී වාර්නිෂ් වී ඇත.එම වාර්නිෂ් ඉවත් කල විට වර්ණ සියුම් රේඛා දැකිය හැකි අතරගලෙහි ඇති කැටයම් සියුම්ව පරික්ෂා කිරීමේදී තැනින් තැන වාර්නිෂ් ඉතුරුව ඇති බැවින් ඒවා ඉපැරණි සම්භාව්‍ය බවක් පෙන්නුම් කරයි.
1935 දී පේරු වෙත ගිය මිෂනාරි ප්‍රද්රේ සිමන් විසින් මෙම කැටයම් සහිත ගල් පිළිබඳව පළමුව වාර්තා කරන ලද අතර 1562 දී ස්පාඤ්ඤයට යවන ලදී.මිට අමතරව 50, 60 ගණන්වලදී හාරා කැටයම් කර ඇති ගල් වල නිවැරදි හිස සහිත ඇපරොස්ගේ රූප ඇත. නමුත් 1979 දී පාෂාණ විද්‍යාඥයින් විසින් බ්‍රොන්ටෝටෝරස් ඩයිනොසරයා යැයිහැඳින්වුයේ වැරදි ඇට සැකිල්ලක් බව සොයාගන්නා ලදී.
මෙහිදී පැන නැගුණු ගැටලුව වුයේ මානව වර්ගයා ඩයිනොසරයින් සමග සහජීවනයෙන් සිටි බවත් දියුණු තාක්ෂණයක් තිබු බවත් මේ ඉන්කා කැටයම් ඔස්සේ ඔප්පුවනවාද යන්නයි?
දක්ෂ වෛද්‍ය වරයකු වූ කබ්‍රෙරාට අනුව මෙම කැටයමේ හදවත් සැත්කමක් කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටින අතර හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුවන බව පෙන්වා දෙයි.
මෙම ශිෂ්ටාචාරය පැවති යුගයේ සංකීර්ණ ශල්‍යකර්ම කිරීමට තරම් දියුණුවූ වෛද්‍ය තාක්ෂණයක් පැවතීමට ඉඩ තිබුණද ?වෛද්‍ය විද්‍යාව මෙන්ම තාරකා විද්‍යාව ට කැපවූ විශිෂ්ඨ මිනිසුන් සිටියේද යන්න අදටත් පිළිතුරු නැති ගැටලුය.එමෙන්ම ෆොයිසාක් හි සුප්‍රසිද්ධ ගුහාවෙන් සොයා ගත් විශිෂ්ඨ ඝනයේ පැලියෝලිතික් මුර්ති, ඩයිනොසරා බිත්තර , උල්කාපාත කැබලි පුරාණ ශිෂ්ඨාටචාරයක සලකුණු පෙන්නුම් කරනවද යන්න අදටත් ගැටළු සහගතය.
පුරාවිද්‍යාඥයින් සිදුකලතර්මොලිනන්ස්සහ, කාලනිර්ණයන් ඔස්සේ හෙලිවුයේ මෙම පාෂාණ ඇතුලත් පසෙහි සහ පාෂාණ සාම්පලවල ඇතුලත් කාබන් තැන්පතු වසර 5000- 8000ක අපගමනයක් සමග වසර 61196 ,99240 කට වඩා මෙම නටඹුන් පැරණි බවයි.කබ්රේරා විසින් පසුකාලීනව කල පර්යේෂයන් ඇසුරෙන් මෙම විෂය පිළිබඳව (The Message of the Engraved Stones of Ica ) " ඉකා හි කැටයමින් යුතු පාෂාණ පවසන පණිවිඩය —
නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ගල්වල මූලාරම්භය සහ අර්ථය පිළිබඳ ඔහුගේ න්‍යායන් සාකච්ඡා කළේය. එහිදී ඔහු තර්ක කළේ ගල්වලින් පෙන්නුම් කරන්නේ ˜මිනිසාගේ වයස අවම වශයෙන් වසර මිලියන 405ක් බවත් , ඔහු ග්ලිප්ටොලිතික් මිනිසා ලෙස හඳුන්වන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි‚ මිනිසුන් වීම නිසා බවත්ය ,අභ්‍යවකාශය පෘථීවිය මත නව මිනිසුන් නිර්මාණය කළේය.
කබ්‍රේරා සිය වෛද්‍ය වෘත්තීය අතහැර 1996 දී ගල් දහස් ගණනින් ප්‍රදර්ශනය කිරීම සඳහා කෞතුකාගාරයක් විවෘත කළේය. ඉකා ගල් වැසි ජනප්‍රියත්වයක් අත් කර ගත් අතර ඉකා නගරයේ ප්‍රධාන චතුරශ්‍රය අතර තවමත් විවුර්තව පවතී.
ඉකාහී සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක පරික්ෂණ භාරව සිටි හා ඉකා කෞතුකාගරයේ භාරකරුවකු වූ පුරාවිද්‍යාඥ ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇසෙස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) විසින්ද , මැක්ස් උහ්ලේ ( Max Uhle ) සහ ටෝමා ලූස් ,(Toma Luz) හි පැරණි පැරකස් සහ ඉකා සුසාන භූමි වල නිල කැණීම් සිදු කරන ලදි.ක්‍රි.පූ. 400 දක්වා දිවෙන ප්‍රා - හිස්පැනික් ඉන්දියානු සොහොන් කොත්වල වෙනම අවස්ථා දෙකක්දි කැණීම් කරන ලදි.
ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) යනු පීරු හි ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ පුරාවිද්‍යාඥ්‍යෙකි.ඔහුට අනුව මෙම කැටයම් වල මිලියන 100ක කාල පරාසයක් තුළ වඳ වී ගිය මාළුවකුගේ, ලමාවරයකුගේ රූපයක් සහ ශෛලීගත මලක් විය හැකි ජ්‍යාමිතික රූපයක් ඇතුලත් වේ. 1968දී ඇස්ට්‍රෝගේ චිත්‍ර සහ විස්තර ඇතුළු ඔහුගේ සොයා ගැනීම් ප්‍රකාශයට පත් කරන ලදි.සමහර මෝස්තර Paracas , Nazca ,Thiwanakku , හෝ ඉන්කා වැනි සංස්කෘතීන් ට අයත් යැයි හඳුනාගත හැකි මෝස්තර වලින් යුක්ත වේ.මේව කොල්කාගේ එකතුවේ කොටසක් ලෙස ඉකා කෞතුකාගරය සතු විය.මේවායේ ස්වභාවික ඔක්සිකරණයෙන් වයස නිගමනය කළ හැකිය.
1960 සන්තියාගෝ ඇගුරාටෝ කැල්වෝ ,ඔහුගේ පාෂාණ කිහිපයක් පේරුහී ජාතික ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ රසායනාගාරයකට ඉදිරිපත් කලේය.පරික්ෂණ වල ප්‍රථිපලය නිගමනය වන්නෙ මේවා සැබැවින්ම මේවා සැබැවින්ම පූර්ව හිස්පැනික් සම්භවයක් ඇති බවයි.
ප්‍රකට නාසා ආයතනයේ විද්‍යාඥයෙකු වූ ජෝසෆ් එෆ් බ්ලූමිරිච් , සැටර්න් V මිසයිලයේ සැලසුම සංවර්ධනය කළ අතර , ස්කයි ලැබ් සැලසුම් කිරීම සඳහා ද සම්බන්දව කටයුතු කළේය.වෛද්‍ය Blumrich සඳහන් කර ඇත්තේ රසායනාගාර පරික්ෂණ වලට අනුව :
" එම පාෂාණ , සත්‍ය බවත්
මෙම පිංතූර වල සත්‍යතාව ගැන මගේ සිතේ කිසිඳු සැකයක් නැති බවයි" යනුවෙනි.
මහාචාර්‍ය ක්බ්‍ර්රේරාගේ එකතුවේ කළු පැහති හා ඔප දැමූ ගල් ඇති අතර ,කොල්කා එකතුවේ ඇති ගල්වල මෙම ඔප දැමූ ගල් කිසිවක් හමු නොවීය.කබ්‍රේරේරාගේ එකතුවේත්,කොල්කාගෙ එකතුවෙත් එක වගේම සරළ පාෂාණ තිබේ.
පැලියෝපති විද්‍යාඥ ආර් .එල්.මූඩ් පුරාණ පීරු ශල්‍යකර්ම පිළිබඳ සිය අධ්‍යයන්‍ය මෙසේ සාරංඅහගත කළේය
ප්‍රාග් - කොලොම්බියානු පේරු ජාතිකයින් මෙන් ශල්‍ය වෛද්‍ය දැනුම පිළිබඳ ක්ෂෙත්‍රයක් ලොව කොතැනකවත් ප්‍රාථමික හෝ පැරණි ජන වර්ගයක් වර්ධනය කර නොතිබුණු බව ප්‍රකාශ කිරීම මම විශ්වාස කරමි. ඔවුන්ගේ ශල්‍යකර්ම ප්‍රයත්නයන් සැබැවින්ම විශ්මයජනක වන අතර , අත් කපා ඉවත් කිරීම් , වෙළුම් පෙට්ටියක් ,අස්ථි බද්ධ කිරීම් , කැටි ගැසීම සහ වෙනත් පැහැදිලි ක්‍රියා පටි පාටි ඇතුළත් වේ.
පුරාණ පීරු ජාතිකයින් භාවිතා කළ මොළයෙ සැත්කම් සහ සමහර රෝග සඳහා ප්‍රථිකාර කිරීම තවමත් නවීන විද්‍යාව පිලි නොගන්නා බ්වට සාක්ෂි තිබේ.ඔවුන් හදවත් සැත්කම් කළ බවට සාක්ශි ඇති අතර,
මහේ ඊලඟ පර්‍යේෂණ කෘතිය වන ' The MMystery of the ICA Stone and Nazca Lines (Proofs that Dinosaurs and Man Together " Pre-Colombian ".
ඔස්සෙ මිනිසුන් අතර දියුණු වූ ශල්‍යකර්ම වල මෙම මානය සවිස්තරාත්මකව ආවරණය කරයි.
පාෂාණ විද්‍යාඥයින් විසින් මෑතකදි සොයා ගන්නා බොහෝ ව්‍යූහ විද්‍යාත්මක ලක්ෂණ සහිත ඩයිනෝසරයන් නිරූපණය කරන පාෂාණ පිළිබඳ විවාදයක් පැවතුණි.එහිදි කොපෙන්ස් (Coppens) ඉදිරි කල විකල්ප පැහැදිලි කිරීමක් මගින් ගල්වල සම්භවය ගණනය කිරීමට උත්සාහ කරයි.
ඔහු උපකල්පනය කරන්නෙ මෙය " ගෝත්‍රයේ ෂාමන් විසින් කරන ලද ප්‍රකාශයන් විය හැකි බවයි .කිසිම ෂාමන් කෙනෙකුට ඩයිනෝසර අස්ථියක් ලබා ගැනීමට නොහැකි විය.අස්ථිවල පෙර හිමිකරු සමග මනෝමයෙන් සම්බන්ද ව මෝහනයකට ඇතුළු වී, ඩයිනෝසරයාගේ වයස දැනගත නොහැකි විය.
මාධ්‍යවේදින් හස්කම් විශ්වාස නොකරන බව කවුද කියන්නෙ? ඒවා ඉපැරණි කැටයම් බව පාෂාණ විසින් සන්නිවේදනය කරනු ඇතැයි මට විශ්වාසයි.
මම විශ්ලේෂණය සඳහා " Mason Optical "INC වෙත පාෂාණ තුනක් ගෙනාවා. අධ්‍යයනය ට ඇතුළත් පාෂාණ තුන,
A).බැසිලෝ විසින් කැටයම් කරන ලද ව්‍යාජ පාෂාණයක්.
B)කබ්රේරාගේ එකතුවෙන් සොයා ගත් ඉකා පාෂණයක්
C).නස්කා හිරියෝ ග්‍රෑන්ඩ් හී සොහොනෙන් සොයා ගත් පාෂාණයක්.
රසායනාගාර ප්‍රථිපල:
1. පළමු පාෂාණය , කුඩා සීරීම් සහ චිප්ස් සහිත ඉතා නොගැබුරු කැපීම් පෙන්නුම් කලේය.ඒ මත නිල් ලෝහ ( වානේ) පැල්ලම් සොයා ගන්නා ලදි.කැපීම් පිරිසිදු සහ කෝණික විය.පාෂාණය මත ඔක්සිකරණ බවක් නොතිබුන අතර ක්ෂුද ජීවින් හමු නොවිය.රසායනාගාර නිගමනය් වූයේ මෙම පාෂාණ මෑතකදී නිෂ්පාදනය කළ එකක් බවයි.පාෂාණ මතුපිට කැටයම් කිරීමට යමෙකු ලෝහ තලයක් හෝ කෙටි පහරවල් සහිත මෙවලමක් භාවිතා කර ඇත.
2). කබ්‍රේරේරා පාෂාණය හෝ ඉකා පාෂාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණයක් හෙළි වූයේ ගලෙහි කට්ට සහ කැපීම් ආවරණය වන පරිදි එහි සියුම් පැටිනා ඇති බවයි.සමහර කැපුම් ඇතුළු ගල් කුහර වල අපිරිසිදු වැලි තැන්පත්ව තිබුණි.ස්වභාවික ඔක්සීකරණය මගින් කැපුම් වල දීපිතිමත් සුදු පෙනුමක් නොතිබූනද ඒවා තරමක් වර්ණවත් කර ඇත.නවීන මෙවලම් භවිතය පිලිබඳ කිසිදු ශක්තියක් හෝ කුඩ ලෝහ අංශු හමු නොවීය.විද්‍යාගාර නිගමනය වූයේ ගලෙහි කැටයම් මෑතකාලීනව නොව යම් යුගයක ඒවා බවයි. පැටිනා යනු වයස පිළිබඳව නිරපේක්ෂ සාක්ෂියක් නොවේ .
කාලගුණික තත්වයන් පාෂාණයක ,පිපිරිම් ,වර්ණය වැනි ලක්ෂණ තීරණය කරයි. පාෂාණයේ කැපුමල් සිදු කරද්දි ගලෙහි ස්වාභාවික වර්ණය දිස්වන්නේ නම් , කැපීම බොහෝ විට අලුත් විය හැකිය.ඉකා පලාතේ කැණීම් සිදු කරන ලද්දේ දනවවන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ මැක්ස් උහ්ලේ ( Max Uhle ) , ජූලියෝ සී ටෙල්ලෝ ( Julio. C .Tello) , ඇල්ෆඩ් එල් කොබෙරා ( Alfred l Kroebera ) ,විලියම් ඩන්කන් ස්ට්‍රෝන්ග් ( William Duncan Strong )සහ ජෝන් හෝලන්ඩ් රෝව්( Jhon Howland Rowe) , වැනි විද්වතුන් විසිනි.ඔවුන් කිසිවෙක් කැටයම් කළ ඇන්ඩිසයිට් ගල් සොයා ගැනීමක් වාර්තා කලේ නැත.කෙසේ වෙතත් " huaqueros" සොහොන් කොල්ලකරුවන් විසින් කොල්ල කන ලද කැටයම් කරන ලද පාෂාණ සංචාරකයින් සහ ආධුනික එකතු කරන්නන්ට විකුණීමට පටන් ගත්ට්තේය.
මෙම එකතු කරන්නන්ගෙන් එක් අයකු වූයේ ලීමා හී ජාතික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ සන්තියාගෝ ඇගුර්ටෝ කැල්වෝ ය. ඔහු පුරාණ සුසාන භූමි වල සෙවීම් සංවිධානය කළ අතර , 1996 අගෝස්තු මාසයේදී ඉකා නිම්නයේ කලන්ගෝ ( Callango) දිස්ත්‍රික්කයේ ටෝමා ලූස් ( Toma Luz) අංශයෙන් එවැනි ගලක් සොයා ගන්නා ලදි.එහි සංදර්භය ටිවන්කු ( Tiwanlu) සංස්කෘතිය ට අනුරූප විය.ඔහු තම සොයා ගැනීම ඉකා නගරයේ ප්‍රාදේශීය කෞතුකාගරයට වාර්තා කළ අතර ,එහි භාරකරු වන පුරාවිද්‍යාඥ ඇල්ජන්ද්‍රෝ පෙසියා ඇසෙරෙටෝ ( Alejandro Pezzia Assereto ) විසින් වැඩිපුර ගවේෂණ සඳහා ඔහු සමග සම්බන්ධ විය.1966 සැප්තැම්බර් මාසයේදී ඔකුකජේ දිස්ත්‍රික්කයේ දෙ ලා බන්දා ( De La Banda) අංශයේ උහ්ලේ හිල් ( Uhle Hill) සුසාන භූමියේදී ඔවුන් ප්‍රථම වතාවට පැරකස් ( Paracas ) සංස්කෘතියේ සොහොන් ගැබකින් කැටයම් කළ පාෂාණයක් සොයා ගත්හ. මෙම පාෂාණය තරමක් පැතලි අක්‍රමවත් හැඩයෙන් යුක්ත වූ අතර, එහි පෙති අටක් සහිත මලක් ලෙස ගත හැකි මෝස්තර කැටයම් කර තිබුණි.
මෙම කරුණු අනුව ඉකා කැටයම් පිලිබඳ සිදුවීම සහ එහි නිර්මාණකරුවන් සහ ඉතිහාසය තවමත් නොවිසඳුණු අභිරහස් ගැටළු අතරින් එකකි.
මූලාශ්‍ර :
https://rockartblog.blogspot.com/2015/04/dinosaurs-in-rock-art-perus-ica-stones.html
https://science.howstuffworks.com/science-vs-myth/unexplained-phenomena/are-ica-stones-authentic.htm
https://www.ancient-hebrew.org/ancientman/1001.html
https://www.ancient-origins.net/opinion-guest-authors/ica-stones-cabrera-00663
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........