Thursday, January 12, 2023

මහා රාශ්ටයේ ඖරන්ගබාද් ලෙන්

ඉන්දියානු සංචාරයේදී හමුවන ඖරංගබාද් නගරය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටා ඇති අතර මහරාෂ්ටයේ 5 ස් වැනි ජනාකීර්ණ නගරයයි.කපු රෙදි සහ කලාත්මක සේද රෙදි නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන ඖරංගබාද් 1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එමෙන්ම ආචාර්ය බබාසාහෙබ් අම්බෙඩ්කාර් මර්ත්වාදා විශ්ව විද්‍යාලය ඇතුළු ප්‍රධාන අධ්‍යපනික ආයතන කිහිපයක්ම මෙහි ගොඩ නගා ඇත.අතීතයේදී  ඖරංග බාද් නගරයට ඇතුල් වීමට ගේට්ටු 52ක් තිබුණු අතර අදටත් නෂ්ටාවශේෂ  ඉතුරුව ඇති බැවින් ගේට්ටු නගරය ලෙසද හැඳින්වේ .2019 දී AURIC නගරය Flagship Smart City Mission ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ ප්‍රථම හරිත ක්ෂේත්‍ර කාර්මික නගරය බවට පත්විය.



ලෙන් 1653- 1707 දක්වාවූ ඖරන්ගෂෙබ් අධිරාජයාගේ අගනුවර වූ ඖරංගබාද් අජන්තා , එල්ලෝරා ගුහාවලට  සමීපව දර්ශනීය කඳු ගැටයක පිහිටා ඇත,මේවා ස්වභාවික ගුහාවන් නොව කඳු ගැටයක පිහිටි කළු ගල හාරා නිර්මාණය කර ඇත. සංචාරකයින්ගේ සිත් ගත් ප්‍රදේශයක් වන ඖරංගබාද් ඉන්දියාවේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ද වේ. සාතවාහන රාජ වංශයේ අධිරාජ්‍ය වූ පයිතාන් මෙන්ම යාදව් රජ වංශයේ අගනුවර වූ දේවගිරි ද ඖන්රංගබාද් හි පිහිටා ඇත.1308 දී සුල්තාන් අලවුදින් ඛල්ජිගේ පාලන සාමය තුළදී දිල්ලියත් සුල්තාන් රාජ්‍යයත් එක් රජ්‍යයක් බවට පත් කරන ලදී.1636 දී ඩෙකන් ප්‍රදේශයේ මෞගල් උපරජු වූ ඖරංසෙබ්මෝගල් අධිරාජ්‍යයට මෙම ප්‍රදේශය එක් කර ඖරංගසෙබ් රාජ්‍යය අවුරංගබාද් ලෙස නම් කර ඩෙකන් හි අගනුවර බවට පත් කළේය.1724 දී ඩෙකාන් හි මෝගල් ආණ්ඩුකාර 1 නිසාම් අසෆ් ජහා රජු ඔහුගේම අසෆ් ජහා රාජවංශය ආරම්භ කළේය.


ඖරංගබාද් ලෙන් යනු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඖරංගබාද් නගරයේ නැගෙනහිර සිට බටහිරට විහිදුණු කන්දක් මත පර්වතයක නිර්මාණය කල බෞද්ධ ගුහා 12කි.මේ පිලිබඳ පළමු සඳහන කන්හෙරි ගුහාවේ මහා චෛත්‍යයේ ඇත.මෙම ලෙන් නිර්මාණ 6 වන සහ 7 වන සියවස් වලදී නිර්මාණය කර ඇති අතර ඒවා බාසාල්ට් පාෂාණ වලින් වලින් නිර්මාණය කර ඇත.මෙම ලෙන් ඒවායේ පිහිටීම අනුව කොටස් තුනකට වෙන් කර ඇත.



1.ගුහා අංක 1 - බටහිර 

2.ගුහා අංක 1-5 - නැගෙනහිර 

3.ගුහා අංක 6-9  -උතුරු පොකුරැ 

4. ගුහා අංක 10-12 - නිමා නොකළ ලෙන් යනුවෙනි.

ගුහා ගර්භයන්හි ඇතුලත් කැටයම් ගත් කල , වැඩිපුරම හීනයාන ශෛලියේ ස්තුප වලින් යුක්ත මෙම ලෙන් තුළ මහායාන කලා නිර්මාණ සහ වජ්‍රායන දේවිය ඇතුලත්ය.අනෙකුත් ප්‍රදේශ වල ඇති ලෙන් තුළ දුර්ගා දේවිය ,ගනේෂ් වැනි දෙවිවරුන් සමග  ක්‍රිස්තු වර්ෂ පළමු සියවස තුළ බෞද්ධ නිර්මාණ ඇති ලෙන් අතර මෙම ගුහාද ඇත.තන්ත්‍ර සම්ප්‍රධායට අයත් බොහෝ දෙවිවරුන්ගේ ප්‍රතිමා මෙහි දක්නට ලැබීම සුවිශේෂී වේ. එමෙන්ම  බුදුන්වහන්සේ සමග කැටයම් කරන ලද දේවතාවියන්ගේ රූප දක්වා ඇති අතර ඔවුන්ගේ නිරූපණයන් හින්දු ආගමේ ශක්ති සම්ප්‍රධායට සමාන බවක් පෙන්නුම් කරයි. මෙම පළමු ගුහා නිර්මාණ වාකාටක යුගයේදී නිර්මාණය කල බව පැවසේ.දොරටුවේ නාගයෙක් කැටයම් කර ඇත.යක්ෂයින් නාගයින්ගේ භාර්යාවන් ලෙස සිතුවම් කර ඇත.

අංක දෙවෙනි ගුහාව කුළුණු සහිත ශාලාවකින් යුක්ත ආරාමයක ස්වරුපයක් ගන්නා අතර බුදු රජාණන් වහන්සේ විසින් දේශනයක යෙදී සිටිනයුරු පෙන්නුම් කරයි.තුන්වෙනි ගුහාව ඉතාමාත් පිළිවෙලට හා සංවිධානාත්මකව විශිෂ්ඨ අයුරින් සැරසිලි හා මෝස්‌තර යොදමින්, Fretwork( ලි හෝ ලෝහ මත කැටයම් කල ජ්‍යාමිතික මෝස්‌තර )  ,Scrolls, panel of Couples, Tassels, මල් වැනි දේ යොදා ගනිමින් වාස්තු විද්‍යාත්මකව ඉතාමත් සුන්දරව  මෙම නිර්මාණ ගොඩ නගා ඇත.

මෙම කුළුණුවල නිර්මිත මෝස්‌තර අජන්තාවේ 21,24 ලෙන් සිතුවම් වලට සමානවේ.වැරන්ඩාවේ එක් කෙළවරක උස ආදී 7.12ක් සහ පළල 6.10ක් වන බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර එය පද්මාසනයක නෙලුම් මල් ද්විත්වයක් මත හිඳගෙන ධ්‍යාන මුද්‍රාවෙන් දෑත් පිහිටුවා ඇති අතර දකුණු පසින් වජ්‍රපානි සහ වම පසින් පද්මපානි  දකින්නට ලැබේ.වැරන්ඩාවේ වම් ඇති බුදු රුවේ අජන්තාහි දැකිය හැකි වන ශාවස්ති හුරුව දක්නට ලැබේ.මෙහි බුදුන් පද්මාසනයක නෙලුම් මල් ද්විතයක් මත රැඳෙන අතර දෑතේ ධර්ම චක්‍ර මුද්‍රාව දැකිය හැකිය.නෑ රජුන් විසින් නෙලුම් නැතුව දරාගෙන සිටි .බුදුන්ගේ හිසට ඉහලින් දෙපසින් මල් මාලා අතැතිව පියාසැර කරන වාමන රූප දක්වා ඇත. ගුහාව පුරා ගස් දේවතාවියන් නැතහොත් සාල භාන්ජිකා සහ ගණ(ශිව ) රූප කැටයම් කර ඇත.



මහාචාර්ය  දෙශ්බන්දේ පාන්ඩේට අනුව තුන්වෙනි ගුහා ගර්භය සිතා මතාම සරල ලෙස පැවතීමට ඉඩ හැර ඇති අතර එය ක්‍රිස්තු.වර්ෂ 7 වැනි සියවසට අයත් වේ.

හතරවන ලෙන් නිර්මාණ පසුකාලින සාතවාහන යුගයේ කැණීම් කරන ලද එකම චෛත්‍යයයි.



6 වන ලෙනේ සරසන ලද කාන්තාවන්ගේ රූප සිතුවම් කර ඇත.එම පිළිම තවමත් හොඳ තත්වයේ පවතින අතර එම කාල පරිච්ජේදයේ සෞන්දර්ය පිළිබඳව අදහසක් ලබා දේ.බුදු පිළිමයක්ද ගනේෂ් දෙවියන්ගේ පිළිමයක්ද ඇත.මෙම කන්හෙරි ලෙනේ තිබී ශිලා ලේඛනයක් හමුවුන අතර , එහි " Rajathalaka Paithaana path Asana Chulika yu  kutiKodhi" (Qureshi1988 ) ලෙස සඳහන් ව ඇත.එය සිංහලයට පරිවර්තනය කිරීමේදී " රජතලක ) පුරාණ අවුරංගබාද් නම් ) නම් වූ පයිතන් හි පරගානා හෝ තලුකාවේ සේවාජ විහාරයේ කුඩා විහාරයක් (කුටියක් )  සහ ශාලාවක් (කෝධි) නිර්මාණය කර ඇත.මුල් යුගයේ චෛත්‍ය සහ විහාර යන කොටස් දෙකම මෙහි තිබු බව වටහා ගත හැක.



ජේම්ස් බර්ඩ් යනු 1847 දී ඔහුගේ ඉතිහාස ගවේෂණයේදී අවුරංගබාද් ගුහා පිලිබඳව ලොවට පළමුව හෙළිකළ තැනැත්තාය.ඉන් පසුව ජෝන් විල්සන් සහ ජේම්ස් බර්ජස් විසින් වැදගත් ස්මාරක ලෙස ගුහා පිලිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී.



ඩග්ලස් බැරට් යනු 1957 දීමෙම මුර්තිවල වාස්තුවිද්‍යාත්මක අගයන් හඳුනාගත් පළමු තැනැත්තාය.ඔහු මෙම පිළිම එල්ලෝරා සහ අජන්තා සතු  හොඳම සහ වටිනාම මුර්ති වලට  සමාන බව කිවේය.1960-1961 ගුප්ත සමයේදී පැවති හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සහ මුර්ති ශිල්පයේ ප්‍රබල බලපෑම් පෙන්නුම් කරන දෙවන කාණ්ඩයේ ගුහාවක් වන ඖරන්ගාබාද් හි බ්‍රහ්මණ ගුහා පිලිබඳ සඳහන් කර ඇත.



මුලක් රාජ් විසින් ඖරන්ගබාද් පිලිබඳ 1963 දී ඖරන්ගාබාද් මුර්ති පිලිබඳ නැවත ඇගයීම ලෙස ලිපි පෙළක් ඉදිරිපත් කරන ලද අතර 7 වැනි ගුහාවේ ඇති පිළිම පෙළ භාරත නාට්‍ය ඉරියව් දක්වන බව පැවසුවේය.පසුව  අමිතා රේ විසින් " Aurangabad Sculptures නමින් 1964 දී ලිපි පෙළක් ඉදිරිපත් කරන ලදී.එම ලිපි පෙලේ ගුහා ගර්භයේ පිහිටීම, ආරම්භය එහි ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික අංගයන් පිළිබඳව සඳහන් වේ.තවත් ලේඛකයකු වූ ඩෙබෝරාබ්‍රවුන් 1964 දී ලියා ඇත්තේ ඖරංගබාද් ගුහාවල ඇති මුර්ති වල ස්වභාවය එලිෆාන්ටාහි පසු ශෛලියටද සමානකම් කියන බවයි.



මුලාශ්‍ර  :

https://www.britannica.com/place/India/The-Himalayas

https://www.sahapedia.org/aurangabad-cave-temples-overview

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 

12/01/2023 

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........