ඝණ අන්ධකාරයෙන් මුළු පරිසරයම වෙළුණු රැයකි.මීදුමෙන් සහ වැහි වලාවන් වැසුණු කුණාටු රැයක කඳු බෑවුම් සහිත මාර්ගයක එන මෝටර් රථයකි. වාහනය රැගෙන එන මැදිවියේ පසුවන පුද්ගලයන් දෙදෙනා දරුවකු බිහි කළ තම බිරිඳව පිළිගැනීමට දුම්රිය ස්ථානයට පැමිණෙන ඉංජිනේරුවකු වූ දේවේන්ද්‍ර සහ ඔහුගේ මිතුරා වූ රෙහමන්ය. අතරමගදී සිදුවන නායයාමක් නිසා මොවුන්ගේ ගමන අතර මග නවතා රැය පහන් කිරීමට ස්ථානයක් සොයමින් යද්දී ගන් ඉවුරේ කඳු මුදුනක තැනූ අත්හළ ගොතික් සම්ප්‍රධායට අයත් විසල් මන්දිරයක් මොවුන්ට හමුවේ.එහි වාසය කල මහලු සේවකයා මොවුන්ව ඇතුලට කැඳවන් ගිය විට ,දේවේන්ද්‍රට දැනෙන්නේ මින් පෙර මෙහි වාසය කළ බවක්ය. සිතට දැනුන එම සිතුවිල්ල නිසාවෙන්ම මන්දිරය ඇතුලත සක්මන් කරද්දී මන්දිරයේ අයිතිකරු වූද ශ්‍යාම් නගර් වතුයායේ හිමි කරුවූ රාජා උග්‍රනාරයන්ගේ සිතුවමකි. එය දුටු විගස දේවේන්ද්‍රගේ පුනර්භවයේ කතාව ඔහුගේ මනසේ රැව් දෙන්නේ අතීතාවර්ජනයක් ප්‍රේක්ෂකයින්ට සිහිකරමිනි.
ආනන්ද් ශ්‍යාම් නගර් වතු යායට, කළමනාකරුවකු ලෙස සේවයට පැමිණෙන අතර , දිනක් මිදුම ගහණ වනයේ සැරිසරද්දී මියුරු ගීයක් සහ පා සළඹක හඬක් ඇසේ.වටපිට බලද්දී ගී ගයමින්, ගස් අතරින් දිව යන, සඳක් මෙන් සොඳුරු වූ සුන්දර යුවතියක් ඔහුගේ ඇස ගැටේ.ඇයව සොයමින් ඔහු වනය සිසාරද්දී ප්‍රපාතයකට වැටීමට ගිය විට , මෙම ගෝත්‍රික තරුණිය විසින් ඔහුගේ දිවි ගලවා ගන්නා ලදි. එතැන් සිට ඔවුන් සුහද වී ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගනී.ප්‍රේමයෙන් බැඳෙන මොවුන් සතුටින් කල් ගත කරයි.
ආනන්ද් යනු ගෞරවාන්විතව දිවි ගෙවන, කෙලින් තීරණ ගන්නා, කලාකාමී අදහස් වලින් පිරිපුන් තරුණයෙකි. එම ගතිගුණ නුරුස්සන ,අහංකාර වූද , දුර්ජන වූද උග්‍ර නාරයන් මොවුන්ගේ ප්‍රේමයට අකුල් හෙලීමට සුදානම් වන්නේ මධුමතිගේ සුන්දරත්වය දැක , සිතේ රාග ගිනි අවුලවමිනි. දිනක් ආනන්ඩ්ද්ව රාජකාරියක් සඳහා කඳුකරයෙන් පිටතට යවන උග්‍ර නාරයන් , විමසිල්ලෙන් බලා හිදින්නේ මධුමතිව අසුකර ගැනීමට අවස්තාවක් එන තෙක්ය.නමුදු ... මධුමතිය දේවේන්ද්‍රව සොයා මන්දිරයට යන්නේ මාරයා ඇය එන තෙක් මග බලමින් සිටින බව නොදැනය.
එදින ද මහා වැසි ඇද හැලෙන ඝණ අන්දකාරයෙන් යුතු රැයකි. රාගයෙන් මත්වූ උග්‍ර නාරායන් ඇයව දුෂණය කිරීමට තැත් කරද්දී , ඊට එරෙහිවූ මධුමතිව , ජමින්දර්වරයා විසින් මරා දමනු ලබයි..නැවත පැමිණි ආනන්ද් ඇයගේ පියාගෙන් මධුමති අතුරුදහන් වූ බව ත්, අවසන් වරට දුටුවේ ඔහුව මුණ ගැසීමට ජමින්දර්වරයාගේ මන්දිරයට යාමට පෙර බවත්ය.ඇයව සොයා යන ඔහුට උග්‍ර නාරයන්ගේ මැරයින් සිහිසුන් වන තෙක් පහර දුන්හ.මධුමතිගේ පියා එය වැලක්වීමට තැත් කරද්දි , ඔහුව මරා සඟවා , ආනන්ද්ව රෝහලට ගෙන ගොස් දමයි.
මධුමති නැති ශෝකයෙන් කල් ගෙවන ආනන්ද්, ඇයව සොයමින් කඳුකරය පුරා සැරිසරන්නේ ඇයගේ මුහුණ සිතුවම් කරමිනි.එලෙස සිහිමද තත්වයට පත්වන ආනන්ද් ගේ දිවිය අරමුණකින් තොරව ගෙවෙද්දී , අහම්බෙන් ඔහුට මාධවී නම් මධුමතී ට සමාන ස්වරුපයක් ඇති තරුණියක් මුණ ගැසේ.ඇය තමන් මාධවි යැයි කොතෙක් පැවසුවත්, ආනන්ද් එය පිළිනොගත් විට ඇයගේ සොයුරු පොලිස් නිලධාරි ජග්දීෂ් රාජ් ඔහුට පහර දෙයි.පසුව මධුමතිගේ සේයාරුවක් සොයා ගන්නා මාධවී සත්‍යවාදී බව තේරුන් ගෙන , මධුමති වෙනුවෙන් උග්‍ර නාරයන් ඉදිරියේ පෙනී සිටීමට ඉදිරිපත් වේ.
පසුව උග්‍ර නාරයන්ව හමුවන ආනන්ද් විසින් ඔහුගේ සිතුවමක් ඇඳීමට ඔහුගෙන් අවසර ගෙන පසුදින රාත්‍රියේදී සිතුවම ඇඳීමට පටන් ගනී.රාත්‍රී 8 වන විට මාධවී මධුමතිගේ ස්වරුපයෙන් උග්‍ර නාරායන් ඉදිරියේ පෙනී සිටින අතර ඔහු බයෙන් තිගැස්සී, කලබල වෙමින් , මධුමතිගේ මරණයට වගකිව යුත්තේ ඔහු බව පිළිගත්තේ මන්දිරයට පිටතින් සිටි පොලිස් නිලධාරීන්ට සත්‍ය පැහැදිලි කරවමිනි.
නමුත් ..., ආනන්ද් නොදැනුවත්වම එලෙස පැමිණියේ මාධවී නොව සත්‍ය හෙළිදරව් කරනු වස් පැමිණි මධුමතීගේ ගන්ධබ්බ ආත්මයයි. ඇය මද සිනාවක් දල්වමින් , ආනන්ද් ට ඉඟි කරමින් , පියගැට පෙළ නැග ගියේ ඇයගේ මරණය සිදු කළ සඳළුතලය වෙතටය.ඇයගේ අවතාරය පසුපස යන ආනන්ද් සඳළුතලයෙන් වැටි මියයයි.
ආනන්ද් - මධුමති ආදර අන්දරයේ පුර්වර්ජනය මෙසේ සිදුවෙද්දී දේවේන්ද්‍ර ට පණිවිඩයක් එන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවා පැමිණි කෝච්චිය අනතුරකට ලක්ව අලුත්වැඩියා කරන තෙක් ප්‍රමාදයක් වූ අතර , නැවත එය ගමන් අරඹා ඇති බවයි.රහෙමන් සමග ඇයව පිළිගැනීමට ගිය විගස දේවේන්ද්‍ර වටහා ගන්නේ රාධා යනු මධුමතීගේ වර්තමාන ස්වරුපය බවයි.ඔවුන්ගේ ප්‍රේමය භව ගණනක් පුරාවට විහිදුණු ආත්මගත බැඳීමක් බව ඒ ඔස්සේ ඔවුන් වටහාගත් යථාර්තයයි.
මධුමති චිත්‍රපටය , ඉන්දියානු සාහිත්‍යයට විසල් සේවයක් කල සත්‍යජිත් රායිගේ සහ බෙංගාල සිනමාවට උත්කෘෂ්ට සේවයක් ඉටු කළ රිට්වික් ඝටක් විසින් තිර රචනය කළ අතර , අධ්‍යක්ෂණයෙන් දායක වුයේ බිමල් රෝයි විසිනි.1958 සැප්තැම්බර් 12 වෙනි දින එනම් 64 වසරකට පෙර නිර්මාණය කල මධුමතිය , බිමල් රෝයිගේ සිනමා අධ්‍යක්ෂණ දිවියේ විශිෂ්ඨ පෙරළියක් සිදු කල නිර්මාණයකි.මෙයට කැමරා අධ්‍යක්ෂණයෙන් සහය දිලිප්ද ගුප්තා ද ,සංගීත අධ්‍යක්ෂණයෙන් ශලිල් චෞද්රිද , සංස්කරණ ශිල්පී රිෂිකේෂ් මුකර්ජිද මෙම සොඳුරු නිර්මාණය සිනමා ලොවට දායාද කිරීමට පුරෝගාමී වුවෝය.
මධුමති චිත්‍රපටයට ....
හින්දි බසින් හොදම විශේෂාංග චිත්‍රපටයට හිමි ජාතික සම්මානයද ,
හොඳම චිත්‍රපටය ,
හොඳම අධ්‍යක්ෂණය - බිමල් රෝයි
හොඳම සංගීත අධ්‍යක්ෂණය -සලීල් චෞද්රි
හොඳම නළුවා- දිලිප් කුමාර්
හොඳම නිළිය - වෛජන්තිමාලා (නිර්දේශ විය.)
හොඳම සහය නළුවා - ජොනී වෝකර් -චන්දාස්
හොඳම කාන්තා පසුබිම් ගායිකාව- ලතා මංගේෂ්කාර් - අජාරේ පර්දේසි ගීතය.
හොඳම දෙබස් - රජින්ද්‍ර සිංග් බෙඩි.
හොඳම කළා අධ්‍යක්ෂණය - සුදෙන්ධු රෝයි
හොඳම සංස්කරණය -රිෂීකේෂ් මුකර්ජි
හොඳම සංස්කරණය සහ හොඳම කැමරා ශිල්පියා යන ෆිල්ම් ෆෙයා සම්මානයන්ට හිමිකම් ලැබිය.ෆිල්ම් ෆෙයා සම්මාන 9කටද , නාම යෝජනා 12කටද හිමිකම් කීය.
මධුමති චිත්‍රපටයේ දක්නට ලැබෙන , ගුප්ත අන්ධකාරය ඉන්ද්‍රජලිකයක් සේ දක්ෂ කැමරා අධ්‍යක්ෂණය යටතේ කළු සුදු පැහැයෙන් ආලෝකය හා මිශ්‍ර කර ග්‍රහණය කරගනිමින් මිදුම් සහිත පරිසරය ගොඩ නංවා ඇත්තේ කතාවේ අවසානය පිළිබඳව ශෝඛාන්තයක් වන බවට ඉඟියක් දෙමිනි.එම මිදුම් සහිත දර්ශන රූගත කිරීමට පෙර නයිනිතාල් හි ඝෝකර්හි රූප තලයට සමාන වන පරිදි ඉගට්පුරි, වයිටර්නා වේල්ල අසළ එම දර්ශන තලය නිර්මාණය කළේ , ව්‍යාජ පයින් ගස් නිර්මාණය කරමිනි.එමෙන්ම චිත්‍රපටයේ වැඩි කොටසක් මුම්බායි නගරයේ කුඩා වන කොටසක් වන Aarey Milk Colony පෙදෙසේ රූගත කල අතර දිලිප් කුමාර් වෛජන්ති මාලා සොයන දර්ශනයක් රුගත කලේ ඉගත්පුරි ප්‍රදේශයේය.චිත්‍රපටය පුරාවට ගලාගෙන යන මිදුම් ස්වභාවය ගෑස් බෝම්බ භාවිතයෙන් ප්‍රති නිර්මාණය කර ඇත.
"දිල් තඩප් තඩප් " ගීතය ප්‍රේමාන්විත ගීතයක් වන අතර එය කැමරාකරණය කිරීමේදී භෞතික මෙන්ම රූපක අර්ටයක්ද අන්තර්ගත කර ඇත.ගුප්තා විසින් මුළු චිත්‍රකරණයම යථාර්ථවාදී නොවන මනෝ භාවයකින් ඉදිරිපත් කර ඇත.
බටහිර සම්භාව්‍ය සංගීතඥ මිය ගිය ක්‍රිෂෝර් චැටර්ජි ඔහුගේ මොසාර්ට්ස් සහ මධුමති පත්‍රයේ සටහන් කලේ සලීල් චෞධ්රි " බිචුවා " ගීතය ලිවීමට පෙර හොදින් මොසාට්ගෙ ගේ රූපක අධ්‍යයනයට බඳුන් කර ඇති බවයි. Mozart's Jupitar සංද්වනිය හි අවසාන සංගීත පෙලේදී වේගවත්ව සංගීත ඛාණ්ඩ වාදනය වූ බවයි.
මෙම ගී පද රචනා අන්තර්ගත කතාව සහ චරිත සුන්දර ලෙස සංධ්වනි ගත කර ඇත්තේ, මොවුන්ගේ මනෝභාවයන් සහ චරිතයන්ගේ හැගුම් සහ සිතුම් හා බද්ධ වෙමින් පාඨක සිතට ලං කරවමිනි.
මධුමති චිත්‍රපටය ශලිල් චෞධ්රි විසින් රචිත ගීත 11 කින් සමන්විත වන අතර ලතා මංගේෂ්කාර්, මුකේෂ් මන්නා ඩේ,මොහොමඩ් රාෆිමුබාරක් බෙගම් , ආෂා බෝස්ලේ ,සබීතා චෞධ්රි , ගුලාම් මොහොමඩ් සහ ද්විජෙන් මුඛෝපධ්‍යයයි විසින් ගායනයෙන් සුන්දර කරන ලදී.
මෙහිදී පද රචනයට පෙර සංගීත තනු නිර්මාණය කර ඇති අතර ඇසෑම් ප්‍රාන්තයේ, තේ වතු මැද ජන ගීත ගායනා කරමින් රංගනයේ යෙදෙන අතර ශබ්ධ පටයේ පෝලන්ත ජන සංගීතය " දිල් තඩප් තඩප් " ගීතයට සුසංයෝජනය කර ඇත.එය 18 වන සියවසේ සිලෙසියානු ගීතය වන "ස්ලා" වෙතින් අනුවර්තනය කර ඇත. " Dzieweczka Do gajecka " , " Aja re Pardesi " ගීතය " Jagte Raho(1956) හි පසුබිම් සංගීතයෙන් අනුවර්තනය කරන ලදි.
චිත්‍රපටය පුරාවට ගලා යන සංගීත රටාවන් සහ ගීතයන් , මධුමතී චිත්‍රපටයේ ආත්මය සහ විශිෂ්ඨ වූ කාලානුරුපිව වත්මන් සමාජයේද දක්නට ලැබෙන පැතිකඩක් යථාර්තවදිව ඉදිරිපත් කරයි.
මධුමතිය දිලෙන සඳක් මෙන් පුරා සියවස් ගණනක් පුරාවට භාරතීය සිනමාව ඒකාලෝක කරනු ඇත.
මුලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/Madhumati
https://www.cinestaan.com/reviews/madhumati-2572
https://www.filmigeek.com/2014/04/madhumati-1958.html
https://theprint.in/features/reel-take/every-bollywood-reincarnation-story-must-tip-its-hat-to-bimal-roys-madhumati/194048/
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
21/12/2022
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........