මල් වැවීම සහ උද්‍යාන අලංකරණය (Landscaping) දුර අතීතයේ සිටම මිනිසා ප්‍රිය කල ජීවිතය චමත්කාර ජනක කිරීමට උපයෝගී කර ගත් , කළාත්මක පාරිසරික අංගයකි.දෙවන පෑතිස් රජු විසින් සංවර්ධනය කරන ලද , පියාණන් වන මුටසීව රජු විසින් නිර්මාණය කරන ලද , මහමෙව්නා උයන ශ්‍රීලංකාවේ අතීත උද්‍යාන අලංකාර තාක්ෂණයට කදිම නිදසුනකි.
පුරාතන ඉන්දියානුවෝ ද මල් සහ ගස් වැවීම ප්‍රිය කල අතර චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මාලිගය අවට ඉතා සුන්දර උද්‍යාන තිබු බව ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ මෙගස්තිනිස් වාර්තා කරයි.එකල ධනවතුන්ගේ මන්දිර අවට මෙන්ම නගරයෙන් පිට ඔවුන් සතු විශාල උද්‍යාන පිහිටි බවත් , විවේක කාලය ගත කිරීමට මේවා යොදා ගත් බවත් , ඔහු සඳහන් කරයි.
ඉන්දීය පදය සාහිත්‍යයේ " ක්‍රීඩා ශෛල හෙවත් කෘතීම කඳු ගැට " පිළිබඳව සඳහන් කර ඇති අතර මේවා ජපානයේ උද්‍යාන වල දක්නට ලැබෙන ස්වභාවික කඳු ගැට වලට සමාන තාවයක් දක්වයි.අද මෙන්ම එදාත් උෂ්ණ දේශගුණයක් සහිත රටවල නිවාස අසළ කෘතීම වැව් පොකුණු සාදා තිබුණි.අවට පරිසරය සිසිල් කිරීමටත් ,අලංකාරය ගෙන දිමටත් , ස්නානයටත් ප්‍රයෝජනවත් විය. කාලිදාස කවිය වාරි යන්ත්‍ර පිළිබඳව විස්තර කරයි.මේවා වර්තමානයේ නිවාස ඉදිරිපිට තණ පලසට ජලය ඉසීමට භාවිතා කරන කරකැවෙන වතුර මලට සමානයැයි සිතේ.එමෙන්ම නාන පොකුණු කෙළවර පොළව යට කුටි තනා තිබු බවත් මේවා දිය කෙලියෙන් පසු විවේක ගැනීමට භාවිතා කළ බවත් , ඔන්චිල්ලා සවි කර තිබු බවත් පැහැදිලි වේ.අතීතයේ මිනිසා පරිසරය සමග කොතෙක් දුරට සම්බන්ධව සිටියාද යන්න මෙම කරුණු වලින් සඳහන් වේ.
මෙකල ඉන්දියාවේද මල් අතර රැජිණිය ලෙස නම් ලැබුවේ ආගමික සහ තවත් සංස්කෘතික අංගයන්
සංකේතවත් කලේනෙලුම් මලයි.සාමාන්‍ය ජනතාවගේ විවේක සුවය සඳහා නාගරික ප්‍රදේශ වල උද්‍යාන පිහිටවා තිබුණි.එවැනි උද්‍යාන වල ගස් සිටවූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වේ. මේවා මිනිසාට මෙන්ම සත්වයින්ට ද ප්‍රයෝජනවත් වේ. ඉන්දියානු චිත්‍රපට වල අපට දක්නට ලැබෙන මල් උයන් ඇසට ඉතාමත් ප්‍රියජනක දසුනක් වන අතර, එකම පාටැති මල් අක්කර ගණනාවක විසිරි පැවතීම සුවිශේෂී දසුනකි.එමෙන්ම ඉන්දියාව ආගමික කටයුතු සඳහා ලංකාවටද මල් අපනයනය කරයි.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........