මෙම විහාරය දකුණු ඉන්දියාවේ ප්‍රධාන විෂ්ණු වන්දනා මධ්‍යස්ථාන 108කින් එකකි.මුල් මධ්‍යතන යුගයේ එනම් 6 වන 7 වන සියවස් වලදී දෙමල සාහිත්‍ය තුළ ඉතා ප්‍රසිද්ධියක් ලැබූ අතර මෙම දේවාලය තිරුවට්ටාර් හි ප්‍රසිද්ධ ශ්‍රී ආදී කේසවපෙරුමාල් දේවාලයේ අනු කෘතියක් වන අතර මෙයට ඇතුල් වීමට හැකියාව ඇත්තේ හින්දු ජාතිකයින්ට පමණි.
විෂ්ණු , බ්‍රහ්ම,මත්ස්‍ය, වරාහා ,ස්කන්ධ ,වායු , පද්ම භගවත් යන පුරාණ ග්‍රන්ථ ඇතුළු හින්දු ග්‍රන්ථ බොහොමයක පද්මනාභාස්වාමි කෝවිල ගැන සඳහන් වේ.එමෙන්ම සංගම් සාහිත්‍ය මෙන්ම 9 වැනි සියවසේ ලියවුණු නම්මල්වාර් වැනි කෘති වලද මෙම කෝවිල දේව මාලිගයක් සේ සඳහන් කර මාලිගාව සහ නගරය රනින් නිමවා ඇති බවත් මාලිගය ස්වර්ගය ලෙසත් හඳුන්වා තිබේ.ක්‍රිස්තු 7,8 වන සියවස් වලදී දමිල ගීතිකා වල සඳහන් වන්නේ වෛෂ්ණාවේදයේ ප්‍රධානා දිව්‍ය දේශම් ලෙසද හඳුන්වනු ලබයි.
සරළ සුන්දරත්වයකින් යුතු පින්බිම අභිරහස් වලින් පිරි නිධන් වලින් සමන්විත රහස් කුටි අන්තර්ගත වුවක් බව දුටු සැණින් කෙනෙකුට සිතෙන්නේ නැත.ක්‍රිපු.200 කට එහා ඉතිහාසයක් ඇති මුළු දෙවාගරයේම සුරක්ෂිතාගාර 6 ක් ඉදි කර ඇති අතර ට්‍රැවන්කොර් රජ පවුල විසින් ආරක්ෂා කරනු ලබයි.වර්තමානයේ ට්‍රැවන්කොර්හි නාමික රජු වූ මහා රාජ් " මුලම් තිරුනාල් රාම වර්මා කෝවිලේ භාරකරු වේ.
මෙම සුරක්ෂිතාගාර A සිට F දක්වා නම් කර ඇති අතර මින් පෙර විවුර්ත කර ඇති C සිට F දක්වා සුරක්ෂිතාගාර තුලින් වටිනා නිධන් හමුවී තිබීම විශේෂත්වයයි.පුරාවෘතයන්ට අනුව A සහ F කුටි විවුර්ත කිරීමට නොහැක්කේ සාපයක් නිසා බව කියවෙන නමුදු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් A කුටිය විවුර්ත කිරීමට නියෝග ලැබුණි.මේ වන විට කෝවිලේ තිබී සොයාගෙන ඇති සම්පුර්ණ නිධානයෙ වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් වේ. එහි වටිනාකම මොගොල් වරුන් ගේද, හයිද්‍රබාද්හි ධන කුවේරයින්ගේ ධනයද සේම බ්‍රිතාන්‍ය රජ පවුල සතු ධනස්කන්ධයට වඩා වැඩිය.
7B කුටීරය විවුර්ත කර බැලූ නමුත් එය කිසිදු අගුලක් , ඇණයක් පිරිස්සුමක් වත් නොමැති සර්ප මුද්‍රාවෙන් පමණක් යුතු දොරටුවක් විය.මෙහිදී දේවස්ථානයට ශාපයක් ඇති බැවින් ඒ මගින් මෙය විවුර්ත කරන තැනැත්තාගේ පවුලට සහ රටට විසල් කරදර වලර මුහුණ පෑමට සිදුවන බවට පුජකවරුන් විසින් අනතුරු අඟවා ඇත. උසාවි නියෝගයක් ලබාගෙන B කොටසේ ඇති ධනය (Inventory)ලේඛන ගත කිරීමට උත්සහ කල ටි පී සුන්දර රාජන් යන තැනැත්තා 2011දි මරණයට පත්විය.
මෙවැනි ශාප හේතුවෙන් මිසරයේ පිරමිඩ් විවුර්ත කිරීමට ගිය රාජ්‍ය නිලධාරින් පවා මිය ගිය බව අපට අසන්නට ලැබේ.එහි තිබී සොයා ගත් සම්පත් අතර උස ආදී තුනහමාරක් උසැති රනින් නිමවා සිය ගණනක් දියමන්ති සහ රතු මැණික් ගල් ඔබ්බවා නිර්මාණය කල විෂ්ණු දෙවිඳුන්ගේ පිළිරුව විශිෂ්ඨ දර්ශනීය නිර්මාණයකි.
මුතු ,මැණික් සහ දියමන්ති එබ්බවූ රත්‍රන් ඔටුනු , රන් භාජන, රනින් සැදු පුටු ද A කොටසෙන් ලැබී ඇත.
දළ වශයෙන් ගණන් බැලුවහොත් එක් කාසියක මිල අවම වශයෙන් ඉන්දියන් රුපියල් කොටි 1.5 ක වටිනාකමින් යුතු කිලෝ 800ක් පමණ බරැති රන් කාසි ,අඩි 8ක් දිගැති රන් මාලයක් සහ නැපෝලියන් සහ රෝම යුගයේ කාසිද ,වටිනා මැණික් ඔබ්බවා නිම කල රන් මාල(Sarappalli) 1200ක් ද හමුවී ඇත.
රන් මාල පිරවූ භාණ්ඩ කිහිපයක්ද, ගල් පෞරාණික භාණ්ඩ පිරවූ මලු කිහිපයක්,දියමන්ති පච්ච මැණික් පොල් කටු වැනි භාජන , කිලෝ ග්‍රෑම්500 ක් බරැති රන් පියළි එකතුවක් , කිලෝ ග්‍රෑම් 500ක් බර රන් මිටියක් , කිලෝග්‍රෑම් 36ක් බරැති රන් ආවරණයක් හමුවී ඇත. කිඕ ග්‍රෑම් 30ක් බරැති පොල්කටු වැනි භාජන තවත් අපුර්වතම නිර්මාණයකි.
තවද 18 වන සියවසේ නැපෝලියන් යුගයට අයත් කාසිද මෙහි හමුවී ඇත.
හිටපු ඔඩිටර් ජෙනරාල් විනෝද් රාජ් ට අනුව මෙහි හමුවූ රක්න කාසි තොගයක වටිනාකම ඇමරිකානු ඩොලර්, 340, 000 කි.
මෙහි හමුවූ වටිනා භාණ්ඩ අතර රන්මය සිංහාසනයක් සහ අඩි 18ක් දිගැති දෙව් රුවක්ද වේ.A කුටියේ තිබී මිනිසකුගේ මහපට ඇඟිල්ලක් තරම් විශාල දියමන්ති තොගයක් හමුවී තිබේ.තව දුරටත් නිරීක්ෂණය කළහොත් මෙම නිධානයේ වටිනාකම ලෝක ඉතිහාසයේ වටිනාතම , රන් සහ මැණික් තොගය වනු ඇත. මෙම භාණ්ඩ වසර දහස් ගණනක් තිස්සේ වේරා ,පාණ්ඩය ට්‍රැවන් කෝට් වැනි දකුණි ඉන්දියානු පෙළපත් විසින් දෙවියන්ට කල පරිත්‍යාග ලෙස සැලකේ. ඉතිහාසඥයින්ට අනුව දකුණු ඉන්දියානු රාජ්‍යයන් ඇය කල බඩු මුදල් ලෙස ලබා ගත් භාණ්ඩ ද මෙහි තැම්පත් කර ඇත.
මෙම ධනස්කන්දය පිළිබඳව ක්‍රි.පුර් 500-300 වර්ෂ වල සිට පැවතීගෙන එන විශ්වාසයක් පවති.මෙම රත්‍රන් වලින් වැඩි ප්‍රමාණයක් , කල්ලුඋර් ,ඛන්නාඩ් , කොල්ලම් , මලයාර් වැනි දිස්ත්රික්ක වල ගංගාවෙන් සහ පතල් කැණීම් වලින් වසර දහස් ගණනක් තිස්සේ ගරාගත් ද්‍රව්‍යයන් යයි සඳහන් වේ .
මෙහි බිත්ති වල ඇති සිතුවම සහ ජනප්‍රවාද වලට අනුව මෙහි කැපකරු දෙවියන් වූ විෂ්ණු අන්ත ශයනම් ඉරියව්වෙන් හිඳ නිදි සුවයෙන් සිටින අතර හිස් 5කින් යුතු සර්පයා වූ අනන්ත හෙවත් ආදී ශේශාන්ගේ සිරුර මත ඇලවී සිටි.සර්පයාගේ අභ්‍යන්තරයට මුහුණ ලා තොප්පි පහක් ඇති අතර එයින් "මෙනෙහි කිරීම " සංකේතවත් කරයි.දෙවියන්ගේ දකුණත ශිව ලිංගයක් මත තබා ඇත.සෞභාග්‍යයේ දෙවඟන වූ ශ්‍රී ලක්ෂ්මි දේවතාවිය සහ පෘතුවි දෙවඟන වූ භුමි ද ඔහු පසකින් සිටි.බ්‍රහ්ම දෙවියන්ගේ නාභියෙන් උඩට පිබිදෙන නෙලුම් මලක් ඇඳ ඇත.දෙවියන් වැඩ සිටින විමාන මණ්ඩලය සහ ඊට පසෙකින් ඇති දේව මණ්ඩපය යන ස්ථාන දෙකම ඇති දෙවිවරුන්ගේ මණ්ඩපය සහ අඩි 20ක් පමණ උස අඩි 2.5ක ඝනකමින් යුතු ගල් පරයක තිබෙන තනි ගලකින් නිර්මාණය කර ඇත.
මෙම දෙවොලේ දොරටු කිහිපයක් ඇති අතර ඒ ඒ දොරටු වලට අරක් ගත් විශේෂිත දෙවිවරුන් ඇති බව විශ්වාස කෙරේ.පසුකලක පාලක මහා රාජා විසින් තිරුවමාබාදී නම් තවත් දේවාලයක් පුජා භුමිය තුළ ඉදි කරන ලදී .මෙහි දේව ප්‍රතිමා, යාග හෝම පැවැත්වීමට උපයෝගී කර ගන්නා ගල් තලාවක් සහ කොඩි ගසක් පිහිටවා ඇත.
දේවල භූමියට ඇතුළු වන දොරටුවෙහි ගෝපුරම්(Gopuram) නමැති දොරටුවක් සහිත කැටයම් කල අලංකාර කුළුණක් ඉදි කර ඇති අතර මේවා කේරළය ඇතුළු දකුණු ඉන්දියානු ප්‍රදේශ වලද ශ්‍රී ලංකාවේ දේවාල ඉදිරිපසද පිහිටුවා ඇත. මේවා පාණ්ඩය කලාවට අයත්ය. දේවාලයට අයත්ව පොකුණක් ඉදි කර ඇති අතර එය නෙළුමකින් උපන් (Lotus Spring යන අර්ථයෙන් (පද්ම තීර්ථ -Padma Thirtham) නමින් හඳුන්වයි.
දේවාලය ඉදිරිපස ඇති විශාල කොරිඩෝව කැටයම් සහිත ග්‍රැනයිට් පාෂාණීය කුළුණු වලින් යුක්තය.කොරිඩෝවේ නැගෙනහිර දිශාව රහස්‍ය කාමරයකින් අවසන් වේ.ගගෝපුරම් හි බිම් මහල "නාටක ශාලා නමින් හඳුන්වන අතර , උත්සව කාලයේදී රාත්‍රියට දින 10 ක් පුරා , මෙහි කතකලි නැටුම් රඟදක්වයි."
වර්ෂයකට දෙවරක් මලයාලම් මාස වලදී පවත්වනු ලබන මෙම උත්සව මීනම් සහ තුලාම් (Meenam and Thulaam නමින් හඳුන්වයි.
අයිප්සි ( Aipsi) , පන්ගුණි (Panguni) නමින් තවත් උත්සව දෙකක් වසරකට දෙවරක් දින 10ක් පුරාවට පවත්වනු ලබයි.උත්සව අවසන් කරනු ලබන්නේ දෙවොලේ පවිත්‍රතාවය අර්ථවත් කරමිනි.මේ සඳහා සවස් යාමයේදී , ප්‍රධාන පූජක වරුන් දෙදෙනා මුහුදෙහි බැස ස්නානය කර පෙරහැරකින් දේවාලයට පැමිණෙති.මෙහිදී සම්ප්‍රධායික පන්දම් එළි මගින් ආලෝකය සපයයි. මෙම දෙවොලෙහි පවත්වනු ලබන ප්‍රධාන උත්සවය " නවරාත්‍රි නමින් හඳුන්වයි. මෙය මහාරාජාට උපහාරයක් පිණිස පවත්වන්නකි. ශ්‍රී ලංකාවේ විහාරස්ථාන සහ දේවල වල වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය අවසානයෙ පවත්වන දිය කැපීමේ සිරිත මිට සමානය.වෙනස නම් ලංකාවේ උත්සව සිදු කරන්නේ පුජකයින් උදෙසා නොව දෙවියන් උදෙසාය.
වාස්තු විද්‍යාත්මකව ගත් කල දේශීය කේරළ , චේර අභාශයේ සහ ඩාවිඩියන් ශෛලියන්හි සංකීර්ණ සම්මිශ්‍රණයකි. ඉතා සුන්දර ස්ථානයක් වූ මෙහි අභ්‍යන්තර කුටිය නාගයින් දෙදෙනෙකු විසින් ආරක්ෂා කරනඅතර එය විවුර්ත කරන ඕනෑම කෙනෙක්ට අත්වන්නේ මරණය බව කියවේ. මෙවැනි රහස් කුටි විවුර්ථ කිරීමට නම් ශුද්ධවන්ත පුජනිය මෙන්ම බලවත්වූ සාධුවරයකු විසින් ගරුඬ මන්තරයක් සජ්ජායනා කල යුතු අතර වර්තමානයේ එවැනි පුජකවරුන් නොමැති අතර නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොටගෙන මෙය විවුර්ත කිරීමට උත්සහ ගතහොත් ඉන් රටට විසල් හානියක් සිදුවන බව ඔවුන්ගේ විශ්වාසයයි.නමුදු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත B කුටිය කිහිප වතාවක්ම ඇර බැලුවත් එයින් කිසිවෙකුටවත් හානියක් නොවූ බව කියවේ.
එමෙන්ම මෙහි මෙසපොටේමියාව ජෙරුසෙලම, ග්‍රීසිය වැනි රටවල වෙළඳුන් සහ පාලකයින්ද , වෙනත් රටවල වෙළඳුන් සහ පලකයින්ද , වෙනත් යටත් විජිත රටවල පාලකයන්ද විසින් මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති බව සඳහන් වේ.
ඉතිහාසයට අනුව සුමේරියානු යුගයේ සිට , මන්ගලොරයෙන්දකුණු දිග පිහිටි රාජ්‍යයන්ගේ රජ පෙළපත් ආක්‍රමණ වලට බොන් විවිධ අවස්ථා වලදී මෙහි ආගමික දේපල තැන්පත් කර ඇත. ඉතිහාසඥයකු වූ ආර් නාගස්වාමිට අනුව මෙහි තැම්පත් කර ඇති රන් කාසි පිළිබඳව කේරල ප්‍රදේශයේ විවිධ ස්ථාන වල ස්ථාන ගත කර ඇති බව වාර්තා වල සඳහන් වේ. කේරල ප්‍රදේශය පාලනය කල ගෞරි ලක්ෂ්මි බායි ගේ පාලන සමයේ සිදුවූ අක්‍රමිකතා සහ අධුරදර්ශි කළමනාකාරිත්වය නිසා එම ප්‍රදේශයේ බොහොමයක් ආගමික සිද්ධස්ථාන , තම ධනය මෙම රන් දෙවොලේ තැන්පත් කල බවක්ද සඳහන් වේ. එමෙන්ම එම දේවාල වල තිබු අතිරික්ත භාණ්ඩ ද මෙහි තැම්පත් කර ඇත.
සයදෙනෙකුගෙන් යුත් කමිටුවකින් දේවාලය පාලනය කල අතර , ප්‍රධාන පූජක වරයාද එයට අයත්ය.නමුත්..... මෙම සභාවේ ඔනෑම තීරණයක් ක්‍රියාත්මක කල හැක්කේ ට්‍රැවන්කෝර් මහා රාජා විසින් අවසාන අනුමැතිය ලබා දුන් පසුවය.
ඓතිහාසික වටිනාකමින් යුත් විහාර වාර්තා ලෙස තල්කොළ මත ලීයූ (Cajon- ) තල් කොළ පත්‍ර වාර්තා විශාල ප්‍රමාණයක් මෙහි තිබී හමුවූ අතර , 1867 දී ඉන් තුන්දාහක් පමණ ලේඛණාගාර දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත.නාගස්වාමිට අනුව වසර දහස් ගණනක් තිස්සේ මෙම වාර්තා පවත්වාගෙන ගොස් ඇති අතර සමස්ත ප්‍රමාණය කොටි 30 කට අධිකය.මේවා ප්‍රොටෝ - දෙමළ සහ පුරාණ මලයාලම් යන පැරණි අක්ෂර වලින් ලියා ඇත.
තවත් වැදගත් කරුණක් නම් එම දේවාල පවත්වා ගෙන යාම සඳහා පද්මස්වාමි දේවාලයේ ධනය , පරිභෝජනයට ද ගෙන ඇත. කේරළයේ ඉහළ උසාවි නියෝග සහ දේවාල පාලක ට්‍රවන්කොන් රජ පවුල අතර යම් යම් අර්බුදකාරී තත්වයන් හටගෙන තිබේ.භාණ්ඩ ලේඛන ගත කිරීමේදී අකාර්යක්ෂම පාලනය සහ රන් භාණ්ඩ අවභාවිතය පිළිබඳවද මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
2020 ජුලි මාසයේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රැවන්කෝර් රජ පවුල , කෝවිලේ කළමනාකරණ නායකත්වයෙන් ඉවත් කර ඇත.
සුන්දර රාජන්ගේ නඩු නිසා ලෝකය, පන්සල දෙස බලන ආකාරය වෙනස් වූ බව පැවසේ.
2014 අප්‍රේල් මාසයේදී විනිසුරු ගෝපාල් සුබ්‍රමනියම් ගේ වාර්තාවකට අනුව GH නමින් භූගත කුටි දෙකක් ඇති බව සොයාගෙන තිබේ.මේවා භාණ්ඩ ලේඛනගත කිරීමට පමණක් විවුර්ත කල අතර ඉන් පසු තිබු ලෙසම වසා ඇත.මෙම හෙළිදරව්වෙන් පසු මෙම කෝවිල ලොව ධනවත්ම පුජනිය ස්ථානය ලෙස තහවුරු වී ඇත.තව දුරටත් පෞරාණික සහ සංස්කෘතික වටිනාකම සැලකිල්ලට ගතහොත් මෙම වත්කම් වර්තමාන වෙළඳපල මිල මෙන් දස ගුණයක් වටිනාකමින් යුක්ත වන අතර ;ලොව විශාලතම රන් භාණ්ඩ එකතුවද මෙය වේ.
2016 8/22 වෙනි දින පලවූ ඉන්දියන් ටයිම්ස් සඟරාවට අනුව කෝවිලේ සිදුකල විඝණනයෙන් රන් බඳුන් සහ රිදී කැට 769ක් අතුරුදහන් වී ඇත.සමහර නිරීක්ෂකයින් පැවසුවේ මෙම රහස් කුටි වලට පහලින් රහස් උමගක් ඇති අතර ගෘහ නිර්මාණ ශිල්පීන්ට පමණක් ඇතුලතින් හැකිවන පරිදි නිර්මාණය කර ඇති බවත් වසර ගණනාවක සිට මෙම පුරා වස්තු කොල්ලය ඒ හරහා සිදුවනු ඇති බවයි.
වංචාව ල දුෂණය දෙවියන්ද අභිබවා ගොස් ඇත.
අවසානයේදී නඩුත් දෙවියන්ගේය.
බඩුත් දෙවියන්ගේය.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........