පුජසනයට මෙන්ම ජිවිතයේ සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථා වලදී සැරසිලි සඳහා යොදා ගන්නා මල්, මිනිස් ජීවිතය හා බැඳී පවතින්නේ පුදුමාකාර අන්දමකිනි. මල් වැවීම ව්‍යාපාරයක් ලෙස ගතහොත්... ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 4ක වටිනාකමකින් යුත් මල් , වෙළඳපලට සපයනු ලබන අතර , නිෂ්පාදනයේ වැඩිවීමේ ප්‍රතිශතය වාර්ෂිකව 10%-12% අතර වේ. මල් සඳහා ඇමරිකානු එකසත් ජනපදය , ජපානය, සහ බටහිර්ෆා යුරෝපය ප්‍රධාන වෙළඳපලවල වේ.නැගෙනහිර යුරෝපය මෙන්ම , දකුණු කොරියාව ,තායිලන්තය සහ ඉන්දුනීසියාව අධික ලෙස මල් පරිභෝජනය කරන රටවල් අතරට එළෙඹෙමින් පැවති.ලෝක මල් නිෂ්පාදකයින් අතර නෙදර්ලන්තය, 56% කාටද කොලොම්බියාව 11% කාටද හිමිකම් කියයි.මේ අතර ඉන්දියාව මල්, කපන ලද මල් , සැරසිලි සඳහා අවශ්‍ය අතු වර්ග ,උඩවැඩියා ,පාසි වර්ග වැනි විවිධාකාර නිෂ්පාදබා වෙළඳ පලට සපයනු ලබයි.සියලුම මල් නිෂ්පාදන වර්ග 4කට බෙදේ.කැපු මල්, නනිෂ්පාදනයෙන් 72ක් පමණද අතු හා පාසි වර්ග 8ක් ද මුල් සහිත ශාක සහ අතු 11 ක් පමණද අපනයනය කරයි.
කපන ලද මල් දෙයාකාරයකට අපනයනය කරයි.
1. මල් පොකුරු සහ සැරසිලි සඳහා අමු මල්
2.වියලන ලද මල් .
කපන ලද මල් සඳහා ප්‍රධාන වෙළඳපල ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය හිමි කර ගන්නා අතර , ඇමරිකාව කපන ලද මල් වලින් 8ක් ද ජර්මනිය 8ක් ද ඔස්ට්‍රේලියාව 5ක් ද නෙදර්ලන්තය 5ක් පමණද මිලට ගනී.මේ අනුව ඉන්දියානු මල් මිලට ගන්නා මුළු රටවල් සංඛ්‍යාව මේ අනුව 54කි.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් පිච්ච මල් මිලට ගනී.පිච්ච මල් වගා කරන බදුල්ල , බණ්ඩාරවෙල වැනි දිස්ත්‍රික්ක මගින් සපයනු ලබන මල් ප්‍රමාණය වෙළඳ පලට ප්‍රමාණවත් නොවන නිසා දිනපතා ඉන්දියාවෙන් පිච්ච මල් රැගත් ගුවන් යානයක් ලංකාවට පැමිණේ.මෙම මල් විශාල වශයෙන් කොළඹ නගරයේ ඩීන්ස් පාර, වැල්ලවත්ත, බොරැල්ල , මරදාන , වැනි ප්‍රදේශ වල මල් අලෙවි සල් වල දැකිය හැකිය.ඉන්දියාව සිය කානේෂන් මල්වලින් වැඩි ප්‍රමාණයක් නවසීලන්තය, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරනු ලබයි.
ඉන්දියාවේ මල් වගාවේ දීර්ඝ සම්ප්‍රධායික ඉතිහාසයක් ඇත.මල් සහ උද්‍යාන පිළිබඳව පුරාණ සෘග්වේදය ,රාමායණය, මහා භාරතය ,ශුද්රක, අශ්වගෝෂ වැනි සංස්කෘත,සම්භාව්‍ය කෘති වල දක්නට ලැබේ.සියලුම සාමාජ අංගයන්හිදී සහ දෛනික මිනිස් ජීවිතයේදී මල් අනිවාර්ය අංගයක් වූ බවට සාධක ඇත.වෙනස් වූ ජිවන රටාවන් සහ ආර්ථික වෙනස්වීම් සමග ඉන්දියාවේ මල් වගා කිරීම නිශ්චිත මාර්ග උපයෝගයක් වී ඇත.වාණිජ මල් වගාවේ විභවය අගය කිරීඉමත් සමග මෙම ක්ෂේත්‍රය ශාක්‍ය කෘෂි විකල්පයක් බවට පත් වී ඇත. විවිධ කෘෂි දේශගුණික තතත්වයන් පැවතිම නිසා රටේ ඔනෑම ස්ථානයක වසර මුළුල්ලේ නිවර්තන සහ සෞම්‍ය කලාපිය මල් වර්ග වගා කිරීමේ හැකියාව ඉන්දියාව තුළ පවති.ඉන්දියාවේ කුඩා ගෙවතු ආශ්‍රිතව සමුහ මල් ගොවිපලවල් දක්නට ලැබෙන අතර ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ කොටසක් ලෙස මල් වගාව සැලකේ.
රට තුළ ඇස්තමේන්තු ගත කල මල් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 65000ක් පමණ වේ.මල් වගා කරන ප්‍රධාන ප්‍රාන්ත වන්නේ දකුණේ කර්ණාටක , තමිල්නාඩු අන්ද්‍රා ප්‍රදේශ්, බෙංගාලය, මහාරාෂ්ඨ ,රාජස්තාන්, දිල්ලි මල් වගා කරන ප්‍රධාන ප්‍රාන්ත වේ.මෙම ප්‍රදේශයන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් සම්ප්‍රධායික මල් වගාවන්ට වෙන් කර ඇති අතර මෙරිගොල්ඩ් ,ජැස්මින්, කපුරු මල් ,ක්‍රසංද්‍රා,ටියුබ් රෝස් ආදිය මල් සැරසිලි , මල් කළඹ සැකසීම සඳහා භාවිතා කරති.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........