Tuesday, February 28, 2023

පැරණි ඉන්දියානු ආර්ථිකය ශක්තිමත් කල තවලම් වෙළඳාම


බුදුන්වහන්සේගේ කාලයේදී ඉන්දියාවේ ප්‍රදේශ , වැඩි කොටසක්ම සම්මත වෙළඳ මාර්ග වලින් සම්බන්ධ වී තිබු බව ඉතිහාසයෙහි දැක්වේ.මෞර්ය යුගය වන විට දකුණු ඉන්දියාවේ ද මාර්ග පද්ධතිය දියුණු වූ අතර මෙම මාර්ග අතුරින් ප්‍රධාන වුයේ නුතන කල්කටාව අසළ පිහිටි" තම්බ්‍රලිප්ති නම් ගංගා නදියේ තොටුපලේ සිට ඉහළ ප්‍රදේශයේ පිහිටි චම්පා නුවර හරහා පාඨලී පුත්‍ර සහ බරණැස් නුවර ඔස්සේ කෞසම්බියට වැටෙන මාර්ගයයි. කොසඹෑ නුවර සිට අතුරු පාරක් විධිෂා සහ උදේනි පුර ඔස්සේ නර්මදා නදී මෝයේ පිහිටි තොටුපල නගරයක් වූ ගෘගු කච්ච නුවර හා සම්බන්ධ වේ.තවත් පාරක් කොසඹෑ සිට යමුනා ගඟේ දකුණු ඉවුර දිගේ මධුරා වට සම්බන්ධ වේ.එයින් බෙදී ගිය තවත් අතුරු පාරක් රාජස්තාන් ප්‍රාන්තය, ථාර් කාන්තාරය පසු කර ඉන්දු ගංගා නිම්නයේ පතළ නම් නුවරට පැමිණේ.ප්‍රධාන මාවත වත්මන් දිල්ලිය හරහා ගොස් පන්ජාබ් ප්‍රදේශයේ පංච නදිය සියාල්කොට් අසලින් විහිදී වයඹ දිග පිහිටි තක්ෂිලාවට පැමිණ කාබුල් පසු කර මධ්‍යම ආසියාව දෙසට විහිදේ මෙම මාර්ග කෙතරම් ජනාකීර්ණ ව පැවතියද යත් මෞර්ය රජවරු සැතපුම් කණු පිහිටුවා නියමිත දුරකින් විශ්‍රාම ශාලා සහ ළිං පිහිටුවා තිබුණි.දකුණු මාර්ගය උදේනි නුවර සිට ඩෙකනය දක්වාත් , ඉන්පසු ගොධාවරී නදිය ඔස්සේ කොන්ජිවරම් හරහා මධුරෙයි දක්වා සම්බන්ධ විය.මෙම මාර්ග වල පිහිටි ගංගා තරණය කිරීමට , සමහර ස්ථාන වල පාලම් තනා තිබු අතර, වැදගත් තොටුපල වල පාරු සේවයක්ද ක්‍රියාත්මක විය.රෝමවරුන්ගේ මාර්ග තැනීමේ කළාවට ලංවිය නොහැකි වුවත් , වඩාත් සාර්ථක ආණ්ඩු පැවති යුග වල මංමාවත් නඩත්තුව සාර්ථවක සිදුවිය.

තවලම් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ අතර වැසි කාලයේදී පාරවල් මැද වීම නිසාත් ,සොර සතුරු උවදුරු නිසාත් ,වනාන්තර වල වනචාරි ගෝත්‍රිකයින් ජිවත් වීම නිසාත් ,වන සතුන්ගෙන් , සර්පයින්ගෙන් සහ අමනුෂ්‍ය බලපෑම් (එකල විශ්වාස වලට අනුව ) මෙම තවලම්කරුවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.මේ නිසා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් එකතුවී තවලම් යාම සිදුකල අතර එක තවලමකට 500ක් පමණ පුර්ෂයන් සහබාගි වූ බවත් , තවලම් රැකීමට බාර ගත් මුරකරු කණ්ඩායම් සිටි බවත් එකල පාලි සාහිත්‍යයේ සඳහන්වේ..


මෞර්ය රජවරුන් තවලම් ආරක්ෂාවට බොහෝ කටයුතු සිදුකල අතර දුර්ෆා බැහැර ප්‍රදේශ වල කල වෙලදාම් වලට ණය මුදල් සැපයීමේදී ගිනි පොලි අය කිරීමට අර්ථ ශාස්ත්‍රයෙන් ඉඩ දී තිබීමෙන් , මෙකල වාණිජ ගමන් බිමන් වල අනතුරු දායක බව මොනවට පැහැදිලි වේ.

ගැල් නායකයා සාත්තු නායකයා (සාර්ථ වාහ) ලෙස හැඳින් වූ වෙළඳුන් අතර වැදගත් සහ උසස් තත්වයක් හිමි කර ගත් පුද්ගලයෙකි. ගුප්ත අවධියේදී උතුරු බෙංගාලයේ තිබු තඹ පත් වල, සාත්තු නායක තැන ඒ ප්‍රදේශයේ රට සභාවේ වැදගත් ස්ථානයක් හිමි කර ගත්තේය.පාලි දහම් පොත් අනුව තවලම් වෙළඳාමේ සිටි තවත් වැදගත් නිලධාරියා "නියමුවා යි".ඔහු වාලුකා කාන්තාරයේ පාරක් තොටක් නැති ප්‍රදේශ වලදී  අහසේ තරු රටා අනුව මග පෙන්වූ මාර්ගෝපදේශකයකු විය.මෙම තවලම් ගංගා වල තොටුපලවල් වල පැමිණ විදේශ වලටද නැව් මගින් භාණ්ඩ යවන ලදීමේවා ප්‍රධාන වශයෙන්ම සුඛ විහරණ භාණ්ඩ වූ අතර දකුණින් කුළු බඩු, සඳුන් ලි, රත්‍රන් හා මැණික් ද , බෙංගාලයෙන් හා බරණැස් නුවරින් පට පිළිද , හිමාලය ආසන්න ප්‍රදේශ වලින් කස්තුරීම්,කුංකුම හා සෙමෙර වර්ගද ගෙන එන ලදී,

බෞද්ධ ජාතක කතාවල තවලම් කරුවන් සහ ඔවුන් මුහුණ දුන් භයානක මෙන්ම රසවත් සිද්ධීන් වත්මන් අපේ ජිවිත හැඩ ගස්වා ගැනීමටද මහත් උපදේශයක් සපයයි. ගැල් කරුවන් සතුව තිබුණු උත්සාහය දෛවය සහ අභියෝග ජය ගැනීමට යොදා ගත් ආකාරය ප්‍රසංශනීය වේ. දිය නා දෑතින් නෙලුම් මල් රැගෙන ගැල් කරුවන් ඉදිරියට පැමිණි අමනුෂ්‍යයින් ඔවුන් රැගෙන ආ ජලය හලා දමා ඔවුන් මුලා කර , පිපාසයෙන් මිය යෑමට සැලැස්වීමට උත්සහ කළහ.නමුත් අපේ බෝසතුන් වහන්සේ නායකත්වය දී ඔවුන් රැක ගත්තේය. උන්වහන්සේ උපන්නේ භාරතයේය.


 බෝසතුන් මෙම යක්ෂයින් හඳුනා ගත්තේ ඔවුන් රත් පැහැ දෑසින් යුක්තවූ නිසාත් ,ඇසිපිය නොහෙලූ නිසාත්, සෙවණැලි රහිතවුත් නිසාය.

නෙළුම් මල් පෙන්වා අපව මුලා කර , සාගතයෙන් ,පිපාසයෙන් රටක් මිය යාමට සලස්වන අමනුෂ්යින්ගෙන් බේරාගැනීමට බෝධිසත්වයකු කවදා පහල වෙයිද ?

ශරීර ලක්ෂණ කෙසේ වෙතත් මොවුන්වද හඳුනා ගැනීමට අවශ්‍ය ලක්ෂණ ඇත. නමුදු....දශක කිහිපයක් යන තුරුම මොවුන්ව හඳුනා නොගත්තේ කාගේ වරදින්ද ?

සේයාරු අන්තර්ජාලයෙනි.

නිලක්ෂි බණ්ඩාර 

28/02/2023

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........