Friday, February 24, 2023

කර්ණාටක ප්‍රාන්තයේ සුවිශේෂී අංගයක් වූ යක්ෂගාන නර්තනය



දකුණු ඉන්දියානු නර්තන සහ නාට්‍ය සම්ප්‍රදායන් ගත් කල කර්ණාටක ප්‍රාන්තය යක්ෂගාන නර්තන සම්ප්‍රදාය සමගින් ප්‍රබල ලෙස සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇත. විචිත්‍රවත් සහ වර්ණවත් නර්තන චලනයන් ,සංගීතය , ඇඳුම් ,සැරසිලි, මෝස්‌තර වේෂ නිරුපණය, වෙස් මුහුණු මෙම කළා ආකෘතියේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වේ. ඒ ඔස්සේ ප්‍රබල හැගීම් දිප්තනයක් සිදු කරන අතර  සම්ප්‍රදායිකව විවිධ හින්දු කෝවිල් වල අනුග්‍රහය ඇතිව පිරිමි ළමුන් විසින් කණ්ඩායම් සැදී යක්ෂගාන නර්තනය ඉදිරිපත් කරයි.20 වන සියවසේ මැද භාගයේදී ගෘහස්ත වේදිකාවල බොහෝ ප්‍රසංග පවත්වා ඇති අතර 1970 ගණන් වලදී කාන්තාවන්ද මෙම සම්ප්‍රදාය ඉගෙනීම ඇරඹිය.

යක්ෂගාන නර්තනය කොටස් දෙකකට බෙදෙන අතර 

        1.මුදලාපාය (උතුරු කර්ණාටකයෙ ප්‍රසිද්ධ නැගෙනහිර ස්වරුපය)

        2.පාඩුවලපාය ( බටහිර විලාසය වෙරළබඩ යක්ෂ විලාසය ) යනුවෙන් හැඳින්වේ.

මේ දෙකෙන් වෙරළබඩ යක්ෂගණය ප්‍රසිද්ධ වන්නේ කලාකරුවන්ගෙන්, චින්තකයින්ගෙන් සහ පර්යේෂකයින්ගේ උත්සාහයෙන්, වෙහෙස වී වසර ගණනක් තිස්සේ සිදුකල අත්හදාබැලීම් වලින් අත්පත් කරගත් විශිෂ්ඨත්වය නිසාවෙනි.

16 වන සියවසේදී සංස්කෘත සාහිත්‍යයේ සහ රංග කලාවේ මුලයක් ලෙස යක්ෂය ගානයනැටුම් -නාට්‍යාකෘතියක් ලෙස මතු විය.ඊළඟ වසර 5000ය තුළ යක්ෂගාන සංග්‍රහය තෙලිඟු, කන්නඩ භාෂාවෙන් ලියු නාට්‍ය සියගණනක් ඇතුලත්ව නිර්මාණය කරන්නට පටන් ගත්හ.නමුදු 21 වන සියවස වන විට සක්‍රියව රඟ දැක්වුයේ in කෘති 12ක් පමණි.භාරතයේ මහා හින්දු කාව්‍ය වන රාමණය, මහා භාරතය , මෙන්ම භගවත් පුරාණය ඇතුලත් තරුණ ක්‍රිෂ්ණ කුමරුගේ කතාවලින් මෙයට මුලික ආක්‍යයනය උකහාගෙන ඇත.


ඓතිහාසික වශයෙන් ගත් කල තමිල්නාඩුවේ තන්ජෝර් ( වර්තමානයේ තන්ජාවුර්) ප්‍රාන්තයේ සහ මධුරෙයි යන නගර දෙකම සහ කර්ණාටයේ  මයිසුර් යන නගර යක්ෂගාන සම්ප්‍රදායෙ ප්‍රධාන කේන්ද්‍රස්ථාන වේ.කඳුකුර් රුද්‍ර කවියා විසින් රචිත " තෙලිඟු සුග්‍රීව විජයම් ( සුග්‍රීවගේ ජයග්‍රහණ -C1570 ) කාව්‍ය සංග්‍රහය සහ පාර්ටි සුබ්බා විසින් රචිත කන්නඩා කෘතිය  (C1800) සහ රාමායනයේ සුප්‍රසිද්ධ කතාංග මේ අතර වඩාත්ම කැපී පෙනේ.



යක්ෂගාන නර්තන ඉරිදිපත් කරන නළුවන්ගේ වේශ නිරුපණයන් සහ ඇඳුම් වල වර්ණ සහ මොස්තර පහසුවෙන් හඳුනාගත හැකිය. උදාහරණ ලෙස යක්ෂ වේෂයන් රතු සහ කළු පැහැයෙනුත් විර චරිතයන් රෝස සහ කහ පාට මුහුණින් සහ නළලේ කැපී පෙනෙන සලකුණක් ද විශාල කඳුළු බිඳු හැඩති හිස්වැසුම් වලින්ද නිරුපණය කෙරේ. එලෙසම එම ඇඳුම් කේත වලද කලාපිය වශයෙන් සුළු සුළු වෙනස්කම් දක්නට ලැබේ.

ගමේ සාම්ප්‍රදායිකව පිහිටවූ එළිමහන් වේදිකාවක් මත 

දැල්වෙන තෙල් පහන් සහ අඳුරු සෙවණැලි සහිත පසුබිමක රඟදක්වන යක්ෂගාන නර්තනය ප්‍රේක්ෂකයින් වශීකෘත කරමින් ඔවුන්ව සුන්දරත්වය , ප්‍රේමණිය බව ,භයංකරය සහ ප්‍රචණ්ඩත්වය මැද වෙනමම ලොවක අතරමන් කරයි.අතීතයේදී වේදිකාව ආලෝකමත් කිරීමට තෙල් ලාම්පු,පොල් අතු වලින් සාදන ලද ජූට් නුලකින් සැදු තුඩාර් නම් ආලෝක පන්දම් භාවිත කර ඇත.



නළුවන්  බොහෝ විට තිර රචනයකට අනුව රඟදක්වන අතර ඔවුන්ගේ ඒ මොහොතේ ඉදිරිපත් කල යුතු ඉඟි ප්‍රධාන සංගීතඥයාගෙන් හෝ මෙහෙයවන භාගවතරගෙන් ලබා ගනී.ඔවුන් අතේ ගෙනයා හැකි කුඩා තාලම්පට ගොන්ග් හෝ තාලා නම් අත්තාලයක් භාවිතා කරයි.එය දෙවන සංගීතඥයකු විසින් වාදනය කරයි.සංගීතයේ ප්‍රධාන රිද්මයානුකුල අංගය වන්නේ බෙර වාදනයයි.එක් අයකු අතින් පහර දෙන ද්විත්ව හිස මද්දලයක්ද අනෙකා යෂ්ටියකින් පහර දෙමින් හිස් සෙන්ටාවක්ද වාදනය කරයි.මෙහිදී භාගවර්තර්ට සහය වාදකයන්ද සහබාගි වේ.මෙම නාට්‍ය සම්ප්‍රධාය විශේෂයෙන්ම කේරළයේ කතකලි ආකෘතියට සහ තමිල්නාඩුවේ කෙරික්කුට්ටි විදි නාට්‍ය සම්ප්‍රධායට සමාන බවක් දක්වයි.




මුලාශ්‍ර 
https://www.britannica.com/topic/yakshagana
https://www.sahapedia.org/yakshagana-the-performance
සටහන.
නිලක්ෂි බණ්ඩාර 
24//02/2023




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........