Thursday, February 16, 2023

ලාංකීය නිදහස වෙනුවෙන් සටන් කල හින්දුස්තානි කෝකිලාව.

 




ශ්‍රී ලාංකීය සාහිත්‍යයට විසල්ම බලපෑම කරන ලද්දේ 20 වැනි සියවසේ මහා දාර්ශනිකයා වූ රබින්ද්‍රනාත් තාගෝර් තුමා විසිනි.සාහිත්‍ය සාහිත්‍යයෙන් ව්‍යුත්පන්න වූ බවත් ,නිරුක්තිමය වශයෙන් එකිනෙකට දක්වන සමිපත්වයත් ඔහු විසින් රචිත බෙංගාලි රචනා වල නිතර අවධාරණයට ලක් වන්නකි.එමෙන්ම ශ්‍රී ලංකිය ඉංග්‍රීසි සාහිත්‍යයේ මතුවීම ගලා එන්නේ ජාතිකවාදී ධාරාවන්ගේ වර්ධනයෙනි.මෙම වර්ධනය ඉන්දියාවේ නිදහස් අරගලයත් එම යුගයේ කැපී පෙනෙන ක්‍රියාකාරී ඉන්දියානුවන් පිරිසක් විසින් උත්තේජනයට ලක් කරන ලදී,1930 ගණන් වල සහ 1940 ගණන් වල මුල් භාගයේදී නුවර කලාවියේ නිර්මාණකරුවන් රබින්ද්‍රනාත් තාගෝර් තුමන්ගෙන් සේම සරෝජා නායිදු වැනි කවි කිවිඳියන්ගේ අභාෂය ලැබුහ.

එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතා 1934 දී තාගෝර් තුමා විසින් නිර්මාණය කර කොළඹදී වේදිකාගත කළ Saapmochan නාට්‍යය ප්‍රසංගය නැරඹු අතර , ඒ පිළිබඳව ලීයූ විචාරයේ සඳහන් කර ඇත්තේ ( මෙහි සරෝජා නායිදු කිවිඳියගේ කවියක්ද ඇතුලත්ව ඇත.)

" ගාන්ධි තුමා ගැන මෙන්ම රබින්ද්‍රයන් ගැනද ආඩම්බර වීමට ඉන්දියාවට විසල් හේතු සාධක ඇත.

මන්ද බටහිරින් පරිණාමනය වූ කලාව ,සිනමාව ඇතුළු ඕනෑම දෙයක් සමගින් සසඳා අත්හදා බලමින් කරන සාහිත්‍ය පරීක්ෂණයන්ට මුහුණ දීමට සැමවිටම ප්‍රමුඛ දායකත්වයක් දීම හේතුවෙනි.

සන්නාලියනේ ගීතය රචනා කල භාරතයේ කිකිලාවිය වූ සරෝජා නායිදු මැතිණිය ඉංග්‍රීසි කිවිඳියක ලෙස ලොව පුරා පතළ වූ කාන්තාවකි.මහත්මා ගාන්ධි සමගින් ඉන්දියානු නිදහස් සටනේ උරෙනුර ගැටුණු ඇය ලංකාවටද නිදහසේ ස්වර්ග රාජ්‍යය උදාකරලීම උදෙසා සටන් වැදී යකඩ ගැහැණියක් බව අදටත් දන්නේ සීමිත පිරිසකි.

කුඩා කල පටන් කවියට දස්කම් දැක්වූ ඇය 1912 දී මදුරෙයි විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කර ලන්ඩනයේ කිංග්ස් කොලීජියෙන් සහ ක්‍රේම්බ්‍රිජ්හි ගර්ටන් කොලිජියෙන්ද උසස් අධ්‍යාපනය ලබන ලදී.1898දී තම මව්බිමට පැමිණි ඇය පහත් යයි සම්මත කුලයක වෛද්‍යවරයකු හා විවහා වුවේද තම විප්ලවාදිත්වය මොනවට පෙන්නුම් කරමිනි.

ඉංග්‍රීසි භාෂාවේ මනා පරිචයකින් යුතු ඇය සතුවූ චතුර කථිකත්වයත් සමගින් නිදහස් සටනට ගාන්ධි තුමන් සමගින් කරට කර නැගී සිට එක්වුහ.මෙම හේතු නිසාවෙන්ම ගන්ධිතුමාගෙන් පසු 1925 දී  ජාතික සංගමේ නායකත්වයටද ඇය පත්කරනු ලැබුවාය. එමෙන්ම අවිහිංසාවාදයේසටන වූ දර්ශනවාදයේ සත්‍යග්‍රහ සටනේදී ගාන්ධි තුමන් ,අබ්භාස් ටියාබ්ජි සහ කස්තුර්බා ගාන්ධි නිදහස් කර ගැනීම වෙනුවෙන්  පුරෝගාමිත්වය ගෙන සටන් කළාය.

ලංකා ජාතික සංගමයේ ආරාධනයෙන් නායිදු මැතිණිය 1922 ඔක්තෝම්බර් 7 වැනි දින කොලබ දේශනයකට පැමිණියේ කෙටි නිවාඩුවකට පැමිණි අවස්ථාවේදීය.එම පැමිණීම ගැන පියදාස සිරිසේන මහතා ශ්‍රීමත් සරෝජිනී දේවි සහ සරෝජිනී දේවියගේ පණිවිඩය මැයෙන් කවි පෙළවල් දෙකක් සිංහල ජාතියේ පල විය.

එදින ඇය සිදු කල " ඉන්දියානු පුනර්ජීවනය " (Indian Renaissance)   කතාව පිළිබඳව බණ්ඩාරනායක මහතා සඳහන් කර ඇත්තේ 

"දේශනය සඳහා පැමිණි සම්භාවනීය කාන්තාව හඳුන්වා දීම මට පැවරී ඇත.එහෙත් මා එසේ කිරීම අවශ්‍ය නැතයි සිතමි.ශිෂ්ඨ ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භාරතයේ මියුරු පක්ෂියාගේ නම සෑම නිවසකම දන්නා එකකි.ශ්‍රේෂ්ඨ රවින්ද්‍රනාත් තාගෝර් තුමා එම ව්‍යාපාරයේ විශිෂ්ට කවියා වූ සේම ඇය අප මෙහිදී පිළිගන්නේ " ලොව ඉන්දියානු පුනර්ජීවනයේ කිවිඳිය ලෙසය.එම ව්‍යාපාරය පසුපස සිටින්නේ ශන්තුවරයකු වැනි ගාන්ධි තුමන්ය.තමා එතුමාගේ සිසුවියක බව ඇය පවසන්නේ ආඩම්බරයෙනි.

ඇය තම කතාව අරඹන්නේ 

" මා ඔබ අමතන්නේ ශෝකී හදවතකිනි.හේතුව ඉන්දීය සටනේ නායකයා වුත් අපේපෙ ගුරුවරයා වුත් මහත්මා ගාන්ධි තුමා සිරභාරයේ පසු වීමයි.කොතැනක හෝ වේවා පණ ඇතිව හෝ නැතිව මම එතුමාගේ පණිවිඩය හde දරා සිතිමි.ඒ නිසා ලංකාවාසීන් මගෙන් දේශනයක් ඉල්ලුවිට මා සිතා ගත්තේ ඉන්දියාව නිදහස් කර ගැනීම පිළිබඳව එතුමා දේශනා කරන පණිවිඩය ඔවුන්ට දීමටයි.ක් දුර්වල ඒ උතුම් මිනිසා අද හිරගෙදරක කල් ගෙවයි.එහෙත් හිර ගෙදරක හෝ සොහොනක බිත්ති වලින් නිදහසේ පණිවිඩය නිහඬ කළ නොහැක.

ඒ නිසා ඉන්දියානු පුනර්ජීවනය ගැන මා කතා කරන විට එහි පුරෝගාමියා වුත් , අනාගත වක්තෘවරයා වුත් ජිවිත පුජාවෙන් සටන් කරන්නාවුත් එතුමා ගැන මා සඳහන් කල යුතුමය.

පුනර්ජීවනය යනු යලි ඉපදීමයි.ඉන් අදහස් වන්නේ වේදනාව , ආත්ම පරිත්‍යාගය සහ ජිවිත පුජාව තුළින් යලි ඉපදීමයි ලෙස ඇය පැවසුවාය.

1924 දී ඉන්දියානුවන්ගේ අවශ්‍යතා මත දකුණු අප්‍රිකාවේ සහ උතුරු අප්‍රිකාවේ සංචාරය කල අතර ඊළඟ වසරේදී ජාතික කොංග්‍රසයේ ප්‍රථම ඉංදිය කාන්තා සබාපතිනිය බවට පත් විය..දෙවන ලෝක සංග්‍රාමයේදී කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රතිපත්ති  වලට සහයෝගය දැක්වූ අතර 1974 දී උත්තර් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරිය බවට පත් විය.

සරෝජා නායිදු ගේ ජීවන කතාව Sarojini Naidu  - The Nightingale of India යනුවෙන් මිනිත්තු 20ක කෙටි වාර්තා චිත්‍රපටයක් ඉන්දීය රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලදී. Bhagawan Das Gangar විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය එය ඉන්දියානුවන් අතර විසල් ජනාදරයට පත් විය.

1949 මාර්තු 2 වෙනි දින ලක්නව් හි රාජ්‍ය මන්දිරයේදී භාරතයේ කෝකිලාව දැයෙන් සමු ගත්තාය.


මුලාශ්‍ර :
https://www.sundaytimes.lk/090104/Plus/sundaytimesplus_06.html
https://www.sundaytimes.lk/101010/Plus/plus_26.html
https://archives.sundayobserver.lk/2006/12/24/imp03.asp
https://www.britannica.com/biography/Sarojini-Naidu

පරිවර්තනය - නිලක්ෂි බණ්ඩාර 
16/2/2023 









No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........