
මංජුල සේනාරත්න මහතා විසින් රචනයට ලක් කරන ලද ජිවිතයෙන් මාස 6ක් නව කතාව තරුණ වියේදී රැකියාවට ගොඩක් විවාහක ආයතන ප්‍රධානියා සමග සම්බන්දතාවයක් ඇති කර ගෙන ජිවන මග වරද්දා ගත් තරුණියක පිලිබඳ සහ ඇයට එකතුවන අරමුණක් නොමතුව ජිවන මාවතේ පිය නගන ධනවත් තරුණයකු පිලිබඳ කතා පුවතකි.
පුද්ගලයින්ගේ අයථා සම්බන්දතා වල භයානක බව පාඨකයා හමුවේ තැබීම මෙම කතාවේ තේමාවයි.එපමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පවා සමහර විට ජිවිත කාලය පුරාවටම එම මුහුණ දුන් ප්‍රශ්න වල ප්‍රතිපල නිසා පිඩාවට , දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරය මෙම නව කතාව හරහා විග්‍රහ කරන ආකාරය ඉතාමත් විශිෂ්ටය.
නිහාරා නමැති තරුණිය අයථා සම්බන්ධයක් පැවැත්වූ විවාහක ආයතන ප්‍රධානියා ,තමාව විනාශ කර රට හැර ගිය පසු ඔහු සොයා ප්‍රංශයට යයි.එහිදී ඔහුට හමුවන අරමුණක් නොමැතිව පැරිසියේ ජිවත් වන ධනවත් තරුණයකු වන සුමෙධව මුණගැසේ.තම අතීතය පිලිබඳ බොරු රැසක් කියා ජිවිතයේ හැලහැප්පීම් වලට මුහුණ නුදුන් අහිංසක තරුණයකු වූ සුමෙධව රවටා විවහා කර ගැනීමට උත්සහ කරයි. පැරිසියේ අතරමංවූ ඇය ජිවත් වන්නේ සුමේධ සතු මුදලිනි.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇති මෙම නව කතාවෙහි රචකයා යොදා ගන්නා භාෂාව මුල සිටම අග දක්වා කතාව රසවිඳීමට පාඨකයා ඇඳ බැඳ තබා ගනී.
පැරිසියේ නිතර වෙනස් වන කාලගුණය කතා නායකයාගේ සහ කතා නායිකාවගේ ප්‍රශ්න සහ ගැටළු වල ස්වභාවය හෙළි කරන පුර්වකතනයක් ලෙස යොදා ගැනීමේ සුවිශේෂී දක්ෂතාවයත් ලේඛකයා සතුය..
මෙම කතාව කියවීමේදී මට නිතැතින්ම සිහි වුයේ ගුණදාස කපුගේ ශුරින් විසින් ගායනා කරන ලද
මංමුලා වී පාර අසාගෙන
හසරක් නොමැතිව යන ගමනේ
මංමුලාවූ සමනළියකගෙන් පාර අසා සිටියේ යන ගීතයයි.
මෙම කතාව තුළා තවත් අතුරු කතාවක් දැකිය හැක. එනම් නිහාරාගේ ආයතන ප්‍රධානියාගේ පවුලේ කතාවයි.ඔහුද මත්පැනට සහ අයථා සම්බන්ධතා වලට යොමුවී තම කුටුම්භය විනාශ මුඛයට ඇද දමා ගෙන ස්වකිය ජිවිතයද විනාශ කර ගන්නා තැනැත්තෙකි.
ප්‍රංශයේදී සුමේධ ට හමුවන මිතුරා වූ ක්‍රිස්ටි අවසානය දක්වාම නිහාරාගේ ජිවන තොරතුරු සුමේධට හෙළි නොකරයි.මන්ද ඔහු සිතන්නේ සුමේධ ට නිහාරා සමගින් යහපත් පවුල් ජිවිතයක් ගත කිරීමට හැකි වේ යයි සිතාය. එලෙසින්ම වන්නට ඔහු හදවතින්ම ප්‍රර්ථනා කරයි. නමුත් ඔහුගේ චරිතය තේරුම් ගැනීමට මදක් අපහසුය. මෙම චරිත දෙස මනෝවිද්‍යාත්මක පසුබිමකින් බැලීමට රචකයා උත්සහ කරන අන්දම ඉතාමත් අගනේය. සුමේධ ට තම පියාගේ අවමංගල්‍යය ට සහබාගි වීම පිණිස ලංකාවට ගොස් ආපසු පැරිසියේ ඇති නිවසට යන විට නිවාස එකම අවුල් ජාලයකි. ඇඳුම් පැළඳුම් ,බදු මුට්ටු සියල්ල සීසීකඩය .ඔහු නිහරට දොස් පවරයි. චිත්ත රූප මැවෙන අන්දමින් පැවසෙන මෙම විස්තරය තුලින් නිහරාගේ පැටලිලි සහිත දිවියේ අවුල් සහගත වූ පැතිකඩක් නිර්මාණය කිරීමෙහිලා කතුවරයා ගත වෑයම සාර්ථක වේ.
උපාලි රණවක නමැති අයගේ මරණය පිලිබඳ විස්තරය කියවන අපට විදේශගත වන පුද්ගලයන්ගේ ජීවිතාරක්ෂාව කෙතරම් දුරට සුරක්ෂිත දැයි ප්‍රශ්නයක් පැන නගී. මෙය කතුවරයා පාඨකයාට දෙන තවත් වැදගත් පණිවිඩයකි.
විදේශගත වන තරුණ තරුණියන් තමන්ගේ ආර්ථික හෝ අධ්‍යාපන අර්ටමුන සාර්ථක කර නොගෙන , විදෙස් දිවියේ මායාවට (Illusion ) හසුවීම නිසා හෝ ගන්ධබ්බයන්ට අසුවීම කාලීනව විවේචනයට ලක් කරන ලද නවකතාවක් බව බෙහෙවින් පැසසීමට ලක්විය යුතු කරුණක් වන අතර විශේෂයෙන්ම දෙමවුපියන් සහා තරුණ පරපුර විසින් නිසැකවම කියවිය යුතු නවකතාවක් ලෙස ජිවිතයෙන් මාස 6ක් කෘතිය නම් කල හැක.
සුරස ප්‍රකාශක
රු : 550
නිලක්ෂි බණ්ඩාර
22/02/2019
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........