ඔඩිෂා ප්‍රාන්තය යනු ඉන්දියාවේ වැඩියෙන්ම සුළිසුලං හමනා ප්‍රාන්තය වන අතර දර්ශණිය ඉතිහාසයක් ඇත.මෙහි ආකර්ෂණියම ස්ථානයක් වන ඔරිස්සාවේ කොනාර්ක් සුර්ය දෙව් මැදුර සුවිශේෂී වේ.දෙවියන්ගේ දේශය නමින් අතීතයේ හැඳින්වූ ඔඩිෂා පසුව ඔරිස්සා නමින් හැඳින්වූ අතර ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ එහි පිහිටා ඇති අතර එහි සංස්කෘතිය හා සම්ප්‍රධායන් රැසක වටිනාකමින් පිරි ඇත.
ඔඩිශාව නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාථමික සර්වභෞමික කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින අතර ඉසුරුමත් උරුමයන්ගෙන්ද සම්ප්‍රදායන්ගෙන් ද කළා ශිල්ප වලින්ද අනුන වේ.මෙහි ඇතුලත් වන විහාරස්ථාන අතර කොනාර්ක් සුර්ය දේවස්ථානය ,ජගනාත් කෝවිල ,රාජරානි කෝවිල ,ලිංග රාජ් කෝවිල , බරාබති මාලිගාව උදයගිරි සහ ලලිත් ගිරි වැනි ගුහා ප්‍රාන්ත වල වාස්තු විද්‍යාත්මක බව බෙහෙවින් ඉහළ වේ. කොනාරක් දේවාලය 13 වන සියවසේ ඔඩිෂා රාජ්‍යයේ පැවතුන කළා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨ සංකේතයකි.එය දේවත්වයේ පුද්ගලරෝපණ සංකේතයකි.මෙම දේවාලය සුර්ය දෙවියන්ට කැප කර ඇති අතර 1250 දී නැගෙනහිර ගංගා රාජ වංශයේ 1 වන නරදේව සිංහ මෙම දේවාලග නිල වස්තු විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කල අතර , යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලදී.අදටත් පුජකවරුන් විසින් පැරණි චාරිත්‍රයන් සිදු කරන අතර කෝවිලේ පිටත සහ ඇතුලත විවිධ සංකේත සහ ලාංජන ඔබට දැකිය හැකිය.
කොනාර්ක් යන නම කෝනර්ක්, කොනා + ආරක් යන සංස්කෘත පද දෙක එකතුවී සැදී ඇති අතර කෝණා යන වචනයෙන් කෝණයක් යන්න අදහස් වන අතර ආරක් යන්නෙන් හිරු යන්න අර්ථවත් වේ.ඔරිස්සා ප්‍රාන්තය හරහා කිහිප විටක්ම හමා ගිය විනාශකාරී ෆානි සුලි කුණාටුව නිසා විනාශයන් රැසක් වූ නමුදු දේවස්ථානය තුළ තැන්පත් කර ඇති කුඩා මුලද්‍රව්‍ය කොටස් වලට සුළු හානි වුවා මිසක් , කිසිඳු බරපතල හානියක් නොවී අදටත් එලෙසින්ම සම්පුර්ණ සැලැස්ම සුරැකි ඇත.
මෙම කොනර්ක් දෙව් මැදුර බුබනේස්වර්හි ලිංගරාජ් දේවාලය සහ පුරී හි ජගන්නාත්
දේවාලය සමග ත්‍රිකෝණික සම්බන්ධතාවයක් පෙන්නුම් කරන අතර කෝවිල් පරිශ්‍රයේ මධ්‍යයෙහි සිට එම පරිසරයම සුන්දර කරයි.කොනාර්ක් විහාරය ඉන්දියානු පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වන අතර , ලොව පුරා සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයක් වේ.අනික් සුර්ය දෙව් මැදුරු වලට වඩා මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙහි සුර්ය වන්දනාව නොකිරීමයි.මෙය නිර්මාණය කිරීමට වසර 12ක් පුරාවට කම්කරුවන් 1200 දෙනෙක් අඛණ්ඩව දායකත්වය ලබා දී ඇත. එය අතිදක්ෂ නිර්මාණකරුවන් රැසකගේ විශිෂ්ඨ නිර්මාණයක් වූ අතර මුළු රාමුවම ගල් වලින් නිර්මාණය කර ලෝහ වලින් එකිනෙක සම්බන්ද කර ඇත.එම ලෝහ රාමුව කිලෝග්රෑම් 5000 ක් වන අධි බරැති කන්දමකින් රඳවා ගෙන සිටින අතර සුර්ය මාලිගාව යනු පන්සලේ පිවිසුමයි.මෙම රාමුවේ පවතින උස අඩි 217ක් වුවත් සැබෑ උස අඩි 227ක් වූ බව සඳහන් වේ, සුර්ය දෙවිඳුගේ ප්‍රතිමාව ලෝහ 8ක
එනම් රන්, රිදී , පාසානම්,බේරියම් ,කැඩ්මියම්, ක්‍රෝමියම්, ඊයම් , රසදිය, සෙලේනියම් සහ රිදී යන අෂ්ඨ ධාතු උණු කර සාදා ගන්න ලෝහයකින් නිර්මාණය කර එය චුම්බකයකින් සමතුලිත වන ලෙස එල්ලා ඇති බව කියවේ.
පළමු නරසිංහ දේව රාජ විසින් මෙම පුදබිම නිර්මාණය කිරීමට කාල සීමාවක් දී ඇති අතර එය නිමවීමට කල් ගතවුනහොත් එම සේවකයින් 1200 වම , මරා දමන බව පවසා ඇත .
අවසානයේදී සිදුවූ යම් දෝෂයක් එනම් "දධි නෞති හෙවත් ඔටුන්නට මාණික්‍යය සවි කිරීමට " නොහැකි වීම නිසා එම දඬුවම ලිහිල් වුන අතර එහි සේවය කල කම්කරුවකුගේ 12 හැවිරිදි පුතකුවූ ධර්ම පාද මැණික් ගල ඔටුන්නට සවි කරත් , එය රජුට ආරංචි වූ බියට මෙම දිළිඳු දරුවා චන්ද්‍රභාග ගඟට පැන මිය ගොස් ඇත.
එදින දේව මන්දිරයේදී සිදුවූ එම අසුභ සිදුවීම හේතුවෙන් අදටත් මෙම සුර්ය දෙව් මැදුරට වන්දනා කරන්නේ නැත.
මෙම කොනාර්ක් සුර්ය දෙව් මැදුර කාලිංග ගෘහ නිර්මාණ ආභාෂයෙන් නිර්මාණය කර ඇති අතර සියලුම චරිත විශිෂ්ඨ අයුරින් නිමවා ඇත.මෙම දෙව් මැදුර අශ්වයින් 7 දෙනෙක් විසින් අහසේ ඇදගෙන යන කරත්තයක සුර්ය දෙවිඳුන් සිටින ආකාරයක් අභිනය කරමින් දක්වා ඇත,සුර්ය දෙවියන්ට කැප කර ඇති මෙම දෙවොල නුතන දිවියේ සමකාලින ක්‍රියාකාරකම් වල නිරූපිත අවස්ථාවන්ගෙන් සරසා ඇත.එහි උතුරු සහ දකුණු මුහුණතෙහි මුර්ති රෝද 24ක් දක්නට ඇති අතර ,එක් එක් විෂ්කම්භය මීටර් 3කි.වසරේ මාසවල සහ සෘතු වල චක්‍රය සංකේතවත් කරන සංකේත රටාද ඇඳ ඇත. ඒවා සම්පුර්ණයෙන්ම සුර්ය දෙවොලේ අසුන් බැඳී කරත්තයේ උපකල්පිත ව්‍යුහය නිරුපණය කරනු ලබයි.කාලිංග අභාෂය ගත් පැරණි ගෘහ නිර්මාණයේ තිබුනඅසාමාන්‍ය ව්‍යහුය නිසා ලොව පුදුම 7න් එකක් බවට යුනෙස්කෝ සංවිධානයෙන් නම් කරන ලදී.ශත වර්ෂ ගණනක සිට පැවතෙන අඳුරු වර්ණය හේතුවෙන් මෙය කාල පැගෝඩා. කළු පැගෝඩාව යන නමින්ද හඳුන්වා ඇත.
මූලශ්‍ර :
http://www.thekonark.in/
https://www.britannica.com/place/Konark
https://whc.unesco.org/en/list/246/
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
26/01/2023
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........