Thursday, June 29, 2023

පකිස්තානයේ ග්ලැසියර් විල් වල වේලි බිඳ වැටීමෙන් සිදුවන හානි (Glacial Lake Outburst Floods (GLOFs)



 
ග්ලැසියර විලක වේලි පුපුරා,  බිඳවැටීම හෝ කැඩී යාමෙන් විශාල ජල පරිමාවක් පහළට යාමෙන් සිදුවන හදිසි හා  ව්‍යසනකාරී සිදුවීම් Glacial Lake Outburst Floods (GLOFs) නමින් හැඳින්වේ. මෙම ගංවතුර කඳුකර මෙන්ම පහත් ප්‍රදේශවල මිනිස් ජනගහනයට, යටිතල පහසුකම්වලට සහ පරිසර පද්ධතිවලට සැලකිය යුතු අවදානමක් ඇති කරයි.

 GLOFs සාමාන්‍යයෙන් සිදුවන්නේ සාධක කිහිපයක එකතුවක් නිසා ය. ග්ලැසියරවල හෝ ඒ ආසන්නයේ ඇති අවපාතවල දියවන ජලය එකතු වන විට ග්ලැසියර විල් සෑදේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට, ග්ලැසියර දියවීම වේගවත් වන අතර ,  විල් ප්‍රසාරණය වීමට හේතු වේ. ජල පරිමාව වැඩිවීම නිසා වැව තුළ ජලය  රඳවා තබා ගන්නා ස්වභාවික වේල්ල මත දැඩි පීඩනයක් ඇති වන අතර, එය දුර්වල වී,  කඩා වැටීම සිදුවේ. එය හදිසියේම ජලාශ වලින් ජලය  මුදා හැරීමට හේතු වේ.

 ග්ලැසියර විල් පිටාර ගැලීම (GLOF) තවත් නිරන්තර සිදුවන තවත්  ව්‍යසනයකි. පකිස්ථානයේ කරකෝරම් හිමාලය ප්‍රදේශයෙහි  GLOF හි මෙය සිදුවේ. පාකිස්තානයේ ප්‍රධාන ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවල ග්ලැසියර විල් 2600 ක් ඇති අතර ඒවා  සමහර අවස්ථා වලදී හදිසියේම ක්‍රියාකාරී වේ.

මෙම ජල ගැලීම් නිසා පහළ ප්‍රදේශ වල පවතින  විවිධ ජලාශ , විදුලි බල ව්‍යාපෘති, පාලම්, මහාමාර්ග සහ ජනගහණය සහිත ප්‍රදේශ  ඇතුළු වැව් ආසන්නයේ ඇති සංවර්ධන ව්‍යාපෘති අනතුරට පත් වේ.

 2008 දී, හුන්සා නිම්නයේ ගෝජල් ගම්මානයෙන් GLOF සිදුවීම් පහක් වාර්තා වූ අතර, මෙම කලාපවල යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදු විය. ගුල්කින් ග්ලැසියරයේ විල් කිහිපයකින්  ජලය බැස යාමට සලස්වා , ප්‍රාදේශීය වශයෙන් කුඩා පරිමාණ ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කළත් ,  මෙම අවධානමට නිසි පිළිතුරක්ප සොයාගෙන නොමැත.

GLOF සිදුවීම සැමවිටම මිනිස් ජනාවාසවලට සෘජුවම බලපාන්නේ නැත, නමුත් එය ගුපිස් තෙහෙසිල්හි පිංගල් විල වැනි ස්ථාන වල  ඇතැම් අවස්ථාවලදී ද්විතියික අනතුරු ඇති කළ හැකිය. 

බොහෝ ග්ලැසියර දියවී ගලා යාම , විලේ ඉවුරු දිගේ පාර්ශ්වීය මොරේන් තිබුණහොත් දරුණු වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා  හිමාලය, කරකෝරම් සහ හින්දුකුෂ්හි තාප ප්‍රභවය වෙනස් වී  ග්ලැසියර දියවීම, විල් නිර්මාණය සහ පිටාර ගැලීම වැඩි කරයි 

ජෝකුල්හ්ලාප්, ඇලූවියන් යනු ග්ලැසියර විල් පිටාර ගැලීම සහ ග්ලැසියරවලින් අධික ජල ප්‍රවාහයක් හදිසියේ මුදා හැරීම විස්තර කිරීමට භාවිතා කරන නම් වේ.

ජල පෝෂක ප්‍රදේශවල ග්ලැසියර විල් රාශියක් ඇති බැවින්, ස්වාත් නිම්නයේ කලාම්, බහරේන් සහ මද්‍යාන් යන ප්‍රදේශ නිතර  අවදානමට ලක් වේ. 
 කලාම් පිහිටා ඇත්තේ කන්දෝල් විල ඇතුළු ග්ලැසියර විල් 15කට අධික ප්‍රමාණයකට කෙළින්ම ගලා යන ඇළ දොළවල ප්‍රධාන අතු ගංගා පහක එකමුතුවේය. 

ඒ හා සමානව, බහරේනය ග්ලැසියර විල් දහයකට වැඩි ප්‍රමාණයක ජල දහරාවකට ගොදුරු විය හැකිය  එම ගඟ නිසා  බහරේන් නගරය විනාශයට පත් විය හැකිය. ශිරිංගල් යනු ස්වැට් නිම්නයේ අනෙක් ජනාකීර්ණ ප්‍රදේශය වන අතර  බැරිකොට් ගම්මානයේ , ජල පෝෂක ප්‍රදේශයේ ද විල් කිහිපයක් ඇත.

චිත්‍රාල්හි, බ්‍රෝගිල් ප්‍රදේශය ද ග්ලැසියර විල් හා සම්බන්ධ වේ.Yarkhun නිම්නයේ GLOF සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. භූ කම්පන ක්‍රියාකාරකම්, ගිනිකඳු ක්‍රියාකාරකම්, නායයෑම්, පාෂාණ කඩා වැටීම් යනාදී ස්වාභාවික විපත් ද මෙම ප්‍රදේශ වල සිදුවේ.

මුලාශ්‍ර :

https://encyclopedia.pub/entry/40933#:~:text=Floods%20in%20several%20regions%20of,threatening%20the%20country's%20water%20security.


පරිවර්තනය 
නිලක්ෂි බණ්ඩාර 
29/06/23

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........