සංකීර්ණ ත්‍රිකෝණ ප්‍රේමයකට සහ නාට්‍ය මාලාවකට මග පෙන්වන වජුඩ් ප්‍රේමයේ සුන්දරත්වය සේම අඳුරු සහගත බව ,ආදරය උමතුවකට පත්ව විනාසයකට හේතුවන ආකාරය මනාව ප්‍රේක්ෂකයින්ට දනවන චිත්‍රපටයකි.එලෙසින්ම හැඟීම් සහ හැසිරීම් මනාව පාලනය කර නොගත්විට ඇතිවන සිදුවීම් වල පලවිපාක මනාව පෙන්නුම් කරන චිත්‍රපටයක් ලෙස වජුඩ් නම් කල හැකිය.
අපුර්වා රංගනය ඉගෙන ගන්නා අතර අර්ජුන් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. ඇය රංගනය ඉගෙන ගන්නේ මල්හාර්ගෙනි. මල්හාර් යනු දුප්පත් යතුරු ලියන්නකුට දාව උපන් නාට්‍ය රඟදක්වනු ලබන ගුරුවරයෙකි.තම දක්ෂතා වලින් කොතරම් සම්මාන ඇගයුම් ලැබුවත් පියාගේ ඇගයුමකට ලක් නොවන , විවිධ හැකියාවන් වලින් යුක්ත පුද්ගලයෙකි. ඔහු උගන්වන විද්‍යාලයේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කර රඟ දැක්වීමට සුදානම් වන අතරතුර අපුර්වා ද ඔහුගේ සිසුවියකි.ඉතා රූමත් තරුණියක් වූ ඇය නොදැනුවත්ව මල්හාර් ඇයට පෙම් කරයි. නාට්‍ය රඟ දැක්වීමෙන් පසුව හොඳම නිලියට හිමි සම්මානය ඇයට හිමිවන අතර වේදිකාවට ගොස් මල්හාරව කැඳවන ඇය එහි සියලුම ගෞරවය ඔහුට පිරිනමයි. ඇයගේ එම අභිනය පෙම් කිරීමක් ලෙස වරදවා සිතන ඔහු ඇයගෙන් ප්‍රේමය අයාචනා කරයි.
ඒ වන විට පවුලේ හිතවතකුගේ පුතකු වන නිහාල් ජෝෂි හා පෙමෙන් වෙලෙන ඇය ඔහු සමගින් සතුටින් සිටි. මෙම විවාහය අපුර්වාගේ සිතුවිලි වලට පටහැනි බව සිතන මල්හාර් ඔහුගේ විරෝධාකල්පය ප්‍රකාශ කිරීමට ගොස් ඇතිවන ගැටුමක් අතරතුර නිහාල් ගේ පියාව මල්හාර් අතින් මිය යයි.මල්හාර් සිරභාරයට පත්වන අතර ඉන් ශෝකයට සහ කම්පනයට පත්වන නිහාල් පොලිසියට බැඳෙන්නේ දිනක මල්හාර්ගෙන් තම පියා මැරූ පලිය ගැනීමේ චේතනාවෙනි.එහිදී නිහාල්ට ඔහුගේ අනන්‍යතාවය සහ තරාතිරම අහිමිවන අතර අපුර්වගේ පියා යෝජිත විවහා යෝජනාව අවලංගු කර දමයි,
මෙහි අවසානය කුමක් වෙයිද?
මල්හාර්ගේ අනාගතය කුමක් ? ඔහු දුටු සිහින මිය යයිද?; අපුර්වගේ සහ නිහාල්ගේ ප්‍රේමයට කුමක් වෙයිද?
මේ සියල්ලම වජුඩ් චිත්‍රපටය නැරඹීමෙන් ඔබට දැනගත හැකිය.
මුකුල් දෙව් යනු විවිධ බොලිවුඩ් චිත්‍රපට වල විවිධ රංගනයන් විශිෂ්ට අයුරින් රඟපෑ නළුවකු වන අතර ,අපුර්වාගේ පෙම්වතා ලෙස ඉතා ප්‍රශංසනීය රංගනයක යෙදේ.නිහාල්ගේ චරිතය ඉතාමත් ගැඹුරු සහ අවයජත්වය රැගෙන එන අතරට එම චරිතයට මුකුල් විසින් ඉහලම සදාරණත්වය ඉටු කර ඇති බව විචාරක මතයයි.
නානා පටෙකර් මෙහිදී සුවිශේෂී රංගනයක යෙදෙන අතර මිනිස් චිත්තවේගයන් ඉතා අපුරුවට තම රංගනය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තදින් බැඳ ගනු ලැබූ අතිසාර්ථක නිර්මාණයක් බව නොඅනුමානය.ඔහුගේ දෙබස් හැසිරීම,. අභිරුපනය ,හැඟීම් ප්රකාශනය මෙන්ම දෙබස් මුදා අපුරුය.
මේ චිත්‍රපටය ඔස්සේ අපිට ලබා දෙන පණිවිඩය නම්
වජූඩ් යනු අනන්‍යතාවය පිළිබඳ චිත්‍රපටයකි. කිසිම අනන්‍යතාවයක් නොමැතිව පුද්ගලයෙකුට ජීවත් විය නොහැකි ආකාරය චිත්‍රපටයෙන් කියයි. බහුකාර්ය මිනිසෙක් අතිමහත් නිර්මාණශීලී හෝ අතිශයින් විනාශකාරී විය හැකිය.මල්හාරගේ දුක්ඛිත ළමා කාලය සහ වැඩිහිටිභාවය අපුරුවට පෙන්වනු ලබයි. ඔහුව දුර්ජන පුද්ගලයකු වීමට සමාජයෙන් දෙන අනුමැතිය පියාගේ වගකීම් විරහිත හැසිරීමෙන් වැඩි වේ.එනම් මුළු ලෝකයම ඔබව අගය කළත් හෝ මවිතයට පත් වුවත් - දරුවකුගේ සාර්ථකත්වය සඳහා දෙමාපියන්ගේ අනුමැතිය , අගයකිරීම් නැත්නම් එම දරුවා මානසික චිත්තවේගයන් ඔස්සේ ජිවිතයම අඳුරු කරගන්නා බවයි.නිලක්ෂි බණ්ඩාර
20/06/23
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........