Wednesday, June 14, 2023

රඩ්යාඩ් කිප්ලිං(Rudyard Kipling)



  • ජෝසප් රඩ්යාඩ් කිප්ලිං 1865 දෙසැම්බර් 30වන දින ඉන්දියාවේ බෝම්බෙයි නගරේ  උපත ලද අතර ඔහුගේ පියා වූ ජෝන් ලෝක්වුඩ් කිප්ලිං ජිජිබිහොයි කළා පාසලේ විදුහල්පති තුමා ලෙස කටයුතු කළේය.
  • දක්ෂ කවියකු,නවකතා කරුවකු මෙන්ම දක්ෂ වාර්තාකරුවකු ද විය.එමෙන්ම එම වකවානුවේ සිටි දක්ෂතම වික්ටෝරියානු ලේඛකයාද රඩ්යාඩ් ය.ඔහුගේ ලේඛන වලට  බොහෝ  විට යටත් විජිතවාදය ,අවදානම් වික්‍රමාන්විත ,සහ සංස්කෘතික ගැටුම් වැනි කරුණු තේමාවන් විය.
  • කිප්ලිං තම කුඩා විය ඉන්දියාවේ ගත කල අතර උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවන ලදී.තුරුණු වියේදී නැවත ඉන්දියාවට පැමිණි ඔහු මාධ්‍යවේදියකු ලෙස විවිධ පුවත් පත් වල මාධ්‍යවේදියකු ලෙස සේවය කළේය. 
  • 1894 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද ජන්ගල් බුක් යනු ඉන්දියානු වනාන්තර ආශ්‍රිත කතා එකතුවක් වන අතර Mowgli, Baloo the bear සහ Bagheera the panther වැනි අමතක නොවන චරිත ඇතුළත් වේ. මේ කෘතිය පුළුල් ලෙස චිත්‍රපට වලට අනුවර්තනය වී ඇති අතර ළමා සාහිත්‍ය තුළ සම්භාව්‍ය කෘතියක් බවට පත්ව ඇත.

  • සාහිත්‍ය වෙනුවෙන්  ගෞරවනීය සම්මානය දිනාගත් පළමු ඉන්දියානුවා වන්නේද  Rudyard Kipling ය. ක්‍රි.ව 1907 දී ජන්ගල් බුක් (Jungle Book) සහ ඉෆ් ( IF) කාව්‍ය ඇතුලත් කාව්‍ය සංග්‍රහය සඳහා වන අතර එය ඔහු ලැබුවේ  දහනව වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ සිටි ජනප්‍රියම ලේඛකයාගේ විශිෂ්ට සාර්ථකත්වය උදෙසාය.

  • ඔහු කුඩා කල ලද අත්දැකීම් හේතුවෙන් ඔහුගේ සාහිත්‍ය නිර්මාණ පුරාවට ගැබ් වූ ප්‍රධාන ලක්ෂණය වුයේ ළමා කාලයේ කටුක බවයි.ම්ලේජත්වය සහ දරුණු බව ප්‍රධාන තේමාව වූ අතර 1899 දී ප්‍රකාශයට පත් කල ‘Stalky and Co’ මෙම තේමාවන් හොදින්ම ඉස්මතු වේ. ඔහුගේම චරිතය ඔස්සේ නිර්මාණය කල බිට්ල් නම් පාසල් දරුවක් තිදෙනෙකුගේ මත පදනම් වූ කතාවකි.ප්‍රචණ්ඩත්වය සහ පලිගැනීම් ඇතුළු විවිධ කර්කශ සිදුවීම් ඇති අතර ඔහුගේ ළමා වියේ අත්දැකීම් ඔහුගේ සාහිත්‍යය තුළ පැහැදිලිව ගවේෂණය කර මතු කර ඇත. අඳුරු බව සහ කෲරත්වය පිටුවේ පැහැදිලිව පෙනේ
  • 1882 දී කිප්ලිං වසර හතක් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම සඳහා නැවත වරක් ඉන්දියාවට පැමිණේ. මෙම කාලය තුළ කිප්ලිං ප්‍රමුඛස්ථානයක් ගත් ඇංග්ලෝ-ඉන්දියානු සමාජයට අයත් වූ අත්දැකීම් අත්හදා බලන්නට විය.ඔහු ඉන්දියාවේ ගත කළ කාලය සාහිත්‍යමය තෘප්තිමත් අත්දැකීමක් වනු ඇත, විවිධ ගද්‍ය, පද්‍ය සහ කෙටිකතා එකතුවක් නිෂ්පාදනය කිරීමට ඔහුව පොළඹවනු ඇත.1889 දී ඔහු එංගලන්තයට ආපසු පැමිණීමෙන් පසු, කිප්ලිං විශිෂ්ට කවියෙකු හා කෙටිකතාකරුවෙකු ලෙස ඔහුගේ කීර්තිය පැතිර ගිය බැවින් ඔහුට ඉතා හොඳ පිළිගැනීමක් ලැබූනි.1892 දී මිය ගිය ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් කවියාගේ අඩිපාරේ යමින් ඉදිරි වසර තුන තුළ ඔහුගේ ‘බැරැක්-රූම් බැලඩ්ස්’ ප්‍රකාශනය ඔහුට ගෞරවනීය කවියෙකු ලෙස වඩාත් ගෞරවනීය ස්ථානයකට යාමට ඉඩ සලසයි. බොහෝ කවි ඉංග්‍රීසි සොල්දාදුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියා ඇති අතර ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය.
  • 1901 දී ඔහුගේ ප්‍රියතම කෘතිය වන කිම් ප්‍රකාශනයට පත් විය.
රඩ්යාඩ් කිප්ලිං 1936 ජනවාරි 18 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභාවප්‍රාප්ත විය. එය The Great Game (රුසියාව සහ බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස ලංකාව පැවති අවධියෙදී පැවති රටවල් දෙක අතර ඇතිවූ දේශපාලන ඝට්ටනය) පසුබිම් කර ගත් කතාවකි. කෘතියේ තුලින් නවකතාවේ විචිත්‍රවත් ලෙස නිරූපණය කර ඇති බලය මෙන්ම සංස්කෘතිය පිළිබඳ තේමාවන් ගවේෂණය කළේය.

මොහු විසින් රචිත IF කාව්‍ය ඔහුගේ ප්‍රියතම නිර්මාණයක් වන අතර ඔහුගේ නිර්මාණ අතුරින් වඩාත්ම ප්‍රසිද්ධියට සහ ගෞරවාදරයට පත්‍ර වූ නිර්මාණය වේ.මෙම කාව්‍ය දකුණු අප්‍රිකාවේ   ට්‍රාන්ස්වල්ට එරෙහිව සිදුවූ අසාර්ථක  ජේම්සන් වැටලීම සිදු කල ලියන්ඩර් ස්ටාර් ජේම්සන් ( Leander Starr Jameson ) ගේ අභාෂය ලබාගත් බව විද්වත් මතයයි. ඉංග්‍රීසියේ දී If යන්න යම් කිසි අවස්ථා සම්බන්ධයක් ලෙස සඳහන් කරන අතර වික්ටෝරියානු ස්ටෝයික්වාදයේ (Victorian stoicism) ප්‍රධාන නිදසුනක් ලෙස උපයෝගී කර ගනු ලබයි.

උදාහරණයක් ලෙස
උපදේශාත්මක ශෛලියකින් ලියන ලද බ්‍රිතාන්‍ය සංස්කෘතියේ සම්භාව්‍ය ප්‍රෙහෙලිකාවකි.

කාව්‍ය කෙටි කතා, නව කතා වැනි විවිධ ශෛලීන් වලින් සහ ආකෘති වලින් පරිපුර්ණ වූ ඔහුගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් කෙරෙහි විසල් බලපෑමක් එක්ක කල බව වැටහුණේ නොබෙල් සම්මානයට ඔහු හිමිකම් කීමත් සමගය.
1936 ජනවාරි 18 වන දින ඔහු අභාවප්‍රාප්ත වූ අතර ඔහුව වෙස්ට්මිනිස්ටර් ඇබේ හි තැන්පත් කරන ලදී. ඔහුගේ කතන්දර කීම ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ වඩාත් ජනප්‍රිය ලේඛකයෙකු බවට පත් කළේය.එක සමාන ශෛලියකින් කවි හා නවකතා රචනා කිරීමටත්, ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටද ආමන්ත්‍රණය කිරීමට ඔහුට ඇති හැකියාව ඔහුගේ විශිෂ්ට සාහිත්‍ය හැකියාව ප්‍රදර්ශනය කළේය.

Kipling’s India

නිලක්ෂි බණ්ඩාර 

1/06/2914.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........