Wednesday, September 13, 2023

චීන මහා ප්‍රාකාරය.


 CNN පුවත් සේවාවට අනුව  දෙදෙනෙකු විසින් චීන මහා ප්‍රකාරයේ පතුල බිඳ කුහරයක් සාදා ප්‍රකාරයට හානි කර ඇති අතර පොලිසිය විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් නම් 38 හැවිරිදි පිරිමියකු සහ 55 හැවිරිදි V ශානක්ෂි ප්‍රදේශයේ පදිංචිකරුවන්  වන කාන්තාවකි.මෙම කුහරය සදා ඇත්තේ තාප්පයෙන් අනික් පස පිහිටි වැඩපලකට යාම සඳහා කෙටි මාර්ගයක් වශයෙනි.

පොලිස් වාර්තා වලට අනුව මෙම හානිය කුහරය තනා ඇති සමස්ත කොටසටම බලපෑම් ඇති කරයි.යුයූ පොලිසිය මේ පිළිබඳව දිගටම පරීක්ෂණ පවත්වයි.

චීනයේ උතුරු මායිමේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉඳි කර ඇති චීන මහා ප්‍රකාරය දැනට කිලෝමීටර් 4000ක් එනම් සැතපුම් 2500ක් දිගින් යුක්ත වේ.මෙය පෘතුවිය මතුපිට මිනිසා විසින් නිම කල විශේෂම ඉදිකිරීමකි.සඳ මත පා තැබූ ගගනගමින්ට පවා චීන මහා ප්‍රකාරය දිස් වූ බව කියවේ.

චීන මහා ප්‍රකාරය සෑදීමේ ප්‍රධාන අරමුණ වුයේ උතුරේ සංචාරක නොමැඩික්  ගෝත්‍රික (Nomadic Invadors) ආක්‍රමණිකයින්ගෙන් රට ආරක්ෂා කර ගැනීමයි.සමීක්ෂණ වාර්තාවන්ට අනුව shandon ප්‍රදේශයේ තාප්පය ඝන මිශ්‍රණයක් ලෙස සකස් කල පස් වලිනි.මේ කොටස වසර 2500ක් පැරණිය.

එක්සත් චීනයේ ප්‍රථම අධිරාජ්‍යයා වූ  ක්වින් ෂි හන්ග් (shin shi hung) ප්‍රාදේශීය වශයෙන් තිබු තාප්පයේ කොටස් එක් කළේය.

මෙහි සමහර කොටස් ගඩොලින් නිම කර ඇත.යුගයෙන් යුගයටතාක්ෂණයේ ඇතිවූ දියණුව අනුව ප්‍රාකාරයේ නිමයුම ද දියුණු මට්ටමකට පත් විය.ක්‍රි.ව.1368 දී බලයට පත් වූ සූ යුන් ශාන්ග් (2hu Yuanzhang) අධිරාජ්‍යයා  විසින් මුරාගල් සහ වේදිකා තනවා රාජ්‍යය අලංකාර කරන ලදී.

චීන සංස්කෘතියේ සංකේතයක් ලෙස වසර්ෆආක් පාසාම ලෝක උරුමය..... ලෝක පුදුමය.... අසංක්‍යාත ජන සංඛ්‍යාවක් විසින් නර්ඵම්බනු ලබයි.

එවන් ලෝක උරුමයක් විනාශ කිරීම කොතරම් අනුවන, නින්දිත ක්‍රියාවක්ද ?

නිලක්ෂි බණ්ඩාර 

13/09/23 

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........